Jokeland News: දෙහිවල ඉස්පංචියා ජාතියේ පොඩි බාප්පාගේ කණ අත ගායි
(2010 අප්‍රේල් 30 - W3Lanka) ලොකු මල ඇඳේ පෙරළි පෙරළී කොට්ට කකා නවත්තා ගන්නට බැරිව කඳුළු පනිනතුරු හිනා වුණේ ය. ජාතියේ අම්මා මෙය දැක කලබල වූවා ය.
"බුදු පුතේ උඹට කවුරු හරි වස දුන්නද?" යි ඈ හම්බන්තොටටත් ඇහෙන සද්දෙට විලාප දුන්නා ය.
"මොකද හත්වලාමේ මේ කණ් දෙක පොට්ට කරන්න හදන්නෙ?" යි කණ ළග පිපිරූ හෙණයෙන් තක්බීර් වූ ලොකු මල සිනාව නවත්තා ඇසුවේ ය.
"මං බය වුණා ජාතියේ අනාගතය හබක් කියලා," යි කියූ ජාතියේ අම්මා "උඹට මොකවත් අමාරුවක් නැහැ නේද ලොකු පුතේ?" යි හිස අතගාමින් ඇසුවාය.
"පිස්සුද? මගේ අමාරු හොඳ කර ගන්න බැරි නම් මං මොකටද ජාතියේ පුතා වෙලා." ලොකු මල කීවේ ය.
"ඉතින් ඇයි උඹ හිනා වුණේ? තණමල්විල පැත්තෙවත් ගියාද?"
ලොකු මලට නැවතත් හිකිස් ගා හිනාවක් පැන්නේ ය. "ඒක නෙමෙයි බුදු අම්මෙ, බාප්පට ඉස්පංචියා දීලා ඇදලා මූණ පුරා."
"මොන බාප්පටද?"
"වෙන කාටද? ජාතියෙ පොඩි බාප්පට මිසක්."
"කවුද ගහලා තියෙන්නෙ?"
"ඉස්පංචියා."
"මොකා?"
"ඉස්පංචියා අම්මෙ ඉස්පංචියා. අර දෙහිවල ඉන්න එකා."
මේ සද්දය ඇසී සූරියප්පෙරුමාල් රජගෙදර කුස්සියේ වළං හේදිල්ල නවතා දුව ඇවිත් කාමරයට හොස්ස දැම්මේය. "ඉස්පංචියා නෙමෙයි බේබි, චිම්පන්සියා. මේ චිම්පන්සියා කියන්නෙ අපේ ගමේ වැවෙන් නාලා, කුරහන් කලප කාලා, සීපද කිය කියා හැදිච්ච හරිම පුදුම සතෙක්."
"අනේ පලයං සිම්පංචියො යන්න මේ කොලුවගෙ ඔලුව මඤ්ඤං කරන්නෙ නැතිව," යි කියමින් ජාතියේ අම්මා කඩා පැන්න පැනිල්ලට සූරියප්පෙරුමාල් ලිබ්බොක්කට ම වීසි වුණේ ය.
"එල, මමී!" යි කියමින් ලොකු මල මව් යානයේ මුහුණ සිප ගත්තේය. "අපේ තාත්තනෙ ඔය මට ගමයි, කුරහනුයි ගැන කියාදෙන්න ඔය ඇන්ටික් එක මෙහේ එව්වෙ. ඌ දන්න ගම! කොළඹ කාක්කා!"
"ඉතින් පුතේ සිම්පන්චියා මොකද ජාතියේ බාප්පගේ කණ අතගාලා තියෙන්නෙ? ගෝරිල්ලෙක් කියලා හිතල බය වෙලාද?"
"පිස්සුද අම්මෙ? ඒ ඉස්පංචියාට හොඳට මොළේ තියෙනවා."
"ඉතින් මොකද ඌ මේ ඉල්ලං කන්න හදන්නෙ? චීනෙට ස්ථාන මාරුවක් ඕනැ වෙලාද?"
"නෑ අම්මෙ, ඉස්පංචියා කිව්වලු උඹ ගාව යැංකි ගඳයි කියලා."
"නෑ!"
"නෑ නෙමෙයි ඔව්!"
"අම්මප ඌට නම් මේ රටේ ජහමනයාට වඩා මොළේ තියෙනවා. ඉතින් උඹ ඉස්පංචි භාෂාව දන්නවයැ."
"මට දන්න එකෙක් කිව්වෙ."
"කවුද? සූරියප්පෙරුමාල්ද? විශ්වාස කරන්න එපා, අංකූරා!"
"ඌ දන්නව ඇති ඕනැ නම් ඔරං ඔටං භාෂාව."
"ඉතින් කවුද උඹට මේක කිව්වෙ?"
"ඇයි අම්මෙ, මේකෙ තව ඉස්පංචියො කීදෙනෙක් ඉන්නවද? බලන්නකො තාත්තා අල්මාරියත් එක්ක ගත්ත ෆොටෝ."
"අල්මාරිය නෙමෙයි ගොනෝ කැබිනට් එක."

කතාව ඇත්තද ඈ.....
ReplyDeletepatta . . .
ReplyDelete