චීන ආදරයේ රහස

දාහෙ නෝට්ටුවේ කොඩිය උස්සන්නේ චීනකු වීම අහම්බයක් නොවේ


(2010 පෙබරවාරි 07-W3Lanka)  පශ්චාත් යුද කාලීන ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 350ක ආධාර සැපයීමට  චීනය එකඟ වී තිබේ. 


මේවාට ආධාර යයි කියන්නේ ඒවා ආපසු නො ගන්නා අරමුදල් නිසා නොවේ. ඒවා සුළු පොලියකට ලබා දෙන ණය වේ. කෙසේ වෙතත්, චීනයට එම පොලිය ලාභයකි. 


එසේම, ලංකාවේ දැනට සිදු වෙමින් තිබෙන පශ්චාත් යුද කාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක කොන්ත්‍රාත් කරන්නේ චීන සමාගම් විසිනි. දැනට කෙරෙමින් ඇති සහ අවසන් වූ පශ්චාත් යුද කාලීන ව්‍යාපෘතිවල වටිනාකම ඩොලර් බිලියන 6.1ක් බව එක්ස්ප්‍රස් ඉන්දියා වෙබ් අඩවිය පවසයි.


මෙම ඩොලර් මිලියන 300න් කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන සංවර්ධන කාර්යයක් වන්නේ හම්බන්තොට වරාය ඉදි කිරිමයි. හම්බන්තොට වරාය වනාහි තෙල් නො නිපදවන චීනය මැද පෙරදිග සිට සිය තෙල් සැපයුම් මාර්ග සුරක්ෂිත කර ගැනීම සඳහා පිහිටුවාගෙන යන චීන බලපෑම සහිත මුතු පොටක් වන් වරාය පද්ධතියේ එක් අනගි මුතු ඇටයකි. 


මෙම වරාය ඉදි කිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීන සමාගමකි. එහි ලාභය ලෙස සැලකිය යුතු මුදලක් ආපසු චීනයට ම යයි. 


චීනයට මෙම වරාය ආශ්‍රීත භූගෝලීය දත්ත සියල්ල ලැබෙන බැවින් යුදමය අවස්ථාවකදී ඒවායේ වටිනාකම අධීක ය. 

Comments

  1. කොන්ඩේ බදින චීන්නු සරන් අදින අපේ ගොයියලාව කඩේ යවලාද?
    තරහ අවසර, හිතෙන්නෙම රැවිතෙටනේ...

    ReplyDelete
  2. චීනුන්ට ඇමරිකාවත් රැවටිලා ඉන්නේ. ඉතිං අපි රැවටෙන එක අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  3. උත්සහ කළොත් අපිට බැරි නැහැ චීනෙ රවටන්න(චීනෙ අපිව ඇත්තටම රවටනව නම්). මොකද මේක අවසානයක් නෙමෙයිනෙ. අපි දෙකේ කොළයට වැටෙන්න ඕන නැහැ!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා