දේශප්‍රේමීන්ථ එන්න, අපි ඇමරිකාව ආක්‍රමණය කරමු / Patriots, come, let us invade America

ලෝකයේ තිබෙන ත්‍රස්තවාදයෙන් හා ආර්ථික වශයෙන් බැට කෑ, සංස්කෘතියක්, ඉතිහාසයක් නැති, ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන, අමන රටක් වන ඇමරිකා එක්සත් ජනපදයට රැකියා සඳහා සංක්‍රමණය වීම සඳහා අවසරය දෙන 2013 ඇමරිකානු ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ වී ඇත.


මේ පිළිබඳව සිංහල ජාතියේ මුර දේවතාවා වන දිවයින පුවත්පත ඇතුළු පුවත්පත්වල පුළුල් ප්‍රචාරයක් දී ඇත. ඇතැම්විට දිවයින ද ඇමරිකන් කුමන්ත්‍රණයකට අහු වෙලා වෙන්නට පුළුවන. හැම තැන ම ඇමරිකන් කුමන්ත්‍රණ නිසා අද කාලේ අම්මා, අප්පාවත් විශ්වාස කරන්නට බැරි ය. 'පුතේ, මේකට දාපං', 'අපිත් මේකට දාමු, මෙයා', 'දාලා බලමු මචං' ආදී වශයෙන් කියන්නේ ඒ කුමන්ත්‍රණවලට සම්බන්ධ අය වන්නට පුඵවන. 


විමල් වීරවංශගේ වෙබ් අඩවියට අනුව, යන එන මං නැතිව සිටින ඇමරිකාව ග්‍රීන් කාඩ් දෙන්නේ ලංකාවේ දේශ හිතෛශී, වීර සිංහලයන් එහි ගෙන්වාගෙන ඔවුන්ගෙන් වැඩ ගෙන එරට ඇමරිකා මහාද්වීපයේ ආශ්චර්යය කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස විය හැකි බැවින් ග්‍රීන් කාඩ්වලට අයදුම් නො කරන්නට දේශප්‍රේමීන් වග බලා ගත යුතු ය. එසේ ම, ලංකාවේ බඩු මිළ සේ වේගයෙන් ඉහළ නගින සංවර්ධනය අඩාල කර ලංකාව ඉතා ඉක්මණින් ම ලෝකෙන් උතුම් ම රට බවට පත් වීම වැළැක්වීමේ උවමනාවක් ද මේ පිටුපස තිබෙන්නට පුළුවන. 


හැබැයි මෙහෙම එකක් කරන්නට පුළුවන. කාටත් නො කියා සද්ද නැතිව ග්‍රීන් කාඩ් ඉල්ලා ඇමරිකාවට ගොස් ඇමරිකාවට ගේම දෙන්නට පුළුවන. අපේ පාලක පවුලේ අය කළේ එසේ ය. සරත් ෆොන්සේකා ඒක කරන්නට ගොස් ඇමරිකාවට අහු වුණා වෙන්නට හැකිය. 


කන්න, අඳින්න නැතිව ඉන්න, කුසින් වැදූ ළමයින් ගඟට වීසි කරන, දැරියන් පෝලිම් දාන්නට කාමාතුරයන්ට විකුණන, පාසල් තුළ ම ළමයින් කෙළෙසන, පූජකයන් දැරියන් කෙළෙසන, ග්‍රීස් යකුන් කියා අහිංසකයන් පොලුවලින් තලා මරා දමන, පොලිසිය මිනී මරන, මිනිස්සු පොලිසිය මරන,  පොලිස්කාරයන් කඩු ගා, කඩු ගෑ කඩුව සොයන්නට ගංගාවල පීනන්න යන සැකකරුවන් සිටින ඇමරිකාවේ කුජීත හැතිකරයට ලංකාව වැනි ශ්‍රේෂ්ඨ රටක හැටි උගන්නන්ට යන්නට ඔබටත් මෙයට අයදුම් කළ හැකි ය. 


ඕනැ මඟුලක් සඳහා සම්බන්ධතා පුරුක මෙන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය මොන කතා කිව්වත් ඔය දෙශප්‍රේමීන් කියන අයගේ කොහොමත් එක කකුලක් ලංකාවේ අනික් කකුල අමෙරිකාවේ. උන් කැමති නැහැ තව එකෙක් අමෙරිකාවට හරි ටිම්බක්ටුවට හරි ගිහින් හිතේ කරදරයක් නැතුව තමන්ගේ හැකියාවෙන් කීයක් හරි හම්බකරගෙන තමන්ගේ පවුලේ අයටත් කීයක් හරි ජීවත් වෙන්න එවනවාට.
    -Kumar-

    ReplyDelete
  2. Annonymous,
    You are absolutely correct.
    Most of MR's family members are green card holders.
    Most of the ruling party & opposition members faily members are abroad.'
    Most of the so called intelectuals family members are abroad.
    They are enjoying the capitalist luxuried offered.
    As you said they don't want the others to go and enjoy and see them because then they will understand the difference between the freedom there & here and also the so called devolopment here & the real devolopment there.

    ReplyDelete
  3. හ හා...එල ටෝක් ටික...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා