මැතිවරණ කොමසාරිස්ගේ 'පහත් තැනින් යයි ගලා ජලේ'

මැතිවරණ නීතිවලට පටහැනිව ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට විරුද්ධව කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත.


රජයේ සේවකයන් මැතිවරණවලට තරග කරනවා නම් රජයේ සේවයෙන් ඉල්ලා අස් වී හෝ නිසි පරිදි නිවාඩු ලබාගෙන එය කළ යුතු ය.


එසේ නො කළ රජයේ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කිරීම වරදක් නැත.


එහෙත්, එතුමාගේ දෑසට පෙනිය යුතු තවත් කරුණක් තිබේ. එනම්, රටේ ඉහළම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීති තඹයකට නො තකා බලය තමන් යයි සිතාගෙන සම්පූර්ණයෙන් ම නීති විරෝධී අන්දමින් පසුගිය මැතිවරණවලදී ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වලට සහභාගි වූ හ.


වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත රුහුණගේ ඔක්තෝබර් 03දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ප්‍රචාරක රැස්වීමක් ඇමතූ බව මැතිවරන කොමසාරිස්වරයාට දැනුම් දී ඇත. ඒ ගැන විභාග කළා ද නැද්ද යන්න අපි නො දනිමු.


ඒ අයටත් විරුද්ධව ක්‍රියා කිරීමට පුළුවන් නම්, අන්න මැතිවරණ කොමසාරිස් මරු පොරකි.


නැතිනම් ඉතින් 'පහත් තැනින් යයි ගලා ජලේ' තමයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේවා විපක්ෂයේ බූරැවන්ට වත් මාකට් කරන්න තේරෙන්නේ නැ නේ... උන් ඉන්නවා එළුවගෙ ..... හැලෙනකන් බලන් හිටි නරියෝ වාගේ....

    ReplyDelete
  2. ඔය කියන රජයේ සේවකයන්ට විරුද්දව “ක්‍රියාමාර්ග ගැනීමට“ මැතිවරණ කොමසාරිස්ට බලයක් නැත. ඔහුට කල හැක්කේ අදාල රජයේ නිලධාරීන් අහවල් විනය කඩකිරීමක් සිදුකර ඇති බවට ඔවුන්ගේ ප්‍රධානීන්ට (හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට) දැනුම් දීමයි. එකී නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීම එවිට ඒ ඒ ආයතනවල වගකීමයි.

    මා දන්නා පරිදි මැතිවරණ කොමසාරිස් විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම විනය කඩකිරීම කර ඇතැයි ඔහුගේ ප්‍රධානියා වන ආරක්ෂක ඇමති, එනම් ජනාධිපති (වෙනුවට ජනාධිපති ලේකම්) වෙත ලිපියකින් දැනුම් දී ඇත. එතනින් එහාට නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ වීම වෙනමම කතාවකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා