ඉබ්බෙකුට අධිවේගී මාර්ගයේ එහා පැ්තේ වලේ සිටින ඉබ්බියකු බලන්නට යාමට ඇති අයිතිය

අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සිට කොට්ටා‍වට ගියෙමි. 


පාර පුරා බලු කුණු ය. මෙතෙක් කරදරයක් නැතිව ජීවත් වූ පාරට මේ මොනවා වී ඇද්දැයි බල්ලෝ කල්පනා කරනවා ඇත. 


ලේඛකයා සිය කුඩා කාරය අධිවේගී මාර්ගයේ යා හැකි උපරිම වේග සීමාව වන පැයට කිලෝ මීටර 100ට ආසන්නයෙන් පැදෙව්වේ ය. බොහෝ වාහන ඔහු ඉස්සර කර ගියේ ය.  එක් කාරයක් ගිය වේගය අඩු තරමේ පැයට කිලේ මීටර 180ක්වත් විය හැකි ය. 


අධිවේගී මාර්ගයට ඇතුළු වන හා පිට වන වේලාවන් ප්‍රවේශ පත්‍රයේ සටහන් වන නිසා අධිවේගයෙන් රිය පැදවූවන් පහසුවෙන් අල්ලා ගත හැකි ය. 


කොහොම ගියත්, මාකුඹුරෙන් හයිලෙවල් පාරට වැටුණු පසු යා යුත්තේ ඉබි ගමනෙනි. 


පාරේ එන අතර මග කුඩු වී ගිය ඉබි සිරුරක් දුටුවෙමි. ඉබ්බන්ට ඉතින් නම් කිසි දාක පාරෙන් එහා පැත්තේ වලේ සිටින ඉබ්බියන් සොයා යන්නට ලැබෙන්නේ නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. උඹල වගේ කාළකන්නින්ට මොකක හරි ඇදක් හොයාගත්තෙ නැත්නම් මේ බ්ලොග් කෙරුවාව කරගන්න බෑනේ. කුනු හාරන එක තමයි උඹලගෙ වැඩේ.

    සරත් ෆොන්සේකා විරුවාට ජය වේවා, වීරයා නිදහස් වේවා, විරුවා නිදහස් වී මුන් වගේ කුණු හාරන්නන්ව ඉවර කරත්වා.

    ReplyDelete
  2. ඉබ්බන්ට ‍සංස‍ර්ගයේ ‍යෙදීමට නොහැකි වීම පැරාට ඇති ලොකුම ගැටලුවයි. වියපත් ජෙප්පෝ සත්ව සංසර්ගයට ගැන කථා කලත් ර‍ටේ පුද්ගලයාගේ දියුණුව ගැන කථා කරන ජාතියක් නොවේ.

    ReplyDelete
  3. I love Dogs
    බල්ලන් මැරෙන මැරෙන ගානේ රාජපක්ෂට සාප වේවා.

    ReplyDelete
  4. ඉබ්බ කුඩු පට්ටන් වෙලාම ඉන්න ඇති, නැත්තන් 'Road Kill' එකක් වුනත් ඉබ්බන්ට තියෙන ඩිමාන්ඩ් එකේ හැටියට මළ සිරුර ඉතුරු වෙලා තිබ්බ එකත් පුදුමයක්

    ReplyDelete
  5. 1 වෙනි ඇනෝ,
    අනේ තෝවත් අර ඉබ්බා වගේ ඕකෙ කුඩු වෙලා යන්නෑනෙ.... කෙලමෝලෙන් කෑවත් දැනෙන්නැති කාලකන්ණි

    ReplyDelete
  6. හැම දෙකම වැරදි හොයන එක හරි නෑ තමා...මේවා වේගයෙන් යන ආර්ථිකයක් සඳහා අවශ්‍ය බව කියමින් තමා අපි 1977 ඉඳල දුවන්නේ...එදා මහවැලියෙන් පටන් ගත්ත යටිතල පහසුකම් දියුණු කිරීමේ සැලසුම් තමා දැන් මේ ඉවර කරන්නේ...වරාය, ගුවන් තොටුපල, කටුනායක, මහනුවර සහ දක්ෂිණ අධි වේගී මාර්ග...මේවා මගින් බලාපොරොතු වෙන්නේ හොඳ විදේශ සහ දේශීය ආයෝජන අද්දවා ගැනීම සහ ව්‍යාපාරික ක්‍රියාවලියක් වේගවත් කිරීම...නැත්නම් ගාල්ලට ඔච්චර වේගයට දුවන්නේ මොකටද? ජොලියට යන එක සහ ආර්ථික කටයුත්තකට යන එකයි අතර වෙනසක් තිබෙනවා...ආර්ථික වේගයක් ආයෝජන සමග ඇති කර ගත්තේ නැතිනම් මහජන මුදල් (පොදු ජනයාගේ අනාගතය නය සහ ආධාර වලට යට කරලා ලබා ගන්න මුදල්) යට කරලා මේ කරන දේවල් වලින් හරි ප්‍රතිපල ගන්න බැරි වෙනවා...එහෙම නම් රටට ජාත්‍යන්තර සහයෝගය ලබා ගත හැකි හොඳ විදේශ ප්‍රතිපත්තියක්...දේශීය සහ විදේශීය ආයෝජන දිරිගන්නන නීති සම්පාදනයක් අවශ්‍ය වෙනවා...දේශපාලන, පරිපාලන සහ කම්පනි දුෂණ පාලනය කරන ශක්තිමත් යාන්ත්‍රණ අවශ්‍ය වෙනවා...ඒවා දුර්වල කරමින් මේවා හදන එක තමා 1977 සිටම කෙරෙන්නේ...එහෙම උනොත් මේව නාස්ති ගණයට දාන්න වෙනවා...මිලියන ගණන් නාස්ති වෙනවා නම් ඒකත් දුෂණයක් තමා...ඒවාට කියන්නේ අදිසි දුෂණ...කොයි පක්ෂය ආවත් වෙන්නේ මේක නම්...මේ සන්වරදනය් කුමක්ද? කා සඳහාද? කොයි වෙලේ මෙය ලැබෙනවද? කොහොමද ලැබෙන්නේ? කාටද ලැබෙන්නේ? කාටද නොලැබෙන්නේ? යන ප්‍රශ්න අහන්න වෙනවා...එතකොට කියන්න වෙන්න මොන දේ බලය ඇති අය කරත්...අන්තිමට බලය නැති දුප්පතාටත් මේවට ගෙවන්න වෙනවා...කියන එක ඒ නිසා ප්‍රශ්න කරන්න ඕනේ මේ පාරවල් හදල අපේක්ෂා කරන ඉලක්ක ළඟ කරගන්න ගැලපෙන අනිකුත් ප්රතිපත්ති අවශ්‍යතා නොතකා හරින එක ගැන...බලය නැති දුප්පත් මිනිස්සුන්ට මේවා බුක්ති විඳින්න අවස්ථාවක් දෙන එක ගැන නොහිතන එක ගැන...අර ඉබ්බා සහ බල්ලන් සංකේතවත් කරන්නේ ඔය බැරි අයව තමා...

    ReplyDelete
  7. පළමුවෙනි කොමෙන්ට් එකදාපු හරකෝ, මොලය කලඳක් තියනවානම් හිතලා බලපන්, ඔය අධිවේගී මාර්ගය උඹලට අපිට හදපු එකක්ද? ගං කබරයා සහ උගේ හොර හැත්තට යන්ඩ හදපු එකක් නේද? වියදම මිලි මීටරයකට රුපියල් 8000යි. සංචාරකයෝ උනත් කැමති බටහිර වෙරල තීරය දිගේ යන්ඩයි. මම එහෙම කියන්නේ අත්දැකීමෙන් .මේ මාර්ගය නිසා අල්ලක් තරම් පුංචි අපේ රටේ ඉඩම් අක්කර කීයක් නැති වුනාද. පුංචි රටවල් මේ වගේ පාරවල් හදන්නේ කොන්ක්‍රීට් කණු උඩ. අපේ ගං කබර න්‍යාය, පුළුවන් තරම් කෙටි කාලයක් තුල පුළුවන් තරම් ගසාකෑම නිසා, ගම් දෙබෑ කරගෙන පවුල් සබඳකම් දෙබෑ කරගෙන, ගං කබරෙට යන පාරක් හැදුවා. යකෝ ඔය සල්ලි වලින් කොළඹ -කතරගම රේල් පාර ඩබල් ලයින් කරලා හැදුවනම්, මිනිස්සුන්ට කොච්චර සේවයක් වෙනවද? අවුරුද්දකට සාමාන්‍ය මිනිස්සු සහ සංචාරකයෝ ලක්ෂ කීයක් කොළඹ - කතරගම අතර යයිද? ගං කබරයා ඔව්ව නොදන්නවා නොවේ. උගේ ගං කබර ගතිය උගේ එකා අධිපති කමටත් වඩා ලොකුයි.

    ReplyDelete
  8. කොක්කු දෙන්නෙක් අල්ලගෙන, උඩින් තමා ඉබ්බන්ට යන්න වෙන්නේ....

    ReplyDelete
  9. 2`nd ano....
    `viyapath jeppo`! mokakda e kalakanni yeduma..?

    ReplyDelete
  10. 5/12/11 12.44 ට දාපු කොමෙන්ට් එක සම්පුර්ණ ඇත්ත

    ReplyDelete
  11. ඇත්ත කතා කරන කොට ගං කබරයන්ට සහ උන්ගෙ වෘෂණ කෝෂ ලොවන උන්ට නහුතෙට නැග ඇති බව පෙනේ

    ReplyDelete
  12. මේ ලිපියේ ඉබ්බා යනු සංකේතයකි. එසේ නැතිව මෙය ඉබ්බා මිය යාම ගැන ආණ්ඩුවට චෝදනා කිරීමක් නොවේ.

    ReplyDelete
  13. I count 226 Dogs r killed ! SF Rocks !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා