ආණ්ඩුව අගවිනිසුරුට එරෙහිව ග්‍රහ තාරකා පිහිට පතයි

බැසිල්ලා එක්ක එක පතේ කමින් සිටි ප්‍රදීප් කාරියවසම්ගේ බිරිඳ වූ ශිරානි බංඩාරනායක අගවිනිසුරුවරිය බැසිල්ට රු. බිලියන 80ක මහජන මුදල් පාලනය සියතට ගන්නට සැලසුම් කරන ලද දිවි නැගුම පනතට දමන ලද උදැල්ල නිසා උරණවූ ආණ්ඩුව ඇය පැන්නීම සඳහා දෝෂාභියෝගයක් සැලසුම් කරන ලදී.

ආණ්ඩුව බලාපොරොත්තු වුණේ දෝෂාභියෝග චෝදනා හමුවේ අගවිනිසුරුවරිය ඉල්ලා අස්වනු ඇතැයි කියාය. එය එසේ වූයේ නැත.

ඇයට දැන් තිබෙන්නේ ඉල්ලා අස්වෙන්නය ආදී වශයෙන් කියමින් 'අනේ අස්වෙලා මේක ෂේප් කරලා දෙන්න' යන ඉල්ලීමද ඍජුවම කෙරිණි. එහෙත්, ඉල්ලා අස්වුණේ ඇය නොවේ.

දැන් ව්‍යවස්ථාදායකයත්, විධායකයත් අතර නියම ව්‍යවස්ථා අර්බුදයක් ඇති වී තිබෙන අතර රට අරාජිකත්වය අසලය.

ආණ්ඩුව දැන් ග්‍රහ තාරකාවල පිහිට පතමින් සිටියි. මේ අද දිනමිණේ මුල් පිටුවේ පුවතකි. 

අගවිනිසුරුතුමියගේ ග්‍රහයෝ නීච වෙලා

තාරකා විශේෂඥ අධිනීතිඥ
මාපලගම විමලරත්නගෙන් අනාවැකියක්
දෝෂාභියෝග සිද්ධියේ අවසන් ප්‍රතිඵලය වශයෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දැඩි අසීරු තත්ත්වයකට පත්වන බවත් ඇයට නිසැකයෙන්ම එම ධුරය අහිමි වන බවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයකු නිලනොලත් මහේස්ත්‍රාත්වරයකු සහ ප්‍රකට අනාවැකිකරුවකු වන තාරකා විශේෂඥ මාපලගම විමලරත්න මහතා පවසයි.
අගවිනිසුරුතුමියගේ කේන්ද්‍රයට අනුව ඇය ගතකරන්නේ රාහු මහ දසාවේ සෙනසුරු අතුරු දශාවයි. මේ කාලයේදී පාපී රාහුගේ බලපෑම නිසා ඇය විදේශ බලපෑම්වලට ගොදුරු වී වගකීමකින් සහ අවබෝධයකින් තොරව ක්‍රියා කරන්නට පෙළඹෙනවා.
සෙනසුරුගේ අතුරු දසාවේ අපලය පල දීම හේතුකොටගෙන එතුමිය සෑම අතකින්ම දැඩි අසීරුවකට ලක්වීම වළක්වන්න බැහැ...” යැයි විමලරත්න මහතා පැවසීය.
“...මේ අසුබ ග්‍රහචාරය මැද ඇය තමන්ගේ තත්ත්වය, ගෞරවය පමණක් නොව තමන් නියෝජනය කරන අධිකරණ ක්ෂේත්‍රයම පරිහානිදායක තත්ත්වයකට පත් කරවනවා. එය සිදුවන්නේ පාප ග්‍රහයින් වන සෙනසුරු සහ රාහු ගේ දුෂ්ට බලපෑම නිසයි.”

පව්!


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මොකා හරි කියපු එකා හරියටම කියල තියෙන්නෙ "රාජපක්ෂ දුෂ්ටයන්"කියන එක."රාහු"කියල අකුරු වැරදිල ලියවිල තියෙන්නේ.

    ReplyDelete
  2. මේ දිනවල රාජපක්ෂ පවුලේ බොහෝ උදවිය නොයෙකුත් අධිමානසික උපක්‍රම පවා මේ අර්බුධය (අගවිනිසුරු පැන්නීමේ මෙහෙයුම) වෙනුවෙන් යොදා ගනී.රාජපක්ෂ ගැහැනුන් පවා ගේමට එන්ටර් වී ඇත.

    ReplyDelete
  3. නෙදකින් මෙහෙමත් දේවල්.රු දහ පහළොස්දාහට
    මුළු රටම විනාස කරන හෙන්චයියෝ...

    ReplyDelete
  4. Ahase graha tharaka apita kumak karannada?

    ReplyDelete
  5. Janaka PriyadarshanaJanuary 5, 2013 at 9:14 PM

    hooo..............

    ReplyDelete
  6. බුදු හාමුදුරුවො ඒ කාලෙම මේ වගෙ දෙයක් වෙන බව කියල තියනව...කිං කරිස්සන්ති තාරකා..අන්තිමට රජාට තාරකාවන්ගෙ පිහිට පතන්ඩත් වෙනව..

    ReplyDelete
  7. හෙන ගැහිල පල ඕකුන් පවුලට ! අඩා මහින්ද මීට වඩා හොඳයි යකෝ ප්‍රභාකරන් හිටියනන්......‍තෝ මගේ රට කෑවා !!! ජනතාවට දුක් දෙන්නා !!!

    ReplyDelete
  8. "Paapee RaaHu he Balapaam"
    Kawda mey paapee Raahu?
    Raajapaksa Huk##aa da?

    ReplyDelete
  9. හප්පේ විමලරත්න මහත්තයෝ.... බැරිද ගිරහ අපල දුරුවෙන්න සුරයක් මතුරල දෙන්න මේ ඇත්තිට?

    ReplyDelete
  10. එය සිදුවන්නේ පාප ග්‍රහයින් වන සෙනසුරු සහ රාහු ගේ දුෂ්ට බලපෑම නිසයි.”

    එහෙනම් අවුලක් නෑ නේ වැරැද්ද තියෙන්නේ සෙනසුරු සහ රාහු ගේනේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා