කොළඹ ගෙවල් කඩපු හැටි මතක් කර ගන්න / Remember how houses of the poor people of Colombo were demolished

ආණ්ඩුව කොළඹ මිව් වීදියේ ගෙවල් කැඩූ හැටි මේ වීඩියෝවේ දැක්වේ. මිනිසුන්ට ඉවත් වීමට දුන්නේ පැය දෙකකි. ගෙවල් කැඩුවේ සුනාමිය ගෙවල් කැඩූ තාලයට ය. 


මේ නිවාස වනාහි මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත් වූ ඒවා ය. ඇතැමුන්ට නීත්‍යානුකූල ඔප්පු තිරප්පු ද තිබිණි. රජයට බදු ගෙවා තිබිණි. 


ඒ නිවාස අනවසර නිවාස ලෙස නම් කරන ලදී. 


පොදු ජනතාවට කොළඹ ජීවත් වීමට නැති මේ අවසරය ආණ්ඩුව දෙන්නට යන්නේ කාට ද? චීනයෙන් හා වෙනත් රටවලින් එන ආයෝජකයන්ට ය. 


ආණ්ඩුව සිය නාස්තිකාර වියදම් වෙනුවෙන් මුදල් සොයා ගන්නට කොළඹ එහි වැසියන්ගෙන් උදුරාගෙන පිටරටට විකුණමින් සිටියි. 


මෙවර කොළඹ ඡන්දයට පාලක පවුලේ තාත්තලා, පුතාලා, බාප්පලා බැහැලා ඉන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම සරළය. 

කොළඹ නගරයෙන් දුප්පතුන් ඉවත් කිරීමේ සැලසුම නිල වශයෙන්ම ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කරන්නේ 2010 අගෝස්තු 12 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. එහිදී අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශ කරන්නේ කොළඹ හා ඒ ප‍්‍රදේශයේ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම් වෙනත් කටයුතු සඳහා බදුදීම හෝ විකිණීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය ලැබුණු බවය.


අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අනවසර පදිංචිකරුවන් සිටින අක්කර 142ක භූමි ප‍්‍රමාණයක්, ආණ්ඩුවට හඳුනාගෙන ඇති බවත්, ඒ තුළ පවුල් 66,000ක් වාසය කරන බවත්ය. මේ අක්කර 142න් අක්කර 78ක භූමි ප‍්‍රමාණයක් පර්චසය රුපියල් ලක්ෂ 20 බැගින් ආයෝජකයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවත්, මෙම ඉඩම් බදු දෙනතුරු ණයකර නිකුතුවක් මගින් රුපියල් කෝටි 500ක මුදලක් ලබාගැනීමට තීරණය කර ඇති බවත්, ඉඩම් බදුදී ලැබෙන මුදලින් කොටසක් මෙසේ නගරයෙන් ඉවත් කරන ජනයාට නිවාස සෑදීම සඳහාත්, ඉතිරිය නගරයේ දියුණුව සඳහාත් යොදවන බවය. - ලසන්ත රුහුණගේ, රාවය 2011-10-02

රට සංවර්ධනය කරන්නේ කුමටදැයි ඇසුවොත් නව ලිබරල්වාදී ධනපති පාලකයන් කියන්නේ දුප්පත්කම නැති කරන්නට ය කියා ය. දුප්පත්කම නැති කරන්නට යන්නේ දුප්පතුන් කබලෙන් ලිපට ඇද දමා ය. 


එක්සත් ජාතික පක්ෂය මේ වැඩසටහන යෝජනා කළේ ය. මහින්ද රාජපක්ෂ පවුල් පාලනය එය ක්‍රියාත්මක කරයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බුරුමයේ රෙජීමය ද වනාන්තර ප්‍රදේශවල ජනකොටස් අයින් කරන්නේ මෙහෙමයි කියා කියවලා තියෙනවා!

    ReplyDelete
  2. මෙතන තීරණාත්මක තැනක්.. කලින් මෙතන ආරක්ෂක අමාත්‍යාංශය, යුධ හමුදා මුලස්ථානය, ගුවන් හමුදා මුඋලස්ථානය වගේ දේවල් තිබ්බ තැනක්.. මේවා ඉවත් කලේ යුද්ධ කාලේ ආරක්ෂක හේතුන් මත.. තව ගොඩක් අපචාර සිද්ධි මෙතන වෙලා තියෙනවා.. ප්‍රධාන කාරණේ තමා, දැන් මෙ සියලු දෙනාට නව නිවාස දීල තියෙන්නේ.. දැන් මෙ මිනිස්සුටවත් නැති අමාරුවක් කොළඹට විපක්ෂයෙන් තරඟ කරන අයට සහ එයාල පස්සේ යන අයට ඇති වෙලා.... ලොල්..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා