ක්‍රීඩා පාසල්වල ග්ලැඩියේටර් වහල්ලු

මෙම ලිපිය විශේෂ ලියුම්කරුවකු විසින් අප වෙත එවන ලද දීර්ඝ ලිපියක හැඳින්වීමයි. අප එය සුළු සංස්කරණයකින් යුතුව මෙහි පළ කරන්නෙමු. 

අප මෙම පාසලේ නම මෙහි සඳහන් නො කරන්නේ මෙම තත්වය බොහෝ ක්‍රීඩා පාසල්වල අඩු වැඩි වශයෙන් මේ අන්දමින් ම ඇති බව අපගේ නිරීක්ෂණවලින් හෙළි වී තිබෙන හෙයිනි. ක්‍රීඩා පාසල්වල පමණක් නො ව, ක්‍රීඩාවේදී පමණක් නො ව, පාසල් අධ්‍යාපනයේ බොහෝ පැතිකඩවලදී ඔබේ දක්ෂ දරුවා උන්නතිකාමී අධ්‍යාපන නිලධාරීන්ගේ, විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා ආදි ශිෂ්‍ය සංගම් ආදියෙහි ග්ලැඩියේටර් වහලුන්, විද්‍යාගාර මීයන් බවට පත් වන බව ඔබ දන්නවා ද? 

මෙම ලිපිය ලියූ ලේඛකයා විසින් කරන ලද ගවේෂනය විසින් සමස්ත පාසල් අධ්‍යාපනයේ ම හරස්කඩක් මෙහි නිරූපණය කර තිබේ. කරුණාකර මෙම ලිපිය අධ්‍යාපන හා ක්‍රීඩා බලධාරීන්ගේ ඇසට යොමු කරන්න.

මෙම පාසල දිවයිනේ ප්‍රධාන ක්‍රීඩා පාසලකි. එහි නාමය ශී‍්‍ර ලංකාව පුරාම ප‍්‍රසිද්ධ මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙනි. ජාතික මට්ටමෙන් පැවැත්වෙන පාසැල් මලල කී‍්‍රඩා තරඟාවලීන්හිදී නිතර ම බාලක බාලිකා ජාතික ශූරතාවයන් මෙම පාසල විසින් දිනාගනු ලැබේ. මේ නිසා ම එම විදුහලේ කී‍්‍රඩා අංශභාර ආචාර්යවරු, බොහෝ දෙනාගේ ගෞරවාදරයට සම්මානයට පාත‍්‍රවෙති. විවිධ වූ වරප‍්‍රසාදයන් භුක්ති විඳිති. ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ සහ කලාප මට්ටමේ මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඉහළ තනතුරු සඳහා තේරී පත්වෙති. මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සංගම්හි විවිධ තනතුරු දරති. විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කී‍්‍රඩා පාසැලේ මෙම මලල ක‍්‍රීඩා ජයග‍්‍රහණ පිළිබඳ උද්දාමයට පත් ව මහත් සතුටින් ඒ පිළිබඳ ක‍්‍රීඩා පාසල භාර ආචාර්යවරුන් ඇගයිමට ලක් කරති. තමන් ද,  විදුමවගේ දරුවෙකු වීම පිළිබඳ එම අාදි සිසුහු ආඩම්බර වෙති.

එහෙත් එම විද්‍යාලයේ නේවාසිකව සිටිමින් මුළු ශී‍්‍ර ලංකාව පුරා ම, විදුහල් මාතාව බබළවන,  ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ නේවාසික ජීවිතය ඉමහත් ඛේදජනකය. බියකරු ය. දරුවෙකුට විඳදරා ගත නොහැකි වන තරමට ම පීඩාකාරීය. ඒ හේතුව නිසා ම , ජාත්‍යන්තර වශයෙන් ලංකාවටත් , එම විද්‍යාලයටත් ජයග‍්‍රහණයන් අත් කර දීමට සුදුසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ බොහෝමයක් විද්‍යාලීය නේවාසිකාගාරයෙන් පමණක් නොව සමස්ත මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයම අත හැර සිය ගම්බිම් කරා ගොසිනි. තවත් අය යන්න සූදානමින් පසුවෙති. මෙම තත්ත්වය, විදුහලට පමණක් නොව මුළු ශී‍්‍ර ලංකාවට ම ඉමහත් පාඩුවකි. උදා වී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබීම පුදුම සහගත ය. ඛේදජනක ය. තේරුම් ගත නොහැක.

අදාළ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල කුඩා පාසැල්හි මලල ක‍්‍රීඩා ඉසව් සඳහා ඉතා ඉහළ දක්ෂතා පෙන්වමින් සිටි මෙම දූ දරුවන්, විදුහලේ ක‍්‍රීඩා පාසැලට බඳවා ගැනෙන්නේ ශිෂ්‍යත්වධාරීන් ලෙස ය.

එසේ පැමිණෙන මෙම දරුවන්, පාසැල තුළ ම පවත්වා ගෙන යනු ලබන නේවාසිකාගාරයේ නවාතැන් ගන්වති. පිරිමි ළමුන්ට සහ ගැහැනු ළමුන්ට වන ලෙස වෙන වෙන ම නේවාසිකාගාර දෙකක් ඇත. සිය දෙමාපියන්ගෙන් සහ තමන් එතෙක් ඉගෙන ගත් පාසලෙන් සමුගෙන මෙම දරුවන් විදුහලේ ක‍්‍රීඩා පාසැලේ නේවාසිකාගාරය වෙත පැමිණෙන්නේ ඉමහත් බලාපොරොත්තු ඇතිව ය. සිය අනාගත මලල  ක‍්‍රීඩා ජයග‍්‍රහණයන් සහ සාර්ථකත්වයන් පිළිබඳ සිහින දකිමිනි. සිය දෙමාපියන්ගේ ආදරය හෙනෙහස තුරුලූ කරගෙන ඔවුන්ගේ ඇකයේ සුරතල් විය යුතු වයසේ පසුවන මෙම දරුවන්, නේවාසිකාගාර ගතවන්නේ එම සිහිනයෙනි. එහෙත් නේවාසිකාගාර ගතවීමෙන් පසු අත්විඳින්නේ, ඔවුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සිහිනෙන්වත් නොසිතූවිරූ බිය ජනක අත්දැකීම් සමූහයකට ය.

මෙම තත්ත්වය හරියට ම ග‍්‍රීක රෝම ශිෂ්ටාචාර පැවති සමයේ තිබූ වහලූන්ගේ ක‍්‍රීඩාවක් සිහිගන්වන සුළුය. වහල්හිමියන්ගේ සහ ඔවුන්ගේ රදළ සමාජයේ මනදොළ සපුරාලීම සඳහා කොලෝසියම වැනි කී‍්‍රඩාගාරයන්හි සටන් වැදුනු ග්ලැඩියේටර්වරු බඳුය. ග්ලැඩියේටර්වරු වහල්ලූ ය. ඔවුන් එක් එක් වහල්හිමියා වෙනුවෙන් දිවි නොතකා තවත් ග්ලැඩියේටර්වරයෙකු සමඟ සටන් වදිති. ගැලැඩියේටර්ට සටන ජය ගැනීමෙන් සිය ජීවිතය පමණක්  රැකගත හැකිය. එහෙත් ජයගත් ග්ලැඩියේටර්වරයාගේ ස්වාමියා හෙවත් වහල්හිමියා විශාල මුදල් මල්ලකට හිමිකම් කියනවා පමණක් නොව ජනප‍්‍රසාදයට ද පත්වෙයි. ඔහු එම රාජ්‍යයේ වගකිව යුතු තනතුරුවලට ද පත්වෙයි. මෙම මරාන්තික තරඟ නැරඹීමට සාමාන්‍ය ජනතාවද විශාල වශයෙන් සහභාගි වෙති. ඔවුහු ද මෙම තරඟ නැරඹීමෙන් මහත් සතුටක් ලබති. නමුත් සටනෙන් පසු ඒ සතුටෙන් ම ඔවුහු විසිර යති. බොහෝ දෙනාට සතුට කීර්තිය අත්කර දුන් ජයග‍්‍රාහි ග්ලැඩියේටර් නැවත වහලෙකු ලෙස විලංගුලා  සිර කුටියක වාසය කරයි. ඒ ඊළඟ මාරාන්තික තරඟය එනතුරු ය.

එලෙස ම මෙම විද්‍යාලයේ ක‍්‍රීඩා පාසැලේ අසරණ දරුවෝ ද ජාතික තරඟයන්හිදී බොහෝ දෙනාට සතුට ගෞරවය ලබා දී , නැවත එළිමහන් සිර කඳවුරක් බඳු පාසැල් නේවාසිකාගාරයේ වාසය කරමින් දිනපතා අනේක විධ වධ වේදනාවන්ට පත්වෙමින් කඳුලූ බොති. විදුහල් මාතාවගේ ආදි දරුවෝ, සිය විදු මාතාවට මෙතරම් කීර්තිනාමයක් අත් කර දෙන, නේවාසිකාගාර ගතව සිටින මෙම දරුවන් පිළිබඳ සැබෑ තතු නොවිමසන්නේ මන්දැයි බොහෝ දෙනාට ගැටලුවකි. මන්ද ආදිසිසුන් මෙම කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් හඳුන්වන්නේ කහ කුරුල්ලන් යන අන්වර්ථ ගෞරව නාමයෙනි. සිය විදුමවට ජාතික මට්ටමෙන් කීර්තියක් අත් කර දෙන මෙම කහ කුරුල්ලන් පසුව නැවත නේවාසිකාගාරයේ කූඩු කර වදවේදනාවන්ට පත්ව කඳුළු බොමින් ඉතා අවාසනාවන්ත ජීවිතයක් ගත කිරීම මොවුන්ට ප‍්‍රශ්නයක් නොවන්නේ ද ? එසේ ප‍්‍රශ්නයක් නොවන්නේ නම් ඒ මන්ද? මෙම ලියුම්කරු වසර ගණනාවක් මහත් වෙහෙසක් දරා, එම ක‍්‍රීඩා පාසලේ නේවාසික සිසුසිසුවියන් සමඟ සුහදව සාකච්ඡා කිරීමෙන්, සිය නේවාසිකාගාර දිවිය පිළිබඳ හෙළිදරව් කර ගත් තොරතුරු  භීතියට පත් කරවන සුළුය. මෙම දරුවන් මෙතරම් වද වේදනාවන් ඉවසා සිටින්නේ, කෙසේ ද යන්න විමතිය දනවන්නකි.

ලෙහෙසියෙන් මෙම දරුවෙකු සමඟ වෙනම කතා කල නොහැක. එම දරුවන් විසින් ම  සීඅයිඩී වශයෙන් හඳුන්වන තවත් සිසුන් කණ්ඩායමක් ඔවුන් වටා කැරකෙති. පිට අයෙකු සමඟ කතා කරන්නේ මොනවා දැ යි විමසිලිමත් වෙති. රාත්‍රිෙය් නේවාසිකාගාරයේ දී පහර දෙමින් ප‍්‍රශ්න කිරීමට ලක්වෙති. යම් වරදක් සිදු වී ඇත්නම් වේල් දෙක තුනක් අහර නැත. තමන් මෙතෙක් වෙහෙස මහන්සියෙන් අත් කර ගත් ක‍්‍රීඩා සහතික අනතුරේ ය. මෙම ප‍්‍රශ්න කරන්නන් වැරදි යනුවෙන් හඳුන්වන්නේ, නේවාසිකාගාරයේ තොරතුරු බාහිර අයෙකුට ප‍්‍රකාශ කිරීමයි. එය පාවාදීමකි. මෙතෙක් පැවති සම්ප‍්‍රදාය කැඩීමකි. දඬුවම් ලැබිය යුතු වරදකි. නේවාසිකාගාර භාර ආචාර්යවරුන් කෝප ගන්වන්නකි. එම නිසා මෙම නේවාසික දරුවෝ කිසිවෙකු ඉදිරියේ දොඩමලූ නොවෙති. ඒ මොවුන්ට කිසිවෙකු පිළිබඳ විශ්වාසයක් නොමැති නිසා ය. බාහිර අයට තම වද වේදනා ප‍්‍රකාශ කරන්නට යෑමෙන් බොහෝ සිසුන්ට අත් වූ ඉරණම මොවුන් දැක ඇති නිසා ය. නැතිනම් පැරණි සිසුන් විසින් නවක සිසුන් මැනවින් දැනුවත් කර ඇති නිසා ය.

මෙම විදුහලේ ගුරුවරියක, මෙම ලියුම්කරු සමඟ පැවසුවේ, පාසැලේ දරුවන් දහසක් අතරින් වුවත් නේවාසිකාගාරයේ සිසුවෙකු හඳුනාගැනීම ඉතා පහසු බවය. ඒ ඔවුන් නිතරම නිහඬ, කල්පනාකාරී, වේදනාබර, මැළවුණු මුහුණින් යුතුව සිටින නිසා යැයි ද ඇය පැවසුවා ය. ඇත්තටම මොවුන් නිහඬ කරවා ඇති බව ඇය තවදුරටත් පැවසුවා ය. තවද ඇය පවසන පරිදි, විදුහල් පරිපාලනයට ඉහළින් සිටින කණ්ඩායමක් විසින් මෙම නේවාසික දරුවන් පාලනය කරනු ලැබේ. නේවාසික සිසුන් භාර ගුරුවරු විසින් ද පාසැල් පරිපාලනය නොසලකා හැර ඇතැයි ද ඇය පවසයි. මෙම ගුරුවර ගුරුවරියන් පාසලේ සාමාන්‍ය කටයුතුවලදී වෙනම කණ්ඩායමක් ලෙස ද කි‍්‍රයා කරන බවත්, ඔවුන් මෙහෙයවනු ලබන්නේ අධ්‍යාපන කලාප කාර්යාලයේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඉහළ නිළධාරියෙකු විසින් බවත් ඇය තව දුරටත් පැවසුවා ය. අධ්‍යාපන කලාපයේ මෙම ඉහළ ක‍්‍රීඩා නිළධාරියා දේශපාලන බලපුළුවම්කාරකම් ඇති අයෙකි. ඔහු විදුහලේ ආදිසිසුන් ද ඇසුරු කරයි. එසේ ම මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් ද මොහුගේ මිතුරන් ය. එම නිසා හැම විටම පාසල් පරිපාලනය අභිබවා මෙම කණ්ඩායම බලවත් ය. එම නිසා විදුහලේ නේවාසිකාගාරය භාර ගුරුවරු ද තම අභිමතය පරිදි අහිංසක දරුවන් පීඩාවට පත් කරති. නේවාසික දරුවන්ට තමන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ  කියන්නට කිසිවෙකු නැත. කරන්නට තිබෙන එකම දෙය නම් ක‍්‍රීඩාව පිළිබඳ තම අනාගත සිහිනය පසෙකලා නේවාසිකාගාරය හැරයාමය. එයද කියන තරම් පහසු කටයුත්තක් නොවේ යැයි ඔවුහු පැවසූහ.  මෙසේ මෙම දරුවන් රහසින් බියෙන් පැවසුවේ ඔවුන්ගේ වේදනාබර නේවාසිකාගාර අත්දැකීමයි. 

(මීළඟ කොටස සඳුදා බලාපොරොත්තු වන්න)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. A.Ratnayaka Central college??

    ReplyDelete
  2. භාගයක් කියවද්දී නින්ද ගියා. දැන් මේ ඇහැරුනේ. ඉතිරි ටිකත් කියෙව්වා. ඒත් කියවලා ඉවර උනාම ඇති දෙයක් නෑනි. ඉතිං කොමෙන්ටුත් නෑ.

    ReplyDelete
  3. Replies

    1. ඔකේ මොන පුදුමයක්ද අනේ .. මේවනේ පුදුම දේවල්

      යහපාලන ආණ්ඩුව පැමිණියේ 2015 ජනවාරි 9 වෙනිදා ය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති වූයේ ජනවාරි මාසයේදී ය. ඔහුගේ බෑනගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙසරිස් පලමු බැදුම්කර වංචාවට සම්බන්ධ වන්නේ 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා ය. ඒ හරහා විශාල ලාභයක් තම සමාගමට හිමිබව දැන ගත් වහාම එසේ ලැබෙන මුදල් ආයෝජනය කිරීම සඳහා බෑනාට හිමි අරක්කු සමාගම හරහා අලුත් අරක්කු ෆැක්ටරියක් ඉදිකිරිමට අවශ්‍ය බලපත්‍රයක් එම වසරේ දිම මුදල් අමාත්‍යාංශය හරහා ලබා ගත්හ.

      ඉන්පසු 2017 අයවැය පිලියෙල කිරීම මුදල් අමාත්‍ය රවි කරුණානායක ලේකම් ආර් එච් එස් සමරතුංග ඇතුළු නිලධාරින් විසින් සිදු කල අතර එහි තීරණාත්මක රැස්වීමක් අමාත්‍යාංශයන් බැහැරව දකුණු පලාතේ තරු පන්තියේ හෝටලය තෝරා ගෙන එහි නේවාසිකව අයවැය පිලියෙල කරන ලදි.

      මෙහිදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නිලධාරින්ට අමතරව එම හෝටලයේම තවත් කාමරයක් වෙන් කෙරෙනුයේ අයවැය යෝජනා සම්බන්ධ අවසන් තීරණ සම්බන්ධ ආර්ථික කටයුතු හා අග්‍රාමාත්‍යවරයා ගේ නියෝජිතයා සඳහායි. එහිදි මෙම තීරණාත්මක රැස්වීමට සහභාගි වූයේ බැදුම්කර සිද්ධියට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ය.

      එහිදි මෙම කණ්ඩායම නව අයවැය යෝජනාවක් ලෙස ඌව සහ නැගෙනහිර පලාත්වල සිදු කරන ආයෝජන වෙනුවෙන් සීයයට සීයයක්ම බදු සහන ලබාදීමේ යෝජනාව ඇතුලත් කරන ලදි. ඒ අනුව 2017 වසරේ ආරම්භ කරන නව කර්මාන්තශාලා සඳහා මෙම අසිමිත බදු සහනය ලැබේ එහි මුල්ම වරප්‍රසාදය හිමි සමාගම ලෙස අයවැය පිලියෙල කිරීමට දායක වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනගේ අරක්කු සමාගම හිමිකම් ලබයි.

      මෙය ඉතාමත් භයානක මූල්‍ය දූෂණයක් මෙන්ම බදු වංචාවකි. මෙය භාණ්ඩාගාර බැදුම්කර වංචාට වඩා භායනක වනුයේ සමාන්‍ය ජනතාව වැට් බදු ඇතුළු බදු පිට බදු පටවමින් අයවැය යෝජනා එද්දි, තමන්ගේ නෑදෑ හිත මිතුරන්ට අවශ්‍ය පරිදි කල්තියා සැලසුම් කොට අවශ්‍ය බදු සහන ලබාදීමට අයවැය තුලින් කටයුතු කිරීමයි.

      Delete
    2. AnonymousMarch 24, 2017 at 6:39 AM
      100% correct. All of the above offenders will enjoy life using our money, while multiple investigation taking time till the end of this govt. Pl get ready next govt. there will be lot to do.

      Delete
    3. @ AnonymousMarch 24, 2017 at 6:39 AM

      පුදුම වෙන්න දෙයක් නෑ ගරු ඇනෝ තුමනි. පැරා තුමාගේ නිරීක්ෂණය අනුව රනිල් කියන්නේ ලංකාවේ දැනට ඉන්න එකම ආර්ථික ඔස්තාද්. එතුමාගේ දුර දක්නා නුවණින් කළ ක්‍රියා කලාපය නිසා ඌව සහ නැගෙනහිර පළාත්වල දැන් ආයෝජන වැසි පිට වැසි වහිනවා. අනිත් පළාත්වල ජනයා දත් මිටි කමින් බදු පිට බදු ගෙවනවා. මම නම් මීළඟට එන කුමන හෝ මැතිවරණයකදී විරුද්ධ පක්ෂයකට මගේ ඡන්දය ලබා දෙනවා මෝටර් රථ සඳහා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති බදු ගැසීමට විරුද්ධත්වය පෑමක් වශයෙන්.

      Delete
    4. රසික,

      ඔබ හැම තැනම ලින්ක් හල හලා ගිහින් ඒක ගැන වෙන කවුරුහරි ඇහැව්වම කියනවා නේද 'වෙබ් කියන්නේ එකිනෙක අතර ඇති සම්බන්ධතා නිසා ඇතිවන ජාලයක්.වෙබ් යන්න අර්ථවත් වීමට නම්, සමාන සහ එකිණෙකට අදාල අන්තර්ගතයන් එකිනෙක හා සම්බන්ධ කළ යුතුයි.'

      වගේ කතා. කෝ ඉතිං ඒ උනාට රසිකගේ බ්ලොග් එකේ අපේ සිංහල සින්ඩි වලින් ජනප්‍රියම සින්ඩිය වන මාතලන් සින්ඩියේ ලින්ක් එක දාලා නෑනි. ඒ තියා මාතලන්ගේ බ්ලොග් එකත් නෑනි. වෙබ් කියන එක තවත් අර්ථවත් වෙන්න ඒවායේ ලින්ක්ස් දාන්න රසික.

      Delete
    5. මෙන්න තවත් පුදුම දේවල්

      කැනඩාවේ ඉන්න මෙන්ටල් ඩොක්ටර්ලා බඩ වඩාගන්න පොත් විකුණගන්න මේ වගේ තැනකට ඇවිල්ලා කරන දේවල් දක්කහම් ඔලුවක් තියන ලියන කෙනෙක් කොහොම ඉන්නද

      ඒත් කොහේ හරි තියෙන පොතක් බලලා එ අනුව තවත් කෙනෙක්ගේ මානසික මට්ටම මෙහෙමයි, ඔහුගේ මානසික මට්ටම අසමබරතාවයි වගේ කියලා ප්‍රසිද්ධියේ ලියන එක . ඒක වෛද්‍ය ආචාර වලටත් ගැලපෙන්නේ නැහැ

      Delete
    6. ප්‍රශ්නය මෙයයි. උතුරු නැගෙනහිර පළාත්වල ආයෝජනය කරන විට බදු සහන දීම මෙම අයවැයටම සුවිශේෂී වූවක්ද? නැත. යුද්ධය අවසන් වූ පසු ඉදිරිපත් වූ අයවැය වලදී, එනම් මෙම ආණ්ඩුව පත් වීම පෙර සිටම උතුරු නැගෙනහිර පළාත්වල ආයෝජනයට බදු සහන දී තිබේ. එසේ නම් මෙම තර්කය පරිදි අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් බදු සහන දීම අඩුම තරමේ 2010 දීවත් සැලසුම් කළ යුතුය. මෙය විය හැක්කක්ද?
      එසේම, එම බදු සහනය අර්ජුන් මහේන්ද්‍රන්ට හෝ ඔහුගේ පවුලේ අයට පමණක් ලබා ගත හැක්කක්ද? ආයෝජනයක් කළ හැක්කේ ඔහුට පමණක්ද?
      අනෙක් අතට කවුරුන් හෝ උතුරේ හෝ නැගෙනහිර පළාතේ අරක්කු කම්හලක් දැම්මා කියමු. දකුණෙන් උතුරට රා එපා යන ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන උතුරු දේශපාලුවන්ගේ එම ක්‍රියාදාමය නිවැරදිද?

      Delete
  4. පැරා මේකෙ වැදගත්ම ටික ඊලඟ ලිපියට තියල කවදාවත් නැතුව ඇඩ් එකකුත් දාල​.
    මිනිස්සු හිතයි අදාල ඉස්කෝලෙන් කීයක් හරි අරගෙන වැඩේ යට ගහන්න හදනව කියල​

    ReplyDelete
    Replies
    1. මූලික ප්‍ර‍ශ්නය බ්ලොග් එකක එච්චර දිග ලිපි දාන්න බැහැ

      Delete
  5. යහපාලනයේ ග්ලැඩියේටර් වහලා කවුද ?

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. මේ ලිපිය සංස්කරනය කරලා වඩා පැහැදිලිව ලීවානම් හොදයි.

    ReplyDelete
  8. මේ ලිපිය සංස්කරනය කරලා වඩා පැහැදිලිව ලීවානම් හොදයි.

    ReplyDelete
  9. මේ ලිපිය සංස්කරනය කරලා වඩා පැහැදිලිව ලීවානම් හොදයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා