Posts

Showing posts from November, 2015

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ සිකුරාදා ගල් ගසා මරයි ද?

Image
අලුත් ම ආරංචි පවසන්නේ සවුදි රජය විසින් ගල් ගසා මරා දැමීමට නියම කර තිබෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණීය දණ්ඩනය මේ සිකුරාදා සිදු වීමට යම් ඉඩක් තිබෙන බවයි. දැන් දඬුවමෙහි හරි වැරදි පිළිබඳ හෝ සවුදි අරාබිය පිළිබඳ හෝ ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යාමෙහි ගැටලු පිළිබඳ හෝ කතා කරන්නට කාලයක් නැත. දැන් කළ යුතුව තිබෙන්නේ මේ දඬුවම වළක්වා ගැනීමට හැකි හැම දෙයක් ම කිරීමයි. එය කරන්නේ කෙසේ ද? මේ වෙනුවෙන් මේ වන විටත් යම් යම් සංවිධාන කටයුතු කරමින් සිටින බව අපි දනිමු. රිසානා සිද්ධියේදී සවුදිය ලංකාවට යම් කාලයක් දුන්නේ ය. එහෙත්, එම කාලය තුළ සිදු වූ යම් සුළු සිද්ධි මරණ දඬුවම නො වැළැක්විය හැකි එකක් වන්නට හේතු විය. මෙතැනදී අප සිතිය යුතුව තිබෙන්නේ වැදගත් ම දෙය වන්නේ මරණ දඬුවම වළක්වා ගැනීම බවයි. ඒ නිසා සවුදි අරාබිය කුපිත කර ගන්නේ නැතිව මෙම ප්‍ර‍ශ්නය විසඳා ගන්නට වගකීමක් දේශපාලනඥයන්ට, ජනමාධ්‍යවලට හා සිවිල් සමාජයට තිබේ. කරුණාකර වහා මෙයට මැදිහත් වන්නැයි ඔබට හැකි ආකාරවලින් ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, ජාත්‍යන්තර සංවිධානවලට, රාජ්‍ය නොවන සංවිධානවලට, සිවිල් සමාජ නායකයන්ට කියන්න. ල

සිරිසේන බ්‍රදර්ස් සෙට් වෙන්නේ මොබිටෙල් එකෙන් ගේමක් දෙන්න ද?

Image
මහින්දගේ ආණ්ඩුව පෙරලූ පුද්ගලයා බවට ලංකාදීප පුවත්පතේ ලියැවුණු තුසිත හල්ලොලුව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත්, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍ර‍ධානියකු වන ක්‍රිෂාන්ත කුරේ හා ෆිරෝ ෆාරුක් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත් නෙරපා තිබේ. මේ පසුපස අවුල් දෙකක් තිබේ. එකක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී තනතුරේ සිට ටෙලිකොම් අධ්‍යක්ෂ තනතුරට පත් වූ කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස ලබන වැටුප තුන් ගුණයකින් වැඩි කරන්නට යාමයි. එයට මේ අධ්‍යක්ෂවරු විරුද්ධ වූ බව කියැවේ. දෙවැන්න තරගකාරී ජංගම දුරකථන සේවා සමාගමක් වන හච් මිළ දී ගන්නට මොබිටෙල් සැරසීමයි. ඒ ගැන කියන්නේ ඩයලොග් සමාගම ඒ වෙනුවෙන් පිරිනැමූ මිළ ඩොලර් මිලියන 78ක් මුත් මොබිටෙල් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 130ක් පමණ ගෙවන්නට යන බවයි. මේ අල්ල පනල්ලේ අයියා සිරිසේන කර තිබෙන වැඩක් නිසා මෙතන මොකක් හෝ හුටපටයක් වන බව නම් පැහැදිලි ය.  අයියා සිරිසේන මහින්දගේ චක්ගෝලයකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා මොබිටෙල්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව අලුත් ම වාර්තා පවසයි.  හච් කොම්පැනිය වැඩි මිළට මිළ දී ගැනීමේ ගන

රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද?

Image
ආණ්ඩුවේ අයවැය යෝජනාවලිය විග්‍රහ කිරීමේදී අප විසින් සලකා බලනු ලබන කාරණා කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න අපට මේ ආණ්ඩුව වහා පෙරළා දැමීමට හෝ මේ සමාජ ක්‍රමය අවුල් කර දැමීමට හෝ අවශ්‍යතාවක් නැත. ආණ්ඩුවට වසර පහක් රට පාලනය කිරීම සඳහා ජනවරමක් තිබේ. එසේම, සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත. සමාජවාදය යනු ඉබේ හැදෙන එකක් නොව, හැදිය යුතු එකකි. දැන් සමාජවාදීන් ලෙස පෙනී සිටින වාමාංශික පක්ෂ කිසිවකට ඒ සඳහා කටයුතු කිරීමේ ධාරිතාවක් නැත. ඒවායේ නායක කාරකාදීහු අංග සම්පූර්ණ දෙබිඩ්ඩෝ ය. ඔවුන්ට දේශපාලනය හා සැබෑ ජීවිතය දෙකකි. මේ දෙබිඩිකම නැති කර නො ගෙන සමාජ විප්ලවයකට මුල පිරිය නො හැකි ය. පවත්නා ආණ්ඩුව පත් කර ගත්තේ කෘෘර ඒකාධිපතිත්වයකට එරෙහි දීර්ඝකාලීන අරගලයකිනි. පත් කර ගත් ආණ්ඩුව පරිපූර්ණ එකක් නො වේ. එහෙත්, ඔවුන් සාපේක්ෂ වශයෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන බව කුහකයින් නො වන ඕනෑ ම කෙනෙකුට පෙනේ. පෙරටුගාමී පුරවැසි බලවේග ලෙස අප උත්සාහ කළ යුතු වන්නේ ආණ්ඩුවේ සීමා මායිම් තුළ එයින් ඉටු කරවා ගත හැකි උපරිමය ලබා ගන්නට ය. ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතු තැන්වලදී උපකාර ද, වි

රාගම දුම්රිය සිද්ධියෙන් ප්‍ර‍කාශ වන පොදු ප්‍ර‍වාහනයේ දැවෙන ප්‍ර‍ශ්නයට වහා විසඳුම් දෙනු!

Image
කලුතර නගරයෙන් උදේ හයහමාරට පටන් ගත් විට කාර්යාල වේලාවේදී දුම්රිය පෙළක් ම වැල නො කැඩී කොළඹ දෙසට ඇදෙයි. සවස ද හතරහමාරට පමණ පටන් ගත් විට දුම්රිය වැලක් මුහුදුබඩ දුම්රිය මාර්ගය දිගේ ධාවනය වේ. මේ දුම්රිය එන්නේ එකක් පසුපස එකක් ලෙස ය. මෙම තත්වය සෙසු දුම්රිය මාර්ගවල ද මෙසේ ම ය. දුම්රිය රියදුරෝ මහත් වගකීමකින් යුතුව ධාවනය කරති. දුම්රිය දෙපාර්තමේන්තුව දවසකට මගීන් 165,000ක් කොළඹට ගෙන එයි. ( කොළඹ ට්‍රැෆික් විස්තර මෙතැනින් ) මම දුම්රියේ එන්නේ එය ඉතා ඉක්මණින් කොළඹට ළඟා වන නිසා ය. ශීඝ්‍රගාමී දුම්රියක් සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකදී කලුතර සිට කොළඹට ළඟා වෙයි. බසයක් ඒ වෙනුවෙන් පැය එකහමාරකට වැඩි කාලයක් ගනියි. මා ගමන් කරන්නේ දෙවන පංතියේ ය. ඒ වාඩි වී යා හැකි නිසා නොව ටිකක් තදබද වී හිටගෙන යා හැකි නිසා ය. තුන්වන පංතිය යනු තනිකර පොල් ලොරියකි. දෙවෙනි පංතිය කියා වැඩි වෙනසක් නැත. මේ පොදු ප්‍රවාහන සේවාවල තත්වයයි. මෙවර අයවැයෙන් ද පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා කිසිදු හරවත් යෝජනාවක් කර නැත. වැදගත් අලුත් ආයෝජන ද නැත. මෙය අයවැයෙහි තිබෙන ලොකුම ගැටලුවකි. මෙයට හේතුව වැඩකට නැති නිදිමතයෙක් ප්‍රවාහන ඇමති වීමය

ජීවිතය අන් තැනක: ශාස්තෘ

Image
ප්‍රියන්ත ලියනගේ , සත්හඬ 2015 නොවැම්බර් 15  මහත්තයගෙ නම කියන්නැයි ව්‍යාපාර ස්වරූපී හඬකින් කියූ ඇය මා දෙස නොබලාම සිය ස්පාඤ්ඤ ජාතික ආච්චි අම්මාගෙන් සොරකම් කරගෙන පෝල් අයිවන් මට තෑගි දුන් අනතුරුව මා තුලනිට දුන් පළමු තෑග්ග වූ ඒ අනාගතය කියන මායාකාර උල්පත් පෑන ගෙන නම් ලැයිස්තුවක් ලියූ මොනිටර් අභ්‍යාස පොතක හිස් රූලක් මත එහි රත් පැහැ තුඩ තැබුවාය. ‘ඉන්ද්‍රනාම’ මම කියමි’ අද අපේ ලියමනේ ශාස්තෲගේ කතාව කතුවරයා අවසන් කරන්නේ එලෙසින්. ඔව්; ඔහු ශාස්තෲ බවට පත් වූ ඉන්ද්‍රනාමය. වෙනත් විදියකින් කියනවා නම් අපේ කාලේ වාමාංශික දේශපාලනය තුළ මංමුලා වූ ඉන්ද්‍රනාමය. ඉතින් ඉන්ද්‍රනාමගේ හෝ ශාස්තෲගේ කතාවට පිවිසීමට මත්තෙන් එහි කතුවරයාගේ ජීවිතය ගැන කෙටි එබී බැලීමකට යාමට මා කැමැතිය. ඔහු අජිත් පැරකුම් ජයසිංහය.  අජිත් ශාස්තෲ කෘතිය නම් කරන්නේ සම්පූර්ණ මනඃකල්පිත ප‍්‍රබන්ධයක් ලෙසය. එහෙත් මේ කෘතිය තුළ දී ප‍්‍රබන්ධ නාම සහිතව වුවත් අපට හමුවන්නේ යුගයක වාමාංශික දේශපාලනය වෙනුවෙන් දිවි දෙවැනි කොට වැඩ කෙරූ මිනිස් ප‍්‍රාණීන් සමූහයකගේ අවතැන් ජීවිත කතාවය. එකී ‘වාමාංශික ව්‍යාපාරය’ ඉන්ද්‍රනාමලා නැතුව ද අදත් යෙහෙන් වැජඹේ. ඒ ධනපත

පැහැදිලි අයවැය යෝජනාවලියක්

Image
කැඩිච්ච සිංහලෙන් පැය හතරකට වඩා දිග කතාවක් අසා සිටීම කම්මැලි වැඩක් වුණත් අයවැය වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකි  අයවැය යෝජනා යනු ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය ප්‍රකාශ කරන අවස්ථාවකි. ඒවා ක්‍රියාත්මක කරන්නටත් පුළුවන. නො කරන්නටත් පුළුවන. රජයේ අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබේ. ඒවා මෙසේ ය: අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම වාහන භාවිතය අධෛර්ය කිරීම ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය අයවැයෙන් ඇතැම් භාණ්ඩවල මිළ පාලනය කර තිබේ. ඇතැම් මිළ පාලනයන් නරක දේ නො වන බව කුකුළු මස් වැනි භාණ්ඩ සම්බන්ධයෙන් කලක සිට ක්‍රියාත්මක වන මිළ පාලනයන් දෙස් දෙයි. මිළ පාලනය හේතුවෙන් වටිනාකම එකතු කළ නිෂ්පාදන අලෙවියට ද දිරිමත් කෙරේ. උදාහරණයක් ලෙස මස් වෙළෙන්දෝ කුකුළාගේ හම ගසා හම වෙනම විකුණා, සම රහිත කුකුළු මස් වැඩි මිළකට විකුණති. චිකන් කොටස් අලෙවියක් ද තිබේ. එහෙත් වටිනාකම එකතු කිරීම මීට වඩා දෙයක් වෙනවා නම් හොඳ ය. ආප්ප, ප්ලේන් ටී වැනි භාණ්ඩවල මිළ පාලනය කරන්නට ද පසුගිය දිනවල ආණ්ඩුව මැදිහත් වූයේ ය.මිළ පාලනය යනු ඉතා

සිංග්ලිෂ් අයවැය හා ලාංකිකයන්ගේ පශ්චාත් යටත් විජිත භාෂා අරගලය

Image
අයවැය ගැන තව හැදෑරිය යුතු ය. මේ සටහන අයවැය ගැන නො වේ. රවී කරුණානායකගේ සිංහල ගැන ය.  මේ වනාහි පළමු වරට සිංග්ලිෂ්වලින් කියැවුණු අයවැය යයි මම සිතමි. රවී කරුණානායකගේ සිංහල පිටපත ලියා තිබුණේ ඉංග්‍රීසි අකුරෙන් ද කියා මම නො දනිමි. මොහිදීන් බෙග් සිංදු කීවේත් ඒ වගේ ය.  එහෙත්, රටේ වැඩි දෙනෙක් ඔහුට අනුකම්පා කළ හ.  “මයි සිංහල ඉස් නොට් වෙරි ගුඩ්" යි කියන, නමින් සිංහල වන කොළඹ කේන්ද්‍රීය එක්තරා පැළැන්තියක් මට නිතර හමුවෙයි. එහෙත්, ඔවුන් ඒ තරම් ඉංග්‍රීසි දන්නේත් නැති බව ඔවුන් ලියන දේ අනුව පෙනේ. ඔවුන් වැඩිපුර හදාරා ඇත්තේ ඉංග්‍රීසි කථනය හා ව්‍යාපාර ලේඛනය වැනි දේ බව මම සිතමි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරද දැනුමක් තිබේ යයි කියන්නට හැකි වන්නේ ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කර ඇති අයටයි. එහෙත්, ලංකාවේ සිටින සිංහල දන්නේ නැති බව ආඩම්බරෙන් කියන වැඩි දෙනෙක් ඉංග්‍රීසි සාහිත්‍යය දන්නේ ද නැත. එහෙත්, චතුර ඉංග්‍රීසි උච්චාරණයෙන් ඔවුන් සමාජය යටපත් කර ගැනීමට සමත් වෙති. මොවුන්ගේ සම්භවය බ්‍රිටිෂ් කවුන්සිල් නම් යටත් විජිතවාදී ටියුෂන් සෙන්ටර් එක ය.  සම්මන්ත්‍රණ, සම්මේලන ආදියෙහිදී රාජ්‍ය අංශය නියෝජනය කරමින් සාරගර්භ

ලංකාවේ සිදු වූ සුසමාදර්ශීය වෙනසට ගැලපෙන පොදු සමාවක්

Image
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවට චෝදනා ලබන දේශපාලන සිරකරුවන් 59දෙනකු වසර පහකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පසුගියදා පැවසුවා. ( අදාළ පුවත මෙතැනින් ) දෙමළ දේශපාලන සිරකරුවන් 99දෙනෙකු පුනරුත්ථාපනය වී නිදහස් වීමට කැමැත්ත පළ කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නා. පසුගිය දිනවල ඇප පිට නිදහස් වුණේත්, මෙවැනි සැකකරුවන් පිරිසක්. එහෙත්, ප්‍රධාන වශයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරට අයත් ජාතිවාදීන් පවසන්නේ නිදහස් වන්නේ කොටි ත්‍රස්තවාදීන් බවයි. නඩු ඇතිව හෝ නැතිව දීර්ඝ කාලයක් රිමාන්ඩ් සිරගතව සිටියා නම් ඔවුන් දැනටමත් දණ්ඩනයකට ලක් වී හමාරයි.  ඔවුන් ත්‍රස්තවාදීන් වුණත්, නැතත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සම්බන්ධ වර්තමාන තත්වය සලකා බැලූ විට සියලු දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දීම සාධාරණීකරණය කළ හැකියි.  එයට හේතුව මේ වන විට කොටි සංවිධානයේ නායකයන් කීපපොළකට ම එසේ සමාව හිමි වී තිබීමයි. කුමරන් පත්මනාදන් හා කරුණා අම්මාන් ඒ අතරින් ප්‍රධාන දෙදෙනෙක්. එසේම, පසුගියදා මිය ගිය කොටි සංවිධානයේ දේශපාලන මණ්ඩල සභිකාවක් ය කියන තමිලිනී ද, කොටි සංවිධානයේ

ඈනුමට මාස අටයි; රට ඈලියාවට යැවූ අය නිදහස්

Image
මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය.  ඔහු හෙරොයින් නඩුවක සැකකරුවෙකි. ( ලංකාදීප ) ඕනෑනම් අපහාස කරන්න ම ඈනුම් ඇරිය හැකි ය. මෙය එවැනි ඈනුමක්දැයි නො දනිමු. සමහර විට පුරුද්දට ඉබේ ම ගිය එකක් වන්නට ද පුළුවන. ලංකාව සමස්තයක් ලෙසත්, විශේෂයෙන් ම පහළ සමාජ කණ්ඩායම්වලත් මෙහෙම කාරණාවලදී එහෙමට විනයක්, ශික්ෂණයක් නැත. අනෙක් පැත්තෙන් ඈනුමක් යාම, පඩයක් යාම වැනි පූර්ණ පාලනයකින් තොරව සිදු වන, ඇතැම් විට වළක්වා ගැනීමට ද නො හැකි ජෛව ක්‍රියා අපහාසාත්මක යයි විග්‍ර‍හ කිරීම අතිශය අසාධාරණ ය. මේ අන්දමින් ම කිවිසුම් යාම, කැස්ස, ළමයින් ඇඬීම, ඇසි පිය ගැසීම වැනි ක්‍රියා ද අපහාසාත්මක යයි සලකන්නට පුුළුවන.  මේ පසුගිය මහ මැතිවරණ සමයේ උද්‍යෝගිමත් ජවිපෙ සාමාජිකයකු වූ චමීර ජීවන්ත දෙද්දුවගේ එම සිද්ධිය දෙස බැලූ ආකාරයයි. ලෝක උරුමයක් වුණු සීගිරියේ කැටපත් පවුරේ කුරුටුගාපු උදයාට ජනාධිපති සමාව ලැබෙන්නෙත්, උසාවියේ ඈනුමක් ඇරපු ඉමේෂ් වසන්ත

අඩෝ අත ගහපිය!

Image
ඉතාලියේ කඨින පෙරහරක්. ලංකාවේ කියලා එහෙමට වෙනසක් නැත. පහුගිය දවස්වල අපේ පාඨකයෙක් මට ලියුමක් එවලා තිබුණා. පැරා, මතකද අපි පුංචි කාලෙ තිබ්බ කඨින පෙරහැරවල්. උදේ පාන්දරට 20-30ක පමණ වයසක පිරිසක් පොල්ලක් වටේ ඔතපු කඨින චීවරය ඔසවාගෙන පැට්‍රල් මැක්ස් ලාම්පුවක් පත්තු කරල කරගහගෙන සාදු සාදු කිය කියා පන්සලට දුවනවා. අපිත් කබ කඩ කඩා ඇවිත් කඨිනෙට අතගහනවා. ඉස්පාසුවක් ලැබුනොත් අහල පහල ගෙදරකින් කහට උගුරක් එහෙම පිලිගන්වනවා. ඒ කාලෙ කඨිනෙ ඔහේ සම්ප්‍රදායකට පවත්වපු අති සරල, චාම් බොදු කටයුත්තක්. දැන් කොහොමද කඨින කෙරුවාව? කවුරුහරි සල්ලි යහමින් තියෙන පොරක්ගෙ ගෙදරින් තමයි කඨිනෙ පිටත්වෙන්නෙ. (බොහෝ විට මේ අනුග්‍රාහක දායකයා අවිධිමත් විදියට සල්ලි හම්බු කරන අය. සල්ලි පොලියට දෙන පොලියෙස්ටර්ලා, බාර් අයිතිකාරයො, හොර ලී වෙළෙන්දො, දේශපාලුවන්ගෙ ලේකම්ලා වගේ අය තමයි මේවට උජාරුවෙන් ඉදිරිපත් වෙන්නෙ.) ඒ ගෙදර එකම උත්සවයක්, සැරසිලි, ලයිට් දාල දාස් ගානකට catering කරල කෑම විතරක්නම් මදැයි, බීමත් එහෙම දෙනව අහුමුලුවල. කඨින පෙරහැරට නැටුම් කණ්ඩායම් කිහිපයක්, සමහරවිට අලි ඇතුන් පවා රැගෙන, කඨින සිවුර කරඬුවක තියලා, ලස්සනට සරසපු වාහන

ඇවන්ට්ගාඩ් ජාවාරම සහ ආණ්ඩුව සත් සමුදුරෙන් ම නෑම

Image
මේ ලියන මට ඇවන්ගාඩ් එකේ නිස්සංක සේනාධිපති සල්ලි දී නැති බව මුලින් ම කිව යුතු ය. ඇවන්ට්ගාඩ් කොම්පැනියේ සන්නද්ධ මුහුදු ආරක්ෂාව සපයන මිනිස් බල ජාවාරම මේ වන විට ආණ්ඩුව ඇතුළට රිංගා ඇඟ මස් කා වැඩෙමින් තිබෙන පිළිකාවක් වී තිබේ. ඇවන්ට්ගාඩ් විසින් කා ඇත්තේ මාරපන, විජේදාස, වජිර තුන්කට්ටුව පමණක් නො වන බව ද අප මතක තබා ගත යුතු ය. එමගින් කැබිනට් සාමූහිකත්වය ද කා දමා තිබේ. එක එකා හිතෙන හිතෙන දේ කියන අරුම පුදුම තත්වයක් ඇති වී තිබේ. නිමල් සිරිපාල නිදසුනකට ගන්න. ෆේස්බුක්වලට රැවටී ජනවාරි 8 කර ගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බව මේ ඇමතියා කියයි. ඔහු ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුවට විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරයි. උගේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඌ කරන රෙද්දක් ද නැත. කරන්න බැරි නම් දාලා පල! මූ එහෙම කරන්නේ නැතිව වෙන කාට ද බනිනවා ය. යකෝ මේක මාර ආණ්ඩුවක් ය. ආණ්ඩුව ඇතුළේ ම විපක්ෂය ය. මුන්ට වයර් මාරු වෙලා ය. මෙවැනි කාලකන්නින් තබාගෙන ආණ්ඩු කළ හැකි නම් ගුද මාර්ගයේ ඇබයක් ගසාගෙන කක්කා දමන්නටත් පුළුවන.  ඒකාධිපති රාජපක්ෂ රෙජිමට විරුද්ධව දීර්ඝ අරගලයක් කළ මිනිසුන් නො තකා හරිමින් ආණ්ඩුව රාජපක්ෂගේ ඇම්බැට්ටයන් සමග කූට්ට

පැරිසිය සම්බන්ධයෙන් අපගේ වගකීම

Image
පැරිසියේ සිදු වූ සංකේතාත්මක වශයෙන් ඉතා වැදගත් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ කවුරු ද? ඍජුව වගකිව යුතු පුද්ගලයන්, සංවිධාන හා සමාජ කණ්ඩායම් හෙළිදරව් වනු ඇත. එහෙත්, වගකිව යුත්තේ ඔවුන් පමණක් ම ද?  නැත. අපි සියලු දෙනා ම පාහේ අඩු වැඩි වශයෙන් මෙවැනි සියලු සිදුවීම්වලට වගකිවයුතු ය. හදවතට තට්ටු කර බලන්න. ඔබත් කිසියම් දිනෙක, තමන් සෙස්සන්ට වඩා උසස් යයි සිතන කිසියම් අන්තවාදයක් ප්‍රවර්ධනය කර නැද්ද? එය ලිංගික, ආගමික, ජාතික, කුල, පාසල්, මතවාදී ආදී කුමන හෝ ස්වරූපයක් විය හැකි ය.  සෑම ආකාරයක ම වර්ගවාදයන්, වර්ගවාදීන් හා ත්‍රස්තවාදීන් රාජ්‍ය ත්‍රස්තවාදය ද සමග පිටුදැකිය යුතු ය.  ලිංගික, ජාතික, ආගමික, ගෝත්‍රික, කුල, ආර්ථික, මතවාදී ආදී ස්වෝත්තමවාදයන් කිසිවක් දිරි ගැන්විය යුතු නැත.  සුළුතරයන් ගැන සමාජ සංවේදිත්වය වර්ධනය කර ගත යුතු ය. අසාධාරණයට ලක් වන සුළුතරයන් වෙනුවෙන් අරගල කළ යුතු ය. එහෙත්, සුළුතර ස්වෝත්තමවාදයන් ද බහුතර ස්වෝත්තමවාදයන් හෙළා දකින ආකාරයට ම හෙළා දැකිය යුතු ය. පැරිසියේ මෙන් ම, අන්තවාදයේ ගොදුරු බවට පත් වී සිටින ලෝකයේ සැම තැන ම ජනයා වෙනුවෙන් ශෝක වීමට මේ අවස්ථාව නිමිති කර ගනි

ඉල් මහා මල් වට්ටි වෙන්දේසිය හා දීකිරට සාක්කි දෙන බළල්ලු

Image
ඉල් මහා විරුවන් නම් මල් වට්ටිය වෙන්දේසි කරන ප්‍ර‍ධාන සල්පිල් තුනක් කොළඹ තිබේ. එකක් සෝමවංශ + වීරවංශ විසින් ඊයේ පවත්වන ලදී. අනෙක් දෙක ජවිපෙ හා පෙසප විසින් අද දින පවත්වනු ඇත.  මේ තුන්ගොල්ල ම කියන්නේ අනෙක් අය වැරදි හා තමන් පමණක් හරි බවයි. මේ අය හා සෙසු වාමාංශික පක්ෂ ද වැරදි බව හා තමන් පමණක් ම හරි යයි කියන තවත් වාමාංශික පක්ෂ ද රැසක් තිබේ. මුළු ලෝකය ම වැරදියි, තමන් විතරක් හරි ය කියන වාමාංශික තනි පුද්ගලයෝ ද සිටිති. එහෙත්, මම නම් දකින්නේ මතවාද යනු සංවාදයක් බව හා එහි වැරදි නිවැරදිබව විනිශ්චය කළ හැකි එක ම බලවතා ඉතිහාසය පමණක් බවයි.  පවත්නා ක්‍ර‍මයට එරෙහිව අරගල කිරීම සංවර්ධනය සඳහා ඉවහල් වේ. පවත්නා ක්‍ර‍මය විසින් එවැනි අරගල හඳුන්වන්නේ කැරැලි කියා ය. එමගින් ඒවා මර්දනය කරනු ලැබේ. එහෙත් කැරැලි ගැසීම නරක දෙයක් නො වේ. ඉතිහාසයේ ගමන් මග වෙනස් වී ඇත්තේ එවැනි කැරැලි නිසා ය.  පවත්නා ක්‍ර‍මයට එරෙහිව කැරැලි ගැසීම මහත් වගකීමකින් යුත් භාරදූර කර්තව්‍යයකි. අරගලය සාර්ථක කර ගැනීමට නම් එයට ජනතාවගේ ප්‍ර‍ධාන හා වැදගත් බලවේගවල සහයෝගය දිනා ගැනීමේ හැකියාව තිබිය යුතු ය.  මාක්ස්වාදී අරගල කම්කරු පංතිය මත පදනම් විය

සෝභිත හිමි වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද?

Image
පන්සලේ ඉඳන් වෙනු වෙනුවට අනුශාසක ජනයා පණ ගැන්වුවේ විලසට මහ ඝෝෂක යහපාලනේ වෙනුවෙන් මුල පිරු පූරක හිමියනි ඔබයි නිලනොලැබූ මහනායක පද: තුෂාර දංකැටිය සෝභිත හිමියෝ අද දැයෙන් සමු ගනිති.  රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යෝත්සවයකි. එය සෝභිත හිමියන් විසින් තම අවමංගල්‍යය පිළිබඳ ප්‍ර‍කාශිත අදහස්වලට පටහැනි බව පැහැදිලි ය.  එහෙත් රාජ්‍ය ගෞරව සහිත මෙම අවමංගල්‍යය දෙස නිශේධාත්මකව බැලිය යුතු නැතැයි මට සිතේ. එය දේශපාලනික අවමංගල්‍යෝත්සවයකි. සෝභිත හිමියන් විසින් කරන ලද කාර්යභාරය ගැන සිහිපත් කර ගැනීමටත්, එහිමියන් ප්‍ර‍මුඛ ප්‍ර‍ගතිශීලී සමාජ බලවේගය ජනවාරි 08 අරලයේදී ඉදිරියට ගත් අභිමතාර්ථ ඉටු කිරීම අවධාරණය කිරීමටත් මෙය අවස්ථාවක් කර ගත යුතු ය.  ජනවාරි 08 අරමුණු ඉටු වුණා ද? නැතිනම් සුපුරුදු ලෙස ම ජනතාව පැරදුණා ද?  පාලකයන් යොමු වී තිබෙන්නේ කුමන දිශාවකට ද?  ජනවාරි 08ට පෙර පැවති අන්ධකාර දස වසරේ (නාලක ගුණවර්ධනගෙන් ණයට ගත් අදහසකි) අවතාර වෙනත් වෙසකින් යළි පණ ලබමින් සිටිනවා ද? කලකිරී අවතැන් වීම ප්‍ර‍තිගාමී ය. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, යහපාලනය වැනි අරමුණු වෙනුවෙන් වන අරගලය දිගට ම ගෙන යා යුතු ය.  දූෂිතයන්ට එරෙහිව විමර්ශ

කුමාර් උස්සන්නැයි අනුර ගෝඨාභයට කීම

Image
අනුර කුමාරව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට එන්නට පුළුවන් තැනක් දක්වා උස්සා තැබුවේ ප්‍රේමකුමාර් ගුනරත්නම් ය. එහෙව් ප්‍රේමකුමාර්ව මරන්නට අනුර ඔත්තු දුන්නා යයි ගෝඨාභය රාජපක්ෂ පවසයි. ගෝඨාභය රාජපක්ෂ යනු විශ්වාස කළ හැකි පුද්ගලයෙක් නො වේ. එහෙත්, ඔහු සරම කොණකින් උස්සා  තම මිනීමරු අතීතයේ  අංශු මාත්‍රයක්  පෙන්වන්නේ කිසිම පදනමක් නැතිව යයි මම නම් නො සිතමි.  කෙසේ වෙතත්, මම නම් මේ ගැන කිසි සේත් ම පුදුම නො වෙමි. මේ වනාහි ලංකාවේ වාමාංශිකයන්ගේ සාමාන්‍ය අමානුෂික ස්වභාවයයි. මේ ව්‍යාපාරවල තිබෙන්නේ යාන්ත්‍රික පක්ෂ ධුරාවලියක් මිස මිනිස්කම් නො වේ. ඒක තේරෙනකල් බොහෝ දෙනෙක් ඒ ඊනියා සහෝදරකම් හරි සුන්දර යය් සිතති.  ප්‍රේමකුමාර් ගුනරත්නම්, විමල් වීරවංශ සම්බන්ධයෙන් හැසිරුණේ ද මේ ආකාරයට ම වන්නට පුළුවන. ඉතිහාසයක් මුළුල්ලේ මෙවැනි අමානුෂිකත්වයන් නැවත නැවත සිදු වී තිබේ. ලැයිස්තුව කියන්නට ගියොත් බල්ලො බත් කන්නේ නැත. සත් ගුණවත් පුබුදු ජයගොඩලා ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කැඩී ගිය අය කියන්නේ ද ඔය ටික ම ය. මං නම් කියන්නේ රෝහණ විජේවීරගෙන් පසු ලංකාවේ ඔය කියන වාමාංශික දේශපාලනය කියන්නේ මේ අමානුෂිකත්වයට තමා ය

ජැක්සන්ට ඇඩ්‍රස් නැද්ද?

Image
නළුවා රොෂාන් රවීන්ද්‍ර ය ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය ගැන කවුරුවත් කතාවක් නැත. මහින්ද රාජපක්ෂ බලයේ සිටියා නම් මේ වන විට ජැක්සන් කොහොම නටනු ඇද්ද? අද කාලේ චිත්‍රපටයක් බලා වින්ද රසය ගැන කියන්නටවත් බැරි ය. චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ ව්‍යාපාරිකයන්ට ඒවා හුදු ප්‍රචාර පමණි. මේ අතර ලෝකෙ ම අතැඹුලක් සේ දන්නවා යි සිතා සිටින පොත් හතක්, අටක් කියවා දැමූ පඬියන් පිරිසක් ද කලාව, සාහිත්‍යය හා දේශපාලනය ගැන සාකච්ඡා හයිජැක් කරන්නට පුළුවන් යයි සිතාගෙන සිටිති.  මෙම සටහන ලියන්නේ ජැක්සන් නම් ප්‍රතිගාමී දේශපාලකයා වෙනුවෙන් නොව, ඔහු තුළ සිටින කලාකරුවා වෙනුවෙනි.  කලාකරුවෝ වනාහි ජනතාව ගැන සංවේදී පිරිසක් ය යන මිථ්‍යාවක අපි නම් ගැලී නැත. ඇතැම් කලාකරුවෝ සංවේදීභාවය මාකට් කරන වෙළෙන්දෝ ය. එය ජැක්සන්ට ය අනෙක් බොහෝ අයට ය කියා වෙනසක් නැත. ඒ නිසා කර්තෘ දෙස බැලීම තේරුමක් නැත. බැලිය යුත්තේ කෘතිය දෙස ය. එහෙත්, කෘතියේ අව්‍යාජත්වය යනු කලාවේ වැදගත් සාධකයකි. සාමාන්‍ය රසිකයකු වන මට නම් එය කෘතියේ වැදගත් ම සාධකයයි.  ජැක්සන්ගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය කතා කළ යුතු විෂයක් තේමා කර ගන්නා කදිම චිත්‍රපටයකි. එ

පඬියකු සමග ආතල් හීනයක්

Image
හීනය දැක්කේ ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසිනි ඊයේ රාත්‍රීයේ හීනෙන් අපේ කාලයේ දාර්ශනයෙකු සමග බුද්ධිමය සංවාදයක් සිදුකිරීමෙන් පසු පහත සඳහන් නිගමනවලට එළඹීමට හැකිවුණු බව ලියා දන්වමි. * ලෝකයේ රටවල් කිහිපයක නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා සිදුකරන සිසු අරගල කිහිපයක් ඇති බැවින් එය 'ගෝලීය අරගලයක්' වන අතර ලෝකයේ රටවල් කිහිපයක ඉස්ලාම් අන්තවාදී කැරලි පවතින නමුත් ඒවා 'ගෝලීය අරගල' නොවේ.( එසේම තිරසාර සංවර්ධනය,සමලිංගික අයිතිය ආදිය ඉල්ලා රටවල් කිහිපයක අරගල කිරීම කිසිසේත්ම 'ගෝලීය'නොවේ.) *නායකයින්ගේ ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් හා අරගලයට ජනතා අවධානය දිනා ගැනීම පිණිස සිසු ජීවිත බිලිදීම ඕනෑම සිසු අරගලයක සිදුවිය හැකි බැවින් එය ඉතාම සාධාරණ වන අතර ඊට එරෙහිව වචනයකින් හෝ එරෙහිවීම පවතින රාජ්‍ය දෘෂ්ටිවාදය සමග බද්ධවී පාලකයින්ට සේවය කිරීමකි.(සැ.යු මෙහි ජනතා අවධානය යනු ජනමාධ්‍ය ආයතනවල අවධානය වන අතර රාජ්‍ය දෘෂ්ටිවාදය යනු තමන්ගේ මතයට එකඟ නොවන ඕනෑම අයෙකු ගොදුරු විය හැකි භයානක රෝගයකි.) *රාජ්‍ය පාසල් හා විශ්වවිද්‍යාල වලින් නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතු අතර එක විභාගයක් අසමත් වුවහොත් ඉන් ඉදිරියට