කුඩුත් හාමුදුරුවන්ගෙ; නඩුත් හාමුදුරුවන්ගෙ

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ද වේ. 


පොලිස් විශේෂ කාර්ය බලකාය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ය. එම අමාත්‍යංශයේ සර්ව බලධාරියා ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂ ය. 


බස්නාහිර පළාත් ඇමති නිමල් ලන්සාගේ නිවසේ කුඩු තිබේදැයි සොයන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණියේ ය. සෝදිසිය කර තිබෙන්නේ සෝදිසි වරෙන්තුවක් නැතිව බව කියනු ලැබේ. 


ඊට පසු එයට විරෝධය පළ කරන්නට‍ මෙන් ජනාධිපතිවරයා ලන්සාගේ නිවසට පැමිණියේ ය. පැමිණියේ තවත් ජනාධිපති සහෝදරයකු වන ගම්පහ දිස්ත්‍රික් නායක හා ඇමති බැසිල් රාජපක්ෂ සමගයි. 


ආණ්ඩුවේ දේශපාලකයන්ගේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ගෑවීම මෑත වකවානුවේදී සුලබ වී ඇත. එවැනි දේශපාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ඉහළම නායකයන්ගේ මැදිහත්වීම ද දක්නට ලැබේ. 


මීගමුවේ ලන්සාගේ "හොඳ නම" පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවෙන් කෙළෙසී ඇති බව කියැවේ. ලන්සා හා ඔහු සමග ගනුදෙනු කරන ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකගේ නිවෙස් සෝදිසි කිරීම පිටුපස යම් නිශ්චිත තොරතුරු තිබෙන්නට ඇත. ඇතැම් විට මෙම සෝදිසිය පිළිබඳ ‍ඔත්තුවක් මෙම නිවෙස් හිමියන්ට කලින් ලැබෙන්නට ද ඇත. 


මීගමුවේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට කරණම් ගැසූ දේශපාලකයකු වන ලන්සාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වන සරත් කුමාර ගුණරත්නත් අතර ගැටුමක් ඇත. හෙට අනිද්දා වන විට මීගමුවත් තවත් මුල්ලේරියාවක් වුණොත් පුදුම විය යුතු නැත. 


අද රටේ පවතින නීතියක් නැති තත්වය සඳහා මෙබඳු සිද්ධි කදිම උදාහරණ වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඊළඟ සෝ එක ඉක්මනට එයි වගේ....

    ReplyDelete
  2. බෞද්ධ දේවල් ඔයාගේ බිස්නස් එකට දාගන්න එපා... ඔයාට වෙන වැඩක් නැත්ද බෞද්ධාගමට ගරහන එක ඇරෙන්න...

    ඔයා මේ කුඩ්ඩන්ටත් වඩා අන්ත බෙලහීන පාහාරයෙක් නෙ...

    කී සැරයක් අවවාද කලාද??? තමුසෙ මනුස්සයෙක් නෙවී ඔලුව ඉදිමිච්ච තිරිසනෙක්....

    ReplyDelete
  3. Don't be surprised if Rajapaksjas take this opportunity and make lansa the mayour of Negambo.
    They have and will always fins a way to kick the decision of the public and the cleargy,whether it's Buddhist,Christian ,Hindu or Muslim.
    They have clearly shown whom they are working for.
    They will eliminate Sarath Kumara.Take a bet

    ReplyDelete
  4. "බෞද්ධ දේවල් ඔයාගේ බිස්නස් එකට දාගන්න එපා... ඔයාට වෙන වැඩක් නැත්ද බෞද්ධාගමට ගරහන එක ඇරෙන්න...

    ඔයා මේ කුඩ්ඩන්ටත් වඩා අන්ත බෙලහීන පාහාරයෙක් නෙ...

    කී සැරයක් අවවාද කලාද??? තමුසෙ මනුස්සයෙක් නෙවී ඔලුව ඉදිමිච්ච තිරිසනෙක්...."

    බෞද්ධයෙකු ය කියන මෙන්න මේ අදහස පළ කළ තැනැත්තා සිංහල දන්න කෙනෙක් නොවෙයි.

    සිංහල භාෂාවෙ හැමතිස්සෙම හාමුදුරුවො කියන්නෙ භික්ෂූන්ට පමණක් නොවෙයි. නඩුකාර හාමුදුරුවො එක උදාහරණයක්. ඉස්සර වලව්කාරයන්ට සාමාන්‍ය මිනිස්සු කතා කළේ හාමුදුරුවනේ කියලා.

    භික්ෂූන්ට ආමන්ත්‍රණය කරන්න ඔය බෞද්ධප්‍රේමීන් වෙන වචනයක් සොයා ගත යුතුයි.

    අපි මෙතනදී වෙනස් කරලා තියෙන්නේ 'නඩුත් හාමුදුරුවන්ගෙ; බඩුත් හාමුදුරුවන්ගෙ" කියන ප්‍රස්ථා පිරුළයි.

    ඔයා තව කමෙන්ට් දාලා මට අම්බානක් බැනලා තිබුණා. මට නම් ඔයා ගැන දුකයි.

    සිංහල ඉගෙන ගන්න.

    ReplyDelete
  5. සිංහල දන්නේ නැති මේ වගේ පිස්සෝ තව කොචර ලංකාවේ ඉන්නවද !

    ReplyDelete
  6. @ Editor
    ඒ බැනපු අණෙකුත් කමෙන්ට්ස් ටිතක් පබ්ලිෂ් කළා නං මේ බෞද්ධ ඇනෝ ගේ ක්‍ෂාන්ති පාරමිතාව, මෛත්‍රී භාවනාව, පිසුනා වාචා වේරමණිය අපිටත් බලාගන්න තිබුණා!

    ReplyDelete
  7. Anonymous ලියපු එක මොකා වුනත් පොන්න රාජයෙක්. මට තේරුම් ගන්න බෑ මේ තරම් මන්ද බුද්ධිකයෝ ඉන්නවද කියලා

    ReplyDelete
  8. පුදුම වෙන්න දෙයක් නෑ....මේකට තරම්යි අශ්චර්යය කියන්නේ. හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට පෙනෙයි. ආරක්ෂක ලේකම්ලා කුඩ්ඩෝ බලන්න රෝහල් වලට යනවා. කුඩ්ඩන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිලා ගෙවල් ගානේ යනවා....
    අනේ මේවා බලන් ඉන්න අපිට ගහපල්ලා හොඳ එඬරු පොල්ලක් කඩාගන

    ReplyDelete
  9. You can access blocked lankaenews from:
    http://184.172.224.185

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා