Posts

Showing posts with the label ජෝක්ලන්තය

Jokeland News: දෙහිවල ඉස්පංචියා ජාතියේ පොඩි බාප්පාගේ කණ අත ගායි

Image
(2010 අප්‍රේල් 30 -  W3Lanka )  ලොකු මල ඇ‍ඳේ පෙරළි පෙරළී කොට්ට කකා නවත්තා ගන්නට බැරිව කඳුළු පනිනතුරු හිනා වුණේ ය. ජාතියේ අම්මා මෙය දැක කලබල වූවා ය.  "බුදු පුතේ උඹට කවුරු හරි වස දුන්නද?" යි ඈ හම්බන්තොටටත් ඇහෙන සද්දෙට විලාප දුන්නා ය.  "මොකද හත්වලාමේ මේ කණ් දෙක පොට්ට කරන්න හදන්නෙ?" යි කණ ළග පිපිරූ හෙණයෙන් තක්බීර් වූ ලොකු මල සිනාව නවත්තා ඇසුවේ ය. "මං බය වුණා ජාතියේ අනාගතය හබක් කියලා," යි කියූ ජාතියේ අම්මා "උඹට මොකවත් අමාරුවක් නැහැ නේද ලොකු පුතේ?" යි හිස අතගාමින් ඇසුවාය.  "පිස්සුද? මගේ අමාරු හොඳ කර ගන්න බැරි නම් මං මොකටද ජාතියේ පුතා වෙලා." ලොකු මල කීවේ ය. "ඉතින් ඇයි උඹ හිනා වුණේ? තණමල්විල පැත්තෙවත් ගියාද?" ලොකු මලට නැවතත් හිකිස් ගා හිනාවක් පැන්නේ ය. "ඒක නෙමෙයි බුදු අම්මෙ, බාප්පට ඉස්පංචියා දීලා ඇදලා මූණ පුරා." "මොන බාප්පටද?" "වෙන කාටද? ජාතියෙ පොඩි බාප්පට මිසක්." "කවුද ගහලා තියෙන්නෙ?" "ඉස්පංචියා." "මොකා?" "ඉස්පංචියා අම්මෙ ඉස්පංචියා. අ...

(අයියෝ) සිරිසේන නාන්න පටන් ගනියි - Jokeland News

Image
(2010 අප්‍රේල් 28 -  W3Lanka )  බැ(රි)සිල්ට ජෝක්ලන්තයේ මගඇති වීමට තිබෙන එකම අභියෝගය වන (අයියෝ) සිරිසේනට "ඉඳා නාගනින්" කියා මහ රජු නියම බාල්දියක් දුන්නේ ය. ඒ වනාහි සවුත්තු අමාත්‍යංශයයි. සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම භාර දුන්නේ මහ රජ්ජුරුවන්ගේ උගුර පාදන සැත්කම කර දුන් උගුර, කණ, නාසය භාර දොස්තරටයි. දත් දොස්තරට මාළු අමාත්‍යංශය භාර දුන් එකේ උගුර, කණ, නාසය දොස්තරට සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම දෙන එකේ වරදක් නැත. වරද නම් එතුමා මහ රජ්ජුරුවන්ගේ උගුර පාදා දුන්නාට ග්‍රාමීය රෝහලකවත් පරිපාලනයක් කර නැති වීමයි. අත්සන් කරන්නේ පෑනෙන් බවවත් නොදන්නා පබා රට පාලනය කරන්නට පාර්ලිමේන්තුවට යවන රටේ උගුරක සැත්කමක් කළ හැකි දොස්තරට සවුත්තු අමාත්‍යංශය පාලනය කරන්නට බැරි නොවන්නත් පුළුවන. කෙසේ වෙතත්, (අයියෝ) සිරිසේන මේ දුන් බාල්දියත් අරගෙන ළිඳ ළඟට දුවගෙන ගියේ අමුඩයත් අමතකව ය. කොහොමත් අපට විලි ලැජ්ජාවක් තියෙන එකක් යයි කියා සිරිසේන අමුඩය නැතුවම නාන්නට පටන් ගත්තේ ය. පළවෙනි බාල්දිය නාන විට ඔහුට මාර කල්පනාවක් ආවේ ය. පොළොන්නරුව ඉස්පිරිතාලය මධ්‍යම ආණ්ඩුවට පවරාගෙන මහ රෝහලක් කළේ ය. ඒ රෙද්දේ මහ රෝහලක පහසුකම් ත...

ජෝක්ලන්තයේ අගමැතිකමට සංගීත පුටු තරගයක්

Image
(2010 අප්‍රේල් 19 -  W3Lanka )  නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වන දි(රච්ච) මු(ල්) ඇති වයෝවෘද්ධ පුද්ගලයකුට ගරු කිරීම පිණිස යයි කියමින් අගමැතිකම කෙටි කලකට කියා ඔහුට දී, අගමැති පුටුවට දීර්ඝකාලීන සංගීත පුටු තරගයක් පැවැත්වීමට ජෝක්ලන්තයේ මහ රජතුමා තීරණය කර තිබෙන බව වාර්තා පෙන්වා දෙයි.  ආරංචි මාර්ග අනුව, අගමැති තනතුර දි(රච්ච) මු(ල්)ට පවරන්නේ මේ වසරේ නොවැම්බර් මස මහ රජු සිය දෙවන ධුර කාලය සඳහා ඔටුනු පළඳින තෙක් යයි ප්‍රචාරය කරනු ලැබේ.  එවිට අනාගත අගමැතිවරුන්ට වැඩ පෙන්නීමට මාස හයක පමණ කාලයක් තිබේ. වැඩ පෙන්නීම යනු මහරජතුමාගේ දෑත් ශක්තිමත් කිරීමයි. මහරජතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට නම් ටෙම්පල්ගහමන්දිරයේ පිළිකන්න පැත්තේ කැරකෙමින් වළං-පිඟන් සේදීම, වැසිකිළිවලට වතුර ගැසීම, කාණු හේදීම, අතුපතුගෑම,  පොඩි පොඩි විහිළුවලට හයියෙන් හිනා වීම, මැඩම්ට, මල්ලිලාට හා බේබිලාට ද 'සර්' කීම, තම අමාත්‍යංශවල පීත්ත පටි කපන්නට ඔවුන්ට ආරාධනා කිරීම හා කේලාම් කීම මහා පරිමාණයෙන් කළ යුතුව තිබේ.  අනාගත අගමැතිවරුන් මේ අන්දමින් වැඩ පෙන්නන විට සහෝදරතුමා නිකම් ම උඩ යාම අගමැතිකම අ...