ඇමරිකාව ලංකාවට බය වී ජී.එස්.පී. ප්ලස් දෙයි (දිවයින මානසිකත්වය පුවත්පතෙන් උපුටා ගත් පුවතක්)

ඇමරිකාව දැන් දුප්පත් වෙමින් තිබේ. 
ජනාධිපතිගේ දුරකථනය තැබීමට දුරකථන  සිටගැනීමක් (telephone stand)
මිළ දී ගැනීමට පවා ධවල මන්දිරයට මුදල් නැත.
කීර්ති පාටකුලසූරිය විසිනි

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ලංකාවට බිය වී තිබේ. (US President Barak Obama is afraid of Sri Lanka) විශේෂයෙන් ම ලංකාවේ දිවයින ඇතුළු සිංහල පුවත්පත් කියවීමෙන් හා අයි.ටී.එන්. ඇතුළු රූපවාහිනීවලට සවන් දීමෙන් පසු නුදුරු අනාගතයේදී තමන් පරද්දන මේ ශ්‍රී ලංකාව නම් රට සමග ෂේප් එකේ සිටිය යුතු බව බරක් ඔබාමා තීරණය කර තිබේ. (Obama has decided to shape Sri Lanka) 


ලංකාවට ජී.එස්.පී. බදු සහන ලබා දීමට ගත් පියවර ලෝකයේ වෙනත් රටවල් 129කට ද වාසියක් (chance) වී ඇක. 


ජී.එස්.පී. බදු සහනය අහිමි වීම ලංකාවෙන් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන ඇඟලුම් සඳහා බලපෑවේ නැත. එහෙත්, ලංකාව එරට ටයර් සපයන ප්‍රමුඛයා වී සිටි අතර ජී.එස්.පී. නැති වීම නිසා එම ටයර් වෙළඳපොළ සීයට 28.5කින් වැටිණි. 


මෙම ටයර් වෙළඳපොළ අල්ලා ගන්නා ලද්දේ චීනය විසිනි. ඒ නිසා, ඇමරිකාව නැවත ජී.එස්.පී. සහනය දෙන්නට තීරණය කර තිබෙන්නේ චීනයත්, ලංකාවත් කෙටවීමට බව වාර්තා වේ. 
බත් නැති නිසා පාන් සහ සලාද කොළ කයි
බයට සිගරැට් බොයි (smoking)
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. වීරවංශ සහෝදරයට ඔක්කොම බයයි. වීරවංශ ලොක්කට බයයි...

    ReplyDelete
  3. Obama has kept the mouthpiece into his ear and the earpiece into his mouth.

    ReplyDelete
  4. They waste spend tax payers money to buy lavish telephone stands

    ReplyDelete
  5. නොතේරෙන සිංහල වචන හා වාක්‍ය වල ඉංගිරිසි තේරුම් දීල තියන හින්දා හොඳයි. කිර්තිගේ වැඩක්ම තමා!

    ReplyDelete
  6. අම්මපා, දයාසේන ගුණසිංහල හිටපු දිවයිනට ගියකල (Motherleg, dayasena gunasinghe sitting divayina went time ). මම දිවයින කියවන එක නවත්තන්ට එක හේතුවක් ඔය පාටකුලසූරිය.(I divayina read one stop one reason stream colourcastesun)මිනිහ හිතාගෙන ඉන්නෙ ආයුධවල නම් හොයාගෙන වරහන් ඇතුලෙ ඉංග්‍රීසියෙන් දාල තවත් වාක්‍ය දෙක තුනක ඉංග්‍රීසි පරිවර්ථන වරහන් ඇතුලෙ දාපුවම ඒක ආරක්ෂක වාර්තාවක් වෙනවයි කියල.දිවයිනටම හොඳයි මුංදැල.( divayina good greengram net)

    ReplyDelete
  7. දැන් අපි මේකට හිනා වෙන්න ඕනද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා