බණ, පිරිත් අහමු! ළමයින් දූෂණය කරමු!

තුන් තිස් පැයේ පිරිත් සජ්ජායනා වන, නිරතුරු බණ කියන - බණ අසන දනන්ගෙන් පිරි,  ලෝකෙන් උතුම් රට හා ආසියාවේ ආශ්චර්යය වන ලංකාවේ දඹුල්ල නම් සිංහල බෞද්ධ පූජනීය නගරයේ බස් නැවතුමේ සත් ගුණවත් ව්‍යාපාරික මහතකු හා හිත හොඳ චන්ඩින් යයි කියන ත්‍රීවීල් රියදුරන් ඇතුළු 11දෙනෙකුගෙන් සමන්විත ලුම්පන් හැතිකරයක් විසින් 17 හැවිරිදි මන්ද මානසික තරුණියක් රවටා ගෙන ගොස් පෝලිමක් දමා ඇත. 



අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක දහතුන් හැවිරිදි ළාබාල දැරියක ඇගේ පවුලේ වැඩිහිටියන් විසින් විකුණනු ලැබ වරින් වර 35දෙනෙකු විසින් දූෂණය කර ඇති බව වාර්තා වුණේ ගිය සතියේ ය.


අකුරැස්සේ පාසල් දැරියක් ආරක්ෂක අංශයක රැකියාවක් කරන්නකු විසින් පාසලක් තුළදී ම කෙළෙසන ලදී. 


ප්‍රසිද්ධ ළමා අපචාරකරුවෝ ධන හා දේශපාලන බලයෙන් අධිකරණය පරාජය කර රටේ ම ආරක්ෂාව පිළිබඳ වැදගත් තනතුරු දරන කලක මෙවැනි තත්වයක් රටේ ඇති වීම පුද්මයට කරුණක් නො‍ වේ. 


දියණියන් ඇති පියවරුනි, මව්වරුනි, මේ තත්වය ඇති කරන්නට ඔබ කෙතරම් දායක වුණාදැයි කල්පනා කර බලන්න. ඔබේ දරුවන් වෙනුවෙන් හෝ මේ පාදඩ ක්‍රමය වෙනස් කිරීමට දායක වන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔයාගෙ දුවට පුතාට කරදරයක් නැහැ නෙ.. අපි හැමොම හිතන්න ඔනා මෙ වෙලාව අනුන්ගෙ බඩවල් ගැන නෙමෙ. තමන්ගෙ බඩ ගැන, අපෙ උන් ගැන විතරයි අපි බලන්න ඔනා.. අර මොනරාගල ලමයව දුෂනය කරපු කතාවෙදි ප්‍රසිද්ධ ආචාරියලා මහා චාරියලා රෙඩියො එකන් ඇහෙන්න බැන්නෙ එ කෙල්ලගෙ අම්මට මුලුරට... ඔයා රුපවාහිනි ප්‍රවෘත්ති බලන්නෙ නැද්ද. වහාම එකට චැනල් එක මාරු කරන් ෆුල් ආතල් එකෙ ඉන්නකො.

    ReplyDelete
  2. තුන් තිස් පැයේ පිරිත් සජ්ජායනා වන, නිරතුරු බණ කියන - බණ අසන දනන්ගෙන් පිරි, ලෝකෙන් උතුම් රට හා ආසියාවේ ආශ්චර්යය වන ලංකාවේ දඹුල්ල නම් සිංහල බෞද්ධ පූජනීය නගරයේ බස් නැවතුමේ සත් ගුණවත් ව්‍යාපාරික මහතකු හා හිත හොඳ චන්ඩින් යයි කියන ත්‍රීවීල් රියදුරන් ඇතුළු 11දෙනෙකුගෙන් සමන්විත ලුම්පන් හැතිකරයක් විසින් 17 හැවිරිදි මන්ද මානසික තරුණියක් රවටා ගෙන ගොස් පෝලිමක් දමා ඇත.

    එක දෙයක් අහන්නට කෑමතියි. බණ , පිරිත් සහ දූශනය එක වර ටයිටලයට දෑම්මේ සෙනග අද්දවා ගන්නට විය හැකියි. ඒත් ඔබ කියන මේ සාධක තුනෙහි සම්බන්දයක් ඔබ ලිපියෙහි ගොඩ නගා තිබෙනවාද? ඔව් යයි ඔබ හිතනවා නම් ඒ කෙසේද?

    ReplyDelete
  3. [එක දෙයක් අහන්නට කෑමතියි. බණ , පිරිත් සහ දූශනය එක වර ටයිටලයට දෑම්මේ සෙනග අද්දවා ගන්නට විය හැකියි. ඒත් ඔබ කියන මේ සාධක තුනෙහි සම්බන්දයක් ඔබ ලිපියෙහි ගොඩ නගා තිබෙනවාද? ඔව් යයි ඔබ හිතනවා නම් ඒ කෙසේද?]

    ඈයි ගොනෝ තුන්තිස්පෑයේම පිරිත් ඈහෙන ඵ්වා පිලිපදින රටකනම් මෙහෙම ඵ්වා නිතර වෙන්න පුලුවන්ද???
    ඔයා බබා පව්නේ!!!!!!!!!!

    ReplyDelete
  4. යකෝ මේක බන පිරිත් වල ප්‍රස්නයක් නෙමේ බන කියන පිරිත් කියන පල්ලියේ ඉන්න කෝවිලේ ඉන්න පල්ලියේ ඉන්න එඋනුත් අපචාර කරනව පන්සල විතරකක් හැම මගුලකටම ඇද ගන්න එපා මේ රටේ සිංහල බෞද්දයන්ට විතරක්ද යකෝ සිස්නය කෙලින් වෙන්නේ හැම ආගමකම ජාතියකම පූජකයනුත් ශ්‍රාවකයොත් වැරදි කරනවා ඒ වැරදී ඒවලට සමාවක් නැහැ එත් ආගම අල්ලාගෙන වත් පිළිවෙත් අල්ලාගෙන පහර ගැහීම නිග්ග්‍රහ කිරීම ඊට වඩා වැරදී
    ප්‍රදීප් සංජීව 0772538960

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා