කුමාර් උස්සන්නැයි අනුර ගෝඨාභයට කීම

අනුර කුමාරව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට එන්නට පුළුවන් තැනක් දක්වා උස්සා තැබුවේ ප්‍රේමකුමාර් ගුනරත්නම් ය.

එහෙව් ප්‍රේමකුමාර්ව මරන්නට අනුර ඔත්තු දුන්නා යයි ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ යනු විශ්වාස කළ හැකි පුද්ගලයෙක් නො වේ. එහෙත්, ඔහු සරම කොණකින් උස්සා තම මිනීමරු අතීතයේ අංශු මාත්‍රයක් පෙන්වන්නේ කිසිම පදනමක් නැතිව යයි මම නම් නො සිතමි. 

කෙසේ වෙතත්, මම නම් මේ ගැන කිසි සේත් ම පුදුම නො වෙමි. මේ වනාහි ලංකාවේ වාමාංශිකයන්ගේ සාමාන්‍ය අමානුෂික ස්වභාවයයි. මේ ව්‍යාපාරවල තිබෙන්නේ යාන්ත්‍රික පක්ෂ ධුරාවලියක් මිස මිනිස්කම් නො වේ. ඒක තේරෙනකල් බොහෝ දෙනෙක් ඒ ඊනියා සහෝදරකම් හරි සුන්දර යය් සිතති. 

ප්‍රේමකුමාර් ගුනරත්නම්, විමල් වීරවංශ සම්බන්ධයෙන් හැසිරුණේ ද මේ ආකාරයට ම වන්නට පුළුවන.

ඉතිහාසයක් මුළුල්ලේ මෙවැනි අමානුෂිකත්වයන් නැවත නැවත සිදු වී තිබේ. ලැයිස්තුව කියන්නට ගියොත් බල්ලො බත් කන්නේ නැත.

සත් ගුණවත් පුබුදු ජයගොඩලා ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කැඩී ගිය අය කියන්නේ ද ඔය ටික ම ය.

මං නම් කියන්නේ රෝහණ විජේවීරගෙන් පසු ලංකාවේ ඔය කියන වාමාංශික දේශපාලනය කියන්නේ මේ අමානුෂිකත්වයට තමා ය. මිනිස්කම පාක්ෂිකභාවයට පාවා දීම එහි මූලික ලක්ෂණයකි. 

ඒකේ මිලිටරි එක උතුරේ තිබිණි. දකුණේ තිබුණේ ‘ඔලු මිලිටරි - කඳ මඩකරි' දේශපාලනයකි.

වාමාංශික දේශපාලනය සමග සෙට් වන හිත හොඳ මල්ලිලා මේ අමානුෂික යාන්ත්‍රණය ඔස්සේ කරකැවී එළියට එන්නේ පට්ට කුහකයන් වෙලා ය. නැතිනම්, අප වැනි පිස්සන් වෙලා ය.

වාසනාවට ලංකාවේ කාන්තාවන් මේවාට සෙට් නො වන නිසා දරුවන්ට තනකිරි ඩිංග හරි ලැබෙනවා ය. විප්ලවවාදී පිරිමින්ට මේ සන්තෑසිය නම් තේරෙන්නේ ම නැත. 

මට නම් මෙව්වායේ කිසිම මෙව්වා එකක් දැනෙන්නේ නැත. මගේ මෙව්වා එක මෙව්වා වෙලා ය. මුං හැරෙනකොට මට පේනවා ය. ඒ තරමට මං මුන් නිසා තැම්බී කර වෙලා ය. මං මේවා කියන්නේ නිකම් නො වේ. මම තරුණ කැරැලි තුනක් දුටුවෙමි. දෙකක් මැදින් ඇවිද ආවෙමි. ඒවායේ ගැඹුර බොහෝ දුරට වින්දෙමි. ඒවායේ නො තිබුණ එක ම දෙය මිනිස්කමයි. මිනිස්කම නැති දේශපාලනය වඳ ය. 

හැබැයි, මං දන්න තරමින් මං නම් කාවවත් තැම්බුවේ නැතුවා ය. මගෙන් තැම්බුණු එවුන් ඉන්නවා නම් කියනවා හොඳා ය. එතකොට මට ස්වයං විවේචනාත්මකව බැලිය හැකි ය.

මේ දේශපාලනයට පුළුවන් එක ම එක දෙයකි. අවුරුදු විස්සකට විතර වරක් පරම්පරාවක එඩිතර කොල්ලන් ටිකක්, තව අහිංසකයන් රොත්තක් එක්ක පරලෝකප්‍රාප්ත කරන්නට ය. 2009න් පසු මීළඟ එක 2025-29 විතර වෙන්නට ඉඩ තිබෙනවා ය. 

මම නම් කියන්නේ මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා ඉවහල් වන දේශපාලන සංවාදය තිබෙන්නේ වම යයි කියන ඔතන නො වේ. ඒක අපි අලුතෙන් හැදිය යුතු ය. මනුස්සකම සොයා යා යුතු ය. න්‍යායට, ආධිපත්‍යයට වඩා මිනිස්කමට මුල් තැන දෙන මිනිස් සාමූහිකයන් තුළින් මතු යම් දවසක ඉදිරිගාමී දේශපාලන ව්‍යාපාර බිහි වෙනවා ඇත. 

එහෙත්, මේ මිනීමරු විහිළුවලට තරුණයින් ගොදුරු වීම වැළැක්විය යුතු ය. 

මේ ඊනියා වම නිරුවත් කරන සාහිත්‍යයක්, කලාවක් ගොඩනැගීම අද දවසේ වැදගත් ම දේශපාලනයයි.

අපි මේ ගැන සංවාදයක් ශාස්තෘෘ නවකතාවෙන් ඇරඹුවෙමු. එය කියවන්නට කැමති අයට කොළඹදී සුළු මුදලකට හෝ නොමිළේ හෝ ලබා දිය හැකි ය. තැපැල් කන්තෝරු යාමට වෙලාවක් සොයා ගැනීමට නො හැකි නිසා තැපැල් කිරීමේ ඉල්ලීම් ඉටු කිරීමට නො හැකි බව කරුණාවෙන් සලකන්න. 

ඔබ කොළඹට එන යන වෙලාවක පොඩ්ඩක් රස්තියාදු වී ශාස්තෘෘ නවකතාව ලබා ගැනීමට කැමති නම්, කරුණාකර මගේ දුරකථන අංකය වන 077 5583470ට කතා කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //මං නම් කියන්නේ රෝහණ විජේවීරගෙන් පසු ලංකාවේ ඔය කියන වාමාංශික දේශපාලනය කියන්නේ මේ අමානුෂිකත්වයට තමා ය. //

    රෝහණ විජේවීර අමානුශික නැත්ද? මට හිතෙන විදිහට ප්‍රභාකරන්, ගෝටා වගේම (ඇත්තටම ඔවුන්ටත් වඩා දරුණු ) තමන්ට එකග නොවෙන මිනිස්සු මරාදැමිය යුතුයි කියන මතයක හිටපු පිස්සෙක් තමා ඔය විජේවීරයත්

    ReplyDelete
    Replies
    1. රෝහණ විජේවීරගෙන් පසු කියන්නේ ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් පසු කියන එක මිස ඔහු නැති වූ පසු කියන එක නෙමෙයි.

      Delete
    2. එහි තේරුම අජිත් පැරකුම් ජයසිංහ තාමත් විජේවීර නම් ශාස්තෘ ගේ අනුගාමිකයෙකු බවයි.

      Delete
    3. පැරා, මගේ හිතේ අතිඋනෙත් "Max" අහපු ප්‍රශ්නෙම තමයි, දැන් ඔබ ඉට උත්තර දී ඇති උනත්ඔහු අහපු ප්‍රශ්නේ වෙනවිදියකින් ඇහුවොත් , මොකද කියන්නේ විජේවීර ඔබට නම් සහෝදරයා ( 89 සමයේ වයස 13 ක් වූ මටනම් ඔහු නින්දිත මිනිමරුවෙක් පමණයි ) ගැන ඔබේ විග්‍රහය කුමක්ද ?

      Delete
  2. //මම නම් කියන්නේ මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා ඉවහල් වන දේශපාලන සංවාදය තිබෙන්නේ වම යයි කියන ඔතන නො වේ. ඒක අපි අලුතෙන් හැදිය යුතු ය. මනුස්සකම සොයා යා යුතු ය. න්‍යායට, ආධිපත්‍යයට වඩා මිනිස්කමට මුල් තැන දෙන මිනිස් සාමූහිකයන් තුළින් මතු යම් දවසක ඉදිරිගාමී දේශපාලන ව්‍යාපාර බිහි වෙනවා ඇත. // sahathikenma. Ajith please send me the book. I will send you the money.

    ReplyDelete
    Replies
    1. ණයට දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වේ...එම නිසා පළමුව මුදල් ගෙවන මෙන් කරුණාවෙන් ඉල්ලමි...

      Delete
    2. me potha giya para misa vuna ganna. salli denna puluvan ginum ankaya kivvoth dannam thapal viyadamath ekka.

      Delete
  3. 1989 + (1989 -1971) = 2007 ???
    2009 + (1989 - 1971) = 2027 ¿¿¿

    ReplyDelete
  4. රොනල්ඩ් රේගන් වරක් හොද කීමක් කිව්වා....

    මාක්ස්වාදය කියවන අය මාක්ස්වාදීන් වෙනවා කිව්වා...මාකස්වාදය අවබෝධකර ගත්ත පොරවල් නිදහස් ලිබරල්වාදීන් වෙනව කියනවා...

    පේන විදිහට නම් පැරකුම් මාක්ස්වාදයේ නිර්වානය අවබෝධ කරගෙන හැඩයි...

    ReplyDelete
    Replies
    1. රේගන්ව පොඩිතක් එඩිට් කලාට කමක් නැත්ද?
      'මාක්ස් වාදය අවබෝධ කරගත්ත පොරවල්' කියන එක 'මාක්ස් වාදය විඳවපු පොරවල්' විදිහට

      Delete
    2. ලංකාවේ දී මාක්ස් වාදීන් වෙන්නේ කියවපු අය නොවේ සවන් දීපු අය.

      Delete
  5. ජේවිපී වැනි විනාශකාරී ව්‍යාපාර වලින් තරුණ ජීවිත බේරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කිරීම, වෘත්තීය පුහුණුවලට යොමු කිරීම. කැම්පස් වල ඉංග්‍රිසියෙන් කියවන්න පුරුද්දක් ඇති, ඉගෙනගන්න හැකි නම් අනිව අල ගොඩට වැටෙනව. කැම්පස් යන අය ගෙන් 75% අලයෝ වුනොතින් ආයේ ජේවීපියක් නෑ.

    රටට ඕන කැපවීමක් තියෙන දක්ෂ ඉංග්‍රීසි ගුරුවරු ගොඩාක් - පැරා මොකුත් ස්වයං විවේචන වගේ ඒවා එහෙම තියද?

    ReplyDelete
    Replies
    1. ඇයි පවතින පාලනයන් මේ දේවල් ටික කරන්නේ නැත්තේ?
      ඇණය තරමට ආණ්ඩු කරන අයට මොලේ නැති නිසාද, නැත්නම් පවතින අධ්‍යපන ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පිරිවැයක් දරන්න ඇති අකමැත්ත නිසාද?
      කැපවීමක් තියෙන් දක්ෂ ඉංග්‍රිසි ගුරුවරු ගොඩක් හිටියහම ලංකාවේ අධ්‍යපනය දියුණු වෙනවද?

      Delete
  6. //ජේවිපී වැනි විනාශකාරී ව්‍යාපාර වලින් තරුණ ජීවිත බේරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කිරීම, වෘත්තීය පුහුණුවලට යොමු කිරීම. කැම්පස් වල ඉංග්‍රිසියෙන් කියවන්න පුරුද්දක් ඇති, ඉගෙනගන්න හැකි නම් අනිව අල ගොඩට වැටෙනව. //

    Well said

    ReplyDelete
  7. වාමාංශික දේශපාලනය සමග සෙට් වන හිත හොඳ මල්ලිලා මේ අමානුෂික යාන්ත්‍රණය ඔස්සේ කරකැවී එළියට එන්නේ පට්ට කුහකයන් වෙලා ය. නැතිනම්, අප වැනි පිස්සන් වෙලා ය.
    Ela, hundred percent true, but I still am maintaining my vision and patriotism, undergoing what ever the hardships (economic,political,social and psychological etc, add higher education too) not leaving my country. The problem is not having a proper and truthful political party to back.

    ReplyDelete
  8. ලංකාවේ සෑම දේශපාලන පක්ෂයකම යථාවාදී තථාකාරී ගුණය නැහැ. වාමාංශික පක්ෂ දෙස මිනිසුන් බලන්නේ ඇත්තටම සෙසු පක්‍ෂ වලට වඩා එම ගුණය ඇතැයි කියා . නමුත් අවාසනාවන්ත ලෙස ඔවුනුත් අර අනෙකුත් පක්ෂ වගේමයි.

    ReplyDelete
  9. එක්නැලිගොඩ උස්සන්න කිව්වේ කව්ද දන්නෙ නෑ...

    ReplyDelete
  10. වම නිරුවත් කරන්න ඕන කියන අදහස පිළිගන්නවා. හැබැයි, ඒ එක්කම වම පෙනී හිටිය පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවයත් කියන්න ඕන. එහෙම නැත්තන් අද දවසේ තරුණ පරම්පරාව වේගයෙන් නවලිබරල්වාදයට එකතු කරන්න හදන බලවේග වලට මේක උදව්වක්. සමහර වෙලාවට අජිත් ට වමේ සංවිධාන වල යල්පැනපු, නොවිසඳුණු ප්‍රශ්න මතු කරනකොට මේ දෙවෙනි එක යට යනවා කියලා හිතෙනවා. එහෙම වෙන එක සාධාරණයි. ඒ තරම් මේ වම විකාරයක්. හැබැයි, ඒකෙන් අදහස් කරන්නේ රනිල්ලාගේ ලෝකයට ලකුණු වැටෙන එක නෙමෙයි කියන මතක් කලොත් හොඳයි. විශේෂයෙන් මේ බ්ලොග් එක කියවන අලුත් පරම්පරාවට

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා