වෙජිටබල් වෙලා කියන්නේ කුමක් ද? ජොනීට වුණ දේ ද?

ඉංග්‍රීසියෙන් යමෙකු වෙජිටබල් වෙනවා ය කියන්නේ හදිසි අනතුරක් වැනි හේතුවක් නිසා මොළය මැරී හුස්ම ගැනීම පමණක් කරන තත්වයට පත් වූ විට ය. 


පසුගිය කාලයේ ඇතැමුන් කීවේ දුමින්ද සිල්වා ද වෙජිටබල් වනු ඇති බව ය. එහෙත් දැන් දුමින්ද සිල්වා හෙණරාජ තෛලය ගෑ කලෙක සේ නො පෙනී ගොස් ඇත. 


වෙජිටබල් ඇමතිවරයකු විසින් ගන්නා ලද මේ රටට දිරවා ගන්නට බැරි අමනෝඥ පියවරක් නිසා මේ වන විට ලංකාවේ මිනිසුන්ට වෙජිටබල් දිහා බලන්නට හෝ බැරි මට්ටමට මිළ ඉහළ ගොස් ඇත. 


වෙජිටබල් නිසා අද රට පුරා ගොවි හර්තාල් ය. දඹුල්ලේදී ගොවීන්ට කඳුළු ගෑස් ද ගසන ලදී. 


ජොනී ද? වෙජිටබල් ද? 


ආණ්ඩුව දෙකෙන් එකක් තීරණය කළ යුතු ය. 


තවත් විස්තර මෙතැනින්
Vegetable Johnny of Sri Lanka rots vegi farmer and markets

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජෝනියා ජෝකරයෙක්ද, බූරුවෙක්ද, අමනයෙක්ද, යන්න හරිහැටි තීරණය කල නොහැක්කේ ඒ ගති ලක්ෂණ සියල්ල අඩු වැඩි වශයේ මූ තුල පිහිටා ඇති බැවිනි. මූ තනිකරම වෙනකෙකු විසින් නටවන රූකඩයක් විනා, විචාර බුද්ධියක් ඇති එකෙකු නොවන බව යූ.එන්.පී. එකේ මූ හිටිය කාලයේදීම කාටත් නොවැටහුනා නොවේ. මහින්ද මෙවැනි සොකඩයන්ට වඩාත් කැමති වන්නේ, කොයි අතට කැරකුවත් ආපහු තම දෙපතුල ලෙවකන වර්ගයේ බව දන්නා නිසාය. හැබැයි මූ සහ ආණ්ඩුවේ ඉන්න මෙවැනිම 'කඩුව අතට ගත වඳුරන් ටික දෙනා' වැඩිකල් නොගොස් අවශ්‍යයෙන්ම වියයුතුදේ නොවරදවාම කරන බව මෙහි සටහන් කරනු කැමැත්තෙමි.

    ReplyDelete
  2. ගෝනියත් 7ත 8ට තැනකින් මසා එළවලු එවන ගොවියා කූඩ ගන්නේ කෙසේද?
    ඵදා වේල හොයාගෙන කන නාට්ටාමිලා හා ඔවුන්ගේ දරුවන් බඩගින්නේ ඉන්න වේලක් ගානේ ජෝන්ස්ටන්ට සාප වේවා!!!!!!

    ReplyDelete
  3. jonnya schole gihin nethi harakeke mun tika rata kanawa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා