මිනීමරුවන් හා පොලිස් මරුවන් යනු දෙකොටසක් ද? / What is the difference between killers and police killers?
1988, 89 සමයේදී ජවිපෙ කැරළි සමයේ ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ජවිපෙ විසින් මරා දමන ලද අයගේ මළ සිරුරු ආදාහනය කිරීමේදී ඒවා කර මතින් නො ගෙනිය යුතු ය වැනි නීති පනවා තිබිණි. එසමයේ රජය විසින් මරා දමන ලද ජවිපෙ සාමාජිකයන්ගේ මළ සිරුරු මහ මග ටයර් දමා බාගෙට පුළුස්සා කපුටන්, බල්ලන් ආදීන්ට කන්නට සලස්වන ලදී. මොරටුව පොලිසියේ කොස්තාපල්වරයකු කපා කොටා ඝාතනය කිරීම පිළිබඳ සැක පිට අත්අඩංගුවට ගෙන, පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී බොල්ගොඩ ගඟට පැන සියදිවි නසාගත්තේ යැයි කියන ලලිත් ජයන්තගේ මළ සිරුර භූමදානය සඳහා මොරටුව මෝදර එගොඩඋයන ප්‍රදේශයට ගෙන යෑම තහනම් කරමින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මිනී මැරුම් යනු ලංකාවේ දුර්ලභ දෙයක් නො වේ. පොලිස් අත්අඩංගුවේ සිටින මිනිසුන් මිය යාම ද සාමාන්‍ය දෙයකි. ලලිත් ජයන්ත මිය ගියේ ද පොලිස් අත්අඩංගුවේදී ය. අත් අඩංගුවෙන් මිදී පළා යන්නට තැත් කිරීමේදී සිදු වූ දෙයකින් සැකකරුවකු මිය ගියා ය යන්න පොලිසියේ සිල් පදයක් බවට පත් වී තිබේ. මේ තත්වය තුළ ලලිත් ජයන්ත යනු ඔහුට එල්ල කරන ලද චෝදනා ඔප්පු වී නම් තවත් එක් සාමාන්‍ය මිනීමරුවකු පමණි. එහෙත්, ඔහුගේ මිනිය ගම...