Posts

Showing posts from November, 2022

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන

Image
  සී.ජේ. අමරතුංග බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට හේතුව බව සිතිය හැකි ය. ඒ අනුව එබඳු වැඩ සටහන් ක්‍රියාත්මක කරන හැම අවස්ථාවක් ම නව ලිබරල් කියා හැඳින්වීමට වාමාංශිකයෝ පෙළඹී සිටිති. මෙම ඇතැම් ප්‍රතිපත්ති සහ/ හෝ ක්‍රියාමාර්ග වෙනත් ආර්ථික දර්ශන සමග ද ක්‍රියාත්මක කළ හැකි බව ඔවුහු නොදනිති. නැතහොත් නොපිළිගනිති. මෙරට ප්‍රකට වාමාංශික බුද්ධිමතෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මාස කිහිපයකට පෙර අනිද්දා පුවත්පතට ලිපියක් ලියමින් ප්‍රකාශ කළේ නව ලිබරල්වාදය ගැන වමේ අලුත් විවේචනයක් අවශ්‍ය බව යි. ඒ මහතාට එබඳු නව විවේචනයක් ගොඩ නගා ගැනීමට හැකි වූ බවක් පෙනෙන්නට නැතත්, එම ලිපියෙන් එක් කරුණක් පිළිගෙන ඇති බව පෙනෙන්නට තිබිණි. එනම්, නව ලිබරල්වාදය පිලිබඳ වමේ විවේචනයේ කිසියම් වරදක් ඇති බව යි. නව ලිබරල්

බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි?

Image
අජිත් පැරකුම් ජයසිංහ බලය බෙදීම අතිශය වැදගත් මාතෘකාවකි. අරගලය ඔය තරම් ඉදිරියට ඒමට හේතු වූයේ ද බලය බෙදීමයි. අරගලයේ පාර්ශ්ව කවුරුද? ගෝඨාභය එහි ප්‍රධාන පාර්ශ්වයයි. අරගලයට ඉදිරියට යන්නට පූර්ණ අනුග්‍රහය ලැබුණේ ගෝඨාභයගෙනි. එහි අරමුණ කුමක්ද? මහින්ද, බැසිල්, නාමල් වැනි රාජපක්ෂ පවුලේ බලය බිඳදැමීමයි. (මාත් ඒකට කැමතිය.) එසේ කරන්නට උවමනාව තිබුණේ කාටද? ගෝඨාභය ඇමරිකන් බළල් අතක් බව මුල සිටම පැහැදිලිය. ඔහු වනාහි රාජපක්ෂ බලය බිඳීම සඳහා ඇමරිකාව විසින් කරන ලද විශිෂ්ට සොයාගැනීමකි. ඒ වනාහි ඇතුළෙන්ම නිර්මාණය කරන ලද පිළිකාවකි. ඇමරිකාවට එසේ කරන්නට අවශ්‍ය වුණ හේතු අතර, ලංකාව සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවේ බලපෑම ප්‍රධාන වේ. ඔවුන්ට ලංකාවේ ප්‍රශ්නය විසඳාගැනීමට අවශ්‍ය නැතිමුත් හිඟන්නාගේ තුවාලය තවටිකක් පෑරීමේ අවශ්‍යතාව තිබේ. කැනඩාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව හා වෙනස් තත්වයක් යටතේ ඉන්දියාව පවා අයත් වන දෙමළ ඩයස්පෝරාව හා දෙමළ දේශපාලනය ප්‍රබල රටවලට ලංකාවේ දෙමළ ප්‍රශ්නය මගහැරිය නොහැකිය. එය ඇතැම් විට, අභ්‍යන්තර මැතිවරණවලදී පවා අදාළය. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ජාත්‍යන්තර තලයේදී ඔසවන්නේ මානව හිමිකම් ධජය යටතේය. ඒ සඳහ

සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ

Image
  අජිත් පැරකුම් ජයසිංහ මැතිවරණ වියදම් පාලනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි කාලයේදී එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම නීතිය අනුව මැතිවරණ සඳහා තරඟ කරන සියලු අපේක්ෂකයන් තමන් මැතිවරණ වෙනුවෙන් වැය කරන මුදල් සහ එම මුදල්වල ආදායම් මූලාශ්‍ර හෙළි කළ යුතුය. එක් එක් මැතිවරණය හා මැතිවරණ කොට්ඨාසය අනුව වැය කළ යුතු උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් නිරණය කරනු ලැබේ. සියලු මැතිවරණ වියදම් එක් ගිණුමක් ඔස්සේ සිදුකළ යුතු අතර මැතිවරණයෙන් පසු සති තුනක් ඇතුළත සියලු අපේක්ෂකයන් වියදම් කළ මුදල් ප්‍රමාණය කොපමණද එය කෙලෙස ලබාගත්තේද කවුරුන්ද ලබාදුන්නේ යන්න පිළිබද සම්පූර්ණ තොරතුරක් දිවුරුම් ප්‍රකාශයක් මගින් ගිනුම් සාරාංශයක් ලබාදිය යුතුය. අසත්‍ය කරුණු සදහන් කර තිබුණහොත් එය වරදක් ලෙස සළකා දඩුවම් නියම කිරීමටද, බොරු දිවුරුම් ප්‍රකාශ ලබාදීම පිළිබදව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා දඩුවම් කිරීමේ බලයක් මෙම පනත යටතේ හිමි වේ. වියදම් සීමා ඉක්මවා තිබුණහොත් හෝ අසත්‍ය කරුණු සඳහන් කර ඇති බව සනාථ වුවහොත් ජයග්‍රහණය කළ ද මන්ත්‍ර

ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ලංකාව මේ මොහොතේ පසුකරමින් සිටින්නේ පරිවර්තනීය සමයකි. එය විප්ලවීය අවධියකැයි කීමෙහි ද වරදක් නැත. විප්ලවයක් යනු සමාජ ක්‍රමයෙහි වේගවත් විපර්යාසයකි. ලංකාවේ ද මේ මොහොතේ එසේ සිදුවෙමින් තිබේ. විප්ලවයක් පැනනගින්නේ පැවති සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගත නොහැකි තත්වයක් නිර්මාණය වීමෙනි. එහිදී අලුත් ක්‍රමයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, එය සිදුවන්නේ පවත්නා ප්‍රායෝගික තත්වයන් තුළ මිස දෘෂ්ටිවාදීමය ආකාරයකින් නොවේ. සුප්‍රකට කාර්මික විප්ලවය සම්බන්ධයෙන් ගත් කල විප්ලවය යන්නෙන් අදහස් කරනු ලබන්නේ ආර්ථික සබඳතා සහ තාක්ෂණික තත්වයන්හි රැඩිකල් හා ගැඹුරු වෙනසක් ගැනය. විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදී එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන අතර අවසානයේ පෙර පැවති එකට වඩා රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබේ. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව

ලලිත් ඇතුලත්මුදලි

Image
  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ශ්‍රී ලංකාව: ඉදිරි මාවත” යන තේමාව යටතේ ලලිත් ඇතුලත්මුදලි සමරු නිදහස් දේශනය අද පස්වරු 5.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකිරීමට නියමිතයි. ලලිත් ඇතුලත්මුදලි පදනම විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය පිළිබඳ ආයතනය සහ ශ්‍රී ලංකාව සඳහා වන ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබනවා. දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම සංවත්සරය නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබෙනවා. මීට වසර 30කට පමණ පෙර 1993දී කිරුළපන පැවති දේශපාලන රැලියකදී නාඳුනන තුවක්කුකරුවකු විසින් ඇතුළත්මුදලි මහතා වෙඩිතබා ඝාතනය කරනවා. ලලිත් ඇතුලත්මුදලිගේ පියා වන දොන් ඩැනියල් ඇතුලත්මුදලි 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයායි. 1947 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ආසනය සඳහා තරග වැදුණු ඩී.ඩී. ඇතුලත්මුදලි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් තරග කළ විල්මට් පෙරේරාට පරාජය වුණා. ඩැනියල් ඇතුලත්මුදලිගේ පුත්‍රයා වුණු ලලිත් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයෙකු වුණ නිසා 1955 වසරේදී ඔහුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් කිර

පළාත් පාලනයට නැවතත් තරුණ නියෝජනය

Image
  අජිත් පැරකුම් ජයසිංහ පළාත් පාලනයේ තරුණ නියෝජනය 25%ක් වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමති ශාන්ත බණ්ඩාර කියනවා. පළාත් පාලනයේ තරුණ නියෝජනය සඳහා කලින් පැවති අවස්ථාව යළි ලබාගැනීමේ අරමුණින් පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලක්ෂ 50කට ආසන්න වන වයස අවරුදු 15-29 අතර ලාංකික තරුණ ජනගහනය රටේ ජනගහනයෙන් 25%ක්. ඔවුන් වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවල 40%ක ඉඩ වෙන්කිරීම 1990 සිට 2012 දක්වා කාලයේදී අනිවාර්ය වුණා. 2012 අංක 22 දරන පනතින් මෙය 25% දක්වා අඩු කරනු ලැබුවා. එසේම, එය තරුණ හා කාන්තා ඒකාබද්ධ නියෝජනයක් ලෙස ද වෙනස් කරනු ලැබුවා. එහෙත්, එය දේශපාලන පක්ෂවල කැමැත්ත මත තීරණය කළ හැකි කරුණක් වුණා. ඒ නිසා දේශපාලන පක්ෂ එය නොතකා හැරියා. 2017 අංක 16 දරන පනතින් පළාත් පාලනයේ තරුණ නියෝජනය 30% දක්වා වැඩි කර තිබුණ ද එය ද අනිවාර්‍ය නැහැ. මේ වන විට පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 8,000 පමණ සිට 4,000 පමණ දක්වා අඩුකිරීම සඳහා

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි

Image
අජිත් පැරකුම් ජයසිංහ ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත් දේවසිරි දක්වා අයගේ සිංහල-බෞද්ධ-ගොවිගම ප්‍රභූ විරෝධය තේරුම්ගන්න. එතන තියෙන්නෙ ප්‍රභූත්වයක් විතරක් නෙමෙයි. ඒ තමයි ලංකාවේ ප්‍රධාන හා බහුතර දේශපාලන බලවේගය. ඒ බලවේගය තමයි ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ගොඩනගලා පවත්වාගෙන යන ප්‍රධාන බලය. ඒකෙ අඩුපාඩු ඕනැ තරම් තියෙනවා. උවමනාවට වඩා සංරක්ෂණවාදීකම එකක්. සිංහල ජාතිවාදය පැත්තට යොමුව තියෙන්නෙ ඒ නිසායි. හැබැයි, ලංකාවේ ජනගහනයෙන් 55%කට වඩා අයිති වන්නෙ සිංහල-බෞද්ධ-ගොවිගම ප්‍රජාවට. මේ ප්‍රජාව සියල්ලන් ඇතුළත් කරගැනීමට කැමති විවෘත බලවේගයක්. උදාහරණයක් විදියට ඔවුන් එක් වතාවකට වඩා වාර ගණනකදී රාජ්‍ය නායකත්වය ඔවුන්ගේ ප්‍රජාවෙන් පිටත අයට ලබාදී තිබෙනවා. මේ ප්‍රජාවේ අධිපති බලයට එරෙහිව සන්ධාන ගොඩනැගීම පසුපස ඇමරිකා එක්සත් ජනපදය වැනි රාජ්‍ය තියෙනවා. ඔවුන් එසේ කිරීමට හේතුව ඒ රාජ්‍යවල ඡන්දදායකයන් බවට පවා පත්වී තිබෙන දෙමළ ඩයස්පෝරාව. ඩින් ඩියම් මෙතැනදී අදාළ වන්නේ

බංකොලොත්භාවයෙන් ගොඩඑන ගමන් සංවර්ධනයේ බීජ සිටුවන අයවැයක්

Image
  හර්ෂ ගුණසේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා පිළිබඳව විවිධ චෝදනා මෙන්ම පැසසුම් ද ඉදිරිපත් වෙමින් පවතී.මෙම අයවැය ඉදිරිපත් කරන ලද්දේ රට ඉතිහාසයේ ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවකට පත්ව සිටින මොහොතකය.මෙතෙක් කල් පැවති සියලු ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේ සිය පැවැත්ම තහවුරු කරන ආර්ථික ප්‍රතිපත්ති විය. රටේ මත ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු රට විසින් අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සිය ආර්ථික දේශපාලන දැක්ම අනුව තීරණය කර මත ඉදිරිපත් කරති. අයෙකු ආනයන ආදේශක ඉදිරියට ගත යුතු යයි සිතන අතර අයෙක් අපනයන ප්‍රවර්ධනය ඉදිරියට ගත යුතු යයි සිතති. අයෙකු රාජ්‍යය ව්‍යාපාර නොකළ යුතු යයි සිතන අතර අයෙක් රාජ්‍ය ව්‍යාපාර පාඩු නොලබන ලෙස පවත්වාගත යුතු යයි සිතති. අයෙක් පෞද්ගලික අංශයට විරුද්ධ වන අතර අයෙක් පෞද්ගලික අංශය ප්‍රවර්ධනය කළ යුතු යයි සිතති. අයෙක් විදේශ ආයෝජනවලට එරෙහි වන අතර අයෙක් විදේශ ආයෝජනවලට අනුග්‍රහය දක්වති. මෙම බෙදීම නව ලිබරල් වශයෙන් ද සමාජවාදී හෝ මාක්ස්වාදී වශයෙන් ද මෙම අන්ත අතර ඇති යම් මතවාද වශයෙන් ද අර්ථ දක්වනු ලැබේ. සිංහල ගැමියන් අතර වැඩක් කළ යුත්තේ වැඩේට ඕනෑ හැටියට යයි කියුමක් තිබේ. එහි තේරුම

ආරක්ෂක වියදම් ගැන ආන්දෝලනය

Image
  අජිත් පැරකුම් ජයසිංහ 2023 අයවැයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් පිළිවෙලින් රුපියල් බිලියන 232 හා 322ක් ලෙස එකතුව රු බිලියන 554ක් වෙද්දී ආරක්ෂක වැය පමණක් රු බිලියන 539ක් වීම පිළිබඳ අරගලයට සම්බන්ධ පාර්ශ්ව මැසිවිලි නගන ආකාරය සමාජ මාධ්‍යවලදී දැකිය හැකියි. එහෙත්, වාමාංශික පක්ෂ ඇතුළු විපක්ෂය මේ පිළිබඳ කට අරින්නේවත් නැති වීම සුවිශේෂයි. රටක ආරක්ෂක හමුදාවක් නඩත්තු කිරීම සඳහා අතිවිශාල පිරිවැයක් දරන්නට සිදුවෙන එක සාමාන්‍ය තත්වයක්. එමගින් ක්ෂණික ප්‍රතිලාභ ලබාගන්නට බැහැ. රාජ්‍ය සේවක වැටුප් වියදමෙන් පහෙන් එකක් පමණ වැයවන්නේ ආරක්ෂක හමුදා වැටුප් සඳහායි. ආරක්ෂක හමුදාවන්ගේ වැටුප් තලයන් සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් තලවලට සාපේක්ෂව ඉහළයි. ආරක්ෂක වියදම් අඩුකරන්නට නම්, දැනට ලක්ෂ තුනක් පමණ වන ආරක්ෂක හමුදාවල නිලධාරීන් හා සෙබළුන් සංඛ්‍යාව අඩුකළ යුතුයි. වෙනත් විසඳුමක් නැහැ. එය කළ නොහැක්කක් නොවෙයි. හමුදාවේ ඉහළ නිලවල සිටින නිලධාරීන්ට පෞද්ගලික සහායකයන්, කාර්ය මණ්ඩල, ආරක්ෂක භටයන්, රියදුරන් හා වාහන ආදී පහසුකම් හා වරප්‍රසාද රැසක් සපයනු ලබනවා. හමුදා කුඩා කිරීම ඉහළ සිට ආරම්භ කළ හැකියි. එවිට පහළ ඉබේම අඩ

සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද?

Image
අජිත් පැරකුම් ජයසිංහ මගෙ ඔය හැංගි හොරා කතා නැහැ. ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාම හොඳ බලතුලනය තමයි රනිල්ගේ හා දිනේෂ්ගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ශක්තියෙන් යන මේ ගමන. ඒකට ආයෙ ඔය පරාජිතල, හර්ෂද සිල්වල, එස්බීන්ලා වගේ කට්ටියත් අවශ්‍ය නැහැ. ලංකාව මේ වලට ඇදල දාපු එකට වැඩියෙන්ම වගකියන්න ඕනැ රාජපක්ෂලා බවට තර්කයක් නැහැ. හැබැයි, රාජපක්ෂලාව එතනට ඇදල දාපු ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒකෙ වගකීමත් භාරනොගෙන, රටට දරාගන්න බැරි සුබසාධනවාදී ක්‍රමය රැකදීම වෙනුවෙන් තමයි පෙනීඉන්නෙ. රාජපක්ෂලා මේ වෙනකොට එතන නැහැ. පොහොට්ටු පක්ෂය කියන්නෙ නායකත්වය පිළිගන්නා විනයක් තියෙන බලවේගයක්. ඒකෙ හිටිය ඩලස්ලා, විමල්ලා, ජීඑල්ලා වගේ තුවාල වැඩි හරියක් දැන් එළියෙ. රනිල්ගෙ එජාප ලෙඩා මළත් බඩසුද්දයි වෙන මට්ටමටම ගිහින් තියෙන්නෙ. හිටපු වසංගත වැඩිහරියක් සජිත්ට භාරදීල තියෙන්නෙ. සජිත් හොඳ මිනිහෙක් වුණාට එල්ලගෙන ඉන්න සොම්බි ටික එක්ක කවදාවත් ආණ්ඩුවක් හරියට කරන්න බැහැ, දෙවෙනි සිරිසේන තමයි ෂුවර් එකට. ඒ මදිවට ආර්ජන්ටිනාව, ඉක්වදෝරය වගේ එක දිගට ණය ගෙවාගත නොහැකිව ඩිෆෝල්ට් වෙවී දිගින් දිගට සැර

රනිල් දන්න අනුරලා නොදන්න දේශගුණික විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර දේශපාලනය

Image
  අජිත් පැරකුම් ජයසිංහ දේශගුණික විපර්යාස කියන්නෙ මේ වෙනකොට ලෝක නායකයන්ගේ අවධානය යොමුවී තිබෙන ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාව, මාලදිවයින වගේ ඝර්ම කලාපීය දූපත් රාජ්‍ය දේශගුණික විපර්යාස නිසා දැඩි අවදානමකට ලක්වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශගුණික විපර්යාස සම්බන්ධ කටයුතුවලට නිලධාරීන් පත්කරනකොට, කාර්යාල පිහිටුවනකොට, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27)ට සහභාගී වෙනකොට ලංකාවේ අදූරදර්ශී දේශපාලකයන් එයට ප්‍රසිද්ධියේ සිනාසුණා. අනුර කුමාර දිසානායක වැනි අනාගත නායකයන් වීමට සිහින මවන දේශපාලකයන්ගේ ගැටලුව ඔවුන්ට මේ කාරණා ගැන කිසිදු අවබෝධයක් නැතිකමයි. ලංකාවේ අනෙකුත් දේශපාලකයන්ට සාපේක්ෂව රනිල් නායකත්වයට සුදුසු වෙන්නෙ ගෝලීය ප්‍රවණතා ගැන රනිල්ට තිබෙන අවබෝධය හා ඉදිරි දැක්ම නිසා. ගෝලීය වේදිකාවකදි අනුකම්පාව නොව පිළිගැනීම ඇතිවෙන විදියට රට මාකට් කිරීමේ හැකියාව රනිල්ට තියෙනවා. COP 27 සමුළුව අමතමින් රනිල් මෙහෙම කියනවා. “සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුවයි. එහි ප්‍රතිවිපාක දුප්පතුන්ට විඳීමට සිදුවෙනවා. ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් දුප්පත් රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර

මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ අද මහින්දට වයස අවුරුදු 77කි. මහින්ද යනු මා කැමති දේශපාලනඥයකු නොවේ. ඔහු මට ගෞරවනීය සතුරෙකි. 2005දී ජවිපෙ සහ කොටි සංවිධානය මහින්ද බලයට ගෙන ආවේ ඔහු දුර්වල පාලකයකු බවට පත්වනු ඇතැයි සිතාගෙනය. එහෙත්, මහින්ද කොටි සංවිධානයට ඇඩ්‍රස් නැතිවෙන්නම දුන් අතර ජවිපෙ දෙකට කැඩුවේය. ඒ කෑලි දෙක තවමත් වලිය. යුද සමයේ මහින්දගේ නායකත්වය යටතේ යුද අපරාධ සිදුවිය. මහින්දගේ කාලය තුළ මිලිටරි සතුරන් ලෙස විග්‍රහ කරගත් මාධ්‍යකරුවන් පවා ඝාතනය කරන ලදී. මහින්දගේ සතුරන් මහින්ද හා ඔහුගේ කණ්ඩායම සම්බන්ධයෙන් ද අවම මට්ටමෙන් හෝ ආචාරධාර්මික වූයේ නැත. යුද්ධ එහෙම තමාය. මහින්ද ගතානුගතික නායකයකු නොවේ. පැවති භූ දේශපාලනික පසුබිම තුළ සම්ප්‍රදායික යුද්ධයකින් පැරදවිය නොහැකි කොටි සංවිධානය පැරදවීම සඳහා මහින්ද රාමුවෙන් පිටතට පැමිණියේ එහි අවදානම ගැන නොතකමිනි. ඔහුට බඹරය වැල්ලේ ද කැරකෙන වාසනාවක් තිබුණු යුගයක් තිබිණි. ඒ කාලේ මහින්දට කළ හැකිව තිබුණු වටිනා දේ ඔහු කළේ නැත. සංහිඳියාව සඳහා යම් ක්‍රියාමාර්ග ගෙන බලය බෙදීම ඔස්සේ දෙමළ අරගලය සමග සම්මුතියකට පැමිණ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමුකර බලය තිරසර කරගැනීමට අවස්ථාව තිබියදී මහ

නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා

Image
  අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී නිල නිවස ආක්‍රමණය කර පස්සා දොරෙන් ඔහු පළවාහැරීම දක්වා ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග ඔස්සේ. මතක තියාගන්න, ආයුධ තිබුණෙ නැහැ. ඒ වුණාට මේවා ප්‍රචණ්ඩ, නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග. ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තුළ ඔහු කළ වැරදි, ඒවා සම්බන්ධයෙන් ඔහුගේ වගකීමේ ප්‍රමාණය, වැරදි යයි කියනු ලබන ඒ ක්‍රියාමාර්ග ගැනීමට හේතු වූ තත්වයන්, ඒ සම්බන්ධයෙන් සමාජයේ සෙසු බලවේගවල වගකීම ආදිය ගැන විමර්ශනයක් තියා හරිහමන් මධ්‍යස්ථ විශ්ලේෂණයක්වත් අඩු ගානෙ අරගලයේ ඊනියා න්‍යායවේදීන් හෝ ලියලා නැහැ. භූපති නලින් වික්‍රමගේගෙ පොත විතරයි යම් දුරකට හරි ඒක කරන්නෙ. මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දෙන

I HAVE A DREAM කණ්ඩායමට සල්ලි දෙන්නෙ කවුද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ මම දැනට අවුරුදු තුනක විතර ඉඳන් වැඩකරන්නෙ අලුත් කතාබහ කියන දේශපාලන, උද්දේශන කණ්ඩායම එක්ක. I have a dream කියන්නෙ තවත් පිරිස් එක්ක ඒ කණ්ඩායම පුළුල් කිරීමක්. දැන් මං නියෝජනය කරන්නෙ I have a dream සාමූහිකය බව කියන එක නිවැරදියි. ලංකාවෙ සමාජ, දේශපාලන කතාකාව අරගලයට පක්ෂපාතී එකම දිශානතියකට යොමුවෙලා තිබෙද්දි, පසුගිය අගෝස්තු 25දා අපි මහවැලි කේන්ද්‍රයේ සම්මන්ත්‍රණයක් පවත්වමින් අපේ මාර්ගය හරහා බැඳී තිබුණු අයිස් වැටිය බිඳගෙන ඉදිරියට ගියා. ඒ සාමූහිකය විදියට අපි හෙමින්, එහෙත් ස්ථිරසාර ගමනක් යනවා. අලුත් පිරිස් එක්ක අපි වැඩ කරනවා. ඊයේ අපි අපේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ධාරිතා සංවර්ධන වැඩමුළුවක් කොළඹදී පැවැත්වූවා. ආර්ථිකය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රීකරණය, දේශපාලන ආර්ථිකය හා සංවර්ධන දේශපාලනය, හා තත්කාර්යවාදී උපායමාර්ගික ප්‍රවේශයන් ගැන අපි ගැඹුරු සාකච්ඡා හතරක් පැවැත්වූවා. ඒකෙන් අපි අපේ කාර්යයන් සම්බන්ධයෙන් මතවාදීමය වශයෙන් හා කුසලතා පැත්තෙන් ශක්තිමත් වුණා. අපි වගේම තවත් පිරිස් තවත් සමාන්තර මුලපිරුම් පටන්ගෙන තිබෙන එක අපේ සතුටට හේතුවක්. අපි අපේ පූර්ණ දායකත්වය ඒවාට දක්වනවා. ගොඩයමු වැඩසටහනත් එ

2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස අද දින ඉදිරිපත් කරන ලද අයවැය ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලනික දැක්ම ප්‍රකාශයට පත්කරන අවස්ථාවක්. එය පැවති සමාජ-ආර්ථික ක්‍රමය වෙනස්කරන ක්‍රියාවලියේ සන්ධිස්ථානයක්. බොහෝ අයගේ අවධානයට යොමු නොවූ වැදගත් ප්‍රකාශයක් එහි අංක 3.12 යටතේ සඳහන් වෙනවා: “නව ආර්ථික පදනම සැලසීමේදී සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටාවන් පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුයි. මේ ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන අයුරින්, නව ගමන අප ආරම්භ කළ යුතු වෙනවා.” ජන ජීවිතය දැඩි සකසුරුවම්කමක සිර නොකර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ දැක්මක් එහි ගැබ්වෙනවා. 3.13 විශේෂයෙන්ම ලෝකය සමග තාක්ෂණික පදනමින් ගනුදෙනු කරන වර්තමාන තරුණ පරපුර දවසින් දවස තම ජීවන මට්ටම් ඉහළ යාම අපේක්ෂා කරනවා. එම නිසා, නව ආර්ථික පදනම ඔස්සේ දවසින් දවස ඉහළ නැංවෙන ජීවන රටාවන් උත්තේජනය කරන ජීවන ක්‍රමයක් බිහිකළ යුතු වෙනවා. 3.14 ඒ නිසා අප නිර්මාණය කළ යුත්තේ වර්තමාන ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් නෙමෙයි. තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට සරිලන මට්ටමට ඒක පුද්ගල ආදායම ඉහළ නංවාගත හැකි ක්‍රමයක්. ඒ අතර කිසිවකු අත් නොහ