අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ තිබෙන්නේ අතිශය අවදානම් දේශපාලනයකි. පැරණි රාජපක්ෂ ක්රමය බිඳවැටී ඇත. සමාජවාදීන් හා ප්‍රායෝගිකවාදීන් අතර බලය වෙනුවෙන් ගල උඩ සටනකි. අරාජිකත්වයකට තිබෙන ඉඩ සුළුපටු නොවේ. මෙය 2022දී තිබුණු තත්වයේම දිගුවකි. බල තුලනයේ වෙනසකි. ගෝලීය ධනේශ්වරය උත්සාහ කරමින් සිටින්නේ ලංකාව ලෙබනනය මෙන් අරාජිකත්වයකට ඇදී යාම වළක්වා ගන්නටය. එහෙත්, දීර්ඝකාලීනව පැවති සුබසාධනවාදී රාජ්‍ය ධනවාදී සමාජවාදයෙන් හාෆ් බොයිල් වී සිටින කොයිල්කාර ලාංකිකයන්ට ඕනැ එකක් ප්‍රීති වෙසක්ය. අද වෙසක් දන්සල දෙන එකා හෙට අරගල වේශයෙන් කඩේකට සුද්දයක් දෙන්නට හැකිය. කොයි පැත්තේ බැලුවත් ඉන්නේ එක එක ජාතියේ කට්ටියකි. ඩෑන්ලා, ලාල්ලා, රේඛලා, නූර්ලා, කහඳලා, ජීන්ලා අතර හරයාත්මක වෙනසක් නැත. ඊනියා ප්‍රබුද්ධ, රැඩිකල්, ප්‍රගතිශීලී, ලිබරල්, වාමාංශික, මානව හිතවාදී, කලාකාමී ආදී සියල්ලෝම පාහේ ගිය අවුරුද්දේ ප්‍රචණ්ඩත්වයේ මතකය මේ අවුරුද්දේ මැයි 9 ද තලු මරා රස වින්දහ. නැවත නැවත ජුලි 9 ආදී වශයෙන් ද රස විඳින්නට සිතාගෙන සිටින බව පෙනේ. මැයි 9 ගෝල්ෆේස්හිදී ප්‍රහාරයට ලක්වූ ඇත්ත වින්දිතයන් ගැන දැන් කිසිවකුගේ අවධානයක් නැත. රඹුක්කනදී වෙඩිකෑ, දැන්