Posts

Showing posts from April, 2010

බ්ලොග් අවකාශයේ අම්පයර් යයි සිතන taboosubjects‍ගේ බුද්ධිමය චණ්ඩිකම් | Intellectual thuggery of Taboosubjects

Image
(2010 අප්‍රේල් 30 -  W3Lanka )   සිංහල බ්ලොග් අවකාශයේ අවසන් තීන්දු දෙන 'බුද්ධිමතා' තමා යයි සිතාගෙන හැසිරෙන taboosubjects අප පිළිබඳව ද විනිශ්චයක් නිකුත් කර තිබේ. ඒ අප විසින් ලියන ලද 'ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු' ලිපියෙහි අදහසක් සටහන් කරමිනි. මෙසේ පවසයි. 'ඉතාම කනගාටුවෙන් කිවයුත්තේ මේ ලේඛකයාගේ ආර්ථික-දේශපාලන විද්‍යාව පිළිබඳ දැනුම අතිශය දුර්වල බවයි. මම ඔහු නිවැරදි කිරීමට කිහිප වතාවක්ම උත්සාහ ගත්තෙමි. ඒත් සුපුරුදු මෝඩ කතා පුනරුච්චාරණය කිරීමෙන්ම පෙනෙන්නේ ඒ කිසිවකින් ඵලක් නොවූ බවය. මම ඒ වරද නැවත නොකරමි.' 1980 දශකයේ මුල්භාගයේදී ජවිපෙ පූර්ණකාලිකයකු ලෙස ආරම්භ කර අන්තිමට ම හුදකලා වීත් තව ම අවසන් කර නැති මගේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය අතරතුරදී මෙවැනි බුද්ධිමය චණ්ඩින් සිය ගණනක් මට හමු වී තිබේ. ධනවාදියකු ලෙස තමන් හඳුන්වා ගත්ත ද taboosubjectsගේ භාවිතාව විසින් අපට සිහිපත් කරන්නේ වමේ චණ්ඩි කණ්ඩායම් නායකයන් හෙවත් ගැං ලීඩර්ස්ලාගේ ලක්ෂණයි. උගතකු, බුද්ධිමතකු හෝ කොළඹ දේශපාලන කවවල සාමාජිකයකු නොවන, හද්දා පිටිසර ගමක ජීවත් වන, අඩුත

ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු.

Image
අජිත් පැරකුම් ජයසිංහ මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද , 'ලංකාවේ මේ සිදු වන්නේ කුමක්ද?' මැයෙන් අප පෙබරවාරියේ ලියූ ලිපියක් පිළිබඳ අදහසක් ඒ වකවානුවේ සුමිත් චාමින්ද සහෝදරයා විසින් ලියන ලද විශ්ලේෂණයක ගැබ් විය. අප නූතන තත්වය විග්‍රහ කිරීම සඳහා භාවිතා කරන්නේ යල් පැන ගිය ආවුද බව හා ඒවා මගින් සිදු වෙමින් තිබෙන දෙය තේරුම් ගත නොහැකි බව මට මතක හැටියට ඔහුගේ ලිපියේ වූ එක් අදහසකි. මා ලියූ ලිපියේ එක් තැනක මම මෙසේ සටහන් තැබීමි. "මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද, අතිශය කෲර ලෙස පහර දෙමින් ද, මේ ඉල්ලා සිටින්නේ පශ්චාත් යුද කාලීන ලංකාවේ පාලනය සඳහා යුක්ති යුක්ත හිමිකමකි. එය ලබා දිය යුතු ය යන ස්ථාවරයේ ඉන්දියාව මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද සිටින බව පැහැදිලි ය. බටහිර ද එය දැඩිව ප්‍රශ්න කරන්නේ නැත. බටහිර ධනවාදයේ ඒජන්තයන් වන එජාපයට 'රට භාරයි නුඹට පුතේ' කියන්නට පෙර මහින්ද ලවා ම සුළු ජාතීන්ගේ අරගල හොඳින් හෝ නරකින් මර්දනය කිරීම, කම්කරු අරගල පාගා දැමීම, ජවිපෙ දිය කර දැමීම, ගැමි ගොවි පංතිය නාගරීකරණයට අභිමුඛ කිරීම, රාජ්‍ය අංශය විනාශයේ දොරටු

ජොන්ස්ටන් එජාපයේ සිටියදී සතොස කෑ හැටි | How new Sri Lanka Minister of Food and Cooperatives destroyed CWE

Image
ඒ කාලෙ (2010 අප්‍රේල් 30 -  W3Lanka )   පසුගිය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ඇතැම් ඇමැතිවරු පිටරටින් භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ට රිසි සේ වෙළෙඳ පොළේ බඩු මිල වැඩි කර පාරිභෝගිකයා ගසා කෑමට ඉඩහැර ස.තො.ස. වසා දමා සේවකයන් 3500කට රැකියා අහිමි කළ බවත් ආහාර හා සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. මේ අපරාධය කළ බව කියන ඇමතිවරු සිටින කැබිනට් මණ්ඩලයේ ජොන්ස්ටන් ද සිටියේය. එවකට ඔහු ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ය. එසේ ම මීට පෙර ආහාර හා සමුපකාර විෂය භාරව සිටි බන්දුල ගුණවර්ධනත් සිටියේ ය. මේ තීරණ ගන්නා අවස්ථාවලදී ඔවුන් ඒවාට විරෝධය පළ කළ බවට කිසිදු වාර්තාවක් නැත. මේ කියන අපරාධ කිරීම සඳහා තීරණ ගනු ලැබුවේ මේ දෙන්නා ම සිටි කැබිනට් මණ්ඩලය විසිනි. එම තීරණ ඒ අනුව සාමූහික තීරණ වේ. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අනුව මෙම වැරදිවලට මේ දෙන්නා ද වගකිව යුතු ය.

Jokeland News: දෙහිවල ඉස්පංචියා ජාතියේ පොඩි බාප්පාගේ කණ අත ගායි

Image
(2010 අප්‍රේල් 30 -  W3Lanka )  ලොකු මල ඇ‍ඳේ පෙරළි පෙරළී කොට්ට කකා නවත්තා ගන්නට බැරිව කඳුළු පනිනතුරු හිනා වුණේ ය. ජාතියේ අම්මා මෙය දැක කලබල වූවා ය.  "බුදු පුතේ උඹට කවුරු හරි වස දුන්නද?" යි ඈ හම්බන්තොටටත් ඇහෙන සද්දෙට විලාප දුන්නා ය.  "මොකද හත්වලාමේ මේ කණ් දෙක පොට්ට කරන්න හදන්නෙ?" යි කණ ළග පිපිරූ හෙණයෙන් තක්බීර් වූ ලොකු මල සිනාව නවත්තා ඇසුවේ ය. "මං බය වුණා ජාතියේ අනාගතය හබක් කියලා," යි කියූ ජාතියේ අම්මා "උඹට මොකවත් අමාරුවක් නැහැ නේද ලොකු පුතේ?" යි හිස අතගාමින් ඇසුවාය.  "පිස්සුද? මගේ අමාරු හොඳ කර ගන්න බැරි නම් මං මොකටද ජාතියේ පුතා වෙලා." ලොකු මල කීවේ ය. "ඉතින් ඇයි උඹ හිනා වුණේ? තණමල්විල පැත්තෙවත් ගියාද?" ලොකු මලට නැවතත් හිකිස් ගා හිනාවක් පැන්නේ ය. "ඒක නෙමෙයි බුදු අම්මෙ, බාප්පට ඉස්පංචියා දීලා ඇදලා මූණ පුරා." "මොන බාප්පටද?" "වෙන කාටද? ජාතියෙ පොඩි බාප්පට මිසක්." "කවුද ගහලා තියෙන්නෙ?" "ඉස්පංචියා." "මොකා?" "ඉස්පංචියා අම්මෙ ඉස්පංචියා. අ

චම්පිකට, නලින්ට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

Image
(2010 අප්‍රේල් 29 -  W3Lanka )  ලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින්නේ කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන ධනවාදයකි. මේ ධනවාදී සැලැස්ම එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා ය. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් මිස අන් යමක් නොවේ. මෙම කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ. ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ

අනවසර කඩ ඉවත් කිරීම පිටුපස ඇති දේශපාලනය | Politics behind removal of unauthorized structures in Colombo

(2010 අප්‍රේල් 29 -  W3Lanka )  කොළඹ නගරයේ වීදිවල පාදඩ ආධිපත්‍යය වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අනාගත සැලැස්ම වන්නේ කොළඹ දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන්ට සේවා සපයන වෙනත් ව්‍යාපාර හා ශ්‍රමිකයන්ටත් උචිත අන්දමින් සකස් කිරීමටයි.  නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට රජයට උවමනා වන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් මර්දනකාරී ස්වරූපයකින් කිරීමටයි. සිඟන්නන්ට හා පදික වේදිකාවේ වෙළඳුන්ට සිය රැකියා අහිමි වන්නේ එහෙයිනි.  කුම්බලා මාළු කෑවා නම් දුක විඳිය යුතු ය. දුප්පත් මිනිසුන් විසින් ඔසවා තබන ලද මේ ධනේශ්වර ආරථික මූලෝපායේ අරමුණ කිසියම් ස්ථානයක වෙසෙන මිනිසුන්ගේ ජීවිත නගා සිටුවා සංවර්ධනයක් අත්පත් කර ගැනීම නොවේ. මෙම ක්‍රමයට සංවර්ධනය යනු ප්‍රාග්ධනය, ඉදිකිරීම්, ගනුදෙනු ආදිය වැඩි වීමයි.  ඇති එකා තවත් ශක්තිමත් වන අතර නැති ම එකාට මිනිස් කසල තත්වය උරුම වේ.  පිටකොටුවේ ලුම්පන් දිළින්දන්ට දැන් ඉතින් තිබෙන්නේ නැවතත් සොරකම, මංකොල්ලකෑම හා මැර වැඩ වැනි දැන් වෙනත් විධියකින් කරන දන්නා වෘත්තියකට පිවිසීම හා එහි ආදීනව අනුභව කිරීමයි. 'අපර

ව්‍යවස්ථා සංශෝධනය තුන්වන වරටත් ජනාධිපති වන්නයි | Sri Lanka President's constitutional reform is to hold the post for the third term

Image
(2010 අප්‍රේල් 29 -  W3Lanka )  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් ම සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ රාජ්‍ය නායකත්වය සඳහා යෝග්‍ය තත්වයට ගොඩනැ‍ඟෙන තෙක් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා කරනු ලබන්නක් බව පෙන්නුම් කරන මාධ්‍ය වාර්තා නිකුත් වෙමින් තිබේ.  ඩේලි මිරර් හා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට නොව විධායක ජනාධිපති ධුරයේ තුන් වරක් ඉන්නට පුළුවන් ක්‍රමයක් සකස් කර ගන්නටයි.  දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීන් කීපදෙනෙකු බාගෙන මෙම සංශෝධනය 2010 නොවැම්බරයේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට පෙර කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.  අදාළ සංශෝධනය කෙරුණොත් මහින්ද රාජපක්ෂ 2022 දක්වා මේ රටේ ජනාධිපතිවරයා වීමට ඉඩ තිබේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 77ක් පමණ වන අතර නාමල් රාජපක්ෂගේ වයස අවුරුදු 36ක් පමණ වනු ඇත. 

(අයියෝ) සිරිසේන නාන්න පටන් ගනියි - Jokeland News

Image
(2010 අප්‍රේල් 28 -  W3Lanka )  බැ(රි)සිල්ට ජෝක්ලන්තයේ මගඇති වීමට තිබෙන එකම අභියෝගය වන (අයියෝ) සිරිසේනට "ඉඳා නාගනින්" කියා මහ රජු නියම බාල්දියක් දුන්නේ ය. ඒ වනාහි සවුත්තු අමාත්‍යංශයයි. සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම භාර දුන්නේ මහ රජ්ජුරුවන්ගේ උගුර පාදන සැත්කම කර දුන් උගුර, කණ, නාසය භාර දොස්තරටයි. දත් දොස්තරට මාළු අමාත්‍යංශය භාර දුන් එකේ උගුර, කණ, නාසය දොස්තරට සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම දෙන එකේ වරදක් නැත. වරද නම් එතුමා මහ රජ්ජුරුවන්ගේ උගුර පාදා දුන්නාට ග්‍රාමීය රෝහලකවත් පරිපාලනයක් කර නැති වීමයි. අත්සන් කරන්නේ පෑනෙන් බවවත් නොදන්නා පබා රට පාලනය කරන්නට පාර්ලිමේන්තුවට යවන රටේ උගුරක සැත්කමක් කළ හැකි දොස්තරට සවුත්තු අමාත්‍යංශය පාලනය කරන්නට බැරි නොවන්නත් පුළුවන. කෙසේ වෙතත්, (අයියෝ) සිරිසේන මේ දුන් බාල්දියත් අරගෙන ළිඳ ළඟට දුවගෙන ගියේ අමුඩයත් අමතකව ය. කොහොමත් අපට විලි ලැජ්ජාවක් තියෙන එකක් යයි කියා සිරිසේන අමුඩය නැතුවම නාන්නට පටන් ගත්තේ ය. පළවෙනි බාල්දිය නාන විට ඔහුට මාර කල්පනාවක් ආවේ ය. පොළොන්නරුව ඉස්පිරිතාලය මධ්‍යම ආණ්ඩුවට පවරාගෙන මහ රෝහලක් කළේ ය. ඒ රෙද්දේ මහ රෝහලක පහසුකම් ත

සිගන්නා හා දේශපාලකයා අතර සමානකම් | Similarities between Sri Lankan beggar and politician

Image
(2010 අප්‍රේල් 28 -  W3Lanka )  සිඟාකෑම තහනම් කිරීම පිළිබඳ අප විසින් පළ කරන ලද විවේචනාත්මක අදහස පිළිබඳව කතා කරමින් Dark Lord මෙසේ අසා තිබිණි. හිඟන මුදලාලිලාට කප්පං නොදී "දුප්පත්" අය හිඟා කාපු කාලෙ ඉවර වෙලා ගොඩක් කල්. හිඟා කෑම පවතින්නෙ මිනිස්සු දුප්පත් නිසා නෙවෙයි, හිඟා කෑමෙන් ලැබෙන ආදායම හොඳ නිසා. ලංකාවෙද ඉන්නෙ? 'පාඨකයා' මෙසේ කීවේ ය: සම්පූර්ණ ඇත්ත. හිඟාකෑම කියන්නෙ ව්‍යාපාරයක්. ඔය මිනිස්සුන්ට මොන තරම් දේවල් දුන්නත්, හිඟාකෑම නවත්තන්න ඒ අය කැමති නෑ . මෙහිදී අපට කුමාරතුංග මුනිදාසයන් ලියූ කවි දෙපදයක් සිහි වේ. "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී - සිඟාකෑම බැරි වූ කල ලගී ගයා මර ගී" ලංකාවේ සිඟන්නන් හා දේශපාලකයන් අතර මූලික සමානකම් රැසක් ම ඇත. පහත පළ වන්නේ ඒවා අතරින් කීපයකි. සිඟන්නා තමන්ගේ තුවාලය සුව කර නොගෙන එය විකුණා කයි. දේශපාලකයා රටේ තුවාල සුව නොකර ඒවා විකුණාගෙන කයි. සිඟන්නා බොරු පූච්චානම් කියා ඔබෙන් මුදල් ඩැහැගනියි. දේශපාලකයා බොරු පූච්චානම් කියා ඔබේ ඡන්දය ඩැහැ ගනියි. සිඟන්නා කටේ තොලේ නොගෑවී බොරු කියමින් නැති දේ මවා පායි. දේශපාලකයා කටේ තොලේ

ඇමති බබාලාට නිලධාරි කොබාලාගෙන් ඇති කරදර ගැන (මාල)දිවයින ළමා පත්තරයේ සරණපාල බබා මෙසේ ලියයි

Image
(2010 අප්‍රේල් 28 -  W3Lanka )  ඇමැතිවරුන්ගේ නමින් ජාවාරමකට සැරසෙති! (හානේ බලන්නකෝ මේ නිලධාරි කරන වැඩ!) (අ)සරණපාල පමුණුව (කුක්කු බබා) අලුතින් පත්වූ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සඳහා අලුත් අලුත් අමාත්‍යාංශ කාර්යාල ඇති කිරීම සඳහා ඇතැම් අමාත්‍යාංශ නිලධාරීන් විසින් සියුම් ව්‍යාපාරයක්‌ ගෙන යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කර ඇත. (බලන්න ඇමතිලාට හොරෙන් මුන් කරන කැත වැඩ!) අලුතින් පත්වූ සියලුම අමාත්‍යවරුන් සඳහා අංග සම්පූර්ණ සේවා අමාත්‍යාංශ කාර්යාල තිබියදී ඒවා වෙනුවට අලුතින් රුපියල් ලක්‍ෂ ගණනින් ගෙවා කාර්යාල ගොඩනැඟිලි කුලියට ගැනීමටත් ඒවායින් සැළකිය යුතු මුදලක්‌ සාක්‌කුවලට දමා ගැනීමටත් මෙම ඡාවාරම් පසුපස සිටින අයගේ අරමුණ වී ඇතැයිද කියති. (මේ මුදල් යන්නේ නිලධාරින්ගේ සාක්කුවට විතරමයි.) රට සංවර්ධන කිරීම කෙසේ වෙතත් නිලධාරී පැළැන්තිය දැන් සිටම තම මඩිය තරකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරමින් ඇතැම් ඇමැතිවරුන් නොමග යෑවීමේ මෙබඳු ක්‍රියාකාරකම් අරඹා ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි. (බලන්නකෝ, මේ චූටි ඇමතිවරුන්ගේ නොදන්නාකමින් මේගොල්ලන් අයුතු ප්‍රයෝජන ගන්න හැටි!) කෙස

අපරාධ ජාලය වැනසීමේ මහා මෙහෙයුම හා පොලිස් රාජ්‍ය පදනම | Operation to eliminate the crime network and laying foundation for a police state

Image
(2010 අප්‍රේල් 27 -  W3Lanka )  ත්‍රස්තවාදය තුළින් රට පුරා මතුවූ අපරාධ ජාලය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි. පුදපු ගමන් කාපි යකා වගේ මෙවැනි ප්‍රශ්නයක් මතු වේ. මර්දනය කරනු ලබන්නේ ත්‍රස්තවාදය තුළින් රටපුරා මතුවූ අපරාධ ජාලය පමණක්ද? දේශපාලන අනුග්‍රහයෙන් රට පුරා පැතිරුණ අපරාධ ජාලය මෙයට අදාල නැද්ද? ත්‍රස්තවාදයේ ද අංශ දෙකක් තිබේ. එනම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ලෙසයි. රාජ්‍ය ත්‍රස්තවාදය දේශපාලන අනුග්‍රහය ලත් ත්‍රස්ත ජාලය සමග අතිනත ගෙන සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත්, දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට සියලු උපදෙස් ලබාදී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි. මේ උපදෙස් වඳුරාට දුන් දැලි පිහිය බවට පත් වී පෞද්ගලික පළිගැනීම් සඳහා ද උපයෝගී කර නොගන්නා බවට වග බලා ගැනීමක් ද පාලකයන් පැත්තෙන් තිබිය යුතු ය.  'එක රටක්, එක ත්‍රස්තවාදයක් හා එක පාතාලයක්' යන ප්‍රතිපත්තිය ද නරක ම නැත. ත්‍රස්තවාදයන් හා පාතාලයන් රැසකින් බේරෙනවාට වඩා එකකින් මිය යාම පහසු ය. ත්‍රස්තවාදී උවදුරින් මතුවූ මෙම අපරාධ ජාලය විනාශ කිරීමට නොහැකි වූයේ වසර 30ක් ආරක

සිඟාකෑම, ගසාකෑම, අනාගෙන කෑම සහ බස් ධාවනය

Image
(2010 අප්‍රේල් 27 -  W3Lanka  )  පෞද්ගලික බස් රථවලට ගොඩවී සිඟාකෑම හා වෙළඳාම් කිරීම මැයි 1 දා සිට තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තීරණය කර ඇති බව අද පුවත්පත් වාර්තා කරයි. තහනම් නියෝග නිකුත් කරන ගැමුණු විජේරත්න යනු බස් හිමියන්ගේ සංගමයක සභාපතිවරයකු මිස රාජ්‍ය නිලධාරියකු නොවේ. එහෙත් ඔහුට නීතිමය පදනමක් තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව මඟින් දුරගමන් බස්රථ සඳහා නිකුත් කරන මාර්ග බලපත්‍රවල සිඟාකෑම හා වෙළඳාම තහනම් බවට සඳහන් කර ඇති බවද ඒ මහතා කියයි. සිඟාකෑම සහ වෙළෙඳාම් නතර කිරීමට පොලිසියේ සහායද අවශ්‍ය බව විජේරත්න මහතා කියයි. අප සිතන පරිදි නම් පළමුව අවශ්‍ය වන්නේ බස් සේවකයන්ගේ සහායයි. අනෙක් පැත්තෙන් මාර්ග බලපත්‍රවල තිබෙන අනෙකුත් කොන්දේසි ගැන ගැමුණු විජේරත්නට කියන්නට තිබෙන්නේ කුමක්ද? පෞද්ගලික බස් සේවයෙහි තිබෙන ප්‍රධාන ගැටලුව සිඟමන් යැදීම හා වෙළඳාම නොවේ. බස් සේවකයන්ට විනයක් නැතිකම, අධික ලෙස සෙනග පැටවීම, අධි වේගයෙන් හෝ අධික සෙමින් ධාවනය, සුඛෝපභෝගී යයි කියා වැඩිපුර මුදල් අය කරන බස්වල කිසි ම සුඛයක් නැති වීම වැනි තමන්ට ඍජුව ම අදාළ ප්‍රශ්න ගැන ගැමුණු විජේරත

මහ ඡන්දයෙන් පසු දේශපාලනය | Politics following the general election of Sri Lanka

Image
අජිත් පැරකුම් ජයසිංහ - ලංකාවේ ජනයාගෙන් බහුතරය වත්මන් පාලකයන් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවට තර්කයක් ඇත. මෙම තර්කයට පදනම් වන්නේ ඡන්දය දීම සඳහා නොපැමිණි පිරිස හා විරුද්ධ පක්ෂවලට ඡන්දය දුන් පිරිස එක්ව ගත් කල පාලක පක්ෂයට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි හෙයිනි.  ඡන්දය දීමේ ප‍්‍රතිශතය අඩු වීම පිළිබඳව තර්ක කරමින් ආණ්ඩුවට පක්ෂ දේශපානඥයන් පෙන්වා දෙන්නේ ඇතැම් දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ප‍්‍රකාශ වන සාමාන්‍ය ඡන්ද ප‍්‍රතිශතය මීටත් වඩා අඩු බවයි. එහෙත් දියුණු ධනේශ්වර රටවල ආණ්ඩුව සමග පුරවැසියන්ගේ සම්බන්ධය හා ලංකාව වැනි නොදියුණු රටක ආණ්ඩුව සමග මෙහි වෙසෙන ගැහැනුන් සහ පිරිමින්ගේ සම්බන්ධය එකිනෙකින් සපුරා වෙනස් ය. දියුණු ධනේශ්වර රටවල පුරවැසියන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීමේත්, තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ දී ගැනීමේත් ක‍්‍රියාවලියට ආණ්ඩුව ඍජුව ම මැදිහත් වන්නේ නැත. ආණ්ඩුව බදු අය කරනමුත්, එම සමාජයනට එකී බදු ලංකාවේ බදු තරම් පීඩාකාරී වන්නේ නැත.  ලංකාවේ ආණ්ඩුව වනාහි ආර්ථීක, සමාජ ජීවිතයේ හැම අහුමුල්ලකට ම අඬු විහිදුවන බූවල්ලෙකි. මිනිසුන් ආදායම් උපයා ගන්නා ආකාරය හා භාණ්ඩ හා සේවා මිළ දී ගන්නා ආකාරය පාලනය කිරීමට

ආසියාවේ ආශ්චර්යය හදන කැබිනට්ටුව සම්බන්ධීකරණයට වෙන ම ඒකකයක් | A unit to coordinate Sri Lanka's Ministries

Image
(2010 අප්‍රේල් 26 -  W3Lanka  )  අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශ කරයි. පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ඉහළ අගයක් ගෙන තිබූ අතර ඒ නිසාම විවිධ අමාත්‍යාංශවලට සමගාමී විෂයයන් බෙදා වෙන් කිරීමේ ගැටලු පැන නැගී තිබුණු බව ද ඔහු පවසයි. නව ඇමැතිවරුන්ට අදාළ විෂයය පථ වෙන් කිරීම පිළිබඳ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කෙරේ. පසුගිය රජයේ ඇමතිවරුන් බොහොමයක් කටයුතු කළේ ඇමතිකම යනු දිවයින කතුවැකියේ කියන ආකාරයට 'බිරිඳට, මස්‌සිනාට, දූ දරුවන් යනාදීන්ට තම පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ රැකියා සහ රථ වාහන ලබාදීම, රැකියා අවස්‌ථා රුපියල් ලක්‌ෂ 2 බැගින් විකිණීම, කොමිස්‌ ගැසීම, ටෙන්ඩර් පාස්‌ කරදීම යනාදිය' සඳහා අවස්ථාවක් ලෙසයි. ආසියාවේ ආශ්චර්යය නිර්මානය කිරීම සඳහා පත් කර තිබෙන මෙම ඇමති මණ්ඩලය කාර්යක්ෂම කිරීම සඳහා තව පියවර රැසක් අවශ්‍යව තිබේ.