ජාතික නිදහස් පෙරමුණට ජවිපෙටත් වඩා අන්ත පරාජයක් | National Freedom Front (JNP) almost wiped out with JVP

(2010 අප්‍රේල් 10 - W3Lankaජනතා විමුක්ති පෙරමුණේ දිළිඳු මිනිසුන්ගේ ධනයෙන් හා මහන්සියෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ජනවරම පාවා දී වර දාන වෙනුවෙන් ආණ්ඩුවට එක් වී මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ හිටපු ඇමති නන්දන ගුණතිලක හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 14ක් මෙවර පරාජයට පත් වී තිබේ. 


ඔවුන් පරාජයට පත් වන්නේ 1994දී ඔවුන් පාර්ලිමේන්තුවට ගසාගෙන ආ රැල්ලටත් වැඩි රැල්ලක් සන්ධානයට තිබියදී වීම විශේෂයකි. අනූ හතරේ රැල්ලෙන් පාර්ලිමේන්තුවට පා වී ආ පොල් කෝම්බ වැඩි හරියක් ආපසු මුහුදට ම ගසාගෙන ගොස් ඇත. 


පීඩිත ජනයා අතරින් පාර්ලිමේන්තුවට පැමිණි විමල් වීරවංශ, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, අජිත් කුමාර හා වීරකුමාර දිසානායක යන මන්ත්‍රීන්ට පමණක් නැවත තේරී පත් වන්නට හැකියාව ලැබුණේ ඔවුන් කැන්ටිමෙන් කෑමට වඩා වැදගත් කාර්යයන්වල නියැලුණ නිසා යයි අපි විශ්වාස කරමු. ඔවුන්ට අපේ සුබපැතුම්!


ජාතික නිදහස් පෙරමුණෙන් තේරී පත් වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ විමල් වීරවංශ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ වීරකුමාර දිසානායක පමණි. 


මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග කළ උදය පද්මශාන්ත ගුණසේකර මනාප ලැයිස්‍තුවේ නොතේරුන මන්ත්‍රීන් අතරින් ඉහළින් සිටියි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා