Posts

Showing posts from July, 2020

දොස්තර කාවින්ද ජයවර්ධනටත් හෝමෝෆෝබියාව

Image
July 30, 2020   admin   News   People සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ පුතා ය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නයිහි ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දිය යුතු ද යන ප්‍රශ්නය SLVlog විසින් ඔහුගෙන් විමසූ විට ඔහු එය එක හෙළා ප්‍රතික්ෂේප කරයි. එය මෙරටට හරියන්නේ නැති බව ඔහු පවසයි. “මං විශ්වාස කරන්නෙ ඒක මානසික ලෙඩක්. අනෙක, මම කතෝලිකයෙක්. අපේ කතෝලික සභාව මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. මේවා ඕපන්ලි කතා කළාම තමයි ඒවා බලන කුඩා දරුවො ඔය පිස්සු මරගාත කරන්නෙ. අපේ ඉතිහාසෙ ඕව තිබුණෙ නැහැ. මහාවංශෙ, සෙල්ලිපි කියවලා බලන්න. ඒවයෙ මේ ජරාව තිබුණෙ නැහැ. මොඩර්න් වර්ල්ඩ් එකේ මේ ලෝකය විවෘත කිරීමත් එක්ක එක එක මානසික ආතතිවල ඉන්න පිරිස් ඉන්නවා. එක එක ආසාවල් තියෙන පිරිස් ඉන්නවා. ඒවා නීතිගත කරන්න ඕනැ නැහැ. ඒ මිනිස්සුන්ට ඒ ආසාවල් තියෙනවා නම්, වෙන රටවල්වලට, වෙන පළාත්වලට ගිහින් කාමරයක් ඇතුළෙ කරගන්න එක වෙනම කතාවක්. ලංකාවට ගේනවට

රුක් රැකගන්න සටන් කළ කාමිනී මීදෙණිය විතාරණ

Image
July 29, 2020   admin   People කාමිනී මීදෙණිය විතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරිනියක්. 1928දී රුවන්වැල්ල ආසන්නයේ මුදුගමුව ගමේ උපන් ඇය 2020 ජුලි 27දා 92 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණා. ඇය ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ මෙන් ම ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ නැගණියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සත්ව විද්‍යාඥවරියක වන ඇය 1970 දශකයේදී එවකට පැවති ශ්‍රීලනිප, සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩුව විසින් තුනී ලෑලි සඳහා සිංහරාජ වනාන්තරය කපා ජනාවාස බිහිකිරීමට විරුද්ධ අරගලයට 1975දී බිහි කරන ලද රුක් රැකගන්නෝ සංවිධානය හරහා නායකත්වය දුන්නා. එම වකවානුවේදී තරුණ ප්‍රභූ කාන්තාවන් පිරිසක් මූලිකත්වය ගෙන ආරම්භ කරන ලද මෙම සංවිධානය අභියෝග රැසකට මුහුණ දුන්නා. එසමයේ පැවති සංවර්ධන රැල්ල තුළ වනාන්තර ආරක්ෂා කරගැනීම බොහෝ දෙනෙකුට විහිළුවක් මෙන් වුණා. කාමිනී මීදෙණිය විතාරණ මෙම අරගලය අවසන් වන විට සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය වී තිබුණත්, කළුතර දිස්ත්‍රික්කයේ සිංහරාජ වනාන්තරය සම්පූර්ණයෙන් ම විනාශ කර දැමුවේ මෙම කාලයේදීයි. යට්ටපාත, තිනියාවල වැ

ඡන්දෙන් පස්සෙ නීතියට ඉහළින් ගොස් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට සැලසුම්

Image
July 29, 2020   admin   Crime   Opinion මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව ජනප්‍රියත්වය ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තිරශ්චීන මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ හා ආණ්ඩුවේ ප්‍රචාරණ උපායන් හරහා පෙනී යයි. මහ මැතිවරණයෙන් පසු ගනු ලබන, බදු ඉහළ නැංවීම්, සහනාධාර කප්පාදු, වැටුප් කප්පාදු හා සේවක හා මහජන අරගල මර්දනය හමුවේ ජනප්‍රියත්වය ඉහළ නංවාගැනීම සඳහා පිලිපීන ජනාධිපති රෝඩ්‍රිගෝ ඩුටර්ටේ විසිනු අනුගමනය කරන ආකාරයේ නීතියට ඉහළින් යන රාජ්‍ය අපරාධ රැල්ලක් මගින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වන බව අනුමාන කළ හැකි ය. එහෙත්, ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සමයේ ඔහු විසින් මර්දනය කිරීමට ගිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යයි චෝදනා ලද පුද්ගලයන් ඔහු ජනාධිපති පදවිය හොබවන ආණ්ඩුව යටතේ ද ප්‍රබල තත්වයක සිටින අතර ඔවුන්ට තවමත් ජනාධිපතිවරයාගේ සොහොයුරු අගමැති මහින්ද රාජපක්ෂගේ රැකවරණය ලැබෙන බව ද පෙනේ. මෙම තත්වය තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙසේ වෙතත්, මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන

ජෝර්දානයේදී ලාංකික ගැහැණුන්ට පහර දීමට තානාපතිවරිය හා ලංකා රජය වගකිව යුතුයි

Image
July 28, 2020   admin   International   Opinion ජෝර්දානයේ රැකියා අහිමිව සිටියදී ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන අතරමං කර දමා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට අධික පිරිසකට ජෝර්දාන පොලිසිය ලවා ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හා ජෝර්දාන තානාපති ශානිකා දිසානායක කටයුතු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවකි. ශ්‍රී ලංකාව තම රටට විදේශ විනිමය ගෙනත් දුන් පුරවැසියන් ආපසු ගෙන්වන්නේ ඉතා සෙමින් ය. ඔවුන් නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය වියදම් දරාගැනීමට නොහැකිකම එක් හේතුවකි. අනෙක් පැත්තෙන්, කොවිඩ්-19 පාලනය කළ බව පෙන්වා මහ මැතිවරණයේදී වාසි ලබාගැනීම සඳහා මෙම ලාංකික පුරවැසියන් බිල්ලට දී තිබේ. මාස පහක සිට රැකියා අහිමිව සියරට පැමිණීමට නොහැකිව සිටින මෙම කාන්තාවන්ට තානාපති කාර්යාල නිලධාරීන් හමුවේ උද්ඝෝෂණය කිරීම හැර වෙන විසඳුමක් නැත. සංක්‍රමණික ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීම සීමා කිරීමේ ශ්‍රී ලංකා රජයේ අනම්‍ය ප්‍රතිපත්තිය නිසා තානාපතිවරියට වුව කිරීමට දෙයක් නැති විය හැකි ය. එහෙත්, ඇය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වගකීම භාරගත යුතුව තිබිණි. තම නිලධාරීන් නිවැරදිව මෙහෙයවා ගත යුතුව තිබිණි. මෙම තත්වය ඇති වී තිබෙන්න

ඇමරිකාවට PPE අපනයනයට ලංකාවට දොරටු ඇරෙයි

Image
July 28, 2020   admin   Health   International බඩගින්නේ සිටින මිනිසකුට මාළුවකු අල්ලා දෙනවාට වඩා වටින්නේ බිලී පිත්තක් දීමයි. එවිට ඔහු මාළුවා අල්ලා ගන්නා හැටි ඉගෙන ගනු ඇත. ශ්‍රී ලංකාව කොවිඩ්-19 සමග මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාව හමුවේ ජාත්‍යන්තර මිතුරුකම් මැනිය හැකි එක් ආකාරයක් වන්නේ එම රටවලට අපනයන සිදුකිරීම සඳහා වෙළඳපොළ විවෘත කර දීමයි. එක්සත් ජනපදයට පෞද්ගලික සෞඛ්‍යාරක්ෂක උපකරණ හෙවත් PPE අපනයනය කිරීම සඳහා වෙළඳපොළ විවෘත කරගැනීම පිණිස ඇඟලුම් කර්මාන්තයේ මෙහෙයුම්කරුවන් 100ක පමණ පිරිසක් සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය හෙවත් USAID, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙය සංවිධානය කර තිබෙන්නේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයයි. එම වෙබිනා මාලාවේදී එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලන රෙගුලාසි සමග අනුගත වීමේ ක්‍රියාවලිය සහ එක්සත් ජනපද වෙළඳපොළට පිවිසීමේ ක්‍රියාවලිය පැහැදිලි කර දී තිබෙනවා. කොවිඩ්-19 නිසා පෞද්ගලික සෞඛ්‍යාරක්ෂක උපකරණ වෙළඳපොළ පුළුල් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඉහළ ප්‍රමිතියකින් යුක්ත නිසා එම

ශ්‍රී ලංකාව පීසීආර් 150,000 කළේ කාට ද?

Image
July 27, 2020   admin   Health ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නිවාරණ ජාතික මධ්‍යස්ථානය පීසීආර් පරීක්ෂණ 150,000ක් පැවැත්වීම පිළිබඳ අද හෙවත් ජුලි මස 27 දින ඇනුවේ ය. මහජනතාව ලෙස අපට ප්‍රශ්න කීපයක් ඇසීමට තිබේ. මෙසේ පීසීආර් පරීක්ෂණ කරන ලද පිරිස අතර දේශපාලන හා නිලධාරි ප්‍රභූන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීදෙනෙකු සිටිනවා ද? ඔවුන් දින කීයකට වරක් පීසීආර් පරීක්ෂණවලට ලක්කරනවා ද? මේ අන්දමින් කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමේ වරප්‍රසාදය හිමි දේශපාලන හා නිලධාරි ප්‍රභූන් කවුරු ද? එම නිලධාරීන්, විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන්, නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන් හා කොවිඩ්-19 රෝගීන් හැර සමාජයේ පුද්ගලයන් කීදෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ ද? මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජයේ කොවිඩ්-19 පැතිර තිබෙන්නට පුළුවන. කන්දකාඩු කොවිඩ්-19 පොකුරට රෝගය පැමිණියේ කෙසේ ද යන්න තවමත් හෙළිදරව් නොකරන ලද අභිරහසකි. අන්තිමට අයිඩීඑච් රෝහලෙන් පළා ගිය කොවිඩ්-19 රෝගියාගේ කතාව ද සර්ව සම්පූර්ණ නැත. මෙම තත්වය තුළ, කොවිඩ්-19 අවදානමෙන් අප රට තවමත් බේරී තිබෙන්නට හේතු දෙකක් අනුමාන කළ හැකි ය. එකක් වාසනාව ය. අනෙක සමාජයේ පීසීආර් පරීක්ෂණ සිදු කර

මුල්‍ය නීති කැඩුවාට බැංකු හා මුල්‍ය ආයතන පහකට දඩ ගසයි

Image
July 27, 2020   admin   News ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් මුල්‍ය විනිවිදභාවය වාර්තා කිරීම සම්බන්ධ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් බැංකු සහ මුල්‍ය සමාගම් පහකට දඩ ගසා තිබෙන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම මුල්‍ය සමාගම් තුනට 2019 වසරේදී රු. මිලියන පහක් ද, 2020 වසරේදී රු. මිලියන එකක් ද දඩ ගසා ඇත. 2019 වසරේ දඩ පනවන ලද බැංකු සහ මුල්‍ය සමාගම් තුන වන්නේ, ලංකා බැංකුව (මිලියන තුනයි), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (මිලියන එකයි) සහ කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ෆිනෑන්ස් (මිලියන එකයි). 2020 වසරේදී සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයට හා යූබී ෆිනෑන්ස් ආයතනයට රු. ලක්ෂ පහ බැගින් දඩ ගසා තිබේ. එම වෙබ් අඩවිය පවසන පරිදි මෙසේ දඩ ගසා තිබෙන්නේ දේශපාලනික වශයෙන් නිරාවරණය වී තිබෙන පුද්ගලයන්ගේ අනුමැතිය ලබාගනිමින් ලබාගන්නා ලද තුන්වන පාර්ශ්වයේ තැන්පතු පිළිබඳ නිසි වගකීම් ඉටු නොකිරීම, පරීක්ෂා කිරීමට ඉඩ නොදීම හා මුල්‍ය ගනුදෙනු වාර්තා නොකිරීම සම්බන්ධයෙනි. Adapted from praja.lk

කොවිඩ්-19ට වඩා භයානක ඒ පිළිබඳ ඇති සමාජ අපවාදය

Image
July 27, 2020   admin   Health අජිත්පැරකුම් ජයසිංහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිගු කලක සිට සංචාරක රියදුරකු ලෙස සේවය කර, කොවිඩ්-19 නිසා රැකියාව අහිමිව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් රැඳී සිට නිරෝධායනය වූ මගේ මිතුරෙකු තවත් දින 14ක් ස්වයං නිරෝධායනය වීම සඳහා ඔහු මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තම නිවසට පැමිණියේ ය. එම නිවසේ සිටි ඔහුගේ මව ඔහුට තනිවම නිරෝධායනය වීම සඳහා නිවස භාර දී ඥාති නිවසකට පිටත්ව ගියා ය. අසල නිවසක සිටින ඔහුගේ සොයුරිය ඔහුගේ කෑම පාර්සලය නිවසේ ඉදිරිපිට තබා යයි. ඔහු නිවසේ සිටින්නේ හුදකලාව ය. ඔහු මේ වන විට පීසීආර් පරීක්ෂණ තුනකට භාජනය වී තිබේ. ඒ සියල්ලෙන් ම ඔහු නෙගටිව් ය. ඔහු ස්වයං නිරෝධායනයට ලක්වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතේ ය. මේ සියල්ලම එසේ වෙද්දීත්, ඔහු නිවසට පැමිණි දිනට පසු දින ම ඔහුගේ අක්කාගේ සැමියාට ඔහු කරමින් සිටි වඩු රැකියාව අහිමි වී තිබේ. බියපත් ගම්වැසියන් ඔහුට වැඩට එන්නට එපා යයි කියා ඇත. මේ වනාහි, වසර ගණනාවක් මෙරටට විදේශ විනිමය එවූ විදේශ ශ්‍රමිකයකු නිරෝධායනයට ලක්ව ගමට පැමිණ පැය 24ක් ඇතුළත මුහුණ දුන් තත්වයයි. පස

නින්ද විකුණන මිනිසා

Image
July 26, 2020   admin   Art   Literature   Literature   Photos   Poetry නින්ද විකුණන මිනිහෙක් කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක් ලැබේ ඔහුටත් නින්දක් ඇඳන් ඕනේ ඇඳන් ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසා නින්ද පැමිණෙනු උදෙසා  ගිනි වතුර ගිල දා රිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහ ඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරා Adapted from praja.lk

FOR LANKAN FAMILIES COPING WITH KIDNEY DISEASE, COVID-19 FALLOUT IS A DOUBLE JEOPARDY

Image
July 26, 2020   admin   English   Health For thousands of Lankans living with chronic kidney disease and for their families that struggle to look after them, COVID-19’s fallout has become ‘double jeopardy’. While social and economic disruptions caused by the coronavirus pandemic have affected everybody at some level, families with kidney patients are among the most vulnerable. They are the least able to cope with any additional burdens. The village of Galenbindunuwewa in the Anuradhapura District is among dozens of locations inhabited by those affected by chronic kidney disease of unknown etiology (CKDu), a major public health crisis in Sri Lanka for three decades.  Scientists are still looking for the exact causes of CKDu, but many local people believe it has something to do with their drinking water. In mid-June 2020, journalist Manoj Rathnayaka visited Galenbindunuwewa and Huruluwewa areas and met several families struggling with both CKDu and COVID-19 fallout. Even though no family

වට්ටක්කා ඇට දෙක

Image
July 26, 2020   admin   Agriculture   Cartoon ගොවීන් නොසැලකිලිමත් ලෙස වට්ටක්කා ඇට දෙකක් විසි කර ගෙඩි හැදුණු පසු එය රජයට විකුණන්නට එන කතාවක් බැසිල් රාජපක්ෂ ඡන්ද රැස්වීමක කීවේ ය. මේ කතාවේ වැදගත් පැතිකඩ කීපයක් තිබේ. බැසිල් රාජපක්ෂ අවුරුදු 10ක් පමණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවූයේ ය. ඒ කාලයේ ඔහු ද ඇට බෙදුවේ ය. ඇටවලින් කරන්නේ ආහාර නිෂ්පාදනයයි. වෙන මොනවා නැතත්, ජීවිතය පවත්වාගෙන යන්නට වාතය, ජලය හා ආහාර නැතුවම බැරි ය. ගොවීන් කරන කාර්යය ඉතා වැදගත් වන්නේ එහෙයිනි. එහෙත්, ශ්‍රී ලංකාවේ ගොවි ජන ජීවිතය සමග එකට ම යන සාධකයක් වන්නේ දුප්පත්කමයි. ගොවීන්ට නිතරම වගා හානි ය. අස්වනු විකුණා ගැනීමේ ගැටලු ය. ජීවත් වීමට ප්‍රමාණවත් තරම් ආදායමක් නැතිකමේ අර්බුදය ය. ඒ අතර, පාරිභෝගිකයන්ට ද ගොවීන්ගෙන් ලැබෙන ආහාර පිළිබඳ තෘප්තියක් නැත. ඒවායේ වස විස අධික ය. මිල ඉහළ ය. රජය විසින් අඛණ්ඩව ම මහජන මුදලින් ගොවීන් වෙනුවෙන් වාරිමාර්ග නඩත්තු කර තිබේ. පොහොර සහනාධාර ලබා දී තිබේ. අස්වනු මිල දී ගැනීම පවා කර තිබේ. එහෙම තිබියදීත් ගොවීන් දිගින් දිගට ම දුප්පත් ගොවීන්ගේ වරද නිසා ද? නැත. රටේ මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අමතරව පළා

මඳසරු මව්පියන් මිලියනයක බලාපොරොත්තු ඉටු කළ ලුවිස් බ්‍රව්න් උපන් දිනය

Image
July 25, 2020   admin   Life   Science ශ්‍රී ලංකාවේ වසර 10ක් ජනාධිපති ධුරය දැරූ වයෝවෘද්ධ පුද්ගලයකු වන අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මඳසරුභාවය හා දරුවන් හැදීම හෝ නොහැදීම පිළිබඳ තෝරාගැනීමේ පුද්ගලය අයිතිය ප්‍රසිද්ධ වේදිකාවේදී සමච්චලයට ලක්කළා. අද දවස වැදගත් ඓතිහාසික සිදුවීමක් සිදු වූ දවසක්. අද තමයි ලොව පළමු නළ දරු උපත සිදු වුණේ. මඳසරුභාවයෙන් පීඩා විඳින, දරුවන් අවශ්‍ය මව්පියන්ට මිලියන ගණනක පැතුම් ඉටු කරමින අද වැනි දවසක තමයි in vitro fertilization (IVF) ක්‍රමය මගින් ලුවිස් බ්‍රව්න් උපත ලැබුවේ. එනම්, ගර්භාෂයෙන් පිටතදී සංසේචනය කරන ලද ඩිම්බයක් හා ශුක්‍රාණුවක් මගින් විද්‍යාගාරයක වර්ධනය කර පසුව ගර්භාෂයේ තැන්පත් කරන ලද කළලයක් මගිනුයි. බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ රොබට් එඩ්වර්ඩ්ස් සහ නාරි වෛද්‍ය විශේෂඥ පැට්‍රික් ස්ටෙප්ටෝ විසින් මෙම ක්‍රමය පිළිබඳ පුරා දශකයක් තිස්සේ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලය තමයි ලුවිස් බ්‍රව්න්. ඇගේ පියා ජෝන් බ්‍රව්න්. මව වන ලෙස්ලි බ්‍රව්න්ගේ පැලෝපීය නාලවලට හානි වී තිබුණු නිසා ඇයට සාමාන්‍ය ක්‍රමයට දරුවකු බිහිකිරීමේ හැකියාව තිබුණේ නැහැ. ලුවිස් බ්‍රව්න් උපන්නේ 1978 ජුලි 25දා එංගලන්තයේ

වකුගඩු මාරයා මදිවට කොරෝනා…!! ඒ හමුවේ නොබිඳුණු ගලෙන් බිඳුණු වැව මිනිස්සු (වීඩියෝ)

Image
July 25, 2020   admin   Health   Life කොරෝනා වසංගතය නිසා ඇති වූ අනපේක්ෂිත තත්වය නිසා දැඩි දුෂ්කරතාවයන්  රැසකට මුහුණ පෑ පිරිසක් ලෙසට ශ්‍රී ලංකාවේ හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන පිරිස් හැදින්විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා ඇඳිරි නීති තත්වය යටතේ නොකඩවා වෛද්‍ය ප්‍රතිකාරවලට රෝහල්වලට යාමට පැවති දුෂ්කරතාවයන් මෙන්ම ආර්ථිකමය වශයෙන් මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඔවුන් සහ ඔවුනගේ පවුල්වල පිරිස් මුහුණදුන් අවහිරතා එයට හේතූන්ය. දශක තුනක පමණ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇති මෙම හඳුනානොගත් වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශයන්ගෙන් එකක් ලෙසට අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ගම්මානය හැදින්විය හැකිය. තවමත් මෙම වකුගඩු රෝගය පැතිරයාමේ විද්‍යානුකූල හේතුවක් විමර්ශනය කර නොමැති නමුත් බොහෝමයක් ගම්බද පිරිස් පවසන්නේ පානීය ජලය හේතුකරගෙන මෙම තත්වය හටගන්නා බවයි. පසුගිය ජූනි මාසය මැදදී මාධ්‍යවේදී මනෝජ් රත්නායකට ගලෙන් බිඳුණුවැව හා හුරුළුවැව ප්‍රදේශයේ දිවිගෙවන වකුගඩු රෝගයෙන් පීඩාවිඳින අයගේ පවුල් කිහිපයක් මුණ ගැසීමට හැකිවිය. හුරුළුවැව ප්‍රදේශයේ ගොවි මහතෙකු වන ආර්.එම්. හේරත් පවසන පරිදි “අපේ ගම්මානයෙ 30ක් 40ක් ප

රජයේ කුඩු ජාවාරම ගැන මාධ්‍ය නිහැඬියාව

Image
July 25, 2020   admin   Crime අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත 2020 ජුලි 26 2013 වසරේ ආරම්භ වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කුඩු ජාවාරම 2017 වසරේ ජයටම සිදු කරගෙන යමින් සිටිය දී දෛවයේ සරදමකට අහම්බෙන් එහි තොරතුරු හෙළි වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ජුලි 21දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ පැවසී ය. දැනට අත්අඩංගුවට ගෙන තිබෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සංඛ්‍යාව 13කි. ඔවුන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ලබා දී තිබෙන බව ද හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග මෙම පිරිස් විසින් නැවත විකුණා තිබෙන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හවුල් ව්‍යාපාර ද පවත්වා තිබේ. මෙම ජාවාරම් සඳහා රාජ්‍ය දේපළ ද යොදාගෙන තිබේ. මෙම ජාවාරම්කරුවන්ගේ බැංකු ගිනුම් හා දේපල පිළිබඳ වැදගත් තොරතුරු හෙළිවෙමින් තිබේ. නිදසුනක් ලෙස, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග ජාවාරම් කළ බව කියන ටයිල් චමින්ද නමැත්තෙකුගේ ගිනුමක රු. කෝටි 37ක් තිබුණු බව වාර්තා වේ. මේ වන විටත් විමර්ශන සිදු වන්නේ ඇල්මැරුණු ස්වභාවයකින් බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසී ය. අදාළ