(අයියෝ) සිරිසේන නාන්න පටන් ගනියි - Jokeland News

(2010 අප්‍රේල් 28 - W3Lankaබැ(රි)සිල්ට ජෝක්ලන්තයේ මගඇති වීමට තිබෙන එකම අභියෝගය වන (අයියෝ) සිරිසේනට "ඉඳා නාගනින්" කියා මහ රජු නියම බාල්දියක් දුන්නේ ය. ඒ වනාහි සවුත්තු අමාත්‍යංශයයි.


සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම භාර දුන්නේ මහ රජ්ජුරුවන්ගේ උගුර පාදන සැත්කම කර දුන් උගුර, කණ, නාසය භාර දොස්තරටයි. දත් දොස්තරට මාළු අමාත්‍යංශය භාර දුන් එකේ උගුර, කණ, නාසය දොස්තරට සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම දෙන එකේ වරදක් නැත. වරද නම් එතුමා මහ රජ්ජුරුවන්ගේ උගුර පාදා දුන්නාට ග්‍රාමීය රෝහලකවත් පරිපාලනයක් කර නැති වීමයි.


අත්සන් කරන්නේ පෑනෙන් බවවත් නොදන්නා පබා රට පාලනය කරන්නට පාර්ලිමේන්තුවට යවන රටේ උගුරක සැත්කමක් කළ හැකි දොස්තරට සවුත්තු අමාත්‍යංශය පාලනය කරන්නට බැරි නොවන්නත් පුළුවන.


කෙසේ වෙතත්, (අයියෝ) සිරිසේන මේ දුන් බාල්දියත් අරගෙන ළිඳ ළඟට දුවගෙන ගියේ අමුඩයත් අමතකව ය. කොහොමත් අපට විලි ලැජ්ජාවක් තියෙන එකක් යයි කියා සිරිසේන අමුඩය නැතුවම නාන්නට පටන් ගත්තේ ය.


පළවෙනි බාල්දිය නාන විට ඔහුට මාර කල්පනාවක් ආවේ ය. පොළොන්නරුව ඉස්පිරිතාලය මධ්‍යම ආණ්ඩුවට පවරාගෙන මහ රෝහලක් කළේ ය. ඒ රෙද්දේ මහ රෝහලක පහසුකම් තියා මොන මළදානයක්වත් නැති බව සිරිසේනට කල්පනා වූයේ දෙවන බාල්දිය නාන විටයි.


"කමක් නැහැ මම ජනාධිපති වුණා ම හම්බන්තොට සිතියමෙන් මකලා පොළොන්නරුව අගනුවර කරනවා," යි සිතූ සිරිසේන ‍තවත් බාල්දියක් නෑවේ ය.


"මං පොළොන්නරුවේ වරායකුත් හදනවා," සිරිසේන සිතුවේ ය. "ඒකෙ නැව් පාවෙන්නෙ මෙහෙමයි," කියූ සිරිසේන බාල්දිය ළි‍‍ඳේ පා කර ඇර ඇඟ අතුල්ලන්නට වූයේ ය. අඩියේ තඩි හිල් ගොඩක් තිබුණු බැවින් බාල්දිය පටස් ගා ළිං පතුලට ම බැස්සේ ය.


සිරිසේන බාල්දිය ගැනීමට ළිඳට පැන්නේ ය. තමන් පීනන්න නොදන්නා බව මතක් වුණේ තුන්වෙනි පාරට ගිලෙන්නට පෙර කුඹුක් මුලක එල්ලෙද්දී ය.


කකුල් පටලැවෙමින් ගොඩට එන විට පොළොන්නරුවේ මුහුදක් නැති බව සිරිසේනට මතක් වූයේ ය.


වහා සරම ඇඳගත් සිරිසේන අමත්‍යංශයට දුවන්න පටන් ගත්තේ නහය ළගට ම ගිලුණාට පසු කරන්නේ කුමක්දැයි උගුර, කණ, නාසය පිළිබද දොස්තරගෙන් අසා දැන ගන්නට ය.


ඔහු දුවනු දුටු කිසිවෙක් කුඹුක් ගහ පල්ලේ සිට ඔලොක්කු සිනාවක් පෑවේ ය.


"කවුද හු.... පොළොන්නරුවෙ මට හිනා වෙන්නෙ?" සිරිසේන ක්‍රාස් ගා බ්‍රේක් ගසා හැරී ඇසුවේ ය.


බැ(රි)සිල් දා නාන්නට ළිඳට ඇවිදින් ය.

Comments

  1. Nice one. Sirisena is a bloody farmer. He has no national support apart from the rural SLFP voters in Rajarata. No one wants him as the PM.

    ReplyDelete
  2. mahinda was a bloody thug. He didnt have any national support apart from the rural SLFP voters in hambanthota (only in hambanthota not in galle or matara). No one wants him as the President
    but jvp, ranil, mangala (and ltte) made him president
    there will be another jvp, ranil(basil) and mangala for sirisena also

    ReplyDelete
  3. ඇත්තටම හිතනව ඇත්තෙ ඔය ව්දියටම තමයි. එළ කිරි . . . .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා