මිනීමරුවන් හා පොලිස් මරුවන් යනු දෙකොටසක් ද? / What is the difference between killers and police killers?

1988, 89 සමයේදී ජවිපෙ කැරළි සමයේ ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ජවිපෙ විසින් මරා දමන ලද අයගේ මළ සිරුරු ආදාහනය කිරීමේදී ඒවා කර මතින් නො ගෙනිය යුතු ය වැනි නීති පනවා තිබිණි. එසමයේ රජය විසින් මරා දමන ලද ජවිපෙ සාමාජිකයන්ගේ මළ සිරුරු මහ මග ටයර් දමා බාගෙට පුළුස්සා කපුටන්, බල්ලන් ආදීන්ට කන්නට සලස්වන ලදී.


මොරටුව පොලිසියේ කොස්තාපල්වරයකු කපා කොටා ඝාතනය කිරීම පිළිබඳ සැක පිට අත්අඩංගුවට ගෙන, පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී බොල්ගොඩ ගඟට පැන සියදිවි නසාගත්තේ යැයි කියන ලලිත් ජයන්තගේ මළ සිරුර භූමදානය සඳහා මොරටුව මෝදර එගොඩඋයන ප්‍රදේශයට ගෙන යෑම තහනම් කරමින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.


මිනී මැරුම් යනු ලංකාවේ දුර්ලභ දෙයක් නො වේ. පොලිස් අත්අඩංගුවේ සිටින මිනිසුන් මිය යාම ද සාමාන්‍ය දෙයකි. ලලිත් ජයන්ත මිය ගියේ ද පොලිස් අත්අඩංගුවේදී ය. අත් අඩංගුවෙන් මිදී පළා යන්නට තැත් කිරීමේදී සිදු වූ දෙයකින් සැකකරුවකු මිය ගියා ය යන්න පොලිසියේ සිල් පදයක් බවට පත් වී තිබේ.


මේ තත්වය තුළ ලලිත් ජයන්ත යනු ඔහුට එල්ල කරන ලද චෝදනා ඔප්පු වී නම් තවත් එක් සාමාන්‍ය මිනීමරුවකු පමණි. එහෙත්, ඔහුගේ මිනිය ගමට ගෙන එන්නට එපා යයි උද්ඝෝෂණ මතු වීම, ඉහත කී අධිකරණ නියෝගය ආදිය සාමාන්‍ය නැත. එසේ වූයේ ඇයි?


ලලිත් ජයන්තගේ මිනිය භාර ගන්නට කිසිවකු නැද්ද? නැතිනම්, ඔහුගේ ඥාතීන් මිනිය භාර නො ගන්නේ බිය නිසා ද?


ඒ ගමේ මිනිසුන් බලා සිටියේ කවුරු හෝ ලලිත් ජයන්තව මරනකල් ද? එසේ නම් ඔහු සිටියේ මේ ගම ම බිය වද්දාගෙන ද?


එහෙම නැතිනම්, මේ මිනිසුන් ලලිත් ජයන්තගේ මිනිය ගමට ගෙන එන්න එපා යයි කියමින් උද්ඝෝෂණය කරන්නේ පොලිසියට ඇති බිය නිසා ද? නැතිනම්, කාගේ හරි පෙළඹවීමක් නිසා ද?


බෞද්ධ ආගමික නායකයන් ලලිත් ජයන්තට පාංශුකූලය දීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මීට පෙරත්, ඔවුන් මිනීමරුවන්ට පාංශුකූලය දීම ප්‍රතික්ෂේප කර තිබේ ද? මේ ක්‍රියාව කෙතරම් ආගමානුකූල ද?


ලලිත් ජයන්තට මෙසේ සිදු වී ඇත්තේ ඔහු සාමාන්‍ය මිනීමරුවකු නොව පොලිස් මරුවකු නිසා ය. පෙනෙන අන්දමට නම් පොලිස් මරුවන්ට මේ රටේ වෙන ම ආකාරයක නීතියක් ක්‍රියාත්මක වේ.


මිනීමරුවන්ට ද අයිතිවාසිකම් තිබේ. පොලිස් මරුවන් ය කියා ඒ තත්වය වෙනස් වන්නේ නැත. පළමුකොට ම, සැකකරු මිනීමරුවකු බව අධිකරණයේදී ඔප්පු විය යුතු ය. සාධාරණ නඩු විභාගයක් සඳහා අවස්ථාව ලලිත් ජයන්තට ලැබී නැත.


එසේම, ඔහුගේ මිය යාම පිළිබඳ පොලිසිය කියන කතාව සත්‍යයක් යයි පිළි ගැනීමට බල කෙරෙන හා එයට අභියෝග කිරීම සදාචාර විරෝධී යයි පෙන්නුම් කෙරෙන තත්වයක් නිර්මානය කර තිබේ.


ලලිත් ජයන්තගේ මරණයට වගකිව යුතු මිනීමරුවන් ද සිටින්නට පුළුවන.


නීතිය ඉදිරියේ කවුරුත් සමාන විය යුතු ය.


නීතිය බල්ලාට ගිය රටේ අඩු ගණනේ ආගම ඉදිරියේ හෝ පීඩාවට පත් මිනිසුන්ට සහනයක් තිබිය යුතු ය.


උපතින් බෞද්ධයකු වූ සරදියෙල් එල්ලුම් ගස් යාමට පෙර ක්‍රිස්තියානුවකු වූයේ බෞද්ධ නායකයන් ඔහු පිටු දුටු නිසා ය.


බුදු හිමියෝ නම් අංගුලිමාලට පවා අනුකම්පා කළ සේක.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය ප්‍රදේශයේ කාළයක් පටන් ගම් දෙකක් අතරේ මරා ගන්න කේස් එකක් යන බව ඒ පැත්තේ කවුරුත් දන්නවා. ආගමික නායකයන් පාංශුකූලය දෙන්න එන්නෙ නැති එක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. ගමේ උන් පන්සලට දානෙ දෙන එකයි මට තියෙන ප්‍රශ්නේ. මේ අංගුලිමාලලව නිසි මගට ගන්න බැරි. ඔය මැර බලය නැති කරන්න ඕනෙත් මැර බලයෙන්ම තමයි. ප්‍රභාට කළා වගේ. කොහෙන් හරි ආරම්බයක් තියෙන්න එපැයි. මම අනාවැකියක් කියන්නම්. ඔය විදියට ගියොත් ඔය පාදඩයන්ට කිරි පොවල ඇති දැඩි කරණ එකෙකුත් වැලිගම්පිටි යවනවා අනිවාර්යයෙන්.

    ReplyDelete
  2. ලලිත් අතින් මැරුණු පොලිස් නිලදරුවා ගැන කතා නොකරන්නේ පැරකුම් වැනි චේගුවේරාකාරයන්ට පොලීසිය ඇලර්ජික් නිසා ද?

    ReplyDelete
  3. 1. තල්දුවේ සෝමාරාමත් ක්‍රිස්ටියන් වී පව් සමාකරගත් බව මා අසා ඇත.
    2. බුදු හාමුදුරුවෝ අංගුලිමාලට අනුකම්පා කළ ද, මහන වූ පසුත් සාමාන්‍ය මිනිස්සු ගල් ගැසූහ.

    ReplyDelete
  4. වෙන්න ඕනි ඕකෙ අනෙක් පැත්තයි. හරි හමන් ආගමක් ධර්මයක් තියෙන පූජකයෙක්නම් ලංකාවේ පාදඩ,දුෂ්ඨ,මංකොල්ලකාර,නිවට,මිනීමරු පොලීසියේ එකෙක් මැරිච්ච වෙලාවට ආගමික කටයුතු වලට ඉදිරිපත් නොවිය යුතුයි. ‍ගමක කිසිවෙක් ඒ මරණයට සහභාගි නොවිය යුතුයි. පොලිස් කාරයන්ගෙ පවුල් වල ඉන්නෙ මිනිස්සුනම් මිනිය භාර නොගෙන සිටිය යුතුයි. මොකද ලංකාවෙ ඉන්න සියඵම පොලිස්කාරයෝ මිනිස්සු නොවන නිසා. ඇත්තෙන්ම එකෙක්වත් මිනිස්සු ලංකාවෙ පොලීසියේ නෑ. උන්ට තිරිසන්නු කිව්වොත් තිරිසන්නුන්ට ලොකු අවමානයක් වෙනව.

    ReplyDelete
  5. සියලුම සිද්ධිය ෙනාදැන ෙමවැනි ෙකාමන්ට් කරන ඒක හරි වැරදියි.පොලිසිය කියන වචනෙ අදහස පිළිබද නිවැරදි අවබොදයක් ලබා ගැනීම පෙර කොමන්ට් කර අැති සියලු දෙනා කළ යුතු බව මගෙ අදහසයි.අද රටෙ සිටින සියලු දාමරිකයන් සමූල ඝාතනය කළ යුතු බවයි මගෙ අදහස.මන්ද භාෂාෙව් ෙවනත් වචන දාමරිකයන්ට ෙනාෙත්ෙරන බැවිනි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා