Posts

Showing posts with the label ගල් අඟුරු

පාලකයන්ට එරෙහිව ඇති මානව හිමිකම් චෝදනා හා සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළ

Image
ලංකාවට ගල් අඟුරු විදුලි බලාගාර හඳුන්වා දෙනු ලැබුවේ මහජන විරෝධය මැදයි. එදා මූලික තර්කයක් වූයේ ගල් අඟුරු විදුලිය ඉතා ලාභ බවයි.  ‍එහෙත් මෙගාවොට් 300 ධාරිතාවකින් යුත් පළමු ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ විවෘත වන කල විදුලි ඉංජිනේරුවකු වූ ඇමති චම්පික රණවක කීවේ ගල් අඟුරු තවදුරටත් ලාභ බලශක්තියක් නොවන බවයි. චීනයෙන් ලබාගත් ණය මත ඉදි කරන ලද ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නොරොච්චෝ ල ේ ගල් අඟුරු බලාගාරයෙන් විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් මිළ දී ගන්නේ රු. 13 බැගිනි. දැන් නොරොච්චෝලේ බලාගාරයේ දෙවන හා තුන්වන අදියරද ඉදිවෙමින් තිබේ. ඒ යටතේ තවත් මෙගවොට් 600ක බලශක්ති ධාරිතාවක් එක් වේ. මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයත්, ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාවත් (NTPC) සම හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර තිබෙන ඩොලර් මිලියන 500ක් වැය වන සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය සමග අත්සන් කරන්නට යන විදුලිය මිළ දී ගැනීමේ ගිවිසුම අනුව විදුලි ඒකකයක මිළ රු. 18කි. සාම්පූර් විදුලිය නොරොච්චෝලේ ගල් අඟුරු විදුලියටත් වඩා මිළෙන් වැඩිය. ‍ සාම්පූර්හි මෙග ව ොට් 500 ගල් අඟුරු බලාගාරය හවුල් ව්‍යාපාරයක් වුණාට ලංකාවේ හවුල් දෙකෙන් පංගුව...

නොරොච්චෝලේ - චීන ලංකා වත්මන් සබඳතාවල යථාර්ථය නිරූපණය කරන සංකේතය

Image
ජනතා විරෝධය නො තකා හරිමින් ඉදි කරන ලද නොරොච්චෝලෛ ගල් අඟුරු බලාගාරය ආයෙමත් කැඩිලා ය. එය කවදා හදන්නට පුළුවන් වේදැයි නිලධාරීහු හරියට නො දනිති. ලාබෙට විදුලිය නිපදවීමට යයි කියා ඩොලර් මිලියන 450ක් චීනයෙන් පොලියට ගෙන, චීනයට ම ඉදි කරන්නට දුන් මේ ගල් අඟුරු බලාගාරය හැදූ දවසේ සිට ම කඩෙනවා ය. ඒ කැඩෙන හැම දිනකට ම පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට රුත මිලියන 80ක් වැය වෙනවා ය. පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නා විට නිලධාරීන්ට අත යටින් කැපිලි තිබීම මේ රටේ සාමාන්‍ය තත්වයකි. නොරොච්චෝලෛ බලාගාරය මීට පෙර ද සතියක කාලයක් නවතා දමා තිබී යළි විදුලි ජනනය ආරම්භ කළේ මේ මාසයේ මුල ය. විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක යූ. ආර්. ඒ සේනාරත්න චෝදනා කරන පරිදි බලාගාරය නිතර, නිතර බිඳ වැටීම පිටුපස ඇත්තේ චීන කුමන්ත්‍රණයකි. ඔහු පවසන පරිදි මෙම ගල් අඟුරු බලාගාරය නඩත්තු කිරීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ උවමනාවක් එය ඉදි කළ චීන රජයට අයත් China Machinery Engineering Corporation සමාගමට තිබේ. එම කොන්ත්‍රාත්තුව මාස හයකට ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය ...

නොරොච්චෝලේ අපලේ

Image
පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 35ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව ද, එවැනි එක් දිනක් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විඳින්නට සිදු වන පාඩුව රු. කෝටි අටක් බව ද විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසයි. මෙම ඇමතිවරයා මීට ටික කලකට පෙර විදුලි බල මණ්ඩලය 'ලාභ' ලබන තත්වයට ගෙන ආ අයෙකි.  විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක දැරූ උත්සාහයක් ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය විසින් ව්‍යර්ථ කරන ලද බව වාර්තා විය. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය. මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුල...

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කොට උඩ / Sri Lanka's Norochcholai coal power plant out of operation

Image
දැඩි මහජන විරෝධය මැද නොරොච්චෝලේ ඉදි කරන ලද ගල් අඟුරු විදුලි බලාගාරය ක්‍රියාත්මක නො වන තත්වයක ඇති බව වාර්තා වේ. විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක උත්සාහ කර ඇත. ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය මෙම යෝජනාව අනුමත කර නොමැති බව වාර්තා වේ. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය. මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් වන අතර, එය පසුගිය මාසයේදී නිල වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත භාර ගන්නා ලද්දේ ගාලු මුවදොර හෝටලයේ උත්සවයක් ද පවත්වමිනි. මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරම...

ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද? | Socialist solution for the energy crisis

Image
(2011 මාර්තු 16,   W3Lanka )   චම්පික රණවක ඇමතිතුමාට නොබෙල් තෑග්ග හිමි විය යුතු ය. එතුමා සොයා ගැනීමක් කර තිබේ. ඒ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම තව දුරටත් ලාභදායී නො වන බවයි. එහෙත්, ‍ලංකාව ගල් අඟුරු හීනය දකින්නට පටන් ගත් අනූවේ දශකයේ පටන් ම ලංකාවේ පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් හා සමාජ සංවිධාන රැසක් ම මෙය දුටුව හ. ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට විරෝධය පළ කළ හ.  නොරෝච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේ අදහස ප්‍රවර්ධනය කරද්දී දේශපාලකයන් පැවසුවේ එමගින් විදුලිය ඉතා අඩු මිළට සැපයිය හැකි බවයි. එහෙත්, දැන් විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසන්නේ ගල් අඟුරුවල මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා එය තව දුරටත් ලාභ බලශක්ති ප්‍රභවයක් නො වන බවයි.  ගල් අඟුරු බලාගාර අදහස මුලින් ගෙ‍න  ආ අනූව දශකයේදී මෙන් නො ව, නොරොච්චෝලේ බලාගාරය හදන්නට පටන් ගත් 2006 වන විට මේ බව පැහැදිලි වෙමින් තිබිණි. තතු දත් විදුලි ඉංජිනේරුවකු වන චම්පික රණවක ඒ බැව් දැන දැනත්, නිහඬව බලා සිටියේ ය. The Minister has said that when Sri Lanka ordered its first shipment, coal was at US$ 69 per tonne...

ඉන්දියානු ආදරයේ රහස ගල් අඟුරු කැටයකින් සාම්පූර්හි ලියැවෙන හැටි

Image
(2010 පෙබරවාරි 08- W3Lanka )   මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට නැවත තේරී පත් වීමත් සමග සාම්පූර්හි පාරම්පරික ගම්වැසියන් අනාථ කඳවුරුගත කර එහි ඉදි කරන්නට යන ගල් අගුරු බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මේ මාසයේ අවසානය වන විට ආරම්භ කිරීමට ලැබේ යයි ඉන්දියානු බලධාරීන් බලාපොරොත්තු වන බව බිස්නස් ස්ටැන්ඩඩ් වෙබ් අඩවිය පවසයි.  ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම හා ලංකා විදුලි බල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් වන මෙහි ව්‍යාපාර ගිවිසුම, විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිළ දී ගැනීමට එකග වීමේ ගිවිසුම, ආයෝජන මණ්ඩලය විසින් බදු සහන ලබා දෙන ගිවිසුම ආදියට නිතිපති අනුමැතිය ජනාධිපති යළි බලයට පත් වීමත් සමග ඉක්මණින් ලබා ගැනීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව වේබ් අඩවියේ සඳහන් වෙයි. ලංකාවේ වැඩපිළිවෙලවල් ගැන ඉන්දියාව හොඳින් දන්නා බව පෙනේ. ජනාධීපති මහින්ද රාජපක්ෂ යළි බලයට පත් වීමෙන් ඉන්දියාව මහත් සහනයට පත් වූ බව පසුගිය දිනවල ඉන්දියානු මාධ්‍ය වාර්තාවල කියැවිණි.  මෙගාවොට් 500ක් වන මෙම බලාගාරය සඳහා අවබෝධතා ගිවිසුමට 2006දී අත්සන් තබන ලදී. මෙම බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ඉන්දුනීසියාවෙන් හා දකුණු අප්‍රිකාවෙන් ආනයනය කිරීමට...

විදුලි බල ජනනයට ගල් අඟුරු භාවිතය ඉහළ නංවන්න පියවර

(අගෝස්තු 07, 2009 - W3Lanka) ඉදිරි වසර කීපය තුළ ලංකාවේ විදුලිබල පද්ධතියේ තාප විදුලි ජනනයේ ගල් අඟුරු දායකත්වය 80% දක්වා වැඩි කිරීමට අදහස් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.  දැනට ලංකාවේ විදුලිබල ජනනයෙන් 60%ක් පමණ සිදු වන්නේ ඉන්ධන දහනයෙනි. ජල විදුලි බල දායකත්වය උපරිමය 45-50% අතර වන මුත් වියළි කාලගුණයක් පවතින අවස්ථාවලදී එය ඇතැම්විට 20% දක්වා පමණ පහත වැටෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.  ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අඟුරු විදුලි බලාගාරය චීන ආධාර මත දැන් පුත්තලම, නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදිවෙමින් ඇත. තවත් ගල් අඟුරු බලාගාරයක් ත්‍රිකුණාමලයේ ඉදි කිරීම සඳහා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ රාජ්‍ය සමාගමත් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.  ගල් අඟුරුවලින් විදුලිය ජනනය කිරීම ලාභදායී වනමුත් එහි පරිසර හානිය අධික ය.