Posts

Showing posts from December, 2011

කොළඹ යන්න ගිය බල්ලා ගැන ආණ්ඩුවෙන් රුවන් වැකියක්

"ඔන්න බල්ලෙක්‌ කොළඹ යන්න ය කියලා පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් ආපහු හැරිල ආවලු ලේ පෙරාගෙන, තුවාල කරගෙන. මේක දැකපු අය ඇහුවලු "මොකද මචං වුණ?" කියලා. බල්ලා කියලා තියෙන්නේ "මම කොළඹ යන්න ගියා. මිනිසුන්ගෙන් හෝ වෙනත් අයගෙන් නම් කිසිම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. ප්‍රශ්න වුණේ අපේම අයගෙන්" කියලග ඒ වගේ අද රජයේ ගමනට විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. ඡේ. වී. පී එකෙන් ප්‍රශ්නයක්‌ නෑ. බාධා තිබෙන්නේ අපේම අයගෙන්මයි." මේ එජාපයෙන් ආණ්ඩුවට එකතු වී කොළඹ යන්න ගිය ඇමති ලංක්ෂ්මන් යාපා අබේවර්ධනගේ රුවන් වැකියකි. මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය කොළඹ යන්නට අදහස් කරන බල්ලන් හපා කා ආපසු හරවන බල්ලන් වැඩිකමයි. කොයි බල්ලා කොළඹ යන්න ගියත් අනෙක් සියලු බල්ලෝ ඒ ගමනට හරස් කපති. ඒ නිසා එක බල්ලෙකුටවත් කොළඹ යන්නට ලැබෙන්නේ නැත. මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් සම්බන්ධයෙන් ගැලපෙන තවත් ප්‍රස්ථාව පිරුළක් තිබේ. ඒ 'බල්ලට ඇති වැඩකුත් නැහැ, හෙමින් ගමනකුත් නැහැ' යන්නයි. 'කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන්' යන ප්‍රස්ථාව පිරුළ ද ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් හොඳින් ගැලපෙන්නකි. මේ ලිපියට ඔබ කැමති නම්

විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා සිසු ප්‍රතිශතය 30%කින් වැඩි කිරීම අර්බුදයට විසඳුමයි

Image
උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය ගැන ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ හොඳ විග්‍රහයක් කර තිබේ. එහි දේශපාලන මණ්ඩල සභිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසන්නේ උසස්‌ පෙළ ප්‍රතිඵල අවුල් කිරීම රාජ්‍ය විශ්වවිsද්‍යාල පද්ධතියට "ගේමක්‌" දීමට හිතාමතාම කළ සැලසුමක්‌ බවත් එමගින් මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට දැඩි පෙළඹවීමක්‌ සිදු කර ඇති බවයි. මෙය ඉතා තර්කානුකූල ප්‍රකාශයක් වන අතර එය නිකුත් කර ඇත්තේ ද රජයේ අභ්‍යන්තරය ගැන හොඳ්න් දන්නා පිරිසක් විසිනි. දැනට රාජ්‍ය සේවයේ නියුතු ඇතැම් අධ්‍යාපන බලධාරීන් විශ්‍රාම යැමෙන් අනතුරුව ඉහළ වැටුප් ලබමින් එම පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි සේවය කිරීමට සිතා සිටින බවත් වෙනකක්‌ තබා වත්මන් රජයට එක්‌වී සිටින දේශපාලනඥයකුද එම විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවත් විඡේනායක පවසයි. ඔහු අදහස් කරන්නේ මෝහන් ලාල් ග්‍රේරෝ විය යුතු ය.  ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනා කරනු ලබන විසඳුම ද ඉතා ප්‍රායෝගික එකකි. උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතියට සිදුවූ වැරැද්දට වන්දි වශයෙන් පැරැණි සහ නව

ලංකාවේ දේශපාලනයේ පළමු සුදුසුකම නො හික්මුණු ආවේගශීලිත්වය ද?

ආණ්ඩු පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව මේ රටේ දේශපාලනය එක සේ නො හික්මුණු පිරිසකට සින්න වී තිබේ. පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා ම තත්වය එයයි. පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූ වරදට එළවාගෙන ගොස් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දී 'ආණ්ඩුව විවේචනය කළ නිසා ගැහුවා' යි කියන්නට හැකි, නීතියක්, රීතියක්, සම්ප්‍රදායක්, යුක්තියක්, සදාචාරයක්, සිරිතක්, විරිතක් නො දන්නා ආවේගශීලී පිරිස් රටේ නීති සම්පාදනය කරන ආයතනය ආක්‍රමණය කර තිබේ. අද පවතින පිළිගැනීම් අනුව දේශපාලනය යනු මහත්වරුන්ගේ කටයුත්තක් නො ව, ඉහත ලක්ෂණ වලට අමතරව සොරකම, වංචාව, දූෂණය, මැරවරකම හොඳින් දන්නා අයගේ වැඩකි. මේ එක්සත් ජාතික පක්ෂ්‍ය විසින් ඉදිරියට ගනු ලබන පිරිස්වල හැටි ය.උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි. තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂය නියෝජනය කරනු ලබන එජාප මන්ත්‍රීවරුන් වන ඒ. පී. ධම්මික මහතා සහ සුජීවා සමරසිංහ මහත්මිය අතර ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී ඇතිවූ බහින්බස්‌ වීමක්‌ අවසන් වූයේ තේ කෝප්ප ප්‍රහාරයකිනි. 2012 අයවැය කෙටුම්පත සභා සම්මත කර ගැනීම සඳහා පෙරේදා (27 දින) පැවැති ප්‍රාදේශීය සභා රැස්‌වීමෙන් අනතුරුව පැවැති තේ පැන් සංග

රටක ආර්ථිකයට කෙළවූ තංගල්ලේ චන්ද්‍රපුශ්ප බැලයා

Image
ෆිච් රේටිං ආයතනය ලංකාවේ ආර්ථිකය ලෝකයේ අනතුරුදායක ම ආර්ථිකයන් අතරින් එකක් ලෙස නම් කර තිබේ.  රටේ ආනයන වියදම අපනයන ආසායම මෙන් දෙගුණයකි. ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවූ බවට ආණ්ඩුව පුවත්පත් දැන්වීම් පළ කරමින් ප්‍රකාශයට පත් කළ මුත්, ඒ හා සමාන මුදලක් ආණ්ඩුව රුපියල කෘත්‍රිමව ඉහළ මට්ටමක තබා ගැනීමට ද වැය කර ඇති බව වාර්තා වේ.  රටේ අපනයන බිඳ වැටී ඇත. ආර්ථිකය රැඳී පවතින්නේ බොහෝ දුරට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් මත ය. ඍජු විදේශ ආයෝජනවලින් ද සැලකිය යුතු ප්‍රතිශතයක් සංචාරක කර්මාන්තය සඳහා ය.  මේ වසරේදී ලංකාවට සංචාරකයන් 850,000ක් පැමිණි අතර, සංචාරකයන් පැමිණීම වැඩි කර ගැනීමට රජය පියවර රැසක් ගනිමින් තිබේ.  එහෙත්, මහින්ද රාජපක්ෂ පවුලේ බැලයකු වීම නිසා තංගල්ල ප්‍රාදේශීය සභාව පාලනය කරන්නට පත් කර ඇති එක් වගකීම් විරහිත, පල් ම පල් මෝඩයකු වූ පාරම්පරික මැරවරයකු නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට තදබල පහරක් වැදී ඇත.  මේ දේශද්‍රෝහියා ජාත්‍යන්තර වශයෙන් රටට කර ඇති අවමානය හා ආර්ථිකයට කර ඇති හානිය පිළිසකර කිරීම ලෙහෙසි පහසු නැත. ඒ‍ වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ගණන් වැය වනු ඇත. 

උසස් පෙළ ජිල්මාට් වෙයි. වගකිව යුත්‍තනි, ගෙදර පලයවි!

ලංකාවේ පළාත් සභාවල හා රජයේ  අධ්‍යාපන ඇමති නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 11කි. අධ්‍යාපනය ගැන සොයා බලන්නට ලෝකෙට ම එකයි සුපවයිසර් මන්ත්‍රී කෙනෙක් ද ඇත.  ‍පුරප්පාඩුව පිරවීමට මෙතෙක් කල් වෙන කෙනෙකු සොයා ගන්නට බැරි වුණ තරමට දක්ෂ හැට පැන්න විභාග කොමසාරිස් කෙනෙකු ද ලංකාවට සිටියි. හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැත.  විශ්ව විද්‍යාල ප්‍රව්ශය ගැන වග බලා ගන්නට හිටපු 'ත්‍රස්තවාදියකු' සභාපති පදවිය දරන පොරතිපාදන කොමිසමක් ද ඇත.  ඒ වුණාට උසස් පෙළ ප්‍රතිඵල වැරදි ය.  උසස් පෙළ කියන්නේ දරුවකුගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමකි. එක දශමයෙන් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් වෙයි.  මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත පරම්පරාවක ජීවිත සමග ය.  උසස් පෙළ ප්‍රතිඵල සැක ය. ඉසෙඩ් ස්කෝර් එක ගණනය කළ කොම්පියුටර් ජිල්මාට් එක වහා ම රටට හෙළිදරව් කළ යුතු ය.  විභාගයක් පවත්වා හරියට ප්‍රතිඵල නිකුත් කළ නො හැකි වූ වගකිව යුතු අති පණ්ඩිතයන් වහා ම ගෙදර යැවිය යුතු ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නොරොච්චෝලේ අපලේ

Image
පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 35ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව ද, එවැනි එක් දිනක් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විඳින්නට සිදු වන පාඩුව රු. කෝටි අටක් බව ද විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසයි. මෙම ඇමතිවරයා මීට ටික කලකට පෙර විදුලි බල මණ්ඩලය 'ලාභ' ලබන තත්වයට ගෙන ආ අයෙකි.  විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක දැරූ උත්සාහයක් ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය විසින් ව්‍යර්ථ කරන ලද බව වාර්තා විය. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය. මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුල

ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රෝඩාව ගැන ෆිච් රේටිං හෙළිදරව්වෙන් ආණ්ඩුව කැළඹේ

පහත පළ වන්නේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි. ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවායි. බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි. එහෙත් විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීම ම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි. විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ‍සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය. එම අඩු කිරීම් මෙසේ ය. රට 2011 ආර්ථික වර්ධන වේගය 2012 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය චීනය 9.3 % 8.5 % ඉන්දියා 8 % 7.8 %

ළමා මඩම මහඟු සේවාවක් විය. නත්තල් සාමය උදා විය

Image
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පසුගිය දිනවල ආණ්ඩුවට දෝස්මුරයක් දැමූ හ. ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ළමා මඩමක් ලෙස හඳුන්වමින් වටලා අපකීර්තියට පත් කරන ලද මොරටුවේ ප්‍රේම් නිවහන පිළිබඳ සාධාරණ අන්දමින් කටයුතු නො කළහොත් රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගි නො වන බව කියමිනි.  ජනාධිපතිතුමාට ඒ හඬ හොඳින් ඇසුණේ ය. ඇමති කෙහෙලිය රඹුක්වැල්ල රජය වෙනුවෙන් සමාව ගත් අතර, වැඩේ කියන්නේ ස්වාධීන අධිකරණයට ද කාරණා අවබෝධ විය.  ඒ අනුව ඊයේ කාදිනල් හිමියෝ ඊයේ අරලිය ගහ මැදුරේ නත්තල් උත්සවයේ ආගමික වතාවත් ද මෙහෙයවමින් එයට සහභාගි වූ හ.  තමන්ගේ රැස්පොට් එක පවත්වා ගෙන යාම තමන්ගේ වැඩකි. බෞද්ධ මහ නායක හිමිවරුන්ට ද මෙයින් පාඩමක් උගත හැකි ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක් (edited)

ජවිපෙන් බිඳුණු ජන අරගල ව්‍යාපාරය අලුත් බලාපොරොත්තුවත් සමාජය තුළ ඇති කරන්නට සමත් වූ නමුත් දැන්, දැන් ඒ බලාපොරොත්තුව සේදී යමින් ඔවුන් යල් පැන ගිය අන්තයක් වෙත ගමන් කරමින් සිටියිදෝ යන සැකය ජනිත වෙමින් තිබේ. 'සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්' යන ඔවුන්ගේ තේමාව පුළුල් අරුත් සහිත සංවාද මාතෘකාවකි. ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු. කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය. ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය. එහෙත් ජවිපෙ පූර්ණ අනුග්‍රහය යටතේ පසුගිය සමයේ උතුරේ ගොඩනැඟුණු දේශපාලන පසුබිම තුළ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක්

අන්තිමේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ද මහ නායක හිමිවරුන් නොතකා හැරිය හ

අපේ ගරුතර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් කියන දෙයක් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති වීම කණගාටුදායක තත්වයකි..  ජනාධිපතිතුමා නම් උන් වහන්සේලා කියන දේ පයිසෙකට මායිම් නො කරන බව සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි උන්වහන්සේලා කළ ඉල්ලීමට වූ දෙයින් පෙනේ.  අපේ මහ නායක හිමිවරුන්ට ගිය කල කෙසේද යත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් උන් වහන්සේලාගේ ඉල්ලීම ගණන් ගෙන කරු ජයසූරිය එජාප නායකයා ලෙස පත් කර ගත්තේ නැත. එපමණක් නො ව, මහ නායක හිමිවරුන්ගේ අනුග්‍රහය ලද කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස පිරිවර බුදු දහමට කෙතරම් නිගරු කළේ ද යත්, සිය ගෝල බාල මැරවරයන් ලවා සිරිකොතේ බුදු මැදුරට ද ගල් ගැස්සූ හ. මහ නායක හිමිවරුන් කියන දේ අසපුකාර ගනින්නාන්සේලා හා දේශපාලන භික්ෂූහු ද නො සලකති.  සාමාන්‍ය සංඝයා වහන්සේලාට මහ නායක හිමිවරුන් සමග ඇති සම්බන්ධයක් නැත.  අනේ මන්දා ය. මේ හැම එක ම විජාතික කුමන්ත්‍රණ ය කියා කියන්නත් බැරි ය. තම තමන් නෙළා ගන්නේ තමන් විසින් ම වපුරන ලද බීජවල අස්වැන්න වන්නට පුළුවන. අන්තෝ ජඨා බහි ජඨා -ජඨාය ජටිතෝ ජඨා ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මුහුදු ඌරා

Image
මේ පිංතූරයේ ඉන්නේ මුහුදු ඌරෙක්.  මුහුදු ඌරා ලංකාවේ මුහුදේ ජීවත් වන, දුර්ලභ, මෑතක් වනතුරු ම මාළු ලෑලිවල විකිණුනු, වඳ වී යාමේ තර්ජනයට ලක් වූ, ශාඛ භක්ෂක, අලියාගේ ඈත නෑයෙකු ලෙස සැලකෙන ක්ෂීරපායී සතෙක්.  ලංකාවට දකුණු දෙසින් මුහුදේ යන නැව් හේතුවෙන් මුහුදු ඌරන්ට හා තල්මසුන්ට අනතුරු සිදු වන බව නාරා ආයතනය පවසනවා.  විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අහෝ ශිරාල් නො දුටි මොක් පුර!

Image
පහත පළ වන්නේ ශිරාල් ලක්තිලක බස්නාහිර පළාත් සභාවට තරග කර තේරී පත් වීමට අපොහොසත් වූ මැතිවරණය ආසන්නයේදී, එනම් 2009දී W3Lanka ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සටහනකි. ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ යි  එදා පැවසූ ශිරාල් ලක්තිලක ගැන අලුත් විස්තර මෙතැනින් කියවන්න.   ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිට එජාපය දක්වා ශිරාල් ලක්තිලක සමග කතාබහක් සංවාද සටහන: ලාල් තිබ්බොටුවාව සමග සම්පත් ගීතික ඔබගේ ශිෂ්‍ය දේශපාලනය ගැන මතකය අවධි කළොත්.... ශිරාල් - මුලින්ම තිබුණේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය. ඒ යුගයෙදි විශ්ව විද්‍යාල වල බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂයට. ඊට පස්සේ තමයි ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ ශිෂ්‍ය සංගම් ගොඩගන්න ගත්තේ. මේ යුගයෙදි කොළඹ විශ්ව විද්‍යාලය තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමය තහවුරු වෙනවත් එක්කම විශාල මතවාදී අරගලයක් පටන් ගන්නව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ මතවාදී අරගලය සම්පූර්ණයෙන්ම තීරණය වුනේ දෙමළ ජනතාවට ස්වයං නීර්ණයෙ අයිතිය

වැළලෙන සොසේජස්

පන්නල මාකඳුරේ සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු කටු ඉවත් කළ කුකුළුමස්, සොසේජස් සහ සොසේජස් නිෂ්පාදනයට යොදා ගන්නා සෝයා පිටි කිලෝ 2,92,295ක තොගයක් අධිකරණ නියෝගයක් මත වළලා දමන ලදී. රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමක් ඇති මෙම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොගය ඉකුත් 15 දා මෙසේ වළ දැමුවේ කුලියාපිටිය දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ නියමය පරිදි ආණමඩුවේ ආඬිගම තෝරාගත් ස්ථානයක දී ය. මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සොසේජස්වලින් සියයට 80 ක් විදේශ වෙළඳ පොළට නිකුත් කෙරේ. සියයට 20 ක ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට නිකුත් කෙරේ. කල් ඉකුත්වීම නිසා ආහාරයට නුසුදුසු සොසේජස් හා කුකුළු මස් තොගයක් මෙහි තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරි කණ්ඩායමක් හදිසි වැටලීමක් සිදුකළහ. එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ සොසේජස් නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන කටු ඉවත් කළ කුකුළු මස් කිලෝ 1,87,750 ක්, හා සෝයා පිටි කිලෝ 32982 කුත්, සොසේජස් කිලෝ 71563 කුත් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙතරම් වි

අරුන්දික ප්‍රනාන්දු සහ පුත්තලම් බූරුවෝ / Sri Lanka MP Arundika Fernando and Puttlam donkeys

Image
පුත්තලම කලක් පුත්තලම් බූරුවන්ට ප්‍රසිද්ධ වී තිබිණි. අරුන්දික ප්‍රනාන්දු වනාහි පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. ඔහු දිවයින පුවත්පතට මෙසේ කියා ඇත. පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීතුමා රජයට වගේම ජනාධිපතිතුමා ඇතුළු අපටත් බොරු චෝදනා එල්ලකරමින් මඩ ගැහුවා. ඒ විදිහට කතා කරන්න එපා කියලා අපි ඔහුට කිව්වා. ඒත් ඇහුවේ නැහැ. ලොබිය තුළදී මා ඔහුගේ කම්මුලට පහරවල් දෙක තුනක්‌ එල්ල කළා යෑයි පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා "දිවයින" ට ඊයේ (19 දා) ප්‍රකාශ කළේය. ඊට පස්‌සේ ඔහු මට පහර දෙන්න ආවා. ඒත් ඒවා වැළකී ගියා. සිද්ධිය දිවයින පුවත්පතේ විස්තර කර ඇති ආකාරය මෙසේ ය. ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීවරයා පැයකට ආසන්න කාලයක්‌ ආරක්‌ෂක හමුදාව සහ පොලිසිය ගැනත්. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැනත් කතා කළේය. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු රංගේ බණ්‌ඩාර මහතාට දිගින් දිගටම බාධා කළ අතර සිය කතාව අවසන් කළ බණ්‌ඩාර මහතා සභාවෙන් පිටව යැමට දොරටුව වෙත ගියේය. ඒ සමඟම අරුන්දික ප්‍රනාන්දු මහතාද එදෙසට වේගයෙන් දි

කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය

Image
යූඇන්පීකාරයෝ උඩ බලාගෙන කෙළ ගසාගෙන, බඩ උලාගෙන මුත්‍රා කරගෙන, තමන්ගේ ම අසූචි තමන්ගේ ම කටේ රුවාගෙන සිය සැබෑ දේශපාලන ස්වරූපය පෙන්නුම් කළ හ.  සිරිකොත ඉදිරිපිට යකා නැටූ පිරිස ගෙන්වූයේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් යයි කියනු ලැබේ. හැබැයි, කරු ජයසූරිය එජාප නායකයා කර ගන්නට බැරි වුණාට සජිත් ප්‍රේමදාස නම් පියවරක් ඉදිරියට පැමිණ ඇත.  දැන් කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය.  දැන් සජිත් කළ යුත්තේ සිය තනතුරින් ඉල්ලා අස් වී නායකකමට සුදුස්සා ලෙස තමන් විසින් ප්‍රවර්ධනය කරන ලද, එහෙත්, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලද කරු ජයසූරියට තම පුටුව හෙවත් නියෝජ්‍ය නායකකම දීමයි.  එහෙම නැතිනම් ආවොත් කරු පායන බව කී හිරු පායන්නේ නැත.  සිරිකොත ඉදිරිපිට යූඇන්පී බූරුවන්ගේ ජල්ලිය විසින් පහත සඳහන් කරුණ ද සංකේතවත් කරනු ලැබේ. මේ ආණ්ඩුව වෙනස් කරන්නට අවශ්‍ය විශාල පිරිසකගේ බලාපොරොත්තුව වූ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනක් හෙවත් ගෝ එකක් නැතිකම නිසා එජාප සාමාජිකයෝ හා හිතවත්තු කිපී සිටිති.  ආණ්ඩුව‍ට සෙට් වුණා ය කියා ද වැඩක් නැත. මෝහන් ලාල් ග්‍රේරෝට මෙන් ලැබෙන්

ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ

Image
එප්පාවල කලක් ප්‍රසිද්ධව තිබුණේ පොස්පේට් නිධිය හා එය චන්ද්‍රිකාගේ ආණ්ඩුව විසින් ඇමරිකන් සමාගමකට විකිණීම සඳහා දරන ලද තැත වැළැක්වීම පිණිස ගල්කන්ද පුරාණ රජමහා විහාරයේ නායක හාමුදුරුවන් වූ මහමාන්කඩවල පියරතන හිමියන්ගේ නායකත්වයෙන් දියත් වූ අරගලය නිසා ය. ලංකාවේ බොහෝ ප්‍රගතිශීලී සංවිධාන මෙම හිමියන්ගේ උද්ඝෝෂණවලට සහාය දීම සඳහා එප්පාවලට පැමිණිය හ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එප්පාවල පොස්පේට් නිධියට යම් සුරක්ෂිතබවක් ලැබී තිබේ. එය ප්‍රයෝජනයට ගැනීම සඳහා හෙවත් පොහොර නිපදවීම සඳහා පිහිටුවන ලද සමාගමේ අධයක්ෂ මණ්ඩලයේ එප්පාවල හාමුදුරුවෝ ද සිටිති. මෙම කම්හලෙන් තවමත් වැඩිපුර නිපදවන්නේ රොක් පොස්පේට් බව ද, කෙටි කාලීන බෝග සඳහා යොදා ගත හැකි, පහසුවෙන් පසට අවශෝෂණය වන සිංගල් සුපර් පොස්පේට් නිපදවන්නට අවශ්‍ය ප්‍රාග්ධනය සමාගමට නැති බව වාර්තා වේ. ඒ දිනවල එප්පාවල පොස්පේට් නිධිය රැක ගැනීමේ අරගලයට සහභාගි වන්නට අප ගිය සුන්දර ගැමි එප්පාවල පෙදෙස අද ප්‍රසිද්ධ වී ඇත්තේ සමූහ මිනීමැරුමුවලට ය. මේ අලුත් ම සමූහ මිනීමැරුමයි. කියවන්න දිවයින. මේ උපුටා ගත් කොටසකි. "සෑර් කාලයක්‌ තිස්‌සේ මම ඉඩම් නඩුවකට පැටලී ඉන

කොළඹ බල්ලෝ වැඩේ වණ කර ගත් හ

Image
කොළඹ ඕනෑ තරම් බල්ලෝ සිටිති ඒ බල්ලෝ ඕනෑ තරම් මිනිසුන්ව ද කති.  මේ බල්ලෝ වරදි කෑමක් කන්නට ගිය හ.  කොළම ධනපතින්ගේ  නයිට් රේස් එකට මේ නිසා අවුලක් ඇති විය.  බල්ලෝ වැඩේ වණ කර ගත් හ. බල්ලා වුණත් ගෙරවිය යුත්තේ කාට ද යන්න දැන ගත යුතු කාලයකි, මෙය.  දැන් ඉතින් කොළඹ බල්ලන්ට ද හිඟන්නන්ට, පේමන්ට්කාරයන්ට හා අනවසර නිවැසියන්ට සේ ම අබ සරණ ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වාර්තා තැබිය හැති වේබ් අඩවියක් හිමි ලංකා සමසමාජ පක්ෂය

Image
තවමත් පවතින ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය අද ඇඹිලිපිටියේ ඩී.ඒ. රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී සිය 76වන සමරුව පවත්වයි.  ජනාධිපතිවරයා ගෙන්වා ගැනීමට තරම් ශක්තියක් නැති වීම නිසා සමසමාජ පක්ෂය සිය සංවත්සරය සඳහා කතානායක චමල් රාජපක්ෂ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි කර ගනියි.  ලංකා සමසමාජ පක්ෂය බිහි වන්නට පෙර මේ රටේ තවත් දේශපාලන පක්ෂ දෙකක් තිබිණි. ඒවා නම් 1919දී බිහි වූ ලංකා ජාතික කොංග්‍රසය හා 1929දී ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් බිහි වූ ලංකා කම්කරු පක්ෂයයි. ඒවා දැන් නැත.  ලංකා සමසමාජ පක්ෂයට සන්ධානවාදයෙන් කිළිටු වූ කීර්තිමත් ඉතිහාසයක් ඇත. අදත් සමසමාජය සතුව පාර්ලිමේන්තු ආසන දෙකක් ඇත. ඉන් එකක් ඡන්දයෙන් දිනූ එකකි. ඒ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි.ජී. පද්මසිරි ය.  පළාත් සභා ආසන කීපයක් ද හිමි මෙම පක්ෂය සන්ධානවලින් තොරව තනිව ම තරග කර පළාත් පාලන ආයතන කීපයක ආසන දිනාගෙන ඇත.  දෙමළ අරගලයට එරෙහිව රජයේ යුද්ධය පැවති සමයේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන මතු වූ ජාත්‍යන්තර විරෝධය මැඬ ගැනීමට මහෝපකාරී වූ ඊනියා සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති ධුරය දරමින් සමසමාජ නායක තිස්ස විතාරණ

උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමේ වාර්තාව

උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමේ වාර්තාව පහත සම්බන්ධතා පුරුක ඔස්සේ කියවිය හැකි ය. Report of the COMMISSION OF INQUIRY ON LESSONS LEARNT AND RECONCILIATION  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ අධිවේගී මාර්ගයේ ආපස්සට පයින් යන පිරිසකි

Image
අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්‌ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසය කියයි. බද්දේගම පිවිසුම් පොලිස්‌ මුරපළේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අධිවේගී මාර්ගයෙහි පයින් ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සිට මෝටර් රථයෙන් පැමිණෙන අතර බද්දේගම පිවිසුම් මාර්ගය නොපෙණුනු සෙයින් මෝටර් රථය ගාල්ල දෙසට යවා පිටවීම සඳහා පා ගමනින් පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත. දිවයින පුවත්පතින් උපුටා ගත් මෙම ප්‍රවෘත්ති ඛන්ඩයේ වරදතරු විශ්ව විද්‍යාල ආචාර්යවරයතු බව හුවා දැක්වීම විශ්ව විද්‍යාල ගුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවෙන් කරන ලද්දකැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඒ වුණාට මෙහෙම එකකුත් ඇත. මෙම සිද්ධියෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ යම් කිසි කරුණක් සංකේතාත්මකව පැවසේ. අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු අදාළ පිටවීම් ස්ථානයට කිලෝමීටර ගණනාවකට පෙර සවි කර තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ කියවීමේ කුසලතා දුර්වල මට්ටමක ඇත. ඔවුන් දක්ෂ සටහන් කට පාඩම් කිරීමට හා තවත් අ

නෙළුම් පොකුණේ ගාස්තු

Image
නෙළුම් පොකුණ 'මහින්ද රාජපක්ෂ' රඟහලේ ගාස්තු කොහොමද දන්නවාද?  රංග ශාලාවේ එක් දිනක සංදර්ශන දෙකක් සඳහා පමණක් ගෙඩි රුපියල් 1,050, 000කි. ඊට අමතරව තැබිය යුතු ආපසු ගෙවන තැන්පතුව රු. 150,000කි.  මෙහි සංදර්ශනයක් පැවැත්වීම සාමාන්‍ය නාට්‍යකරුවකුට නම් සිහිනයකි.  මෙයින් සිදු වන සංස්කෘතික නවෝදය කෙසේ වෙතත්, මෙහි සංදර්ශන පැවැත්වීම සඳහා සහන හා අනුග්‍රාහකත්වය හිඟා ගැනීමට පාලකයන් හා ධනපති ඉදිරියේ කොන්ද තවත් වකුටු කරන කලාකරුවන් පිරිසක් නම් මෙයින් බිහි වනු ඇත.  විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නාමල් පෙර පාසල් ගුරුකමින් නීතිඥ වෘත්තියට

Image
මේ ඡායාරූපය නාමල් රාජපක්ෂ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් දිනයේ ප්‍රසිද්ධ වූ ඡායාරූප අතරින් අරුත්බර එකකි. නාමල් රාජපක්ෂගේ නීති වෘත්තියට පිවිසීම ද විවේචනයට ලක් වී ඇත. නීති විද්‍යාලයේ විභාගයක් ලිවීමට පැමිණි ඔහුට නීති විදුහල්පති බුලත් හුරුල්ලක් දී පිළි ගැනීම හා වායු සමනය කරන ලද හා අන්තර්ජාල පහසුකම් තිබුණු බව කියන කාමරයක ඔහුට වෙන ම විභාගය ලියන්නට සැලැස්වීම පිළිබඳ විවේචන ද ඒ අතර විය. ලංකාවේ පාලක පවුල නීතියට ඉහළින් ඇති එකකැයි ද චෝදනාවක් ඇත. නාමල් රාජපක්ෂ 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා පත්‍ර පුරවද්දී එහි රැකියාව ලෙස සඳහන් කළේ පෙර පාසල් ගුරු වෘත්තිය බව ඒ දිනවල මාධ්‍යවල වාර්තා විය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්

Image
සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක් මේ ජන අරගල ව්‍යාපාරයේ තේමා පාඨයයි. ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු. කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය. ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය.  උතුරේ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක් නො වේ.  ජවිපෙ සාමාජිකයන් වෙතින් පිළිබිඹු වන මෙකී හෘදය සාක්ෂියේ කිසියම් නො ගැලපෙන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ඒ නිසා වන්නට හැකි ය.  කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණත් සමග ම ජන අරගල ව්‍යාපාරය ද දකුණෙන් උතුර දෙසට තල්ලු වෙමින් ඇති බවක් ද පෙනේ.  වෙනස් මිනිසෙක් නිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. වෙනස් මිනිසෙක්

නාමල් රාජපක්ෂ සහ නාලිකා අතර සම්බන්ධය ගැන

Image
දවසක් මමත්, තාත්තත් අම්මත් මල්ලිල දෙන්නත් එකට වාඩිවෙලා ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹුවා. එහි විකාශය වූ පළමු ප්‍රවෘත්තිය ජනාධිපතිතුමාගේ, දෙවැන්න කථානායක තුමාගේ, තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතාගේ, හතරවැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පස්වැනි ප්‍රවෘත්තිය ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා, මමත්, මගේ මල්ලී යෝෂිතත් ගැන රගර් ප්‍රවෘත්තියක්. (පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අයවැය විවාදයේදී කළ කතාවකින්) දැන් ස්වාධීන රූපවාහිනියේ ලොක්කන් හිතන්නේ මෙහෙම විය හැකි ය.  "මාර අප්සෙට් එකනෙ වුණේ. දෙවෙනියට දාන්න තිබුණු ප්‍රවෘත්තිය පස්වෙනියට දාලනේ." (‍මෙම ප්‍රවෘත්තියේ නාලිකා යනු රූපවාහිනී නාලිකා බව කරුණාවෙන් සලකන්න.) මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න