බෝගස් හා තවත් ගස්

මෙම කවිය ලියද්දී ජොයිස් කිල්මර් විසුවේ ඇමරිකාවේ නිව් ජර්සිහි මෙම නිවසේ ලු 
පහත පළ වන්නේ ඇමරිකානු කවියකු වූ ජොයිස් කිල්මර් (1886 - 1918) විසින් ලියන ලද සුප්‍රකට කෙටි කවියක් හා එහි පරිවර්තනයකි. වසර 1913දී ලියන ලද Trees නම් මෙම කවිය 1914දී Trees and Other Poems කාව්‍ය සංග්‍රහයෙහි මුල් වරට පළ විය.  

Trees

I think that I shall never see
A poem lovely as a tree.

A tree whose hungry mouth is prest
Against the earth’s sweet flowing breast;

A tree that looks at God all day,
And lifts her leafy arms to pray;

A tree that may in Summer wear
A nest of robins in her hair;

Upon whose bosom snow has lain;
Who intimately lives with rain.

Poems are made by fools like me,
But only God can make a tree.

- Joyce Kilmer

ගස්

මා හිතන්නෙ නො දකිමි මම
සොඳුරු කවක් ගසක් තරම

මිහි තන තුඩ රස වෑහෙන 
සාගිනි මුව තබා උරන

ගස දෙවියන් දෙස බලමින
පත් අත් ඔසවයි යදිමින

කොබෙයි කූඩුවක් සසොබන
ගිම්හානෙට මුහුළ දරන

සුළඟ සමග මිතුරු වෙමින
අව් වැසි හිම සමග වෙසෙන  

පුහුදුන් අය කවිත් ලියන
මුත් දෙවියො ය ගසක් සදන

- ජොයිස් කිල්මර් (පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments



  1. පිස්සු හැදෙනවානේ ජොයිස් කිල්මර්. අම්මට හුඩු පැරා.
    අනේ මන්දා ජොයිස් කියන දේ නම් යාන්තම්වත් තේරෙනවා. සිංහලෙන් පැරා කරලා තියන්නේ මොකක්ද කියලා මම තාම හොයනවා. වචනෙන් වචනෙට පෙරලුවද මන්දා..මම හරි මෝඩයි. මට කියලා දෙන්න.
    Poems are made by fools like me,
    But only God can make a tree.

    ReplyDelete
    Replies
    1. කවි සෑදෙන්නේ මා වැනි අමනයින් විසිනි
      නමුත් ගසක් සදන්නට හැක්කේ දෙවියන් හට පමණි.

      Delete
    2. කවි සෑදෙන්නේ මා වැනි අමනයින් අතිනි කිව්වා නම් වඩා හොඳයි වගේ.

      හැබැයි මම උත්සාහ කළා රිද්මයක් පවත්වාගෙන යන්න. මගේ රිද්මයට මේ වචන පිළිවෙල හරි යන්නෙ නැහැ.

      Delete
    3. පැරා මගේ කමෙන්ට් එක ද්වේශයෙන් ලියපු එකක් නෙමේ හොඳේ...පස්සේ මට නිකං වරද්දක් කරාදෝ කියලත් හිතුනා.

      Delete
  2. ;-)
    මං දවසක බුදු වුණොත් බුදුවෙන්නේ තැඹිලි ගහක් යටයි.

    ReplyDelete
    Replies
    1. Balagena Thatte

      Delete
    2. රසික,
      විචාරක මහතාට තාම සනීප උනේ නැද්ද? ඔහුගේ දුරකථන අංකයක් තිබේද?

      Delete
    3. The Nirvana Delusion.

      Delete
    4. විචාරකට ඊ මේලයකින් ඉක්මන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනය කළා.

      Delete
  3. Mokakda Para me karai kiyanne egamana? Mara dewalne Para karala thiyenne!

    //පැරා කාලයක සිට සොයමින් සිටින දෙයක් මේ හරහා නිරාවරණය වී ඇත. ඒ කුමක් ද? ද්‍රව්‍යමය වූ ශ්වේත වර්ණ ඡවි කල්‍යාණයෙන් අභ්‍යයන්තරයේ සැඟ වී ඇති අද්‍රව්‍යමය වූ ගූඩ ආත්මයෙන් තමා නොලබන අනෙකා ලබන අතිරික්ත වූ ප්‍රමෝදය කුමක් ද යන්න පැරා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සොයමින් සිටින දෙය ය. එම ගවේෂණයේ නෛතික ව්‍යායාමයේ දී පැරා ද්‍රව්‍යමය වූ ශ්වේත වර්ණ ඡවි කල්‍යාණය මත පතිත වීමට වරම් ලැබුව ද එය අන්තර්විනිවිද අද්‍රව්‍යමය වූ ගූඩ ආත්මය කරා එළැඹෙන්නට පැරාට නොහැකි විණි. එම නෛතික ගවේෂණයේ පරිපූර්ණ අවහිරය තුළ පැරාගේ භද්‍ර යෞවනය ගෙවී ගියේ අවාසනාවන්ත ලෙස ය. //

    Balagena giyaama api Parata salakanawa madi.

    ReplyDelete
    Replies
    1. ඔය මචං මං හිරුනිකාගෙ ෆොටෝ එකක් අරගෙන ඒක ලස්සනයි කියලා ෆේස්බුක් ෂෙයා කළා ය කියලා වාමාංශික කට්ටිය කියන එකක් නේ. මට නම් ඕක තේරෙන්නෙ නැහැ. ඔයා තේරෙනව ද?

      Delete
    2. Meka thiyena comment eka kiyawala therum ganna mama awanka uthsahayak gaththa Para. Eth melo deyak therenne nehe. Mama hithanne wame kattiya meka sinhala agur én kiwwata me basawa Sinhala newei. Meka Para mama koi ekatath copy karala save karagaththa. Mama mulin hithuwe Para Rosy la line ekak dapu ekak kiyala.

      Meken wame kattiya Parata hondak kiyanawada narakak kiyanawada kiyalawath therenne nehe Para. Para la issara wame iddi katha kale oya wage basa walinda?

      Mokak unath meka liyanna wame kattiya mona tharam kalayak ganna ethida. Paw. Para delete nokara eka pinak.

      Onna oke Sinhala translation ekak hambu unoth daanna Para.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා