ජොනීට ප්ලාස්ටික් පෙට්ටි; අපට මිනී පෙට්ටි

ජනාධිපති මරන්නට ත්‍රස්තවාදීන් සමග කළ කුමන්ත්‍රණවලට හිලව් වෙන්නට බැල මෙහෙ කරන්නට ආණ්ඩුවට පැන්න ජොනී ආණ්ඩුවට සල්ලි හොයා දෙන්නට තම නැණ පමණින් ගත් පියවර නිසා මේ වන විට මහා අලකලංචියක් සිදු වී තිබේ. 


මේ රටේ අසංඛ්‍යයක් ප්‍රශ්න තිබියදී ජොනීට තිබෙන ලොකුම ප්‍රශ්නය එළවළු ප්‍රවාහනයේදී ගෝනිවල ඒවා ඇසිරීමයි. ගෝවා ගෝනියට පටවා ඒක උඩ නැග තද කරන බව ඇත්තක් විය හැකි ය. එහෙත්, මේ රටේ පාරිභෝගිකයාට මැස්සෙක්වත් වසා නැති සුපර් එළවළු අධි මිළට කන්නට වත්කමක් නැත. 


දැනටත් කැරට් කිලෝව වෙළඳපොළේ රු. 160කි. තක්කාලි කිලෝව රු. 200කි. අමු මිරිස් කිලෝව රු. 300කි. ජොනීගේ කූඩ නීතියෙන් පසු එළවළු වෙනුවට තණකොළ කන්නට පටන් ගන්නට මේ රටේ මිනිසුන්ට සිදු වනු ඇත. ජොනී වැනි හරකුන් බලයට පත් කර ගත් අප වැනි මී හරකුන්ට තණකොළත් නරක නැත. 


එළවළු වෙළෙන්දා කියන්නේ ප්ලාස්‍ටික් කූඩවල ලස්සනට එළවළු අසුරාගෙන ආ විට කිලෝවකට එකතු වන ප්‍රවාහන වියදම අධික බවයි. 


ගොවීන් කියන්නේ තමන්ට වෙළඳපොළට එළවළු ගෙන එන්නට පෙට්ටි ගන්නවාට අමතරව, ඒ පෙට්ටි ආපසු ගෙන යන්නට ද ලොරි කුලී ගෙවන්නට සිදු වී ඇති බවයි. 


පාරිභෝගිකයා කියන්නේ එළවළු මිළ ඇසූ විට ප්ලාස්‍ටික් පෙට්ටි නොව මිනී පෙට්ටි මතක් වන බවයි. 

 ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හිගන්නොත් එක්ක මොන අයිස්චර්යද. මුන්ගේ හිතේ හැම එකාටම උන්ට වගේ සල්ලි තියෙනවා කියලා. ගොවියෝ කියන්නේ හිඟන්නෝ. මේ ආන්ඩුව හිඟන්නෝ මරනවයි කියන එක බොරුවක් නෙමෙයි.. අනිවාර්යයෙන් ඕක අකුල ගන්න වෙනවා. කවුරු හරි පෙට්ටි ටිකක් ගෙනත් ඇති.. තීරණය තියෙන්නේ පෙට්ටි ගෙනාපු එකා මත..

    ReplyDelete
  2. 9 panthiyata giya..goneelata.chande deela.koragaththu hariya madhida

    ReplyDelete
  3. එළවලු පළතුරු ගොඩක් ප්‍රවාහනයේදී අපතේ යන තත්වයට පත් වෙන එක ඇත්ත. ඒ වගේම ඒ ක වලක් වන්නත් ඕනි. නමුත් පියවරෙන් පියවර කලොත් තමා හොද.. ගොවියන්වත්, මුදලාලිලවත්, පාරිබෝගිකයනුත් අමාරුවේ නොදමා.

    ReplyDelete
  4. එළවලු පලතුරු පෙට්ටිවල අසුරා ප්‍රවාහනය කරන එකට මාත් එකගයි. එය එසේම කල යුතුය. ඔය කෑගැසීම් විරෝධතා ටිකකලකින් නිමවුනු ඇත . වාහයක අසුරන පෙට්ටි ගණන අඩුවුවද එළවලු පලතුරු නාස්තිය අවම නිසා වැඩි ලාභයක් ලැබේ. පාරිබෝගිකයාට හොඳ එළවලු පලතුරු ලැබේ.

    ReplyDelete
  5. චන්දය දුන අප නෙවෙයි මීහරක්. චන්දය දුන් කුරුණෑගල මිනිසුන් තමයි මි හරක්

    ReplyDelete
  6. //ජොනී වැනි හරකුන් බලයට පත් කර ගත් අප වැනි මී හරකුන්ට තණකොළත් නරක නැත. //

    well said!

    ReplyDelete
  7. //ජොනී වැනි හරකුන් බලයට පත් කර ගත් අප වැනි මී හරකුන්ට තණකොළත් නරක නැත. //

    well said!

    ReplyDelete
  8. All developed countries use plastic boxes and crates for food transportation. This is a good move but should help farmers and transporters too. All these protests are made by those NAADI Mafia gangs at Dambulla.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා