සීවලී හිමිද සීවලී බුදු හිමිද? | Seevali Thero or Seevali Buddha?

(2010 අප්‍රේල් 06-W3Lanka ) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලමින් උපවාසයේ යෙදී සිටි බුද්ධ පුත්‍රයන් සුනඛ කලේබර සේ කුදලා බසයෙන් පොලිසියට වඩම්මාගෙන යන අන්දම බොදුනුවන්ගේ පහන් සංවේගය පිණිස කෙසේ හේතුභූත වූවාදැයි අපි නොදනිමු.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බාර්කාර ඇමතිවරයෙකුගේ මැරවරයෝ තවත් බුද්ධ පුත්‍රයකු ‍පරලෝකප්‍රාප්ත ක‍ළහ. 

මේ අතර දඹුල්ලේ සන්ධාන චංඩියා වන ජනක බංඩාර තෙන්නකෝන් හා ඔහුගේ සුබ අනාගතය වන ප්‍රමිත බංඩාර තෙන්නකෝන් ගලේවෙලදී බුද්ධ රූපයක සිරස කැඩුවේ යයි යන ප්‍රචාරය බොරු යයි ඔප්පු කිරීම සඳහා පොලිසිය විසින් කරන ලද පරීක්ෂණය පිළිබඳ වාර්තා කරමින් ආණ්ඩුවේ ඉපියාව රුවිතෙට ගිය හොරණෑව වන දිනමිණ තවත් පිස්සුවක් නටා ඇත. 

"ගලේවෙල පොලිස් බලප්‍රදේශයේදී බුද්ධ ප්‍රතිමාවකට හානි සිදුකර එහි සිරස කඩා දැමීමේ සිද්ධියට ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් හෝ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කිසිදු සම්බන්ධයක් නොමැති බවට පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි...." ආදී වශයෙන් සඳහන් කරන දිනමිණ මෙසේ ද කියයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයේදී වෙළෙඳ පොළකට පහරදී අලාභ කිරීම, වෙළෙඳසලේ තිබූ සීවලී බුද්ධ ප්‍රතිමාවේ සිරස කැඩීම හා වෙළෙඳසැල ඉදිරිපිට පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටා තිබූ බුදු මැදුරේ වීදුරු කඩා අලාභ කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයින්වීම යටතේ සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය විසින් එක් සැකකරුවෙකුට රු. 50,000 බැගින් ශරීර ඇප මත මුදා හැර ඇති අතර නැවත මෙම නඩුව 2010.04.27 දින කැඳවීමට නියමිතය.


අප දන්නා තරමින් නම් නිවෙස් වල හා වෙළදසල් වල එල්ලා තිබෙන ආසනයක වැඩ හිද පාත්‍රයක දන් වළදන හිමි නමකගේ පින්තූරය සීවලී මහ රහතන් වහන්සේගේ රූපයයි. බුදුන් විසින් ප්‍රත්‍යලාභීන් අතර අග තනතුරෙහි පිහිටුවන ලද උන්හන්සේගේ පින්තූරයට පවා වැඳම් පිදුම් කිරීමෙන් ආහාර පානාදියෙන් අගහිඟයක් ඇති නොවේ යයි බෞද්ධයෝ සලකති. අටවිසි බුදුවරුන් අතර සීවලී නම් බුදු කෙනෙකුන් සිටිනමුත් අප දන්නා තරමින් නම් ලංකාවේ බෞද්ධයන් සීවලී බුද්ධ රූප නිවෙස් හෝ වෙළඳසල් ආදියෙහි තබා ගන්නේ නැත. 


වැරදි අප ද නැතිනම් දිනමිණ ද යන්න සොයා බලන්න. 


ජනක බංඩාර තෙන්නකෝන් නම් නිවැරදි බව පොලිසිය ඔප්පු කර තිබේ. ඒ ඇමතිතුමා ද ඉස්සර පොලිස් නිලධාරියෙකි. පොලිසිය හාවා සොයා ගත් කතාව අහලා ඇතිනේ. 

Comments

  1. This error Printing Mistake in Newspaper යනුවෙන් unknown sender කෙනෙකු විසින් අපට ඊමේලි මගින් දැනුම් දී තිබේ.

    මේ දැනුම් දෙන්නා බලවත් පුද්ගලයකු බව ඔහු unknown sender කෙනෙකු වීමෙන් පැහැදිලි වේ.

    අපගේ විවේචන කෙරෙහි සංවේදී වීම බලධාරීන්ගේ හොඳ ලක්ෂණයක් ලෙස අපි දකිමු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා