අපි නො දන්න අපේ දිළිඳුකම මෙන්න - This is our poverty in Sri Lanka
ලෝක ජනගහණය බිලියන හතක් වීම ලෝක නායකයෝ මහ ඉහළින් සැමරූ හ.
මේ ජනගහණයෙන් මිලියන 925ක් හෙවත් බිලියනයකට කිට්ටු පිරිසක් සාගින්නෙන් පෙළෙන්නෝ ය. එනම් සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු ම සාගින්නෙන් පීඩා විඳිති.
මෙම ප්‍රතිශතය 1995 සිට 2009 දක්වා ම වැඩි වෙමින් තිබුණු එකකි.
සංවර්ධනය වෙමින් පවතින රටවල ළමයින්ගෙන් 32.5%ක් ම මන්දපෝෂණයෙන් පෙළෙති.
ගර්භනී මව්වරුන් අතර මන්දපෝෂණය කෙතරම් උග්‍ර ප්‍රශ්නයක් ද යත්, සංවර්ධනය වෙම්න් පවතින රටවල උපදින දරුවන්ගෙන් සෑම හයදෙනෙකුගෙන් ම එක් අයෙක් අඩු බර දරුවෝ ය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව, ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාර ප්‍රමාණය ලොව සෑම මිනිසකුට ම දිනකට කිලෝ කැලරි 2,720ක ආහාර ලබා දීමට ප්‍රමාණවත් ය. එහෙත් දිළින්දන්ට ආහාර සපයා ගැනීමට වත්කමක් නැත.
සෞඛ්‍ය අධිකාරීන්ගේ පිළිගැනීම් අනුව, සාමාන්‍යයෙන් පිරිමියකුට දිනකට කැලරි 1800ක් ද, ගැහැනියකට කැලරි 1200ක් ද ප්‍රමාණවත් ය. ලෝකයේ නිර්මානය වී ඇති ආදායම් විෂමතා කෙතරම් සංකීර්ණ වී තිබේ ද යන්න ඔබට වැටහෙනවා ඇත.
දිළිඳුකම ගණනය කරන වත්මන් දර්ශකය වන්නේ දිනකට ඩොලර් 1.25ක ආදායම් මට්ටමයි. එනම්, ශ්‍රී ලංකා රුපියල් 137කි.
අපේ රටේ දුප්පත්කම සරළව තේරුම් ගන්නට මෙසේ පුළුවන. යමෙකුගේ මාසික වැටුප රු. 20,000ක් වේ නම්, එම පුද්ගලයාගේ දෛනික ආදායම රු. 666කි.
එම පුද්ගලයාට වැඩිහිටි මව සහ පියාත්, දරුවන් දෙදෙනෙකුත් සමග පවුලේ හයදෙනෙකු නඩත්තු කිරීමට සිදු වී තිබේ නම්, ඒ එක් අයෙකුගේ දෛනික ආදායම රු. 111කි.
මේ පවුල ජාත්‍යන්තර පිළිගැනීම් අනුව දිළිඳු පවුලකි. මන්ද, ඔවුන්ට අද දවසේ පිළි ගැනීම් අනුව අවම මට්ටමේ යහපත් ජීවිතයක් හෝ ගත කිරීමට හැකියාවක් නැත.
ලංකාව වැනි රටවල දුප්පත්කම කෙතරම් පත්තියම් වී ඇද්ද යත්, මේ මට්ටමේ ආදායමක් උපයන මිනිසා ද සිතාගෙන ඉන්නේ තමන් මධ්‍යම පංතිකයෙකු ය කියා ය. යහපත් ජීවිතයක් යනු කුමක් ද යන්න පිළිබඳ ඔවුන්ට කිසිදු වැටහීමක් නැත.
ලංකාවේ රජය ආර්ථික සමෘද්ධිය ගැන කෙතරම් උදම් ඇනුවත් පහළ හා මධ්‍යම මට්ටමේ රජයේ සේවකයන්ගේ මූලික වැටුප අම්මා, තාත්තා හා එක් දරුවකු සිටින පවුලක් දිළිඳුකමෙන් මුදවා ගැනීමට හෝ ප්‍රමාණවත් නැත. ඒ සඳහා අවම වශයෙන් රු.137 වැඩි කිරීම 30 සමානයි රු. 12,330ක වැටුපක් අවශ්‍ය ය.
ලේඛකයා හොඳින් දන්නා වසර 18ක සේවයක් ඇති රජයේ පාසල් ගුරුවරයකුගේ මූලික වැටුප රු. 16,000ට මඳක් අඩු ය. ඔහුගේ රත්තරං පුංචි පවුලේ සිව් දෙනෙක් ඇත. ඔහුගේ පවුලේ එක් අයෙකුගේ ආදායම රු. 133ට අඩු ය. මේ පවුල දිළිඳු පවුලකි.
එහෙත්, ඔහු මධ්‍යම පංතිකයකු ලෙස හැසිරෙයි. මහින්ද මහත්තයා රට සංවර්ධනය කරමින් සිටින බව ප්‍රචාරය කරයි.
ඔබ සැමට නිවන් සැප ලැබේවා!
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අපේ රටෙ මධ්‍යම පංතියේ පංති 10-12 විතර තියෙනවා.. වෙලාවක විග්‍රහ කොරල දෙන්නම්...
ReplyDeleteසාදු සාදු.
ReplyDeleteඅදුරු මාවත් තුල එබී නොබැලූ දෑසින්
ReplyDeleteපළිගු මැණික් වන් දෙනෙත් තුල
නිවී පහන් වන සිතුවිලි
යල් පැන ගිය අවිහින්සකත්වයෙන්
ඔබ්බෙහි වු ශතවර්ෂය දක්වා
දුර ගෙවා පැමිනෙන තෙක් මග බලා හිදිනු නොහැකිව
දුක් වනු පල නැත
හොද වැඩෙ ලංකාවෙ මොඩ මිනිස්සුන්ට..
ReplyDeletein 1920's a country boy going to work in Ford factory (as labourer)could buy a Model T (brand new) with 5 months saving....they were uneducated...but they would tear a** of president if he impose a tax on cars...that's personality....what sri lankans lack...idiots...they deserve their pain for their ignorance....
ReplyDeletewangu walin game eka gahanawa lokka apay aya,uba upset wenna epaa.....
ReplyDeleteමේ දුප්පත්කම අර කලින් ලිපියක කතා කරපු ම්ලේචත්වයේම කොටසක්...මේ දුප්පතුන්ට කොලිටි ඔෆ් ලයිෆ් කියන්නේ මොකද්ද කියල ජීවිතයට තේරුම් ගන්න බැහැ...මෙයාල සැප විඳින්නේ පිටරට ඉන්න හතුරන් පෙන්නලා උන්ට කටින් ගහන කොට එකේන් ලැබෙන චුන් එකින්...අධිරාජ්‍ය වාදයේ ඉඳල ...දරුස්මන් වාර්තාව දක්වා...මේක තමා කතාව...මේවා කියා කියා තමන්ව උදේ හවහ ලස්සන වචන වලින් වලින් රවටන බව මෙයාලට තේරෙන්නේ නැහැ...ආසියාවේ ආශ්චර්ය ඉක්මනින් එනකල් බලා ගෙන ඉන්නවා...මේකට මෝඩ මිනිස්සුන්ට හොඳ වැඩේ කියල අපි අහක බලන එක හරි නෑ...
ReplyDeleteකන්න දෙයක් නැත්නම් පාරට බැහැල කාපියව් කාපට්, යකඩ පාලම්, කොන්ක්‍රීට්. ගිනි පොලියට ණය වෙවී පාරවල් හදන්නෙ උඹලට කන්නත් එක්ක තමයි, වෘශභ මිනිස්සුනේ කාපියව් High way එක උනත් kamak නෑ ...
ReplyDeleteමටනම් කියන්න තියෙන්නේ අවදි කලාට බොහොම ස්තුතියි කියල විතරයි සහෝදරවරුනි
ReplyDelete