නොරොච්චෝලේ අපලේ

පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 35ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව ද, එවැනි එක් දිනක් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විඳින්නට සිදු වන පාඩුව රු. කෝටි අටක් බව ද විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසයි. මෙම ඇමතිවරයා මීට ටික කලකට පෙර විදුලි බල මණ්ඩලය 'ලාභ' ලබන තත්වයට ගෙන ආ අයෙකි. 


විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක දැරූ උත්සාහයක්
ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය විසින් ව්‍යර්ථ කරන ලද බව වාර්තා විය.


මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය.


මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ය.


මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරමිනි.


විදුලි ඒකක මිලියන හයක් පමණ දිනකට නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති මෙම විදුලි බලාගාරය 2011 වසරේ වැඩි දින ගණනකදී නිපදවා ඇත්තේ එයින් භාගයක් පමණි.


විදුලි බල මණ්ඩලය ඒ අඩුව පුරවා ගැනීම සඳහා දැන් පෞද්ගලික අංශයෙන් ඒකකය රු.50 දක්වා අධි මිළට විදුලිය මිළ දී ගනියි.


ඒ දිනවල නොරොච්චෝලේට එරෙහිව මහජන විරෝධය මතු වෙද්දී අඩු මිළට ගල් අඟුරු විදුලිය ලබා දෙන්නට සපථ කළ අය දැන් බෙහෙතකට හෝ සොයා ගන්නට නැත.


මේ ලිපියත් කියවන්න: 

ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද? | Socialist solution for the energy crisis

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. නොරොච්චෝලේ කළාලේ කිසිල්ලේ
    ගල් අඟුරින් දත මැදගන් රාලේ

    ReplyDelete
  2. නොරොච්චෝලේ කළබලය...ඒ නිසා එහි පාවිච්චියට ගෙනා ගල් අඟුරුවලින් අපට වන්නේ දත් මදින්නය!

    am i correct?

    ReplyDelete
  3. දැන් ආශ්චෛර්යය කරා ගමන් කරන්න පටන් අරන් තිබෙන්නේ විදේශ සංචාරකයින්ව මරා දැමීමෙන්.... ඔහොම යං, ඔහොම යං

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා