Posts

Showing posts from March, 2017

පුංචි ආදර පතක්

Image
පරාජිත හද දැවේ ගිනි වැද හිස් ය පාළු ය දෙවොල තනි වුණ තාරකාවක එළි සිඟිත්තක එල්ලිලා ඉමි කළු අමාවක පෝය ගෙවි ගෙවි සඳත් එක්කම ඉරත් එක්කම දුව ගියෙමි මම හති වැටී බිම දන නැමෙන විට හිස් බවකි ඉතිරි වූ එකම දෙය අත ගාන විට හිස් පසුම්බිය එහි කොණක විය ඈත දවසක දෙද්දි එය එක් උපන් දිනයක පුංචි ආදර පතක් සැඟවුණ ආදරෙයි මං එහි ලියා ඇත මෙතෙක් දවසක් නො දුටුවෙමි එය පසුම්බිය හිස් වන විටත් ප්‍රිය හිස් නො වන ඔය හදවත ය සුව අජිත් පැරකුම් ජයසිංහ 2017-03-31 ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

නීච මහජන දේපල සොරුන්ට වඩා වඩු බාස්ලාත්, සෙසු කම්කරුවෝත් ශ්‍රේෂ්ඨ මිනිස්සු ය

Image
මේ උපවාස පලහිලව්ව නිසා විමලුත්, ඉතිරි වී සිටින ඉතා සුළු පිරිසක් වන ඔහුගේ ගෝලබාලයිනුත් වැටී සිටින කණගාටුදායක තත්වය ගැන ඇත්තෙන් ම පව් ය කියා සිතේ. ඒ නිසා කිසිවක් නො ලියා සිටින්නට සිතාගෙන සිටියත් මහින්ද රාජපක්ෂගේ පහත දැක්වෙන මුග්ධ කතාව ඇසූ විට නම් නිකම් ඉන්නට සිතෙන්නේ නැත.  ඔහු කියන පරිදි විමල් වඩුබාස් කෙනෙකු හෝ කම්කරුවකු නො වේ. ඇත්ත ය. විමල් එහෙම ඵලදායී දෑතේ රස්සාවක් කරන අයෙකු නො වේ. අතීතයේ නම් ඔහුට වානිජ චිත්‍ර ශිල්පයේ හා ලිවීමෙහි කෞශල්‍යයක් තිබිණි. එහෙත්, දැන් නම් ඔහුට එවැනි දෙයක් හෝ ඉතිරි වී තිබේ ද යන්න සැක සහිත ය.  පසුගිය කාලය මුළුල්ලේ ම ඔහු පොතක්, පතක් කියැවූ, වැදගත් යමක් උගත්, හරවත් දෙයක් කතා කළ, ආදර්ශවත් ජීවිතයක් ගත කළ පුද්ගලයකු ලෙස හැසිරුණේ නැත. ඒ වෙනුවට ඔහු හැසිරුණේ වලව්වක ඉඳුල් කමින්, කුමන්ත්‍රණවලට සහභාගි වෙමින්, වලව්වේ සතුරන්ට ගොරවන බැලයකු ලෙසයි. එවැන්නන්ට වලව්වලින් සාමාන්‍යයෙන් ම සිදු වන පරිදි විමල් අමාරුවේ වැටුණු පසු වලව්වේ ඇත්තෝ ඔහු නො තකා හැරිය හ.  ඔහු රක්ෂිත බන්ධනාගාරගත වී සිටින්නේ මහජන දේපල සොරකමකට ය.  නැතුව ඔහු වඩු වැඩ කළ නිසා හෝ කම්කරුවකු ලෙස වැඩ කළ නිසා නො ව

ඇයි සර්, අපි ගැන කිසිකෙනෙක් හොයලා බලන්නේ නැත්තේ?

Image
මෙම ලිපිය සඳහා පාදක වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලකින් අප වෙත යොමු කරන ලද දීර්ඝ ලිපියකි. එහි ඇති කරුණු අඩු වැඩි වශයෙන් සියලු ක්‍රීඩා පාසල්වලට ද, සියලු පාසල් නේවාසිකාගාරවලට ද, සියලු පාසල්වලට ද, සියලු ගුරුවර ගුරුවරියන්ට ද අදාළ ය. මෙම ලිපිය කියවන්නැයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සුවිශේෂ හේතුවක් නිසා ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිසු දරු දැරියන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිදු වන විග්‍රහ ඉතා විරල ය. මෙහි ඇති අදහස් අව්‍යාජ සිසු අදහසක් ලෙස සැලකිය හැකි ය.  මෙම ලිපියේ පූර්විකාව මෙතැනින් කියවන්න .  මුල් කොටස මෙතැනින්  මට දිනය මතක නැහැ. නේවාසිකාගාරයට ලයිට් තිබුණේ නැහැ. ඒක නිසා උදේ නැගිටින්න වෙලා ගියා. අපි ඉක්මනට ලැහැස්තිවෙලා පිට්ටනියට යන්න යනකොට පිරිමි ළමයිනුත් ඇවිදින්. අපි කෙල්ලෝ පඩිපෙළෙන් බහින බහින කෙනාට ඉවෝන් මැඩම් තඩි පොල්ලකින් පිටට ගැහුවා සර්. ඒ විදියට අපේ ගමේ හරකුන්ට ගහන්නෙත් නැහැ. අපි හැමෝම පුහුණුවීම් කලේ හොඳටම අඬලා. එහෙම අඬනකොට යමුනා මැඩම් අමු තිත්ත කතාවෙන් අපිට බනිනවා සර්. අයෙත් දවසක් පුහුණුවීම් ඉවරවෙලා අපට කීවා රැස්වීමක් තියෙනවා කියලා කෑම කාමරයට එන්න කියලා. නිවාඩුව ලංවෙලා නිසා අපි ටිකක් නිය

ඉන්ටරගේටඩ් බැඳුම්කර මාධ්‍ය කොම්පැනියට ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

Image
ජනයුගය බිහි කරන බැඳුම්කරයට මුල් වූ කරකාර බන්ධනය  2015 පෙබරවාරි මස, අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු සභාපති ධුරය හොබවන සමයේ, මහ බැංකු බැඳුම්කර අයුතු ලෙස මිළ දී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට දැවැන්ත පාඩුවක් සිදු කරමින් අධික ලාභයක් ලැබුවේ යයි චෝදනා ලැබ සිටින, මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයිති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අරමුදලින් පිහිටුවන ඉන්ටර්ග්‍රේටඩ් මීඩියා නෙට්වර්ක් සමාගම විසින් වෙබ් අඩවි, පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී ආදියෙන් සමන්විතව ආරම්භ කරන මාධ්‍ය ජාලයේ සිංහල පත්තරය අප්‍රේල් මාසයේ මුලදී ආරම්භ කිරීමට නියමිත ය. අර්ජුන් ඇලෝසියස් මේ අයථා මුදල්වලින් අඩු තරමේ ඇඟලුම් කම්හලක්වත් පටන් ගත්තා නම් සමාව දිය හැකි ය. එහෙමත් බැරි නම්, මාධ්‍ය ම උවමනා නම්, ජනතාවගේ මුදල් නිසා, ජනතාව තවත් බූරුවන් නො කරන බව පෙන්වන මාධ්‍යයක් පටන් ගන්නට තිබිණි. එහෙත්,මව්බිම ඊටත් වඩා අසික්කිත විදියට ඉස්සර කර, තමන් මෙතෙක් කල් වැඩ කළ ආයතනයේ වෙළඳපොළ අල්ලා ගැනීම සපථ කරන පිරිසක් සමග දියත් කරන පත්තරයකින් දොරට වඩින මෙම මාධ්‍ය පෙරහර ගැන දැන් තබා ම කියන්නට පුළුවන. ඉන්ටරගේටඩ් (ප්‍රශ්න කරනු ලැබූ - ඔව්, ජනාධිපති කොමිෂම වි

ක්‍රීඩා පාසලක නේවාසිකාගාරයක කතාවක්

Image
මෙම ලිපිය සඳහා පාදක වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලකින් අප වෙත යොමු කරන ලද දීර්ඝ ලිපියකි. එහි ඇති කරුණු අඩු වැඩි වශයෙන් සියලු ක්‍රීඩා පාසල්වලට ද, සියලු පාසල් නේවාසිකාගාරවලට ද, සියලු පාසල්වලට ද, සියලු ගුරුවර ගුරුවරියන්ට ද අදාළ ය. මෙම ලිපිය කියවන්නැයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සුවිශේෂ හේතුවක් නිසා ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිසු දරු දැරියන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිදු වන විග්‍රහ ඉතා විරල ය. මෙහි ඇති අදහස් අව්‍යාජ සිසු අදහසක් ලෙස සැලකිය හැකි ය.  මෙම ලිපියේ පූර්විකාව මෙතැනින් කියවන්න .  සර්, මම,විද්‍යාලයට ආවේ ගොඩක් බලාපොරොත්තු ඇතිවයි. මාව මෙම විදුහලට යොමු කලේ අපේ කලින් ඉස්කෝලේ මැඩම්. අපේ මැඩමුත් ඉගෙන ගෙන තිබුණේ, ඒ විද්‍යාලයේ. ඒ නිසා මටත් ලොකු විශ්වාසයක් තිබුණා විද්‍යාලය පිළිබඳ. ඒ නිසා මාත් කලින් කිව්ව විදියට එහි ආවේ ගොඩක් බලාපොරොත්තු ඇතිව. එහි එන්න මුලින් ම කරන්න තිබුණේ, ඒ සඳහා ඉල්ලූම් පත‍්‍රයක් යොමු කරන එක. කලින් ඉස්කෝලේ මැඩම්ගේ උපදෙස් අනුව ඉල්ලූම්පතක් යොමු කළාට පසු ව, මාව සම්මුඛ පරික්ෂණයක් සඳහා කැඳවනු ලැබුවා. ඉන් මා හොඳින් සමත් වුණා. ඒ නිසා මීට වසර හතරකට පෙර මා, විද්‍යාලයට ඇතුලත් වුණා

වීරයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරනු

Image
බ්ලොග් සම්මාන උළෙලේදී රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් එම සම්මාන උළෙලට විවිධාකාරයෙන් සම්බන්ධ වූ අයටත් බැනුම් අසන්නට සිදු වී තිබේ. මෙම සම්මාන උළෙලේදී මට සම්මානයක් ලැබුණා නම් ඒ ගැනත් හොඳ කතා අසන්නට ලැබෙන්නට ඉඩ තිබිණි. බ්ලොග් සම්මාන උළෙලක වැදගත්කම මා නම් දකින්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, විකල්ප මාධ්‍ය භාවිතාවන් හා පුරවැසි මාධ්‍යකරණය ප්‍රවර්ධනයට හා දිරි ගැන්වීමට එය මහෝපකාරී වන බැවිනි. මට නම් පෞද්ගලිකව ගත් කල, බ්ලොග්කරණය දේශපාලන හා සමාජ භාවිතාවක් වන හෙයින් මට වැදගත් වන්නේ සම්මාන නො ව, බ්ලොග් කියවීමට පැමිණෙන පාඨක පිරිසයි. ඒ කෙසේ වෙතත්, මෙම සම්මාන උළෙලෙහිදී රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට එම වැඩසටහන නිම වී ගෙදර යාමෙන් පසුව හෝ දැඩි කලකිරීමක් ඇති වීම සාධාරණය යයි මම සිතමි. එහෙත්, වැඩසටහන අතරතුර බැරි නම්, වැඩසටහන නිම වූ සැණින් හෝ සංවිධායකයන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා නම් හොඳ ය.  ඇතැම් විට, එහෙම වෙන එකත් මේ පිටපතේ ම කොටසක් විය හැකි ය. 😖😖😖 කෙසේ වෙතත්, මෙතන තිබෙන ප්‍රශ්නය අප වැඩි දෙනෙකු වීරයකු ලෙස පිළි ගන්නා පුද්ගලයක

විමුක්ති සමග ෆුල් අවුල් වෙන්න සුළඟ ගිනි අරන් බලන්න

Image
සුළඟ ගිනි අරන් අවසාන දර්ශනය  විමුක්ති ජයසුන්දරගේ සිව්වන චිත්‍රපටය වන ‘සුළඟ ගිනි අරන්' බැලූ විට සිතට නැගුණු සිතුවිල්ලක් මෙසේ ලියමි. විමුක්තිගේ රූප රාමු ආලෝකයෙන් අඳින ලද ගැඹුරු සිනමා සිතුවම් ලෙස රස විඳිය හැකි ය. ඒවායේ තිබෙන අඳුරු, දොම්නස්, ගුප්තභාවය හා මන්දගාමී චලනය ද, ශබ්ද භාවිතයෙහි හා රංග වින්‍යාසයෙහි චමත්කාරය ද මන බඳිනසුළු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, විමුක්ති සිය නිර්මානවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද? විමුක්තිගේ චත්‍රක් චිත්‍රපටයේ ද දැක්ම පිළිබඳ අපි මීට පෙර ප්‍රශ්න කළෙමු. සුළඟ ගිනි අරන් සම්බන්ධයෙන් යමක් කීමට පෙර අධි යථාර්ථවාදය ලංකාවේ හා ලෝකයේ ඇතැමුන් අත පත් වී තිබෙන කණගාටුදායක තත්වය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතමි. යථාර්ථය කලාත්මක අයුරින් ප්‍රතිනිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. එයට ඉතිහාසය, සමාජ පසුබිම, චරිත අතර ගැටුම්, චරිතවල මනෝභාවයන් ආදිය පිළිබඳ ඉතා ගැඹුරු හැදෑරීමක් අවශ්‍ය ය. එහෙත්, ලංකාවේ ඇතැම් කලාකරුවෝ මේ ගැඹුරු හැදෑරීම කිරීමට තරම් විනයක්, විවේක බුද්ධියක් හා උවමනාවක් නැතිකම ඉතා පහසුවෙන් ආවරණය කර ගන්නේ අධි යථාර්ථවාදයෙනි. මෑත වකවානුවේදී මෙම නිර්මාණ වි

ක්‍රීඩා පාසල්වල ග්ලැඩියේටර් වහල්ලු

Image
මෙම ලිපිය විශේෂ ලියුම්කරුවකු විසින් අප වෙත එවන ලද දීර්ඝ ලිපියක හැඳින්වීමයි. අප එය සුළු සංස්කරණයකින් යුතුව මෙහි පළ කරන්නෙමු.  අප මෙම පාසලේ නම මෙහි සඳහන් නො කරන්නේ මෙම තත්වය බොහෝ ක්‍රීඩා පාසල්වල අඩු වැඩි වශයෙන් මේ අන්දමින් ම ඇති බව අපගේ නිරීක්ෂණවලින් හෙළි වී තිබෙන හෙයිනි. ක්‍රීඩා පාසල්වල පමණක් නො ව, ක්‍රීඩාවේදී පමණක් නො ව, පාසල් අධ්‍යාපනයේ බොහෝ පැතිකඩවලදී ඔබේ දක්ෂ දරුවා උන්නතිකාමී අධ්‍යාපන නිලධාරීන්ගේ, විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා ආදි ශිෂ්‍ය සංගම් ආදියෙහි ග්ලැඩියේටර් වහලුන්, විද්‍යාගාර මීයන් බවට පත් වන බව ඔබ දන්නවා ද?  මෙම ලිපිය ලියූ ලේඛකයා විසින් කරන ලද ගවේෂනය විසින් සමස්ත පාසල් අධ්‍යාපනයේ ම හරස්කඩක් මෙහි නිරූපණය කර තිබේ. කරුණාකර මෙම ලිපිය අධ්‍යාපන හා ක්‍රීඩා බලධාරීන්ගේ ඇසට යොමු කරන්න. මෙම පාසල දිවයිනේ ප්‍රධාන ක්‍රීඩා පාසලකි. එහි නාමය ශී‍්‍ර ලංකාව පුරාම ප‍්‍රසිද්ධ මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙනි. ජාතික මට්ටමෙන් පැවැත්වෙන පාසැල් මලල කී‍්‍රඩා තරඟාවලීන්හිදී නිතර ම බාලක බාලිකා ජාතික ශූරතාවයන් මෙම පාසල විසින් දිනාගනු ලැබේ. මේ නිසා ම එම විදුහලේ කී‍්‍රඩා අංශභාර ආචාර්යවරු, බොහෝ දෙනාගේ ග

විමලාලෝකනය හෙවත් විමල් ආපසු හැරී බැලීම

Image
මීට කලකට ඉහතදී දිගු කාලීනව හිරේ විලංගුවේ වැටුණු අය ආපසු ගෙදර ආවේ ම නැත. දැන් තත්වය වඩා හොඳ ය. බන්ධනාගාර නිලධාරීන් සමග සහ හිරගෙදර අයිතිකාරයන් වී සිටින පරණ සිරකරුවන් සමග ලොකු කොක්කක් දමා නො ගත්තොත් සිංහල සිරකරුවන්ට නම් කවදා හෝ ගෙදර පැමිණිය හැකි යයි බලාපොරොත්තුවක් තබා ගත හැකි ය. දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් නම් ගැරන්ට් කරන්නට බැරි ය. මන්ද, නඩු නැතුව, ඇප නැතුව අවුරුදු දහයකට වඩා ඉන්න අයත් ඉන්නවා ය. එසේම, කොයි වෙලාවේ හරි ජාති ආලෙ නැගලා ගියොත් වැලිකඩ-1, බිඳුණුවැව වැනි සමූහ සංහාරවලට හිර ගෙවල් විවෘත ය. ගෝඨාභය බලවත් කාලයේ රඟ දැක්වුණු වැලිකඩ-2ට ජාතිවාදයක්වත් තිබුණේ නැත. එතැන තිබුණේ තනිකර ලේ පිපාසයයි. කොහොම වුණත්, හිරගෙදරදී පිටතදීට වඩා මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිත ය. විමල් වීරවංශ මෑත කාලීනව ගත කළ ජීවිතය අනුව ඔහුට සිරගෙය අපායක් වෙන එකත්, එහි සිටිනවාට වඩා මැරෙන එක හොඳයි කියා හිතෙන එකත් පුදුම විය යුතු තත්වයක් නො වේ. විමල් සමග එකට දේශපාලනය කළ අප 1989දී සිරගත වන විට විමල්ට එයින් ගැලවී සිටීමේ හා ජීවිතය ද බේරා ගැනීමේ අවස්ථාව ලැබිණි. එහෙත්, එකට සිට මිය ගිය මිනිසුන් වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය විමල් අ

සමාජ සත්කාර්ය කටයුතු හොඳයි ද? නරකයි ද?

Image
බ්ලොග්කරණය පිළිබඳව ඊයේ පැවැත්වුණ රූපවාහිනී වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඉදිරිපත් කළ අදහසක් පිළිබඳ සංවාදය වැඩිදුරටත් කළ යුතු යයි සිතනවා. ( මෙම වැඩසටහන වෙත මෙතැනින් පිවිසිය හැකි ය. ) නන්දන පැවසුවේ බ්ලොග්කරුවන් පාසල්වලට උපකාර කිරීම වැනි දේශපාලකයන් විසින් කරන විදියේ සමාජ සත්කාර්ය වැඩ කරනවා වෙනුවට බ්ලොග් ප්‍රවර්ධනය, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැනි කාර්යයන්ට අවධානය යොමු කිරීම වැදගත් බවයි. එයට හේතුව වන්නේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කරන නෙළුම්යාය පදනම විසින් එවැනි කටයුතු සංවිධානය කිරිම ප්‍රවර්ධනය කිරීමයි. බ්ලොග්කරුවන් සියලු දෙනා දේශපාලනික බ්ලොග්කරුවන් නෙමෙයි. බ්ලොග් අවකාශය ඉතා පුළුල්. එහි දැනුම බෙදා ගන්නා පිරිස අතිශය විවිධත්වයකින් යුක්තයි. ඒ හැම කෙනෙකු ම වාමාංශික දේශපාලනයේ ආභාසය ලැබූ අය නෙමෙයි. සමාජ සත්කාර්ය වැඩ ලෙස හැඳින්විය හැකි ඉංග්‍රීසියෙන් philanthropy ලෙස හඳුන්වනු ලබන වැඩ කටයුතු කරන්නට බොහෝ දෙනෙක් කැමැත්ත දක්වනවා. ඇතැමෙක් නිහඬව ම ඒවා කරනවා. තවත් අය ප්‍රසිද්ධියට කැමතියි. තවත් අයට ඒවායින් මතු බලාපොරොත්තු තිබෙනවා. උදාහ

අඟහරුවාදා රෑ තමයි රෑ

Image
පුංචි කාලෙ මං  මාර්තු 21, අඟහරුවාදා රාත්‍රී 9.30ට මාත් එනවා ස්වාධීන රූපවාහිනියට බ්ලොග් ගැන කතා කරන්නට. තරහකාරයන්ට, ඉරිසියාකාරයන්ට, කඩාකප්පල්කාරිත්වයට ලොල් අයට, නිර්නාමිකව ආතල් ගන්නා නම ගැන සැලකිලිමත් පඬිවරුන්ට ආදී කොයි කාටත් ආරාධනා කරනවා බ්ලොග්කරණය ගැන කතා කරන්නට. බලන්න කවුද ඇත්ත කියන්නෙ? පුංචි කතාවක් කියන්නම් දැනට. ජොලියට මිස මනෝ විශ්ලේෂණයට නෙමෙයි. හැබැයි, එක එක විදියේ මිනිසුන්ගේ අත්දැකීම්වලින් ලෝකය තේරුම් ගන්නට කැමති බුද්ධිමත් මිනිසුන්ට මෙවැනි කතා වැදගත් වෙන්නට පුළුවන්.  මා මේ බ්ලොගය පටන් අරගෙන දැන් අවුරුදු අටක් විතර වෙනවා. ඊට කලින් මා මේ නමින් ම වෙබ් අඩවියක් පවත්වාගෙන ගියා. හිරු පුවත්පතෙන් ඉවත් වීමෙන් පසුව 2005දී අප කණ්ඩායමක් ලෙස මුලින් ම පටන් ගත්තේ ලංකා ලෙෆ්ට් කියලා වෙබ් අඩවියක්. අන්තර්ජාලය, වෙබ් අඩවි නිර්මානය ගැන මුළුමනින් ම අලුතෙන් ඉගෙන ගත් ඒ දිනවල ඇත්තට ම මට අන්තර්ජාල සම්බන්ධයක්වත් තිබුණෙ නැහැ. රාජගිරියේ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කාර්යාලයේ කොම්පියුටර් කාමරයේ රෑ එළි වෙනකල් අන්තර්ජාලය පෙරළමින් අපි තනිව ම තමයි වෙබ් අඩවි හදන හැටි ඉගෙන ගත්තෙ. මුලින

ජේ.ආර්.ගේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Image
ජේ.ආර්. ජයවර්ධන තමයි මේ රට ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළේ. ඒ 1978දීයි. මේ නමේ තිබෙන සමාජවාදී කෑල්ල බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා. ඇතැමෙකුට එය විහිළුවක් වුණා. එහෙත්, ජේ.ආර්. එය ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ බොහෝ දුරට හිතලා මතලායි. 1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය පැහැදිලි කරනවා. ඔහුගේ කතාවේ මෙහෙම තිබෙනවා. “මා තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. හුඟක් දෙනෙක් අහනවා තමුන්නාන්සේලා සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්. “මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි. “ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා. “මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට

නීතිඥ සංගමය, විදුහල්පති සංගමය හා අරාජික සංගමය

Image
ලංකාව ක්‍රමානුකූලව ඉහළ සිට පහළ දක්වා ම පැතිරෙන මෘදු අරාජිකත්වයක ගොදුරක් බවට පත් වෙමින් තිබෙන බවට සාධක ඕනෑ තරම් තිබේ. මේ සඳහා උදාහරණ දෙකක් දැක්විය හැකි ය. පළමුවැන්න ඉහළ මට්ටමේ ය. එය ජනාධිපතිවරයා විසින් රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට අදළාව ය. මෙම පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂම දැන් කියන්නේ ඔහු මහාධිකරණ විනිසුරු ධුරයකට පත් කරන්නැයි නීතිඥ සංගමය විධිමත් ලෙස ඉල්ලා නැතිනම්, තමන් ඔහු සම්බන්ධයෙන් කරන ලද නිර්දේශය වලංගු නැති බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) වගන්තිය අනුව ජනාධිපතිවරයාට මහාධිකරණ විනිසුරුවරයකු පත් කළ හැක්කේ අධිකරණ සේවා කොමිෂමේ නිර්දේශය මත පමණි. පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා ද අධිකරණ සේවා කොමිෂමේ නිර්දේශ අවශ්‍ය නිසා දැන් ජනාධිපති ලේකම්වරයා එවැනි නිර්දේශයක් අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා තිබේ. රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරු ධුරයකට සුදුසු ද, නැද්ද, ඔහු පත් කරන්නැයි නීතිඥ සංගමය ඉල්ලුවා ද, නැද්ද ආදිය අපට අදාළ නැත. ජනාධිපති හා අධිකරණ සේවා කොමිෂම කටයුතු කර ඇති ආකාරය සමස්ත රජයේ ම දැන් තිබෙන තත්වය සංකේතවත් කරයි. ආණ්ඩුවේ වම

මිනියක් දෙන්න ආණ්ඩුවක් පෙරළන්න

Image
ගතානුගතික නිදහස් අධ්‍යාපනවාදී සංරක්ෂණවාදීන්ට වැරදී තිබෙන්නේ අධ්‍යාපනයේ නිදහසට පක්ෂ සියලු දෙනා සයිටම්වාදීන් යයි සිතන නිසා ය. එසේම, අප අධ්‍යාපනය වෙළඳපොළකරණය කළ යුතු ය කියනවා කියා ද, රජයේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කළ යුතු යයි කියනවා ය කියා ද ඔවුන්ගේ භින්නෝන්මාදී මනසට ඒත්තු ගොස් තිබේ. එය නම් ප්‍රතිකාර අවශ්‍ය තත්වයකි. මන්ද, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකු එවැන්නක් කියා නැත. එවැනි අවලාද නිර්මානය කරන්නේ අනෙකක් වෙනුවෙන් නොව, මේ වන විට ඔවුන්ගේ උන්නතිකාමී බල අපේක්ෂාවල බිලි බෝයි බලාපොරොත්තුව බවට පත් වී තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාලි යන පළමු වසරේ නො මේරූ විශ්වවිද්‍යාල සිසුන් නො මග යැවීම පහසු කර ගැනීමට ය.  අන්තවාදී පක්ෂ, කල්ලි සයිටම් විරෝධය ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආණ්ඩු පෙරළීම බව දැන් දැන් ඔවුන්ගේ සයිබර් විප්ලවවාදීහු ප්‍රසිද්ධියේ කියති. දෛනිකව මහමග කුපිත කිරීම් කරන්නේ පොලිසිය ලවා මිනියක් මරවා ගන්නට ය. තමන් විසින් ගොඩනගන ලද අරගලයේ නායකත්වය ජවිපෙ අතට ගැනීම සමග ඇති වූ ඉච්ඡා භංගත්වය ද මෙයට හේතු වී තිබේ. මේ ආණ්ඩුව හොඳ නැති බවට අපට අමුතුවෙන් කියන්නට උවමනාවක් නැත. එ