පිට්ටනියේදී හමු වූ දේශප්‍රේමියා

මං කරන ගුරු රස්සාව තරමක් ක්‍රීඩාවට සම්බන්ධයි. ඒ ගැන මං සතුටු වෙනවා. ඒක මට දේශපාලනිකයි. ඒ නිසා මම වෙනුවෙන් කරදර වෙද්දි මට ගෙවන පඩිය ගැන හිතන්ේ නැහැ. 2050 වෙනකොට ලංකාවේ ජනගහණයෙන් 50%ක් දියවැඩියා රෝගීන් වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවලා තිබෙනවා. දැනටත් ළමයින්ගෙන් 10%ක් 15%ක් පමණ දියවැඩියාවෙන් පෙළෙනවාලු. 

මම මේ ළඟදි නැවතිලා තිබෙන ෆුට්බෝල් ක්‍රීඩාව පාසලේ යළි පටන් ගන්න මුලපිරුවා. පුහුණුකරුවන්‍ට ගෙවන්න මුදල් නැහැනේ. මුස්ලිම් තරුණයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ස්වේච්ඡාවෙන් පුහුණු කරන්න. තවම බැරිවුණා හරියට සම්බන්ධීකරණය කරගන්න. 

ළඟදි ක්‍රිකට් මැච් එකකට ගියවෙලාවෙ අපූරු බුවෙක් හමුවුණා. කලින් දුරකථනයෙන් කතා කර තිබුණත්, ඔහු මට හමුවුණේ මුල්වතාවට. ඔහු කතාව මුලපිරුවේම මට පරණ විස්කෝතු දවටනයක් පෙන්වලා. "මම මේක දැනගත්තෙ ළඟදි. දන්නවද මේක මොකක්ද කියලා?" ඔහු මගෙන‍් ඇහුවා.

ඒක හලාල් සහතිකයක්. "මම මේකට විරුද්ධව ලොකු කචල් එකක් අදිනවා. මේක අපේ රට. අපි මොකටද තම්බින්ට සල්ලි දෙන්නෙ."

ඒ වෙලාවෙ ළමයෙකුගෙ අම්මා කෙනෙක් මැලිබන් විස්කෝතු පැකට්ටුවක් හා බීම බෝතලයක් එතැනට ගෙනාවා. ඔහු එය බලලාමෙහෙම කිව්වා. "දන්නවද මේ හලාල් කියන්නේ මොකක්ද කියලා. මේවා මෙහෙ තහනම්."

ඔහු මට කියූ කතන්දර අතරෙ නෝලිමිට් සාප්පුවට එරෙහි උද්ඝෝෂණ නිසා ඒවායේ වෙළඳාම අඩුවීම පිළිබඳව උද්දාමයෙන් කතාකිරීමක් තිබුණා.

ඒ වගේම ඔහු ටොප් සීක්‍රට් එකක් වගේ මට කිව්ව කාරණය තමයි, දැන් ලංකාවේ මුස්ලිම් ජනගහණය වැඩිබව. මම ඒක පිළි නොගත්තාම ඔහු කීවේ ආණ්ඩුව සංගණන වාර්තාව හංගාගෙන ඉන්නේ ඒක හෙළිදරව් වෙන නිසාය කියලායි. මම කිව්වා ඒ දත්ත අන්තර්ජාලයේ ඇතිබව.  ඒත්, ඔහු එය නෑහුණා වගේ සිටියා.

ඔහු දිගටම කිව්වේ පිටරටින් ආ මුස්ලිමුන් අපේ රට අල්ලාගන්නාබවයි. මේ මිනිස්සු අපේ රටේම මිනිස්සු නේද කියා කියුවාට ඔහු එය පයිසෙකට ගණන් ගත්තේ නැහැ. ඇයි නෝලිමිට්ට එරෙහිව උද්ඝෝෂණය කරන අය මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, බ්‍රෙඩ්ටෝක් සහ ළඟදී ලංකාවේ විවෘත වන්නට නියමිත ටීජීඅයි ෆ්‍රයිඩේ වගේ විදේශික ඒවාට විරුද්ධ නොවන්නේ කියන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ නැහැ.

එක් දිනෙක අපි සවස තේ 40ක් දෙන්න ඕනැ කණ්ඩායම් දෙකට හා විනිසුරුවන්ටයි, නිලධාරීන්ටයි. ඔහුගේ මිළ අනුව බනිස් ගෙඩියයි කිරි තේ එකයි රු. 65ක්. මිළ වැඩියි. ඒත්, අවට කඩයකුත් නැති නන්නාඳුනන පිට්ටනියක අපි තේ හදන්නේ, පිරිනමන්නේ කොහොමද? "මමනම් කලින්ම මුදල් ගෙව්වා. මම දැන් යනවා, තේ හා කෑම සපයන අය හමුවෙන්න." ඔහු කීවේ මම කැමතිනම් මගේ මුදල්ද ඔහු ගෙවන්නම්ය කියන අදහස එක්ක. 

"මම සල්ලි ගෙනාවෙ නැහැ. ඒ නිසා හෙට දෙන්නම්." මම කිව්වා. පාසල්වල ක්‍රිකට් ගහන්න සල්ලි සොයාගන්නේ අමාරුවෙන්. 

ටික වේලාවක් එහි කැරකෙමින් ජාතිවාදය වපුරමින් සිටි ඔහු ඉක්මණින්ම යන්න ගියා.රාජකාරිය කරනවාට වඩා ඔහුට රට වෙනුවෙන් සේවය කරන්න තිබෙනවා‍ ඇති. සවස පිට්ටනියට තේ රැගෙන ආ අයගෙන් දැනගන්න ලැබුණු විධියට තේවල මිළ ඔහු අපට කියා ඇත්තේ රු. 500ක් තියාගෙන.

ඔන්න දේශප්‍රේමයේ හැටි. 

සිංහල ජාතිවාදීන් ේ කරන්ේ මුස්ලිම් මිනිසුන්ව ව්‍යාපාරික වශයෙන් විනාශකිරීේ කුමන්ත්‍රණයක්. නාසිවාදේ නැගීම සිදුවන සමේ යුදෙව් ව්‍යාපාරිකයන්ට එරෙහිවත් ජර්මනිය, ඕස්ට්‍රියාව වැනි රටවල මෙවැනි ේ සිදුවුණා.

මේ ලිපියත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මුස්ලිම් ව්‍යාපාරකයින් හලාල් එල්ල ගත්තට අවුලක් නෑ. ඔවුන් අපේම සහෝදරයින් පිරිසක්. අතීතයේ පටන් ලංකාවේ ජීවත් උන. ඒත් ශ්‍රි ලංකික මුස්ලිම් මනුස්සයට අනන්‍යතාවයක් තිබුනා. ඒ තමයි පිරිමි මඩකලපු සරම ඇඳිමත්. ගැහැණු සාරිය ඇඳ, සාරි පොටෙන් හිස ආවරණය කරගෙන යාමත්, කෙල්ලෝ පන්ජාබ් කිට් එක ගහගෙන ගියා. ඒත් අද දරුණු තලෙයිබාන්කරණයක් වෙතයි ගමන් කරන්නේ. ඒ අතරේ තමයි ජිහාඩ් කතන්දරත් එළියට එන්නේ. කොහොමත් ලංකාවේ දේශපාලඥයෝ, නිළධාරි නම්බර් වන් මෝඩයෝ. අස්වයා පැන ගියයින් පස්සෙ තම්යි ඉස්තාලේ වහන්නේ. පප්පගෙ කාලේ නියපොත්තෙන් කඩන්න තිබුන එක. මහින්ද මහත්තයට පොරොවෙන් කපන්න අවුරුදු 30ක් ගියා. එතකන් ගෙවපු වන්දිය වචන වලින් වත් මුදල් වලින් වත් මනින්න බෑ. මට කිසිම ජාති බේදයක් නෑ. ඒත් මිලේඡ්ච තලෙයිබාන්කරණයකට නම් කීයකටවත් කැමති නෑ. මෙතනදි සිංහල ව්‍යාපාරිකයත් නපුංසක චරිතයක් රඟ දක්වන්නේ. මේ හලාල් සහතිකේ ලංකාවේ අන්‍ය ජාතින්ට වැඩක් නෑනේ. මෙතක් කලක් නොතිබුන දෙයක් දැන් මොකටද. අනික ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වන පාර්ලිමේන්තුවේ හරක් මස් තියෙද්දි, ඌරූ මස් නෑ. කතානායකත් සුන්නත් කරලද කියන්න දන්නෙ නෑ. මේ හෙමින් හෙමින් කරගෙන යන්නේ අන්තීමට ෂරියා නීතිය දක්වා ගමන් කරණ එක. අපි මේ දේවල් කතා කරාට. ලොක්කත් කියන්නේ කිසිම ආගමික ප්‍රශ්ණයක් නෑ කියලා. ඒ උනාට මුස්ලිම් ප්‍රජාවක් එක්ක ජීවත් වෙන මම දන්නවා, වෙන්නෙ මොකක්ද කියලා. මේක වහාම නැවැත්විය යුතුයි. යට රැවුල් වවාගෙන අරාබි කිට් එක ගහගත්ත බින් ලාඩන්ලා වැහි වැහලා. අරාබි ගෑණු කළු ළෝගුවෙන් එලියට ඇවිත් ඩෙනිම් ගහලා අරාබී ඇඳුම නවීන මෝස්තරයකට් ඇඳගෙන යද්දි. මෙහේ ගෑණු කළු ලෝගුව අස්සෙ රිංගලා ඇසුත් වහගෙන. මොකා මොන විදියට දැක්කත්, මාතලන් කියලා එකෙක් මෙහෙම් කිව්වා කියලා දවසක් කාට හරි මතක තිබුනොත් ඒ ඇති. අන්වර් මනතුංගගෙන් ඇහුවම නම් කියන්නේ. දැන් තමයිලු මුස්ලිම් ජනතාව, නියම ඉස්ලාම් ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන එක තේරෙනවා මතලන්ගේ තර්කයේ පදනම ඇත්ත. මම 2000 දී රටින් පිටවුනේ කළු ලෝගු දාපු මුස්ලිම් ගෑනු දැක්කේ නෑ අද එහෙම වෙලා නම් උන් ආපස්සට ගිහින් තියෙන්නේ එත් ඒ වගේම පැරකුම් කියන කතාවෙත් සත්‍යයක් තියනවා.ර්කත් සම්පුර්ණයෙන් බැහැර කරන්න බැහැ. මෙතන අපි හොයන්න ඕනෑ උන් එන්න එන්න ආපස්සට යන්නේ ඇයි. මේකට අපි උන් දිහා නොවෙයි අපි දිහා බැලිය යුතුයි සිංහල බෞද්ධයන් විදියට අපි ඉදිරියට ගිහිල්ලද ආපස්සට ගිහිල්ලද අපිත් එහෙමයි අපි බුදුන් කියපු දේවල් පැත්තක දාල තලේබාන් බෞද්ධ වේගෙන යන්නේ නැත්ද? අපි ජාතියක් විදියට නූතන දියුණු අදහස් වැළඳගෙන ඉදිරියට යනවා වෙනුවට ආපස්සට යන කොට මුස්‌ලිම අය විතරක් ඉදිරියට යයිද? අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ආපසු රජ ක්‍රමයට යනකොට උන් ආපසු ලෝගුව වෙත යනවා. අපි ඉදිරියට යමු එවිටයි උන්ට ලෝගු ගලවන්න වෙන්නේ.

      Delete
    2. එක ඇත්ත බෞද්ධයින් විදීහටත් හදාගන්න ඕන ගොඩක් වැරදි තියෙනවා.රටම පොදුවේ අන්තවාදයට යන්න දෙන්න බැහැ...

      Delete
    3. ඔබලා දෙන්නාගේම අදහස් වලට එකගයි.
      මම දැන් කාලයක් විදේශගතවෙලා ඉන්න නිසා මේක දකින්න ලෙහෙසියි. වසර ගණනාවකට පස්සේ ලඟදි ලංකාවට නිවාඩුවකට ආවර මමත් මේක දැක්කා. හැබැයි හලාල් ලේබල් එක නම් මීට කලකට පෙරත් ඇතැම් භාණ්ඩ වල තිබුණා. උදාහරණ විදිහට මස් ජාති මට මතකයි.
      නමුත් මට හිතෙන විදිහට ලංකාවේ මේ දකින්නේ ලෝක ප්‍රවණතාවයේ කොටසක්. මැදපෙරදිග අර්බුදය කේන්ද්‍ර කොටගෙන ලෝකය වටා රැඩිකල් මුස්ලිම් රැල්ලක් නගිනවා. ඔය මුහුණු ආවරණය කරගත් ගැහැනුන් අපි දකින්නේ එම රැල්ලේ කොටසක් විදිහට.
      ලංකාවටත් වඩා මේවා යුරෝපයේ, ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රලියාවේ මහත් ආන්දෝලයක් ඇතිකරමින් තිබෙනවා.
      උදාහරණයක් විදිහට ප්‍රංශයේ පසුගිය දවස්වල ඔය මුහුණු වහගෙන යන එක රිය පැදවීමේදී වගේම අධිකරණයට හෝ පොලිසියට යනකොට තහනම් කරන්න නීති ගෙන්න ගියා.
      හැබැයි ලංකාවේ දැනට සිද්ද වෙන්නේ ඉතා පහත් ජාතිවාදය ඇවිස්සීමේ වැඩක්. එක මුහුණු පොතේ සමහරු දාන වලින්ම පේනවා. මටනම් හිතෙන්නේ ලංකාව තවත් ජාතිවාදී කුණුගොඩක් අවුස්සගන්නවා කියලයි.

      Delete
  2. අශ්රොෆ්ගේ ආගමනයත් සමඟයි මුස්ලිම් අන්තවාදය හිස ඔසවන්න පටන් ගත්තේ.හිස්බුල්ලා වැනි දේශපාලකයෝ ඒ ගින්න තවත් වැඩි කළා.එයට සමාන්තරව සිංහල සමාජයෙන් සිංහල අන්තවාදයක් ඇතිවීම සිදුවුනා.

    ReplyDelete
  3. කලින් කතාවක තිබුණා නේද මුස්ලිම් උත්සවයකට ආරාධනාවක් දීපු කතාවක්. ඒ මෙයාටම වෙන්න ඇති මයෙ හිතේ?

    ප/ලි
    පැරා එහෙනං ස්පෝටි පොරක්, ඈ!

    ReplyDelete
    Replies
    1. මේ කතන්දර නාකි පප්පා දැන් මළ වදයක් වෙලා තියෙන්නේ..යන්නේ කොහෙද මල්ලේ පොල් මොනව හරි ගොන් පාට් එකක් දානවා ඇවිල්ලා..අනේ වඳින්නම් මේවා තෙරෙන්නේ නැත්නම් ඔය පොඩි එවුන් ටිකක් අල්ලගෙන කතන්දර කියා දිදී පැත්තකට වෙලා හිටහන්කෝ සීයේ..

      Delete
  4. at 2003, not sure about now..

    http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා