නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කොට උඩ / Sri Lanka's Norochcholai coal power plant out of operation

දැඩි මහජන විරෝධය මැද නොරොච්චෝලේ ඉදි කරන ලද ගල් අඟුරු විදුලි බලාගාරය ක්‍රියාත්මක නො වන තත්වයක ඇති බව වාර්තා වේ.


විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක උත්සාහ කර ඇත.


ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය මෙම යෝජනාව අනුමත කර නොමැති බව වාර්තා වේ. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය.


මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් වන අතර, එය පසුගිය මාසයේදී නිල වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත භාර ගන්නා ලද්දේ ගාලු මුවදොර හෝටලයේ උත්සවයක් ද පවත්වමිනි.


මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරමිනි.


පෞද්ගලික අංශයෙන් අධි මිළට විදුලිය ගැනීම නිසා පාඩු ලබන විදුලි බල මණ්ඩලය ලබන අවුරුද්දේ සිට විදුලි බිල වැඩි කිරීමට ඉල්ලා ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හොර ජිල්මාට් නාමධාරී, හූනියම් බෝලය අතින් මිරිකාගත්, පුහු මහයාගේ පුහු හම්බන්තොට වරාය, පුහු නොරොච්චෝලේ, පුහු මිහින් එයාර්, ඔය යකාගේ අහවල් එකත් පුහු නිසා රටම පුහු කරන්ඩයි හදන්නේ.

    ReplyDelete
  2. තොපිට තියන අමාරුව මොකක්ද යකෝ..? මේවා මට ශිරන්තිගේ දෑවැද්දට හම්බ වුන සල්ලි...
    මීට මරා

    ReplyDelete
  3. ela ela ...suba anagathayak !

    ReplyDelete
  4. okkoma kota uda veeravila airport 1t nawattala hadapu habur 1t kota uda mewata daduwama deviyanta barai

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා