රාගම දුම්රිය සිද්ධියෙන් ප්‍ර‍කාශ වන පොදු ප්‍ර‍වාහනයේ දැවෙන ප්‍ර‍ශ්නයට වහා විසඳුම් දෙනු!

කලුතර නගරයෙන් උදේ හයහමාරට පටන් ගත් විට කාර්යාල වේලාවේදී දුම්රිය පෙළක් ම වැල නො කැඩී කොළඹ දෙසට ඇදෙයි. සවස ද හතරහමාරට පමණ පටන් ගත් විට දුම්රිය වැලක් මුහුදුබඩ දුම්රිය මාර්ගය දිගේ ධාවනය වේ. මේ දුම්රිය එන්නේ එකක් පසුපස එකක් ලෙස ය.

මෙම තත්වය සෙසු දුම්රිය මාර්ගවල ද මෙසේ ම ය.

දුම්රිය රියදුරෝ මහත් වගකීමකින් යුතුව ධාවනය කරති.

දුම්රිය දෙපාර්තමේන්තුව දවසකට මගීන් 165,000ක් කොළඹට ගෙන එයි. (කොළඹ ට්‍රැෆික් විස්තර මෙතැනින්)

මම දුම්රියේ එන්නේ එය ඉතා ඉක්මණින් කොළඹට ළඟා වන නිසා ය. ශීඝ්‍රගාමී දුම්රියක් සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකදී කලුතර සිට කොළඹට ළඟා වෙයි. බසයක් ඒ වෙනුවෙන් පැය එකහමාරකට වැඩි කාලයක් ගනියි.

මා ගමන් කරන්නේ දෙවන පංතියේ ය. ඒ වාඩි වී යා හැකි නිසා නොව ටිකක් තදබද වී හිටගෙන යා හැකි නිසා ය. තුන්වන පංතිය යනු තනිකර පොල් ලොරියකි. දෙවෙනි පංතිය කියා වැඩි වෙනසක් නැත.

මේ පොදු ප්‍රවාහන සේවාවල තත්වයයි. මෙවර අයවැයෙන් ද පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා කිසිදු හරවත් යෝජනාවක් කර නැත. වැදගත් අලුත් ආයෝජන ද නැත. මෙය අයවැයෙහි තිබෙන ලොකුම ගැටලුවකි. මෙයට හේතුව වැඩකට නැති නිදිමතයෙක් ප්‍රවාහන ඇමති වීමයි. අයවැයෙන් මුදල් ලබා ගැනීමට හෝ ව්‍යාපෘති කිරීමට ඔහුට උවමනාවක් ඇති බවක් නො පෙනේ.

පසුගිය සඳුදා රාගමදී පුපුරා ගියේ පොදු ප්‍රවාහන සේවාවල මගී අසහනයයි. පොල් පැටවූ ලොරි වැනි දුම්රියවලට මගීන් නගින්නේ පිළිකුළෙනි. කෙටි කාලයකින් ගමන නිම කරගන්නට ය. දුම්රියෙන් බසින මගීන් පිටතට එන්නේ පැසවූ හොරි ගෙඩියක් පුපුරා සැරව විසි වෙන්නාක් සේ ය.

එවැනි හොරියක් ඇතුළේ සිටින මගීන් ප්‍රකෘති තත්වයෙන් හැසිරීම ද අපේක්ෂා කළ නො හැකි ය.

එහෙත්, දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටි, වයස අවුරුදු 63ක් වන වැඩිහිටියකු වූ දුම්රියේ රියදුරාට පහර දෙන්නට හැකිකම ඇත්තේ නම් තිරිසනුන්ට ය. 

වරද තිබුණේ රියදුරාගේ නොවේ. දුම්රිය පද්ධතියේ ය. ඒ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ ය. 


  • මෙවැනි තත්වයක සිටි රෝගියකු අතට ජීවිත දහස් ගණනක් භාර දුන්නේ ඇයි?
  • ඕනෑම නිරෝගී පුද්ගලයෙක් ක්ෂණිකව රෝගී විය හැකි ය. දුම්රිය රියදුරකුට රෝගී වූ විට දෙපාර්තමේන්තුව දෙන්නට විසඳුමක් නැද්ද?
  • මෙවැනි මහජන කැළඹිලිවලදී මොබ් මානසිකත්වයේ සිටින පුහු වීරයෝ ඉදිරියට එති. පොලිසිය සිටියේ කොහි ද? ඔවුන් දුම්රිය රියදුරාට ආරක්ෂාව නො දුන්නේ ඇයි?


අයවැය විවාදය අතරතුරදී පොදු ප්‍ර‍වාහන සේවා සංවර්ධනය සඳහා මුදල් වෙන් නො කර, අලුතෙන් ප්‍ර‍වාහන ක්ෂේත්‍ර‍යට අදාළ බදු පැනවීමට විරෝධය පළ කරමු. 


  • දුම්රිය දෙපාර්තමේන්තුවට අලුතෙන් දුම්රිය එන්ජින් හා මැදිරි ලබා දෙනු! 
  • පොදු හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කර කාලසටහනකට බස් ධාවනය කරනු! 
  • කුඩා බස් හිමියන් ගොනු කර බස් සමාගම් පිහිටුවනු!
  • පොදු ප්‍ර‍වාහන බස් රථ ධාවනය වම් පස එක් මං තීරුවකට පමණක් සීමා කරන ට්‍රැෆික් නීති අහෝසි කරනු! 
  • තමන්ගේ පෞද්ගලික වාහනයේ ආසන සංඛ්‍යාවෙන් 3/4ක් හෝ මගීන් නැති පෞද්ගලික වාහන කාර්ය බහුල වේලාවලදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ධාවනය අධෛර්යවත් කරනු! කාපූලින් සේවා දිරි ගන්වනු!


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //පොදු ප්‍ර‍වාහන බස් රථ ධාවනය වම් පස එක් මං තීරුවකට පමණක් සීමා කරන ට්‍රැෆික් නීති අහෝසි කරනු! //

    බස් ලේන් නැති කරලා හරියන්නෑ. බස් තමන්ට ඕනෙ ඔනෙ විධියට යයි. විනයක් තියෙන ජාතියක්ද?

    ReplyDelete
  2. දුම් රිය රියදුරා හිතුවලු, ඇමතිතුමා හැම තිස්සෙම නිදා ගන්න එකේ.. අපිත් රජකාරිය කොරන ගමන්ම පොඩි ඇලට් එකක් දැම්මම මක් වෙනවද කියලා...

    මේ නාකි පකයලට, ලෙඩ්ඩුන්ට, ඇමති කම් දීලා රටක් හදන්න පුළුවන්ද..? හැදිච්ච රටවල් වෙලත් කැනඩාවේ ඇමති මන්ඩලේ දැක්කද..?

    මනුස්සයෝ විදියට අපටත් ආඩම්බරයක්...

    ReplyDelete
  3. දුම්රිය රියැදුරන් 100 ක පමණ හිගයක් තියනවාලු. දුම්රිය සාමාන්‍යධිකාරී කියන්නේ. ඒ පුරප්පාඩු නොපුරවන්නේ ඇයි. ඒවාට බඳවා ගන්නේ ඉහලම සුදුසුකම් තියන අය පමණයි. හෙන්චයියලාට දෙන්න බැරි නිසාද වසරකටත් වඩා ඒ පුරප්පාඩු තවමත් නොපුරවා පවතින්නේ?

    කොන්ත්‍රාත් පදනමෙන් බඳවාගෙන සිටින විශ්‍රාමික රියදුරන් එක සමාන වයසේ ඉන්න නිසා එක දිගට ලෙඩවෙන කාලයක් ඉදිරියේදී ආවම මොකද කරන්නේ?

    ReplyDelete
  4. පොල් පැටවූ ලොරි වගේ දුම්‍රිය හා බස් වලට ඉතා ආසාවෙන් ගොඩවන අයත් ඉන්නවනේ. ඒ තමයි කාන්තාවන්ට ජැක් එක ගසාගෙන ජරා ආසාව ඉෂ්ඨ කරගන්න මාන බලන තිරිසන්නු. මේ අයට ඉඩකඩ විවුර්ත වන එකත් ප්‍රවාහන ගැටළුවක්. මෙවැනි කාමුක සල්ලාලයන්ටත් දැඩි ඩඬුවම් නියම වන පරිදි ප්‍රවාහන ගැටළු වලට විසඳුම් ගේන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ජැක් ගස්සගන්න ගැහැණු ගැන් කොල්ලන්ගේ උරහිසේ අතුල්ලන ගැහැණු, තව කොල්ලන්ගේ කකුල් මැද්දේ කකුල දාන ගැහැණු ගැන් මොකද කියන්නේ, ඒවාත් වනිතා විමුක්තියේ අංගද?

      Delete
  5. නූතන සිංහල බෞද්ධයන්ට තිබෙන ප්‍රධාන ගැටළු පසෙකලා පොදු ප්‍රවාහනයක් ගැන කතා කිරීම හෙලා දකිමු. දැනට ලංකාවේ ඇතිවී තිබෙන ප්‍රධාන ප්‍රශ්නය අයිසිස් ය. ලංකාව අයිසිස්කරණය වන බවට සාධක අවශ්‍ය නම් එක්දහස් අටසිය බර ගණන්වල හම්බයෙක් හෝ හම්බියක්ගේ පොටෝ එකෙක් ගෙන බලන්න. ඊළඟට ලෝගුවක් ඇඳගත් නූතන හම්බයෙක්ගේ පොටෝවක් ගෙන බලන්න. අයිසිස්කරණයට වෙනත් සාධක අවශ්‍ය නැත. අවශ්‍ය සාධකය රෙද්ද අස්සේ ඇති බව මාතලන් ඇතුළු බුද්ධිමතුන් දනිති.

    කරුණාකර එක්දහස් අටසිය බර ගණන්වල හිංගලයෙක් ගේ සහ නූතන හිංගලයෙක් (හෝ හින්ගලිකාවක්ගේ) ඇඳුම් අතර වෙනස ගැන වැඩිදුර නොසිතන්න. ඇමෙරිකානු සහ ඉන්දීය මාධ්‍ය නිසා ලංකාවේ හිංගල සංස්කෘතිය සහ ඇඳුම් වෙනස් වීම සාමාන්‍යය. නමුත් අරාබි මාධ්‍ය ලංකාවේ හම්බයන් නැරඹීමෙන් ඔවුන් ඇඳුම් මාරු කරන්නේ ජිහාද් කිරීමට පමණක් බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  6. හොඳ ප්‍රවාහන සේවයක් සඳහා ප්‍රදානම බාදකය හොඳ ආයෝජන නොමැතිවීමයී. දියුණු රටවල කුලීරථ , bus හා දුම්රිය ගාස්තු අතර සැලකිය යුතු විශාල වනසක් නැත . 70 ගණන්වල bus පුද්ගලික කර දැමීමට හේතුවුයේ රාජ්‍ය ප්‍රව්හානය රටට බරක් වුනු නිසාය . පුද්ගලික bus වලින් ලබා ගැනීම දැලි පිහියෙන් කිරි කන වගේ වැඩක් . diesel , අමතර කොටස් , පඩිනඩි , පොලි, insurence , police දොළ පිදේනි අරියහම ඉතුරු වෙන සොචමක් . පොල් පැටවීම , සෙනග අඩු වෙලාවලට දාවනය නොකිරීම ආදී දේවලින් ඔවුන් ලාබය වැඩි කරන්න බලනවා . ප්‍රවාහන ගාස්තු වැඩි කරලා හොඳ ප්‍රවාහන සේවයක් ලබාගන්න කව්රුත් කැමති නැහැ . හොඳ ගාස්තුවක් ගෙවන්න කැමතිනම් bus සමාගම් ඇති කරන්න පුළුවන් .

    ReplyDelete
  7. සෙංකඩගල මැණිකේ එන්ජිම
    මාරු කළාට දුම්රිය වර්ජන

    අකිත පෙරේරා (දිවයින)

    දුම්රිය රියෑදුරකු විසින් අවසරයකින් තොරව සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පේරාදෙණියේදී මාරු කිරීමට විරෝධය පළ කරමින් දුම්රිය ස්‌ථානාධිපතිවරු සහ පාලකවරු ඊයේ (25 දා) දහවල් පැයකට අධික කාලයක්‌ හදිසි වැඩවර්ජනයක නිරත වූහ. මහනුවර සිට කොළඹ බලා ඊයේ පෙරවරුවේ ධාවනය වූ එම දුම්රියේ එන්ජිම පේරාදෙණියේදී නාවලපිටියේ සිට මාතලේ දක්‌වා ධාවනය කෙරෙන දුම්රියට අනවසරයෙන් මාරු කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්‌ථානාධිපතිවරු සහ පාලකවරුන් මෙම වැඩවර්ජනයේ නිරත වූහ.

    දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා සමග ඊයේ දහවල් පැවැති සාකච්ඡාවකදී එම රියෑදුරුට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ පවත්වන බවට පොරොන්දු වීමෙන් පසුව වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්‌ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් සුරංග විඡේකෝන් මහතා ''දිවයිනට'' කීය.

    මේ වැඩවර්ජනය නිසා ඊයේ දහවල් කොළඹ සහ මරදාන ඇතුළු දුම්රිය ස්‌ථාන කිහිපයකින්ම ආරම්භ වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්‌ ප්‍රමාදවී ධාවනය වූ අතර එම දුම්රිය ස්‌ථාන වසා දමා පොලිස්‌ ආරක්‍ෂාවද යෙදවීමට සිදුවී ඇත.

    වර්ජනයට දුම්රිය පාලකවරුන්ගේ සහාය ලැබුණු අතර දුම්රිය නියාමකවරුද වැඩවර්ජනයට සහායවීමට සූදානම් වී සිටියහ.

    පැයකට අධික කාලයක්‌ පැවැති මෙම දුම්රිය වර්ජනය අවසන් වූ පසු යළිත් පෙර පරිදි දුම්රිය ධාවනය කෙරිණි.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියේදී එක දුම්රිය රියදුරකුට එරෙහිව ස්ථානාධිපතිවරු වර්ජනය කරලා වියවුලක් හදනවා.

      කලින් සිද්ධියේදීත් සිදු වන්නේ තනි දුම්රිය රියදුරකුගේ වර්ජනයක්.

      ලංකාවේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු රජයේ සේවකයන් තුළ වර්ජන විනයක් නැතිකමත් බරපතල ප්‍රශ්නයක්.

      මේ විධියට වැඩ කරන එවුන්ගේ ගෙවල්වල කොහොම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් ඇද්ද?

      Delete
    2. මොන පිස්සුද පැරා.. ඔය චන්ඩි පාට් දාන බහුතරේ වයිපරේට ගූ බයයි..

      ගෘහස්ත ප්‍රචන්ඩත්වයක් ඇති.. ගෑහැණියගෙන්..

      පැරා දන්නවද පඩ අරින් ඉස්ටේසොන් මාස්ටර්ගේ කතාව..

      Delete
    3. කලින් නොදන්වා මෙහෙම වැඩ වර්ජන කරන්න බැරි බවත්, මෙවැනි අවස්ථාවකදී පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කොට, තම අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මගීන්ට අයිතියක් ඇති බවත්, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහත්තයා කිව්වා.

      Delete
    4. රියදුරන්ටත් , ස්ථානාධිපතින්ටත් දුම්රිය මහජනයාගේ ප්‍රයෝජනයට ඇති එකක් බව මතක් කර දිය යුතුය

      Delete
  8. ඒක තමා. රනිල් උන්නැහේ , මෛත්‍රි පාල, රවී උන්නැහේලා අයවැය හැදුවට ප්‍රවාහන සේවයට හරවත් සංවර්ධන වැඩපිලිවෙලක් නොහැදුවට ප්‍රවාහන ඇමතිතුමාම වග කියන්ට ඕනනේ හිටං.

    ReplyDelete
  9. ආණ්ඩුවට ප්‍රවාහනය සකස්විය යුත්තේ කෙලෙසද කියන එක පිලිබදව සැලැස්මක් හෝ දැක්මක් නැතුවයි කටයුතු කරන්නේ. ඔවුන් වාහන වලින් තමන්ගේ බදු ආදායම වැඩිකරගැනීම විතරයි බලාපොරොත්තුවෙලා තියෙන්නේ. පැරා කියන විදිහට මේක සමාජවාදී අයවැයක් වුනාට ජනතාවට ප්‍රධාන වශයෙන් ගැටලු වෙලා තියෙන ආර්ථික, අධ්‍යපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, අපද්‍රව්‍ය බැහැර කිරීම, ඉඩම් හා නිවාස ආදී ප්‍රශ්න කිසිම දෙයකට ප්‍රතිපත්තිමය විසදුම් මේකේ නැහැ.

    දෙවැනි කරුණ තමයි වාමාංශික දේශපාලන ව්‍යාපාරයන් අසමත්වෙලා තියෙනව වෘත්තිය සමිත ඒකාබද්ධ කර සමුහිකත්වයක් ගොඩ නංවා ගැනීමට එක නිසාම පාලකයන්ට පුලුවන්වෙලා තියෙනව වෘත්තින් අතර අනවබෝධයන් සහ අර්බුධයන් නිර්මාණය කරන්න සහ ඒ අනුව ගනු ලබන හුදකලා ක්‍රියා මාර්ගයන් සම්බන්ධව ජනතා විරෝධය ගොනු කරවන්න. ඒ වගේම මේ වෙලාවෙදි දුම්රිය දෙපාර්තුමේන්තුව තුල ඇතිවෙලා තියෙන්නේ මේවගේ තත්වයක්.

    ආණ්ඩුව බෝහෝවිට උත්සහ කරයි මේ තත්වය පදනම් කරගනිමින් ජනතාවතුල දුම්රිය පිලිබද අප්‍රසාදයක් ඇතිකර පෞද්ගලික කරණ ක්‍රියාවලියකට යැමට. ඒ සදහා අවශ්‍ය මතවාදීමය හයිය ලබාදීම හැර පැරාගේ ඉල්ලිම් දිශාවට ආණ්ඩු දක්කන්න තරම් හයියක් යහපාලනය ගොඩනගපු සිවිල් සංවිධානවලට නැහැ.

    ReplyDelete
    Replies
    1. සමාජවාදී අයවැයක් යන වචනය ඔබේ වචනයක් මිස මගේ වචනයක් නො වේ. මා පාවිච්චි කළේ එහි විප්ලවීය පියවර තිබේ යන්නයි. හැම විප්ලවයක් ම සමාජවාදී වන්නේ නැත.

      Delete
    2. සමාජවාදී වෙනුවට විප්ලවීය පියවරක් තබා ඇති අයවැය යන වචනය ආදේශ කර ගන්න

      Delete
  10. අපි විදුලි දුම්රයක් ගැන කථාකරනවා . තවම කෝච්චි පීලි පනින එක නවත්තන්න ක්‍රමයක් ගැන සොයන්නේ නෑ. ලංකාවේ සතියකට එක කෝච්චියක් වත් අඩුවශයෙන් පීලිපනිනවා. දියුනු රටවල එහෙම දෙයක් සිදුවුනොත් ඒක අන්තර්ජාතික නිව්ස්එකක් වෙනවා. මෙකද සිය ගනනක් මැරෙන නිසා. ඒත් අපේ කෝච්චිය ඉබි ගමනින් යන නිසා පීලිපැනීම මගියා ආන්ඩුවේ අම්මලා මතක් කිරීමට පමණක් සීමාවී ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා