Posts

Showing posts from January, 2013

දොස්තරකම රස්සාවක් පමණක් නොව සමාජ ගැටලුවකි

වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල නිසා නීති ශිෂ්‍යාවකට අත අහිමිවීම පිළිබඳ ඇති වී තිබෙන පොදු සංවාදය ‍හේතුවෙන් මෙම සටහන තබමි. අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයක් දිවයින පුවත්පතේ පළවී තිබිණි. ඒ මෙසේය: "නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති. මෙහෙම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න මට සිදුවූයේ මගේ වෛද්‍ය ජීවිතයේ ප්‍රථම අවස්‌ථාවටයි. ඒක මගේ වෙලාව වෙන්න ඇති..." පිළිතුර ඉතා සරළය. එම සරළ පිළිතුර විසින් වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධයේ යථාර්ථයද සරළ ලෙස නිරූපණය කරයි. රෝගීන්ගේ ප්‍රතිචාර හා පැමිණිලි පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. සෞඛ්‍ය සේවය රෝගියා කේන්ර්‍ද්‍රීය වන එකක් මිස වෛද්‍යවරයා කේන්ද්‍රීය වන එකක් නොවිය යුතුය. මෙම ලියන්නා විසින් මීට පෙරද වෛද්‍ය වෘත්තිය හා අදාළ දේශපාලනික විවේචනයක් මතු කරගන්නා ලදී. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි පිරිස් ප්‍රතිචාර දැක්වූයේ ත්‍රස්තවාදී ස්වරූපයකි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි

Image
අලුත උපන් රාහුල කුමරු සමග යසෝධරා සයනයෙහි වැතිර සිටියි. අභිනිෂ්ක්‍රමණය සඳහා තීරණය කර සිටින සිද්ධාර්ථ පැමිණ රාහුල කුමරු හා යසෝධරා ස්පර්ශ කරන්නට ගොස් යළි අත ඉවතට ගෙන කුටි යෙ න් නික්ම යයි. නිදි සේ සිටින යසෝධරාගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා යයි. මම ඒ ජවනිකාවට කැමැත්තෙමි.  එහෙත් අවාසනාවට මෙන් ඒ වනාහි බොළඳ ජාතිකවාදී හා ආගමික සිංහල සිනමා රැල්ලේ  උච්චස්ථානයක් වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බැලීමට වැය කළ පැය කීපයක කාලය වෙනුවෙන් ලැබුණු එකම වින්දනීය අවස්ථාවයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන හොඳම විවරණය කළේ චිත්‍රපටය මැදදී 'කම්මැලියි ගෙදර යමු'යි කී මගේ කුඩා දියණියයි. ඒ වනවිට මා කීපවරක් නිදි කිරා වැටී තිබිණි.  අබාගෙන් ඇරඹුණ මේ ජාතිකවාදී සිනමා රැල්ල තුළ අලෙවි කළ හැකි සෑම ‍ඓතිහාසික සිද්ධියක්ම පාහේ අලෙවි කරන ලද අතර සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳ කළ මේ චිත්‍රපටය උපරිම ලාභ බලාපොරොත්තුවෙන් අඩු වියදමින් කරන ලද කම්මැලිම කම්මැලි බයිස්කෝප් එකකි. එය කලාවක් වශ යෙන් සමාන වන් න ේ ත ොරණ කටය. පහළ පංතියක බුද්ධ ධර්මය පෙළ පොතක් කියවීම මේ චිත්‍රපටය බලනවාට වඩා හොඳය. මන්ද එහි අඩු තරමේ පිළිගත් බුද්ධ චරිත

තව තව බදු ගැන නිර්මානාත්මක යෝජනා

Image
මේ කාටුන් එක තිබුණේ හවායි වෙබ් අඩවියක . බැලුවාම එහෙත් අපේ කට්ටිය ඉන්නවනේ. ආණ්ඩුවට දේශපාලුවන්ගේ නාස්තිකිරීම්වලට හැර රජයේ සේවකයන්ගේ පඩි වැඩිකිරීම් වැනි අන් දේට සල්ලි නැතිබව අප පිළිගතයුත ුයි. ඒ නිසා අ ප ේ යුතුකම වෙන්න ඕනෑ ආණ්ඩුවට මුදල් හම්බ කරගත හැකි මාධ්‍ය ස ොයාදීම. බදු කියලාත් ඉතින් ඔයහැටි පනවන්නේ කොහොමද? අලු තෙන් පනවා ති බෙන විවාහ බද්ද හොඳය. ළමයි හම්බුවුණාමත් බද්දක් අයකරන්න පුළුවන. දැන් බ ොදු බල ස ේනාව ළමයි බ ෝකරන ප ්‍ර ො ජෙක්ට් එකක් අලුතින් පටන් අර ගෙන න ේ. මැරුණාමත් බදු අයකරනවානේ. හලාල් බද්ද අයින් කරන් න ේ නැතිව ආණ්ඩුවට ‍ ඒ‍ කෙන් ක ොටසක් අය වන විධියක් හදන්නට පුළුවන. දැ නටත් ජමියතුල් උලමා එ කෙන් ලැ බෙන කුට්ටි ඇති න ේ. ආ ණ්ඩුවට ම ොකද ආණ්ඩු ව ේ අයියලාට වුණාම ම ොකද? ආණ්ඩුව කි යන් න ේ ම ො ක ෝ එ‍ ් ග ොල්ලන් මිසක් අපියැ.  දැන් හලාල් වි ර ෝ ධ යක් ති යෙනවා න ේ. ඒ නිසා හලාල් නැති ආහාරවලි නුත් බද්දක් අය කරන්න පුළුවන්. ද ේශ ප ්‍ර ේමි ය ෝ, ඒ කියන් න ේ මුස්ලිම් වි ර ෝ ධිය ෝ බ ො හ ොම සතුටින් ගෙවාවි.  නිර්මාංශ ආහාරවලින් වෙනම බද්දක් අයකරන්න පුළුවන්. දැන් ඒ වා කන් න ේ අපි ව ග ේ හිඟන් න ෝ න ො

බෞද්ධ, ඉස්ලාම් අන්තවාදයනට එරෙහිව වහා පියවර ගත යුතුය

බොදු බල සේනාව ඉතා පැහැදිලිවම බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයකි. ඒ බව පසුගිය දිනෙක බේරුවල හෝටලයකට කඩා වැදුණු එහි නායක භික්ෂුවක් මාධ්‍ය කැමරා ඉදිරියේ කතා කරන වචනවලින්ම පැහැදිලි වේ. බොදු බල සේනාව ප්‍රවර්ධනය කරන ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති කැමරාවට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කතා කරන ආකාරය මෙතැනින් බලන්න. ඉතා පැහැදිලිවම මෙම සංවිධානය උත්සාහ කරන්නේ මිනිසුන් බිය වැද්දීමෙන් සිය අරමුණු ඉටු කරගන්නටයි. මෙම ධාරාව ට මෙවැනි අකටයුතු පිළිබඳ දිගු ඉතිහාසයක් ත ි බ ේ. ඔවුහු අවි පරිහරණය න ොකරනමු ත්, ‍ රාජ්‍ය බලය සමග ඇති සම්බන්ධකම් න ොනිල වශ යෙන් පාවිච්චි කරති. සිනමන් බේ හෝටලය විසින් බුද්ධ බාර් නම් සාද අවස්ථාවක් පවත්වා තිබීම සම්බන්ධයෙන් මේ වන විට එම හෝටලයේ කළමනාකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් කර තිබේ. බුද්ධ බාර් යනුවෙන් පෙර අපරදිග සංකලනයෙන් යුත් ශාන්ත රසය අරමුණු කරගත් සරළ සෞන්දර්යාත්මක සංගීත නිර්මාන එකතුවක්ද තිබේ. වැනි සංගීතය හා මුසුව, බුද්ධ සංකල්පය තේමා කරගෙන‍ රොමැන්ටික්, ගුප්ත පසුබිමක් නිර්මානය වන පරිදි ආලෝකය හා වෙනත් දේ යොදාගෙන පවත්වන සාද අවස්ථා විශේෂයක් හා එවැනි පසුබිමක් නිරන්තරයෙන් නඩත්තු කරන ස්ථාන බුද්ධ බාර් ලෙ

අසාරේ සාර මතිනෝ - ඥාන අසාර තේරෝ

මිස්ටර් ඥාන අසාර මේ වනවිට ලංකාවේ පිරිමින් අතර ජනප්‍රියම පුද්ගලයායි. මන්ද සිංහල පිරිමින්ටද මුස්ලිමුන්ට මෙන් කසාද පහක් කරගන්නට ඉඩ දියයුතු බව ඔහු කියා ඇත. ඊළඟ ඡන්දෙන් කවුන්සලේට ගියාම උන්නැහේට මේ යෝජනාව ක්‍රියාත්මක කර දෙන්නට පුළුවන.  ජාතික සමානාත්මතාව ඇති වන පරිදි දෙමළ ජනයාටද කසාද පහක් කරගැනීමේ අයිතිය දිය යුතු බවට මනෝ සිවාජි ගනේෂන් පවා ඉල්ලා සිටින්නට බැරි නැත. ඥාන අසාර මහතාගේ මේ යෝජනාවේ ඌනපූරණය කළ යුතුය. අ ප ේ සිංහල අයියලා උඩ පැනගෙන ගොස් කසාද පහක් බැඳගෙන ගැහැනු හතරදෙනෙක් මාරුවෙන් මාරුවට රට යවා දේශප්‍රේමී ආණ්ඩුවට විදේශ විනිමය උපයා දෙමින් තමන්ද ශපාන් එකේ ඉන්නට පියවර ගන්නට ඉඩ තිබේ.  අනෙක් පැත්තෙන් මොවුන් ගෑනු පහ හය අරගෙන සියවස් ගණනක ඇරියස් එක්ක කම්සැප පමණක් විඳිමින් ළමයින් නොහදා සිටින්නට ඉඩ තිබේ. එබැවින් මොවුන් රෑට සංසර්ගයේ යෙදෙනවාද, උපත් පාලන කොපු පාවිච්චි කරනවාද, ධාතු පිටට වඩම්මනවාද, නැතිනම් ඒ එකක්වත් නොකර කණමදයි වගේ බීගෙන ඇවිත් අත්දෙක කකුල් අස්සේ ගසාගෙන දපනවාද යනාදී කරුණුත් ඥාන අසාරගේ බලු සේනාවගේ නිරීක්ෂණයට ලක්විය යුතුය.  අනෙක් පැත්තෙන් ඥාන අසාරලාගේ සරණේ කට්ටියත් ඔය ගල් සෙල්ලම

ඥාන අසාරයන්ට

අසාරේ සාර මතිනෝ සාරේ චා සාරදස්සිනෝ තේ සාරං නාධිගච්චන්ති මිච්ජාසංකප්පගෝචරා සිංහල තේරුම : නිස්සරවත් දේ සාරවත් ලෙසද , සාරවත් දේ නිස්සාර ලෙසද වැරදි ආකාරයට සිතන තැනැත්තාට සත්‍යය (යථාර්තය) අවබෝධ නොවන්නේය. එවන් මිත්‍යා සංකල්පවාදියෙකුට කිසිම ආකාරයකින් සාරයට හෙවත් සත්‍යාවබෝධයට ල ඟා විය නොහැකිය. -ධම්මපදය , යමක වග්ගය   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

මැක්කන් සමග ගෙදර යන රජීව විජේසිංහ

Image
සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරන්නට දත් කළු මහත්තයෙකුට රස්සාවක් උවමනා කර තිබේ. බල්ලන් එක්ක ලැග්ග විට මැක්කන් එක්ක නැගිටින්නට සිදුවන බව කවුරුත් දන්නා උපහැරණයකි.  මෙයට විසඳුම වන්නේ බල්ලන් එක්ක ලැග නැගිටිනවිට තමනුත් මැක්කන් සමග ජීවත් වන බල්ලකු වීමයි.  බල්ලන් ළඟ ලැග පැවතීම සඳහා බල්ලකු වීම හැර අන් විසඳුමක් නැති බව දැන දැනම රාජ්‍ය බලය රසවි ඳින්නට ගිය ලංකා ව ේ ලිබරල්වාදී ඇතැමුන්ට මැක්කන් කනවිට ඇතිවන අපහසුතාව දරාගන්නට බැරි වී තිබේ.  දයාන් ජයතිලක සිංහල ජාතිවාදයට සේවය කළේ කොටි සංවිධානය ෆැසිස්ට්වාදී නිසාය. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය විනාශ කර දයාන් ගොඩනැඟූ 'ප්‍රජාතන්ත්‍රවාදය' තුළ දයාන්ට ටිකට් එක ඇදෙන්නට ගියේ කෙටි කාලයකි.  දැන් වාරය පැමිණ ඇත්තේ ආණ්ඩුව වෙනු වෙන් ඉංගිරිසි යෙන් ලියුම් ලියන්නට ජාතික ලැයිස්තු වෙන් පත් කළ මන්ත්‍රී මහා ආ චාර්ය රජීව විජේසිංහටයි. දොෂාභියෝගයට පක්ෂව කටයුතු නොකිරීම නිසා ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.  මැක්කන් සමග සනීපෙට ජීවත්වීමේ කලාව අමාරුවෙන් ඉගෙනගත් ඩිලාන් පෙරේරාට ඊළඟ අවස්ථාව නොලැබේවායි ඔහු වෙනු

මට සිහිනයක් තිබේ

Image
මට සිහිනයක් තිබේ දරුවනි  සිහිනයක් තිබේ අද බැරිනම් හෙට දරුවනි අපි නොවනම් ඔබ දරුවනි අපේ අතින් අප ලාගත් සිත් මාංචු සිත් විලංගු විවෘත කර නිදහස් වන දවසක් ගැන අපි සිංහල දෙමළ වගෙම ඉස්ලාම්ද ක්‍රිස්තියානි  කොයි කවුරුත් අපි මිනිසුන්  කියා සැවොම හැම දේටම  කලින් හිතන මට සිහිනයක් තිබේ  දරුවනි සිත් සිරකර අප බැඳගත් වේල් පටින් ඇස් බේරී  නෙත් ඇතුළින්  දිලිසි දිලිසි  සිත් හිනැහෙන සැක සංකාවන් දුරලා ආදරයෙන් කතාකරන නුඹෙත් මගෙත්  අපේ පැටව් අපිය කියන අපි හිනැහෙන සිනා සපිරි එකම හෙටක් සිහින දකින එක හීනෙක  සැවොම නිද න ඒ සිහි නෙට  ස ිත් පිබි දෙන අවදි වෙලා අත් පැට ලෙන එක ගමනක්  එකට ඇ දෙන       අජිත් පැරකුම් ජයසිංහ     මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

පිට්ටනියේදී හමු වූ දේශප්‍රේමියා

Image
මං කරන ගුරු රස්සාව තරමක් ක්‍රීඩාවට සම්බන්ධයි. ඒ ගැන මං සතුටු වෙනවා. ඒක මට දේශපාලනිකයි. ඒ නිසා මම ඒ වෙනු වෙන් කරදර වෙද්දි මට ගෙවන පඩිය ගැන හිතන් න ේ නැහැ. 2050 වෙනකොට ලංකාවේ ජනගහණයෙන් 50%ක් දියවැඩියා රෝගීන් වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවලා තිබෙනවා. දැනටත් ළමයින්ගෙන් 10%ක් 15%ක් පමණ දියවැඩියාවෙන් පෙළෙනවාලු.  මම මේ ළඟදි නැවතිලා තිබෙන ෆුට්බෝල් ක්‍රීඩාව පාසලේ යළි පටන් ගන්න මුලපිරුවා. පුහුණුකරුවන්‍ට ගෙවන්න මුදල් නැහැනේ. මුස්ලිම් තරුණයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ස්වේච්ඡාවෙන් පුහුණු කරන්න. තවම බැරිවුණා හරියට සම්බන්ධීකරණය කරගන්න.  ළඟදි ක්‍රිකට් මැච් එකකට ගියවෙලාවෙ අපූරු බුවෙක් හමුවුණා. කලින් දුරකථනයෙන් කතා කර තිබුණත්, ඔහු මට හමුවුණේ මුල්වතාවට. ඔහු කතාව මුලපිරුවේම මට පරණ විස්කෝතු දවටනයක් පෙන්වලා. "මම මේක දැනගත්තෙ ළඟදි. දන්නවද මේක මොකක්ද කියලා?" ඔහු මගෙන‍් ඇහුවා. ඒක හලාල් සහතිකයක්. "මම මේකට විරුද්ධව ලොකු කචල් එකක් අදිනවා. මේක අපේ රට. අපි මොකටද තම්බින්ට සල්ලි දෙන්නෙ." ඒ වෙලාවෙ ළමයෙකුගෙ අම්මා කෙනෙක් මැලිබන් විස්කෝතු පැකට්ටුවක් හා බීම බෝතලයක් එතැනට ගෙනාවා. ඔහු එය බල

"අසනීපයි. නිවාඩු දෙන්න." ළඟදීම ඉවරයි

ලංකාවේ ආර්ථිකය බේරාගැනීම සඳහා 2011දී රු. බිලියන තුනක් පාඩු ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව අපූරු පියවරක් ගෙන තිබේ.   ඒ ටෙලිග්‍රෑම් සේවය අහෝසි කර දැමීමයි.  වචන දහයක ‍විදුලි පුවතක් යැවීමට දෙපාර්තමේන්තුව අය කරන්නේ රු. තුනක් පමණක් වුවද, එය අදාළ ස්ථානයට යැවීම පිණිස රු. 250ක් පමණ වැයවනබව දෙපාර්තමේන්තුව කියයි. මේ වනාහි විදුලි පණිවුඩ සඳහාය කියා දෙපාර්තමේන්තුව විසින් සේවයේ යොදවා තිබෙන සේවකයන් 1300ක් නඩත්තු කිරීම සඳහා යන වියදමයි. දෙපාර්තමේන්තු වාර්තා පවසන පරිදි ඇතැම් දිනෙක රටේ සංසරණය වන මුළු විදුලි පණිවුඩ ප්‍රමාණය 50ක් පමණි.  විදුලි පණිවුඩය අද බොහෝවිට පාවිච්චි කරනු ලබන්නේ රජයේ සේවකයන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහායි. එහෙත් දුරකථන සංඥා ආවරණ නැති දුරබැහැර ප්‍ර ද ේ ශ තවමත් ලංකා ව ේ ති බ ේ.  දැන් ඉතින් ම ේ ස ේවාව අ හ ෝසි කර දැමුවාම තැපෑ ල ේ පාඩුව ත් අවසන් වෙය ිද? මෙම ස ේවාව යම් මිළ වැඩිකිරීමක් සහිතව, පාඩු අවම වන ලෙස  පවත්වා ගෙන යන්නට බැරි ඇයි? සරළව කිව් ව ොත් , විදුලි පණිවුඩය භාර ගන්නා තැපැ ල් නිලධාරියා ට එය හා අදාළ තැපැල් කාර්යාලය ස ොයා ගෙන කෙළින්ම එතැනට කතා කර පණිවුඩය දැනුම් දෙන ක්‍ර

ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?

Image
ෆේස්බුක් ලංකාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියයි. ලංකාවේදී එය සමාජ ජාලයකටත් වඩා බොහෝ මිනිසුන්ගේ ලිංගික අසහනය ප්‍රකාශ කරන තැනක් වී තිබේ. එහි බොහෝ පිරිමි වෙනත් නම්වලින් පෙනී සිටිති. එසේ පෙනී සිටිමින් තමන්ගේ සිත්වල ඇති චරිත රඟපාති. මේ ලෙසම ඇතැම් පිරිමි කාන්තාවෝ ලෙසද පෙනී සිටිති. එයද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට බිය හෝ අකැමැති මනෝ ලිංගික චර්යාවක් ආරක්ෂිත අන්දමින් ප්‍රකාශකිරීමේ විධික්‍රමයකි.  මේ ලක්ෂණ ඇතැම්විට බ්ලොග් අවකාශයේද දක්නට ලැබේ.  මෙහි අප පිරිමින් ඉස්මතු කර දැක්වූයේ ලංකාවේ ෆේස්බුක්හි වැඩිපුර සක්‍රිය පිරිස පිරිමින් වන නිසාත් මෙවැනි කටයුතුවල වැඩිපුර යෙදෙන්නේ ඔවුන් නිසාත්ය. එහෙත් ඇතැම් කාන්තාවෝද ෆේස්බුක්හි සිය මනෝ ලිංගික චර්යාවන් ප්‍රකාශයට පත් කරති.  ලි ං ගිකත්වය අතිශයින්ම පරිකල්පනීය දෙයකි. ඇතැම් පිරිමින්ට ෆේස්බුක් ලොග් ඉන් වන විටම ලිංගික ආවේග පහළ වන් න ේ ඒ නිසාය . එවැනි අය දකින ඕනෑම කාන්තා රූපයක් අසල 'ලස්සනයි', 'සෙක්සි', 'වෙරි බියුටිෆුල්' ආදිය පමණක් නොව ඇතැම්විට තමන්ගේ දුරකථන අංකය සඳහන් කරමින් ලිංගික එක්වීම් සඳහා ආරාධනාද කරති.  මේ ව්‍යාජ ප්‍රකාශවලින්

ළමයින්ට ආදරය කරනබව ප්‍රදර්ශනය කිරීම බොහෝ පැරණි දේශපාලන උපක්‍රමයකි

Image
පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ පාසලක සිදු වූ සමූහ ඝාතනය පිළිබඳ සංවේගය ප්‍රකාශ කර ජාතිය අමතා කතා කරද්දී බරක් ඔබාමා සංවේදීබව පළ කිරීමේ උපායක් ලෙස නෙත් අග ඇඟිලි තුඩින් ස්පර්ශ කළේය. එහෙත් ඒ නෙත්වල කඳුළු තිබුණුබවක් නම් දක්නට නොතිබිණි. ඔබාමා මෙවැනි බාල උපක්‍රම සුලබව පාවිච්චි කරන දුර්වල නළුවෙකි. මෙහි පළවන හිට්ලර්ගේ දුලබ ඡායාරූප කීපයේ හිට්ලර්ගේ ඉරියව් දුටුවිට සිහිපත් වන කරුණක් වන්නේ ඕනෑම ඝාතකයකුගේ පවා හදවතේ ළමයින් සම්බන්ධයෙන් මෘදු කෙළවරක් ඇති බවයි.  තමන්ගේ පවුලට දරුවන්ට පමණක් අසීමිත ලෙස ආරය කිරීමනම්, පටු ආත්මාර්ථකාමිත්වයේම  තවත් දිගුවක් පමණි. එහෙත්, ළමයින්ට ආදරය කරනබව ‍ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම  නින්දිත ක්‍රියාවකි .  ම ේ වනාහි අවංක මිනිසුන් වෙනුවට දුර්වල නළුවන් ද ේශපාලනය සඳහා ත ෝරාගැනීම නම් බ රපතල වර ද ේ අතුරුඵලයි.     මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

අධිකරණයේ නව යුගයක්. ජාතියේ වාසනාව කෙබඳුද?

Image
දැන් ඉතින් කාදර් නීතිපති කරමු. ලංකාවේ බුද්ධිමතුන්ය කියා හැඳින්වෙන වෘත්තිකයෝ පිරිස වනාහි ඇඳ ගැනීමට ලෙඩා මැරෙනකල් බලා සිටින පෙරේතයෝ පිරිසක් බව ශිරානි බංඩාරනායක සිද්ධියේදී නැවත, නැවතත් ඔප්පු කරන ලදී.  සටන් අවසන්ය. නීති වෘත්තිකයෝ නැවත වතාවක්  කළු කෝට් ඇඳගෙන මහජනතාවගේ සාක්කු පල්ල සුද්ද කිරීමේ කාර්යයට බැස්සහ.  දැන් ඇරඹී තිබෙන්නේ අලුත් අගවිනිසුරු සමග යාලුකම් තහවුරු කරගැනීමේ අවධියයි. ඔව්නු පසුපස ගෑටූ ක්‍රියාධරයන්ට දැන් පස් සෙන් යාමට ල ොකු වෘෂණ ක ෝෂ දෙකක් ඇති අල ුත් එළුවකු ස ොය ා ගැනීමට සිදු වනු ඇ ත.  හැබැයි, මේ උදාවන් න ේ අධිකරණයේ අලුත්ම යුගයක ි . අධිකරණය මෙතරම් දේශපාලනීකරණය වූ යුගයක් හෝ එ ස ේ වූ නවීන රාජ්‍යයක් ගැන අපනම් අසා නැත. සරත් එන්. සිල්වා අගවිනිසුරු පදවියට පත්වීමවත් මෙතරම් විකෘතියක් වූ ය ේ නැත. සමෘද්ධිලාභී දිළින්දන්ට බෙදාදීමට තිබුණු හාල් ගෝනි 700ක් වංචා කළ හිටපු ඇමති අබ්දූල් කාදර් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කරනම් ගසා සතියකින් අත්‍යවශ්‍ය ලිපි වගයක් නැතිවෙලාය, ප්‍රධාන සාක්කිකරු රට ගිහින්ය කියා කාදර්ට එරෙහි නඩුව අත්හැර දමා කාදර් නිදහස් කළ නීතිපති අගවිනිසුරු වී තිබේ.  ව

මරත්සවුදිය අපේ ගැහැනුන් - පුරත් සවුදිය පිම්පි නිරිඳුන්

Image
සවුදි අරාබිය යනු තෙල් නිසා සල්ලි නිසා ධනවත් වුණත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නැති, අමානුෂික නීති ඇති, ම්ලේච්ඡ පසුගාමී රාජ්‍යයකි.  අපේ රටේ ආඩම්බරකාර තාත්තලා රජ සැප විඳින් න ේ එහෙව් අමන රටවල සල්ලිකාරයන්ගේ ගෙවල්වල වහල් සේවයට යවන ලංකාවේ දුප්පත් ගැහැනු  උපයා එවන විදේශ විනිමයෙනි.  පහත් පෙළේ වෘත්තියක් වන මිනිසුන් අමානුෂික ලෙස වැඩගැනීම පිණිස තැනින් තැනට ගෙනයාම හෙවත් ට්‍රැෆිකිං වෙනුවෙන් ලංකාවේ ඇමතිවරයකුද පත් කර තිබේ.  මෙවැනි තැරැව්කාරයෝ ලංකා ව ේ ත් වතුකරයේ සිටිති. ඔවුන් වෘත්තිය ලෙස කරන්නේ කොළඹ බංගලාවලට වැඩකාරියන් කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් නැති මේ වහලියන් සම්පාදනය කිරීමයි. පිම්පිකම හා සමාන පහත් යයි සම්මත මෙවැනි රස්සා කරන එවුන්ව සමාජ ය ේ කවුරුවත් ගණන් ගන්නේ නැත. ලංකාවේ ආණ්ඩුවත් කරන්නේ එවැනි අතානාත්තුවකි. බාල වයස්කාරියකව සිටියදී පවුලේ දුප්පත්කම නිසා මැදපෙරදිග රටක වහල් සේවයට යවන ලද රිසානා නෆීක් අතින් සිදු වූ බව කියන ළදර ු මරණය මිනීමැරීමකැයි සවුදි අධිකරණය ඔප්පු කළේ ලංකාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් පොල්කටු උසාවිය අගවිනිසුරු ශිරානි බංඩාරනායකගේ නඩුව විසඳූ ආකාරයටය.  එකම සාක්කිය

නඩු බලවන හැටි

ලංකාවේ වගේ නොව බාබේරියාවේ මෙහෙමය. ඒ රටේ මහ නඩුකාරයා කටයුතු කරන්නේ මහ රජු කියන හැටියටය. මහරජු මහ නඩුකාරයා පත් කරගන්නේ තමන්ට නඩු අහන්නට වෙලාව නැති නිසා මිස නඩුකාරයා ස්වාධීන විය යුතු නිසා නොවේ. එහේ පොඩි නඩුකාරයෝද කටයුතු කරන්නේ ඒ ඒ පැතිවල දේශපාලන බලවතුන්ගේ උවමනාව පරිදිය. කවුරු හෝ නඩුවකට පැටලුණානම් විත්තිකරුවෝ කරන්නේ ප්‍රදේශයේ මහජන නියෝජිතයාගෙන් ලියුමක් අරගෙන ගොස් පෞද්ගලිකව හමුවී නඩුකාරයාට කතා කරන එකය. විත්තිකාරයා ප්‍රදේශයේ දේශපාලුවාගේ ළඟ හිතවතකුනම් ඔහු නඩුකාරයාට පෞද්ගලිකවම කතා කර කියයි. සමහර වෙලාවට නඩුකා‍රයෝ නඩු ගැන දේශපාලකයන්ගෙන් උපදෙස් ගනිති. බාබේරියාවේ මිනිස්සු කළ යුත්තේ රජු සමග සිටින එකය. ඔබ රජු සමගනම් රජුගේ ගෝලයෝ නඩු ගැන කියා නඩුකාරයාට දෙන්නට අවශ්‍ය ලියුම් ඔබට දෙනු ඇත. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි

Image
සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ධනවාදීන් පිරිසක් රංගනය ආරම්භ කර තිබේ. ධනවාදය ගැන අපි මීට ඉහතදී ලාංකීය බ්ලොග් අවකාශයේ මහෞෂධ වන්නට උත්සාහ කරමින් සිට හිටිහැටියේ සිය බ්ලොග් අඩවියත් මකාගෙන අතුරුදහන් වූ ටැබූ සබ්ජෙක්ට්ස් සමග දීර්ඝ ලෙස සංවාද කළෙමු. සිංහල බ්ලොග්කරණයේ නවකයන් වූ අලුත් ධනවාදී පකීර්ලාගේ (fakir) දැනගැනීම පිණිස පැරණි සටහන් කීපයකින් උපුටාගත් කොටස් කීපයක් මෙසේ පළකරමු. අපි සංවාද කරමු. ධනවාදය යනු ක්‍රියාවලියක් මිස දෘෂ්ටිවාදීමය සුරුවමක් නොවන බව W3Lankaහි අප විසින් නැවත පළ කරනලද රාමචන්ද්‍රගේ අදහස් පළකිරීමක දැක්විණි. එහි මෙසේ සටහන් විය. "ධනවාදීන් අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා. "ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකයක්වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි. "(ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එ

දෝෂාභියෝග සටනින් ආණ්ඩුව දිනුවාද?

ආණ්ඩුව දෝෂාභියෝගය සම්මත කරගත්තේය. සාමාන්‍යයෙන් ගත් කල ආණ්ඩුවේ නායකයන් කරන දූෂණ සමග සන්සන්දනය කළ කල අගවිනිසුරුවරිය සම්බන්ධ වී තිබෙන දූෂණ ඉතා සුළු ඒවා බව ඕනෑම කෙනෙක් දනිති.  නීතිය ඉදිරියේ කොයි දූෂණයත් දූෂණම වේ. රාජ්‍යය දැන් කරමින් ඉන්නේ තෝරාගත් දූෂණවලට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම සතුරන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරමින් මිතුරන් නීතියෙන් මුක්ත කර තැබීම ආණ්ඩු‍වේ පිළිවෙත වී තිබේ.  මෙයද රාජ්‍ය බලය දූෂණය කිරීමකි. සරත් ‍ෆොන්සේකාට හා ශිරානි බංඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරය මේ සඳහා නිදසුන් වේ. මර්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මිතුරන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ දසුනකි. ආණ්ඩුවේ මූලධර්මය මෙයයි. ඔබ දූෂිත විය යුතු මෙන්ම දූෂිත ඔබ ආණ්ඩුව සමග සිටිය යුතුය.  තමන් දූෂිත වෙමින් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට ගිය අය පහසුවෙන් ආණ්ඩුවේ උගුලේ පැටලුණහ.  ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහි සටන මෙහෙයවූ ආකාරය අධ්‍යයනය කළ යුතුය. ඇය වටා සිවිල් සමාජය ගොනුවන ආකාරය දුටු ආණ්ඩුව එසවූ සටන් පාඨ වන්නේ මේ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් තිබේය යන කාරණයයි. මේ තර්කය

රිසානා නෆීක් හිසගසා දැමීමේ ඇත්තම වීඩියෝව

මාතෘකාව ඔ බ ේ සිත් ගත්තාද? කමක් නැහැ. පළමු ව මෙම සටහන කියවන්න.  රිසානාගේ හිස ගසාදැමූ වීඩියෝව කියලා වීඩියෝවක් මේ දිනවල ප්‍රචාරය කරනු ලැබේ.  එහි ඇත්තෙන්ම හිස ගසා දමනු ලබන්නේ ඉන්දුනීසියානු කාන්තාවක් බව කියමින් තවත් සමහරු එයට අලුත් ප්‍රචාරයක් දෙති.  කවුරුත් දුකෙන් හා මුස්ලිම් විරෝධයෙන් පීඩිත වන බව පෙන්වමින් ආසාවෙන් නැවත නැවත මේ වීඩියෝව බලති. අන් අය සමග බෙදාගනිති.  මෙම ක්‍රියාව ඔස්සේ ඔවුන් ඇත්තෙන්ම ප්‍රදර්ශනය කරන්නේ කුමක්ද?  වනචාරී ම්ලේච්ඡත්වයයි. පරපීඩා කාමුකත්වයයි. ධනවාදය විසින් ඔබට විකුණන ම ේ ම් ල ේච්ඡත්ව යෙ න් ඔබ ඔබව පරිස්සම් කරගන්න. මෙවැනි දේට ප්‍රචාරය නොදෙන්න. දැන් අප ලියූ ම ේ ලිපිද කියවන්න. රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර  අරාබි ගෝත්‍රිකයේ රිසානා නෆීක් මරා දැමූහ   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර

Image
සවුදි අරාබියට විරෝධය පළකිරීමක් ලෙස රිසානා නෆීක් ඝාතනය සිදුවනබවවත් නොදැන සිටි සවුදි ශ්‍රී ලංකා තානාපතිවරයා ආපසු කැඳවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ජාතික විහිළුවකි.  කොන්ද පණ තිබේනම් කළ යුතුව තිබෙන්නේ දින කීපයකට පෙර රිසානා නිදහස් කරනු ඇතැයි ප්‍රකාශ කළ ලංකාවේ සිටින සවුදි තානාපතිවරයා ආපසු යැවීමයි. එසේම, පාලකයන්ට රජසැප විඳීම සඳහා මැද පෙරදිග වහල් සේවයට යවා තිබෙන කාන්තාවන් ආපසු කැඳවීමටද නැවත එසේ නොයැවීමටද පියවර ගතයුතුය.  රිසානා මරා දමා තිබියදී පවා ඇය නිදහස් කරගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේදී කයිවාරු ගැසූ , වි ද ේශ ශ්‍රමිකයන් රටවිරුවන්ය කියා ග ො නාට ඇන්දී ම ේ මූලිකත්වය ගෙන කටයුතු කරන ඇමති ඩිලාන් පෙරේරාද ඉල්ලා අස්විය යුතුය.  රිසානා නිදහස් කරන්නැයි සවුදි රජුට ලියුම් ලියූ ජනාධිපතිතුමා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්වන්නේනම් එය මේ රටේ දුප්පත් ගැහැනුන්ට වහල් සේවයට පිටරට යාමට සිදුවන දරිද්‍රතාව නිර්මානය කළ දූෂණය හා නාස්තිය නැතිකිරීම සඳහා ගනු ලබන තීරණාත්මක පියවරකි. දුප්පත්කම නිසා මැද පෙරදිග ගිය රිසානාට එ ස ේ ග ොස් දින කීපයක් තුළ ඇය විසින් රැකබලාගන්නා ලද දරුවා මරා දමන්නට කිසිදු හ ේතුවක් නැ