විමුක්ති සමග ෆුල් අවුල් වෙන්න සුළඟ ගිනි අරන් බලන්න

සුළඟ ගිනි අරන් අවසාන දර්ශනය 
විමුක්ති ජයසුන්දරගේ සිව්වන චිත්‍රපටය වන ‘සුළඟ ගිනි අරන්' බැලූ විට සිතට නැගුණු සිතුවිල්ලක් මෙසේ ලියමි.

විමුක්තිගේ රූප රාමු ආලෝකයෙන් අඳින ලද ගැඹුරු සිනමා සිතුවම් ලෙස රස විඳිය හැකි ය. ඒවායේ තිබෙන අඳුරු, දොම්නස්, ගුප්තභාවය හා මන්දගාමී චලනය ද, ශබ්ද භාවිතයෙහි හා රංග වින්‍යාසයෙහි චමත්කාරය ද මන බඳිනසුළු බව අමුතුවෙන් කිව යුතු නැත.

එහෙත්, විමුක්ති සිය නිර්මානවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද?

විමුක්තිගේ චත්‍රක් චිත්‍රපටයේ ද දැක්ම පිළිබඳ අපි මීට පෙර ප්‍රශ්න කළෙමු.

සුළඟ ගිනි අරන් සම්බන්ධයෙන් යමක් කීමට පෙර අධි යථාර්ථවාදය ලංකාවේ හා ලෝකයේ ඇතැමුන් අත පත් වී තිබෙන කණගාටුදායක තත්වය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතමි.

යථාර්ථය කලාත්මක අයුරින් ප්‍රතිනිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. එයට ඉතිහාසය, සමාජ පසුබිම, චරිත අතර ගැටුම්, චරිතවල මනෝභාවයන් ආදිය පිළිබඳ ඉතා ගැඹුරු හැදෑරීමක් අවශ්‍ය ය. එහෙත්, ලංකාවේ ඇතැම් කලාකරුවෝ මේ ගැඹුරු හැදෑරීම කිරීමට තරම් විනයක්, විවේක බුද්ධියක් හා උවමනාවක් නැතිකම ඉතා පහසුවෙන් ආවරණය කර ගන්නේ අධි යථාර්ථවාදයෙනි.

මෑත වකවානුවේදී මෙම නිර්මාණ විනය මැනැවින් නිරූපණය කළ කෘතියක් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දූල්වල අලංකාරේ ය. එහෙත්, ගැඹුරු අධ්‍යයනය හා යථාර්ථවාදී නිරූපණයේ සියුම් විස්තර කෙරෙහි දක්වන ලද අධි සංවේදීබව නිසාදෝ ඇගේ කෘතියෙහි කිසියම් සියුම් වාර්තාකාරී ස්වභාවයක් දක්නට ලැබේ.

යථාර්ථ අධ්‍යයනය මගහැරීම උදෙසා අධි යථාර්ථවාදය වෙත යොමු වන නිර්මානකරුවා වස්තු බලා ඇඳීම නො දත්කම වසා ගන්නට  වියුක්ත චිත්‍ර අඳින ශිල්පියකු වැනි ය.

කලාත්මක අධියථාර්ථවාදය මතු වන්නේ යථාර්ථය පිළිබඳ ගැඹුරු හැදෑරීම් ඔස්සේ ය.

විමුක්ති ද නිරන්තරයෙන් අධියථාර්ථවාදී නිරූපණයන් වෙත යොමු වන්නෙකි. චත්‍රක් චිත්‍රපටයෙහි මානසික රෝගී තරුණයාගේ භ්‍රාන්තියක් ලෙස සැලකිය හැකි දේශ සීමා මුරකරුවකුගේ චරිතයක් තිබේ. එසේම, සිහිනයක් ද එහි ඉදිරිපත් කෙරේ. ගෘහ නිර්මාන ශිල්පියා සිය බිරිය සමග කැළයේ නිවසක් ඉදි කිරීමට කණු සිටුවීම හා ඒවා කඩා වැටීම එම ජවනිකාවයි. ඒවා කලාත්මක අධි යථාර්ථවාදයන්ට වඩා ශිල්පීය අධියථාර්ථවාදයන් ලෙස සැලකිය හැකි ය. එහෙත්, කලාත්මක අධි යථාර්ථවාදයට උදාහරණයක් ද චත්‍රක් චිත්‍රපටයෙන් ම සොයා ගත හැකි ය. ඒ චිත්‍රපටයේ අවසාන දර්ශනයයි.

මිනිස් කසල හා වනචාරී ලිංගිකත්වය ද විමුක්තිගේ සිනමා ඇස නිරන්තරයෙන් යොමු වන රූප අතර තිබේ.

සුළඟ ගිනි අරන් චිත්‍රපටයේ ද, වකුගඩු විකුණන, මිළ දී ගන්නා, ගලවන, විකුණන, කොමිස් ගන්නා, ලෙඩුන් දූෂණය කරන, මුදල් පසුපස කෑදර ලෙස හඹා යන, කුණු වෙන්නට බොන, කලහ කරන, මිනී මරන, රස්සාව වෙනුවෙන් කාලකණ්ණිකම් කරන, තමන් කරන්නේ කුමක් ද යන්න නො දත් මිනිස් අවතාර වන් මිනිස්සු ගැවසෙති. ඒ රූප රාමු අතරට සත්‍යය සොයා යන හාමුදුරුවරු, මරණය ගැන අදහස් ආදිය ද මුසු කර තිබේ. එහෙත්, සුළඟ ගිනි අරන් චිත්‍රපටයේ අධි යථාර්ථවාදී දර්ශන පෙළෙහි ආනන්දයෙන් අප වෙත ලබා දෙන ප්‍රඥාව කුමක් ද? කිසිවක් නැත. එහි විශේෂත්වය එයයි.

ඇතැම් විට, කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නට විමුක්තිට අවශ්‍යතාවක් නැතුවා විය හැකි ය. ඔහුත් නො දන්නා දෙයක් ඔහු තවෙකෙකුට කියා දෙන්නේ කෙසේ ද? ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුගේ නො දන්නාකම හා අවුල්සහගත බවයි. එහි ඇති මූසල දෝමනස්සයයි. කාලකණ්ණිකමයි. සත්‍යය අවබෝධ කර දීමට ආගම් හා දර්ශනවාදවල ද ඇති ප්‍රායෝගික අසමත්කමයි. එය විමුක්තිගේ විවරණයක් ලෙස නො ව, විමුක්ති සමාජ යථාර්ථයට දක්වන ප්‍රතිචාරයක් ලෙස සැලකිය යුතු යයි මට සිතේ. 

විමුක්ති කියන දෙය චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ වකුගඩු දොස්තර කැළයට හෝ වෙරළට හෝ ගොස් කරන ගුප්ත, වේදනාබර, වෛරී, බියකරු මොරගෑමෙනි. විමුක්තිගේ පණිවුඩය එයයි. චිත්‍රපටයේ සමස්තය කැටි වන්නේ ඒ අමානුෂික හඬ තුළ ය. විමුක්තිගේ ප්‍රකාශනය එයයි.

චිත්‍රපටයේ අවසාන ජවනිකාවේදී අසාමාන්‍ය තැනක ඕමි ගසන සිව්දෙනාගේ දර්ශනය විසින් ඔහු අප ඇලුම් කරන සම්මත කතා කලාවට ද අභියෝගයක් කරන්නේ යයි මට සිතේ. එක එක කතා!

චරිත විග්‍රහයත්, සමාජ විවරණයත් වැඩක් නැත. කතාත් වැඩක් නැත. කිසිවෙක් කිසිවක් නො දනිති. කිසිවක කිසිවක් නැත.

විමුක්තිගේ සුළඟ ගිනි අරන් චිත්‍රපටය රස විඳීමට එවැනි මානයක් නිර්මාණය කර ගත යුතු ය. කලාකරුවා නිර්මාණයක් කරන්නේ ඔහු යමක් දන්නා නිසා හෝ ඔහුට යමක් කියන්නට තිබෙන නිසා ම නො විය හැකි ය. ඔහුට ඔහුගේ අවුල අපට ප්‍රකාශ කළ හැකි ය. එවිට අප සහෘද වන්නේ ඔහුගේ වියවුල සමග ය. අප කරන්නේ ඔහුත් සමග අපත් අවුල් කිරීමයි.

වින්සන්ට් වෑන් ගෝ ඔහුගේ අවුල් මනසෙහි විචිත්‍ර අන්දමින් චිත්‍රණය වූ යථාර්ථය අප හමුවේ තැබුවා සේ විමුක්ති ජයසුන්දර සිය අවුල් මනසෙහි කාලකණ්ණි මූසලකම අප හමුවෙහි තබයි.

යථාර්ථය ගැන දන්නා දේ, දාර්ශනික හා පෞද්ගලික විග්‍රහ ඉවත දමා ෆුල් අවුල් වන්නට සුළඟ ගිනි අරන් බලන්න.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මල මූසල කම, අධි යථාර්ථවාදය, අවුල සමග අවුල්වීම, මෙයා මොකද්ද කියන්න හදන්නේ ආදිය චිත්‍රපටය බලා එළියට බට මගේ හිතේත් ඇති වූ හැඟීම්.

    ReplyDelete
    Replies
    1. පැරා මැරුනෙ, මීට අවුරුදු ගාණකට කලින් රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කල බ්ලොග් සම්මාන උලෙලදී.....
      ඒකෙදි මුල්ම සම්මාන නිර්දේශ වලදි පැරා ට සම්මානයක් තිබ්බෙ නෑ...
      පස්සෙ මූ (පැරා) එකේ සංවිධායකයන්ට බ්ලොග් එකෙන් අම්මා මෝ නැතිවෙන්න නෙලුවා...
      සංවිධායකයෝත් කමින් කල්ර්ස් ආ නොට් ගුඩ් කෙල්ල ගෙට ගනින් කියලා සම්මාන උලෙලට දවස් දෙක තුනක් තියෙද්දී මූට සම්මානයක් දීල උත්සවයේ කථාවකුත් දුන්නා...
      මෙන්න බොලේ ඊලග දවසේ මූ පට්ට යූ ටර්න් එකක් ගහලා කිව්වේ නැද්ද ...රාජකීය විද්‍යාලයේ සම්මාන උත්සවය අතිසාර්ථකයි.....නියමෙටම සම්මාන ටික දුන්නා කියලා හිටං.....මං හිතන්නේ එදාතමයි පැරා තමන්ගේ කලිසම ඔළුවෙන් ගලවලා තමන්ගේ නග්නත්වයේ හංස ගීතය ගැයුවේ කියලා

      මචං කකා: ප්ලීස් මෙන්න මෙවාට ලින්ක් දාපන්....උඹටත් පොඩි හිතේ අමාරුවක් ඇති නේ.....මේ ටීවි ප්‍රොග්‍රැම් එකට උඹේ මූනත් තහඩුව ඔබා ගන්න බැරි උනාට....බැරි වෙලාවත් කකාටත් ආරාධනය කලා නම් මූ ටිකක්ට් එකකුත් අරං ලංකාවේ....

      Delete
    2. දැන් දාපන්කො මං ඒ සම්මාන උළෙල විවේචනය කළ ලින්ක්. මෙතන ඇවිත් මං ඒවා මකලා අරවා මේවා කියන්න එපා. උඹලා වගේ මාර ඉන්වෙස්ටිගේටිව් පොරවල් ළඟ ස්ක්‍රීන් ෂොට් තියෙන්න එපායැ.

      එහෙම බැරි නම් අන්න ඒකෙ ප්‍රධාන සංවිධායක වුණ සුධාරක ජයසේන ඉන්නවා. එයාගෙන් අහලා දාන්නකෝ මං ඔය දේ කළ හැටි.

      අම්මපා, ඉරිසියාවටත් කොච්චර ඉතිහාසයක් තියෙනවා ද?

      Delete
    3. අනේ මට බෑ බං......උඹම හොයලා දාපන්....නැත්තං කර සිපිපියට කියපං.....

      කොහොමත් උඹේ හිත දන්නවනේ

      Delete
    4. සුධාරක ජයසේන යනු හෙන්රි ගේ පුතා ය. ඔහු ගොලු හදවත ටෙලියේ රඟපෑවේ ය.

      පැරා කියන්නේ සුපුන් සුදාරක කාලිදාස ගැනයි.

      Delete
  2. කවුදබෝයිMarch 24, 2017 at 11:52 PM

    අපේ දරිද්‍ර‍ාතාවයන් විකුනං කන බීච්බෝයිස්ලගෙ චිත්‍ර‍පට රෙසපියට නාකි සුද්දො ලොල් නේහ්..
    ආ..හ් ම්... ම් ආ ..යී..
    පැරත් , ප්‍ර‍වීන චිත්‍ර‍පට විචාරක ලයිසන් එකකට ට්‍රයිද?
    ඇහුවට තරහ ගන්ට කාරී නෑ.. අධි යථාර්ථවාදී ජෝක්ස් එහෙම තිවුනෙ නැතෑ.

    ReplyDelete
  3. පැරකුම් මහතා ඕලාරික "විචාරයෙන්" මිදී අද දවසේ සිනමාව ස්පර්ශ කරන්නට කරන දරන යම් සාධනීය උත්සාහයක ළකුණු මේ ලියවිල්ල තුළ දකින්නට ලැබීම පිලිබඳ සතුටුයි.
    ආනන්දයෙන් ප්‍රඥාවට යනවා හැර, යථාර්තය කියා දෙයක් ග්‍රහණය කරනවා හැරෙන්නට තවත් දේ සිනමාවට කළ හැකියි.
    එය බෙදාහදා ගැනීමක් යන තැනට තේරුම් ගැනීමම විශාල සංවර්ධනයකි. බෙදාගන්නේ මොනවාද, කෙසේද යන්න දිගු කතිකාවකි. ඒ කතිකාව ඇරඹීම හැරෙන්නට සහෘදයා "ආනන්දයෙන් ප්‍රඥාවට හෝ වෙනත් උලව්වකට දැක්කීම" නිර්මාණ කරුවකුගේ හැකියාවක් හෝ වගකීමක් බව සිතීම ම විහිළුවකි.
    ඔහොම යං....!!

    ReplyDelete
  4. බොහෝ සම්භාව්‍ය සිංහල චිත්‍රපට වල දක්නට ඇති පොදු සාදකය තමා මේ කාලකන්නි ඕලාරික කම

    ReplyDelete
  5. SOUTH ASIAN FILM AND DIGITAL MEDIA ACADEMY (SAFADMA)March 25, 2017 at 1:43 AM

    ස්වයං රැකියා 01
    සම්භාව්‍ය සිංහල චිත්‍රපට සැදීම.

    *සම්භාව්‍ය සිංහල චිත්‍රපට සැදීමට අවශ්‍ය ද‍්‍රව්‍ය -
    බුම්මගත්ත පිරිමි - 03
    දාඩිය දාපු ගෑනූ - 01/02
    අව්වට පිච්චුනු ගම්මාන - 02
    පරන බස් - 01
    පුට් බයිසිකල් -02
    තැපැල්90 මෝටර්සයිල් -01
    කටු මැටි ගෙවල් - 04
    පොල්ලතු කඩ පිල - 01
    දුෂ්කර පාසල් - 01
    වතුර ඇති හෝ නැති වැව් - 01

    *සීන් වැඩිකරගැනීමට -
    මීහරක්,එළහරක්,එළුවෝ,හීලෑ අලි.

    *පිට රට සම්මාන අවශ්‍යනම්-
    ආමිකාරයෝ - 01
    හාමුදුරුවරු - ලොකු 01/ පොඩි 01
    නටඔුන් පන්සල් - 01

    සදන ආකාරය-
    1.හුලං මැසිම ස්ටාට් කර දුවිලි අවුුස්සමින් හතර වටේ කැමරව කරකවන්න.
    2.මුල මැද අග සෙට් වෙන්නැතිවෙන්න එඩිට් කරන්න.
    3.අවශ්‍යනං රැවුල තියෙන කෙනක්ට කියල මියුසික් කරගන්න.


    ස්වයං රැකියා - 02
    සිනමාසාලාවක් තුල තොරනක් පෙන්වීම. (ඉදිරියේදී)



    ReplyDelete
    Replies
    1. සහෝදරයා ඇත්ත ම කියලා තියෙනවා. හරි නිර්මාණශීලී, බුද්ධිමත් කමෙන්ට් එකක්. කාලකන්නි පැරා මේකත් උදේ නැගිටලා මකයි ද දන්නේ නැහැ.

      Delete
    2. මල්යායMarch 25, 2017 at 8:23 AM

      ස්වයං රැකියා - 25
      සාර්ථක සම්මාන උලෙලක් කරන හැටි -
      කවදද දන්නෑ කමන්ට් කරන්නේ?

      Delete
    3. හොඳ නීර්මාණ ශක්තියක් සහ මොළයකුත් අවශ්‍යමයි

      Delete
    4. සම්භාව්‍ය සිංහල චිත්‍රපට හැදීම ගැන ඔය අදහසට මාත් එකඟයි.

      හැබැයි ඉතින් නිර්මානයක් ගැන සලකා බලනකොට ඒක පිටුපස තිබුණ වානිජ අරමුණු, පෞද්ගලිකත්වය වැනි දේ ගැන නො සිතා ඉන්නට සිදු වෙනවා. හේතුව ඒවා නිර්මානයට අදාළ කර ගන්නට ගියොත් අපට කිසිවක් රස විඳින්නට බැරි වෙනවා. හරියට විෂබීජ ගැන ඕනෑවට වඩා හිතන එක මානසික රෝගයක් වගේ.

      Delete
    5. //AnonymousMarch 25, 2017 at 8:42 AM
      හොඳ නීර්මාණ ශක්තියක් සහ මොළයකුත් අවශ්‍යමයි//

      සම්භාව්‍ය සිංහල චිත්‍රපට සැදීමට හොඳ නීර්මාණ ශක්තියක් සහ මොළයකුත් අත්‍යවශ්‍යම නැත.
      නමුත් රිලීස්එකේදී චුච්චක් මොළය අවශ්‍යයි -
      1.පවතින ආන්ඩුව සමඟ කොක්කක් දමා ගැනීමට.
      2.ගංජා කාරයෙකුට කියල ම‍හප්‍රාණ විචාරයක් කරගැනීමට.
      3.බෝතලයකට සෙට් වී ටීවී කාලයක් හා පත්තර පිටුවක් ලබාගැනීමට.
      4.එම්බසියක් සෙට් කරගැනීමට.
      5.Etc,

      Delete
    6. @SOUTH ASIAN FILM AND DIGITAL MEDIA ACADEMY (SAFADMA)

      WOW ! නියම කොමෙන්ටුවක්.

      සහතික ඇත්ත මචෝ. ...මට ඔය මුසල සම්භාව්‍ය චිත්‍රපටියි, ඔය මැදමුලනයගේ කල්ලිය හදන අජුත ඉතිහාස චිත්‍රපටියි නම් සදා අරහං.

      Delete
    7. ai machan outdoor kakkussiyak saha hulangata helawena agul nathi janel dorawal

      Delete
  6. පැරා,

    මචං දැන් උඹේ අලුත් ම ලේබල් එක "සිතට නැගුණු සිතුවිල්ලක්" ද? "රස වින්දන" වගේ බොරු ලේබල් ඉවර වෙලා ද? උඹ මෙතනටත් අර උඹේ අරයව ගෙනාවේ නැති වුණා නම් හොඳ යි පැරා. කමක් නැහැ ඉතිං උඹේ අර ආශාවේ මොකක් ද එක වෙන්න ඇතිනේ. උඹේ රේන්ජ් එක මාර යි බං. හෙද සේවය, ටයිප් සෙටින්, සිල්ලර කාසි, කැලණි අලංකාරේ, කොළොන්නාවේ කුඩු, නෙළුම් පදනම... මාර ස්පෙක්ට්‍රම් එකක්.

    කමක් නැහැ පැරා. අපි දැන් උඹේ කියවීමට එමුකෝ:

    උඹ මචං එළකිරි සහ පානීය ජලය වගේ විචාරයක් ලියලා තියෙන්නේ. උඹ සෑහෙන කාලයකට පස්සේ කලා න්‍යාය උඩු යටිකුරු කරන කියවීමක් කරලා. උඹ පෙන්නලා දෙනවා කලාවෙන් වෙන්න ඕන වැඩේ වෙන්න කලාකෘතියක් කරන කලාකාරයා මාර අවබෝධයක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනෙ ම නැහැ කියලා. උඹ විශ්වාස කරන උඹේ කන්සෙප්ට් එකක් තියෙනවානේ "ප්‍රශ්න කරන්න ප්‍රාඥයෙක් වෙන්න ඕන නැහැ, ප්‍රශ්නවලට විසඳුම් හොයන්න යි ප්‍රාඥයෙක් වෙන්න ඕන" කියලා. උඹ මේ විචාරය අවිඥානිකව ම ඒ කන්සෙප් එක මත බේස් කරනවා. විමුක්තිට සෙන්ස් වෙනවා නම් මේ සමාජය මාර අවුල් කියලා ඒක සෑහෙන ප්‍රමාණවත් කලා නිර්මාණේ ඩස්ට්බින් වෙන එක නවත්තන්න. මේක වැදගත් ඩිස්කෝස් එකක් පැරා. කලාකාරයගේ ලිමිට් එක එතන. ප්‍රශ්නවලට විසඳුම් හොයන එක පොලිටිකල් වැඩක්. පොලිටිකල් කියන්නේ යූ.එන්.පී. හරි ශ්‍රීලනිප හරි කියන එක නෙවෙයි. සමහර වෙලාවට කලාකාරයා ම ප්‍රශ්නවලට උක්තරක් කලා නිර්මාණයෙන් කියන්න ගියාම මචං කලාව බණ දේශනාවක් වෙනවා. උඹ මෙන්න මේ පර්ස්පෙක්ටිව් එක නියමෙට ටච් නරනවා මේ විචාරයෙන්. මචං හැට්ස් ඕෆ්.

    අපි මෙහෙම කරමු මචං. අපි මේ ගැන ලියන එක උඹට කරන අසාධාරණයක්. අපි මේක වීක් එන්ඩ් එකේ කලා අනුමණ්ඩලයට දාන්නම්. ඒකේ රීඩින් එක අපි බලමු.

    පැරා මචං උඹ එක්ක අපිට ගැටුමක් තියෙනවා. ඒක දේශපාලනිකයි. එහෙම කියලා අපි උඹේ නම දැක්ක ගමන් නෙළන්න ඕන කියලා කවදාවත් හිතන්නේ නැහැ. උඹේ ඔය කුහක, නපුරු, නරුම කවරින් එක අස්සේ මාර ඊස්තටික්, රොමෑන්ටික්, කල්චර්ඩ්, ආටිස්ටික් පර්සනැලිටි එකක් තියෙනවා පැරා. උඹ මේ මඟුල් වාමාංශික විරෝධයක් අල්ලන් පිස්සු කෙළින නිසානේ අර ලස්සන මිනිහා එළියට එන්නේ නැත්තේ. මචං ඔය "ව" යන්නයි "ම" යන්නයි එක ළඟ ටයිප් කළා ම වෙන වචනයක් වදින විදියට ඔටෝ කරෙක්ට් සෙටින්ස් හදා ගනිං. එතකොට උඹ ලියන හැම ආර්ටිකල් එකක් ම මේ වගේ වෙයි.

    අද අපි ඔබට බණින්නේ නැහැ. උඹේ වචනෙන් කියනවා නම් "දීර්ඝ අවලාද" නැහැ. මේ ආර්ටිකල් එක තුළින් පූර්ව සුනාමි යුගයේ පැරා මැවී පෙනෙනවා. ඌ හොඳ එකා බං. චියර්ස් පැරා!

    එක්සත් ලංකාවක් සඳහා එක්සත් වම.

    ReplyDelete
    Replies
    1. //අපි මේක වීක් එන්ඩ් එකේ කලා අනුමණ්ඩලයට දාන්නම්.//

      හිඩා යඩව බම්. ඕකේ, ඕකේ. තෑන්ක්ස්.

      Delete
    2. ඔන්න ඕක තමයි උඹේ තියෙන අවුල. උඹ හැම දේම ගන්නේ ඇදයට. උඹට එරෙහි කිසිම දෙයක් මෙතන අපි කියලා නැහැ. ග්‍රෝ අප් මෙන්! ග්‍රෝ අප්!

      Delete
    3. ග්‍රෝ අප් වෙනවා කියන්නෙ ඔය වගේ අනුමණ්ඩල තියෙන එකට ද?

      Delete
  7. සුලඟ ගිනි අරන් චිත්‍රපටයේ මගදී නැගිට ආ නමුත් චිත්‍රපටිය ගැන ආවර්ජනයක බලපතර අවශ්‍යතාවයකින් සිටියදී කියවන්නට ලැබුන ඔබ විචාරය විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. අප දෙගොල්ලන් ම චිත්‍රපටය බැලුවෙ එකට. ඇතුළට යන ගමන් රොහාන් සමරජීව මහත්මයා එක්ක නම් කතා කරලායි ගියේ මම.

      Delete
  8. පැරා, රුවන් ජයතුංග නමැති රුසියානු වෛද්‍ය උපාධියක් ඇති වෛද්‍යවරයා ඔහුගේ බ්ලොග් අඩවිය ඔස්සේ විවිද පුද්ගලයන්ගේ මානසික තත්වය ගැන අදහස් පල කරයි. පසුගිය දිනක ෆොන්සේකා මහතා ගැනද එසේ කියා තිබුනේ කමල් ගුණරත්නගේ පොතේ එන කොටසක් අල්ලා ගෙනයි.
    මේ අයුරින් සත්‍යදැයි කියාවත් නොදන්නා තොරතරු ආශ්‍රයන් විවිද ප්‍රකට පුද්ගලයන්ගේ මානසික තත්වය අසමබරතාවයි ලෙස සදහන් කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි කියා එම වෛද්‍යවරයාගෙන් විමසු විට ඔහු කරන්නේ අප නිවටයන්, බියසුල්ලන් ලෙස නම් කරමින් ඔහුව ප්‍රශ්න කරනා කොමෙන්ටු ඉවත් කිරීමයි.

    ඔහුට අන් අයගේ මානසික තත්වය ගැන ප්‍රසිද්දියේ වෛද්‍ය ආචාරධර්ම වලටත් පටහැනි ලෙස සදහන් කල හැකිනම් අනික් අයට ඒවා ප්‍රශ්න කිරීමට නොහැකිද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් නේ. දැන් මෙතන ඇවිත් සමහරු මගේ මනෝ විශ්ලේෂණය කරන්නෙ?

      බ්ලොග් කියන්නෙ එහෙම ජාතියක් නේ. ඒකෙ ඕනැ නම් මේ මටත් රොකට් සයන්ස් උගන්නන්නට පුළුවන්.

      හැබැයි මේ යුගයේ අන්තර්ජාලය පරිශීලනය කරන පාඨකයා සාමාන්‍ය මාධ්‍ය සාක්ෂරතාවෙන් එහාට ගිය, මාධ්‍ය අධ්‍ය්‍යනය කරන්නෙක් විය යුතුයි. නැතිනම් ඉතින් සොරි තමයි.

      කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය. ඒක පරණ කියමනක්. හැබැයි තවමත් අලුත්.

      Delete
    2. වැඩේ කියන්න එය එහෙම අනික් මිනිස්සු ගැන ලියලා අපි එව්වා ගැන ප්‍රශ්න කලාම කොමෙන්ටු අයින් කරන එකනි.

      Delete
  9. ඒ ඔබ කියන දොස්තර එක්තරා මානසික ආබදිකයින් පෙලෙන බව බැස්ටියන් මාවතේ ටර්න් එක එනකම් සිටින කොන්දොස්තර ලාත් දැනගත්තේ 2016 වසරේ mathalan සමග දාගත් ගු කෙස් එකෙන් පසුවය

    එය අමතක කර ඔහුට 2016 වසරේ හොදම බ්ලොග් කරු ලෙස නම් කරවා ගැනීමට බොඩි පුජා තබයි

    ReplyDelete
  10. https://m.facebook.com/events/194001447768451

    ReplyDelete
  11. අබරං සීයාගෙ දවසේ කතාවMarch 25, 2017 at 11:41 AM

    තුන්වෙනි ලෝකයේ මිනිසුන්ගෙ කුණු ගොඩවල් බැලීම දියුනු රටවල මිනිසුන්ගෙ Fetish එකක්.
    ලයනල් වෙන්ඩ්ලගෙ පොටෝ වලට කටුමැටි බිත්ති ,වැහැරැනු මුහුනු ලස්සනට වැටුනෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. පොන්ත නෝනාගේ කටේ මසුරන්

      Delete
    2. හඳගම-ප්‍ර‍සන්න-විමුක්තිල ජෙනරේෂන් එක සිනමා අහිකුන්ටිකයින් ලෙස හදුනාගත හැක.
      තුන්වෙනි ලෝකයේ මිනිසුන්ගෙ කුණු ජීවිත නැමති නයා පලමු ලෝකයේ රිදීතිර මත නටවා ජිවත් වන ඔවුන් එම නයා නොමැරී ජීවත්කරවීමට හැකි සියල්ල සිදුකරයි.
      ඇත්තටම මෙය කැරි වැඩකි.

      Delete
    3. හඳගම-ප්‍ර‍සන්න-විමුක්තිල ජෙනරේෂන් එකට චාමර සලන උනුත් කැරියොද?
      එතකොට පැරා?

      Delete
    4. හඳගම-ප්‍ර‍සන්න-විමුක්තිල ජෙනරේෂන් එකේ චිත්‍ර‍පට බලන උනුත් කැරියොද?

      Delete
    5. හඳගම-ප්‍ර‍සන්න-විමුක්තිල ජෙනරේෂන් එකේ කුනු ගොඩෙන් යැපෙන දාර්ශනික කබරයින්, NGO කපුටන් සහ වාමාන්සික ලමයින් පිරිසක් සිටියි. අලුත් කුනු ට්‍රැක්ටරයක සම්ප්‍රාප්තිය ඔවුන්ගෙ ෆැන්ටසියයි. (සමහර විට විමුක්තියයි).

      Delete
  12. Kevin Carter Committed Suicide 3 Months After He Won the Pulitzer Prize for a Photograph of a Vulture Stalking a Starving Girl.


    Carter won the Pulitzer Prize for this photo but couldn’t enjoy it because he regretted not helping the child. He was consumed by the violence he had witnessed and haunted by questions about the fate of the girl. He told an interviewer that after this he smoked cigarettes under a tree and cried. 3 months after receiving the price, Carter committed suicide. A note was found in which he had written:

    “I am depressed … without phone … money for rent … money for child support … money for debts … money!!! … I am haunted by the vivid memories of killings and corpses and anger and pain … of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners…I have gone to join Ken if I am that lucky.”

    [source: fanpop, wikipedia]


    Next.....?

    ReplyDelete
    Replies
    1. ජිප්සිස්March 27, 2017 at 10:21 AM

      අප්‍රිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
      අපෙ අය ලග ආත්මයක් නෑ..

      Delete
  13. සුලඟ ගිනි අරන් කතිකාව අප්‍රේල් 03 සුදර්ශියේ නුග ගහ යට - Sudarshi Film Forum #4
    https://www.facebook.com/events/194001447768451/

    ReplyDelete
  14. ඇනෝ ආමි
    පෝස්ට් කියවීමි
    ඇනෝ වසා ඇති හෙයින්
    නිහඬවම පිටවීමි.

    -කනස්සල්ලට පත් මාතලන් තුමාට ඉමහත් ලෙස ආදරය කරන ඇනෝ පාඨකයෙක්!

    ReplyDelete
  15. ප්‍රේමය නම් ෆිල්ම් එක හොඳා මේ මගුලට වඩා.

    ReplyDelete
  16. සුනිල් TMarch 27, 2017 at 2:54 PM

    දාර අතල් දීපු මම ගැන කතාකරන්න එකෙක්වත් නැද්ද යකෝ?

    ReplyDelete
  17. මචං පිටරටවල සම්මාන දෙනවුන්ට මහේනද්‍ර‍ පෙරේරා ,කෞෂල්‍යා හෙම උන්ගෙ අල්ලපු ගමේ ඉන්ව වගෙ දැනෙනව ඇති බං.

    ReplyDelete
  18. පෝලන්තෙයි,ඉරානෙයි,ප්‍ර‍ංසෙයි,ඇමරිකාවෙයි,ඉතාලියෙයි කරන වැඩ කරන්න බැරිනම් වදනොදී,
    ඉන්දියාවෙ Aamir Khan Productions කරනව වගෙ කුනු ගොඩකින් මල් පිපෙන වැඩක් දෙන්නකො.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා