Posts

Showing posts from May, 2012

අධ්‍යාපන වෘත්තිකයන්ගේ තත්වය වෙනුවෙන් වූ ගුරු, විදුහල්පති, පරිපාලක අයෝමය සමගිය

Image
ඉතිහාසයේ කිසි දිනෙක නො වූ ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තීය සමිති අයෝමය සමගියකින් ඒකරාශි වී තිබේ.  තද රතු, ළා රතු, නිල්, කොළ ආදී විවිධ පාට වෘත්තීය සමිති 15ක් මෙසේ එකතු වී තිබෙන්නේ අසීමිත දුක් කන්දරාවකින් පීඩා විඳින බහුතරයක් ගුරුවරුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කිරීමට ද? නැතිනම් අධ්‍යාපනයේ බිඳ වැටීම නිසා පීඩාවට පත් වී සිටින අනාගත පරපුර වෙනුවෙන් සටන් කිරීමට ද? නැත, නැත, නැත. ප්‍රශ්නය ඊට වඩා බරපතල එකකි. කලාප කාර්යාලවල හා පළාත් කාර්යාලවල පාලනය භාර අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් යොදවන්නට රජය තීරණය කර ඇති නිසා ය. විස්තර මෙතැනින් දැනට මේ තනතුරුවල ඉන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීහු ය. ඔවුන් අධ්‍යාපන පරිපාලන සේවයට ආ හැටි ද එක එක ආකාරයේ ය. සමහරු දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියා අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීම් ලබා ගත්හ. තවත් සමහරු දේශපාලන හිතවත්කම් මත වැඩ බලා පත්වීම් ලබා ගත් අයයි. තවත් අටසියයක් පමණ ගුරු පිරිසක් මේ අන්දමින් අධ්‍යාපන පරිපාලන සේවයට උසස් වීම සඳහා වැඩ බලමින් සිටිති. අධ්‍යාපන පරිපාලන සේ

ආණ්ඩුව ලබ්බට තැබූ අත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් තියලා

Image
‍ජුනි 30 දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේදී අක්‍රමිකතා ඇති වී තිබෙන බවට පැමිණිලි කෙරෙමින් තිබේ.  මෙම නිලවරණයෙන් පසු පරාජිත පාර්ශ්ව විසින් යම් යම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යාමට පවා ඉඩ ඇති බවක් ඉඟි වී තිබේ.  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 15,000ක සාමාජිකත්වය සහිත ප්‍රබල වෘත්තීය සමිතියකි. වෛද්‍යවරු සිය වෘත්තීය ශක්තිය, කේවෙල් කිරීමේ හැකියාව හා පංති සහයෝගිතා ක්‍රියාමාර්ග ඔස්සේ මේ රටේ වෙනත් වෘත්තීය සමිතිවලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් අයිතිවාසිකම් දිනා ගෙන ඇත.  දැන් රජයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද පාලනය අවශ්‍යව ඇති බව පෙනේ. මේ අවුල් ඒ සඳහා උපයෝගී කර ගනිමින් තිබේ.  රජය හෙද සේවා වෘත්තීය සමිති ශක්තිය කඩාකප්පල් කළ අන්දම අධ්‍යයනය කිරීම මෙහිදී වැදගත් ය. අද බහුතර හෙද පිරිසක් සාමාජිකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රශ්න හමුවේ නිර්වින්දනය කර තැබීමට එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සමත් වී තිබේ. ඒ වෙනුවෙන් මුට්ට කාසි වංචා සම්බන්ධ පරීක්ෂණවලින් ආරක්ෂාව හා වෙනත් වරප්‍රසාද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන්ට ලැබේ.  අද වන විට හෙද සේවයේ වෘත්තී

උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන බව කියන්නට දෙයක් නො වේ

Image
කළ යුත්තේ වංචනිකව හෝ බල කිරීමෙන් හෝ කොඩිය අතට දීම නොව අවබෝධයෙන් ඉදිරියට යාමයි උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වේ යයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා ඇත.  මෙය අමුතුවෙන් කියන්නට දෙයක් නො වේ. උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන අතර දකුණ අයිති සිංහල ජාතිකයන්ට පමණක් නො වේ.  එහෙත්, ලංකාවේ ජාතීන් අතර මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව කවුරුත් දන්නා කරුණකි. ලංකවේ නිදහසින් පසු ඉතිහාසය මුළුමනින් ම මේ ප්‍රශ්නයේ ඉතිහාසයකි. රට වැනසූ තිස් අවුරුදු යුද්ධයකින් පසුව ද යමෙක් එවැනි ප්‍රශ්නයක් ඇති බව දැකීමට අසමත් වන්නේ නම් එය බරපතල ප්‍රශ්නයකි. උතුරේ ජීවත් වන බහුතරය දෙමළ ජනයා ය. යුද්ධය ඇරඹෙන්නට පෙර පවා තත්වය එසේ ය. එහෙත්, උතුරේ ආරක්ෂක, දේශපාලන, පරිපාලන, ආර්ථික ආදී සෑම ක්ෂේත්‍රයක ම බලය පතුරුවන ආරක්ෂක හමුදාවන්ගෙන් 99%ක් ම සිංහල ය. ඔවුහු වැඩි දෙනෙක් දෙමළ බස දන්නේවත් නැත.  දකුණේ මාතර දිස්ත්‍රික්කය පුරා දෙමළ හමුදා කඳවුරු පිහිටුවා එහි සියලු පාලනයට හමුදා මැදිහත් වන තත්වයක් තිබේ යයි සිතන්න.  එතැන ප්‍රශ්නයක් නැති යයි ඔලුවෙන් හිටගෙන කීවත් ලෝකය පිළි ගන්නේ නැත. බ්‍රිතාන්‍ය තානාපති විදේශ අමාත්‍යංශයට

ලාංකීය බ්ලොග් අවකාශයේ අතුරුදහන් වීම් මාලාවක්

Image
ඇනොනිමසයාගෙන් හමු වුණේ මෙන්න මේ චූටි කෑල්ල පමණි ලාංකීය දේශපාලනික බ්ලොග් අවකාශයේ දැවැන්ත අවපාතයකි. ටැබූ සබ්ජෙක්ට්ස් අතුරුදහන් විය. බියොන්ඩ් ෆ්‍රේම්ට මොකක්දෝ අලකලංචියක් විය.Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය ද අතුරුදහන් විය. අලුත් ම අතුරුදහන් වීම ඇනොනිමසයා ය.  මොවුන් අතරින් ඇනොනිමසයා පෞද්ගලිකව ම මෙම ලේඛකයා තර්ජනයට පාත්‍ර වන අන්දමින් ලියුවේ ය. එහෙත්, ඇනොනිමසයා බ්ලොගය ලාංකීය බ්ලොග් අවකාශය වර්ණවත් කළ එකක් බව කියන්නට කැමැත්තෙමි. සමහර විට මේ සිය ගිලිහුණු පාඨක පිරිස යළි දිනා ගන්නට ප්‍රචාරක වැඩක් වන්නට ද පුළුවන. අප ඒ ප්‍රචාරය ලබා දෙන්නේ සතුටිනි.  මේ කවුරුවත් ප්‍රසිද්ධියේ පෙනී නො සිටි මුත්, W3Lanka එදා සිට අද දක්වා ම ප්‍රසිද්ධියේ පෙනී සිටියි. ඔහු ද අතුරුදහන් කරවන බවට නොයෙක් තර්ජන ඇත.  ඉහත කී බ්ලොග් අතුරුදහන් කළා ද? ස්ව කැමැත්තෙන් අතුරුදහන් වුණා ද? එසේ නැතිනම් අතුරුදහන් වන්නට බල කෙරුණා ද?  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ශ්‍රී ලංකා ආණ්ඩුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ විහිළු

Image
ග්‍රහලෝකාගාරය ගැන කරුණු සොයද්දී මම පළමු වරට එය අයත් වන්නේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට බව දැන ගතිමි. එම අමාත්‍යංශය භාර ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි ය. මා මෙතෙක් සිතා සිටියේ ග්‍රහලෝකාගාරය අයිති තිස්ස විතාරණ ඇමතිගේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට ය කියා ය. ලංකාව ඇත්තෙන් ම ආසියාවේ ආශ්චර්යය නො වේ ද? බලන්න ඇමතිකම් දෙක. එකක් විද්‍යා හා තාක්ෂණ. අනෙක තාක්ෂණ හා පර්යේෂණ. මේ අමාත්‍යංශ දෙක ගැන රසබර තොරතුරක් ගැන මම කීවෙමි. එය මෙසේ ය. මේ අමාත්‍යංශ දෙක හැදෙන්නට එක ම අමාත්‍යංශ දෙකට කැඩෙද්දී වෙබ් අඩවිය පවිත්‍රා ගලවාගෙන ගොස් ඇත. මෙන්න එම වෙබ් අඩවිය. එහි අපූරු බ්ලොගයක් ඇත. එහි ඇත්තේ විද්‍යාව නො ව විකාර ය. මෙය මා හිතන්නේ ලංකාවේ වැඩි ම කාලයක් යාවත්කාලීන නො කළ ‍බ්ලොගයයි. ඒ අපූරු බ්ලොගය කියවන්න අනෙක් අපූරු කාරණය වන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට වෙබ් අඩවියක් නැති වීමයි. රජයේ වෙබ් පෝටලයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ වෙබ් අඩවියට ඇති සම්බන්ධතා පුරුක මත ඔබා බලන්න. ඔබට ආසියාවේ ආශ්චර්යය දැක ගන්නට ලැබෙනු ඇත. කොහොමද අපේ විද්‍යාව, තාක්ෂණය හා පර්යේෂණ! එම අමාත්‍යංශයේ අන්තර්ජාල ලිපිනය මෙසේ ය,   www.mos

ග්‍රහයා නීච වූ රටක සැබෑ ආශ්චර්යයක් වූ ග්‍රහලෝකාගාරය | Sri Lanka Planetarium, an astronomical wonder in an astrology venerated land

Image
ගමන් දෙකක් ග්‍රහලෝකාගාරය බලන්නට ගියා මතක ය. ‍ "අපි කොළඹ ඉඳිද්දී ග්‍රහලෝකාගාරය බලන්න ගියා ද?" මම බිරිඳගෙන් ඇසීමි. "මම නම් ගියේ පොඩි කාලෙ ගමේ ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එක විතරයි. ඒකෙදිත් මට දර්ශනය අතරමගදි නින්ද ගියා." ඇය කීවා ය. පාන්දරින් ඈත සිට කොළඹ එන ළමයින්ට ග්‍රහලෝකාගාරයේ කෘත්‍රිමව ඇති කරන රාත්‍රියේ නින්ද යාම සුලබ තත්වයකි.  මම හිතන්නේ දෙවෙනි වර මා ගියේ තනිව ය.  කෙසේ වෙතත්, දෙවෙනි වර තරුණයකු ලෙස ග්‍රහලෝකාගාරය බලන්නට ගිය අතීතකාමී ගමනේ අත්දැකීම වූයේ ග්‍රහලෝකාගාරය පොඩි කාලයේ සිතා සිටි තරම් ලොකු නො වීම හා වැඩසටහන එදා තරම් රසවත් නො වීමයි.  පොඩි ළමයකු ලෙස මෙන් ම ලොකු මිනිසකු ලෙසත් මගේ රස නහර පිනවූ බෙරි ගෙඩි පිරුණු ජෑම් ගස් ග්‍රහලෝකාගාර වත්තේ තිබුණු බව කෘතවේදීව සිහිපත් කරමි.  ආණ්ඩුව ග්‍රහලෝකාගාරය වෙනුවෙන් නව ප්‍රක්ෂේපණ පද්ධතියක් මිළ දී ගන්නට යන බවට පුවතක් කියවූයෙමි. ඒ පිළිබඳ තැබූ සටහන මෙහි ඇත.  තාරකා විද්‍යාවට වඩා ජ්‍යොතිෂයට තැනක් ඇති ආසියාවේ ආශ්චර්යයේ ග්‍රහලෝකාගාරය ඇත්ත ම විස්මයකි.  ග්‍රහලෝකාගාරය ගැන කරුණු සොයද්දී මම පළමු වරට එය අයත් වන්නේ තාක්ෂණ හා පර්යේෂණ

W3Lankaට කරන්ට් වැදිණි

Image
උදෑසන වැඩ කරන තැන විදුලිය නැත. විදුලි බිලේ ඇති දුරකතන අංක දෙක ම එබුවෙමි. ස්ථාවර දුරකථනය ක්‍රියා විරහිත ය. ජංගම දුරකථන අංකය කාර්ය බහුල ය.  ප්‍රදේශයේ විදුලි බල මණ්ඩල ඩිපෝව ඇමතීමි. එක් කලාවක විදුලිය විසන්ධි වී ඇති බව දැන සිටියේ ය. එහෙත්, තවම ප්‍රධාන කාර්යාලයෙන් දන්වා නැති බව කීවේ ය. ඔවුන්ට අලුත්වැඩියාවක අවශ්‍යතාව පිළිබඳ දැනුම් දිය යුතු නිසා රත්මලානේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කරන ලෙස දැනුම් දෙන ලදී.  උදේ හතේ සිට එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි. මම ඔබ ඔබා සිටින අතර දවල් නවයට පමණ බඩු ආවේ ය. (විදුලිය සන්ධි විය.)  අද හොඳ ය. මැයි 23දා එතැනට ම විදුලිය එයි. යයි. හෙළවෙයි. විදුලි බිලේ ඇති දුරකතන අංක දෙක ම එබුවෙමි. ස්ථාවර දුරකථනය ක්‍රියා විරහිත ය. ජංගම දුරකථන අංකයට පිළිතුරු ලැබිණි. ප්‍රශ්නය කීවෙමි. අවට නිවෙස්වල විදුලිය ඇති නිසා ප්‍

බද්දක් පැනවීම සඳහා ආණ්ඩුවට W3Lankaගෙන් යෝජනාවක්

Image
මහජනයාගේ සාක්කු පල්ලේ ඇති පොට්ට කාසි පවා සොය සොයා සුද්ද කරමින් ඉන්න අපේ දේශප්‍රේමී ආණ්ඩු රත්නය ආරක්ෂා කිරීම පිණිස යෝජනාවක් කරමි. හැමදාම ආණ්ඩුවට බැන බැන ඉන්නවා ය කියා අපට බනින මහත්වරුනි, සතුටු වන්න. යෝජනාව මෙසේ ය: දැන් කාලේ පාරක බැස යන්නටත්, වැඩපොළක ඉන්නටත්, ගෙදරට වී ඉන්නටත් බැරි කරදරයක් තිබේ. ‍පේදුරුතුඩුවේ පන්සල් හදන්නට දෙවුන්දරතුඩුවේ සම්මාදමේ යන්නෝ ද, සංගමන්කන්දේ දන්සල් දෙන්නට කොළඹ සම්මාදම් කරන්නෝ ද, තවත් විවිධ රෝග පීඩාදිය සුව කර ගන්න‍ට එන්නෝ ද වැල නො කැඩී ආධාර පත්‍රිකා රැගෙන එන තත්වයක් උදා වී තිබේ.  ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ නම්බුකාර හිඟන්නන්ට ද බලපත්‍රයක් නිකුත් කර, බද්දක් අය කරන ලෙසයි. මේ වනාහි හිඟන්නා‍ගේ පාත්තරයට වහන හෙනහුරා‍ට තහනම් ආකාර බද්දක් (a prohibitive tax) පැනවීම සඳහා කරන යෝජනාවකි.  ඕනෑ නම් මේ බලපත්‍ර නිකුත් කිරීමේදී අත යට ගානකුත් තබා ගන්නට දේශපාලකයන්ට පුළුවන. අසූචි කප්පරක් කෑ යක්කුන්ට පඩෙත් කජ්ජක් යැ! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජංගම දුරකථනයක් මිළ දී ගැනීමේදී අහු නොවී ඉන්න එක ක්‍රමයක්

Image
(පාරිභෝගිකයන් ලෙස ආරක්ෂා වීමේ වැදගත්කම වෙනුවෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක් ඇසුරෙන් සැකසිණි.)  ජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳ ව පාරිභෝගිකයින්ට අවබෝධයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබේ.  මෙහි දී ජංගම දුරකතනයක් මිල දී ගැනීමට ප්‍රථම දුරකතන පෙට්ටියේ සහ දුරකතනයේ අංක 15කින් යුතු ඉමි අංකය (IMEI) සමඟ අදාළ දුරකතනයේ අංක පුවරුවෙන් *#06# ඇතුළත් කොට ලැබෙන අංකය සසඳා ඉමි අංකය තහවුරු කර ගත හැකි වේ. අදාළ ඉමි අංකය , IMEI හිස්තැනක් දුරකතනයේ ඉමි අංකය යොදා 1909 වෙත SMS පණිවිඩයක් එවීමෙන් තත්පර 30ක් ඇතුළත දුරකතනයේ නීතිමය ආවරණය පිළිබඳ ව පාරිභෝගිකයා වෙත තොරතුරු ලබා ගත හැකි වන බව ඔහු පවසයි.  මේ මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය එම දුරකතනය වෙත හිමි වී ඇති බව තහවුරු කර ගත හැකි වන බවත් එම අනුමැතිය කොමිෂන් සභාව මගින් ලබාදෙනුයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය මත බවත් ඔහු පවසයි.  දුර

කාටත් පහස දෙන ලෝකෝපකාර බඩුව

Image
කාන්තාවන්ට අපහාසාත්මකව කතා කිරීම පිළිබඳ විහිළු ඇත. කුළු හරකාගේ ගෑනු සතා කවුරුද? කුළු බඩුව ය. මාළුවාගේ ගෑනු සතා කවුරුද? මාළු කෑල්ල ය. එතකොට හාවාගේ ගෑනු සතා කවුරුද? හා, හා ළ‍ඳේ! විහිළු නොවේ. කාන්තාවට බඩුව කියා මුලින් ම කියා ඇත්තේ තොටගමු මහා විහාරයෙහි වැඩ විසූ ධර්මශාස්ත්‍ර ප්‍රවීණ කුශාග්‍ර බුද්ධිමත් රනස්ගල්ලේ ස්ථවිරයෝ ය. ඒ ලෝකෝපකාරයෙහි ය. මෙසේ ය: 'උරණ හැමකල නොව - යෙහෙන් රකිතත් පණසෙ නිතියෙන්, බඩුවක් මෙන් විකිණි - පහස දෙත් කාටවත් අඟනෝ' උරණ නොවී සැමකල පණ සේ සුරැකියත්, ස්ත්‍රීහු විකිණීමට ඇති බඩුවක් සේ ඔනෑ කෙනෙකුට පහස දෙති.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වරදක් කර ඇතිනම් සාධාරණව නඩු අසා දඬුවම් කරනු! නැතිනම් නිදහස් කරනු!

Image
සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකි.  ඔහු වැනි තවත් දේශපාලන සිරකරුවෝ සිය ගණනක් බන්ධනාගාරව සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අත්අඩංගුවට පත් වී වසර ගණනාවක් ගත වී තිබියදීත් නඩු පැවරීමට පවා රජය අසමත් වී තිබේ.  නඩුවලින් නිදහස් වූ ඇතැමුන් ද තවමත් රැඳවුම් භාරයේ ය.  මෙවැනි දේශපාලන සිරකරුවෝ දෙසියකට අධික පිරිසක් මේ වන විට දින ගණනක් තිස්සේ වැලිකඩ, කලුතර හා වවුනියාව ආදී බන්ධනාගාරවල ආහාර වර්ජනයක නියැලී සිටිති. ඔවුන්ගේ ඉල්ලීම මෙයයි. වරදක් කර ඇතිනම් සාධාරණව නඩු අසා දඬුවම් කරනු! නැතිනම් නිදහස් කරනු! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ෆොන්සේකාගේ බල්ලා හා සිංහල ජාතිවාදියෝ

Image
Fonseka's dog - photo from indi.ca ෆොන්සේකා ගෙදර ගිය විට ඔහුගේ බල්ලා උඩ පැන නටා මහත් සතුටින් ඔහු පිළි ගත් බව පුවත්පත්වල වාර්තා විය. ෆොන්සේකා දෙමළ ජනයා 'මුදා ගැනීමේ' යුද්ධය කළ සමයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ සිංහල ජාතිවාදී, ආගම්වාදී පිරිස ළඟ මේ බල්ලා ළඟ ඇති ගුණවත්කම හෝ තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි.  ෆෆාන්සේකා සිරගෙදර සිටිමින් ඒකාධිපති පවුල් පාලනයකට එරෙහිව තනිව ම සටන් කරද්දී මේ ජාතිවාදී, ආගම්වාදී නායකයන් ඔහු අසාධාරණ අන්දමින් සිරගත කළ පාලකයන්ට විරුද්ධව වචනයකුදු නො දොඩා ඔවුන්ගේ දෙපතුල් ලෙව කමින්, දූෂණයට ආවඩමින් උන් හ.  සිංහල ජාතිවාදී, ආගම්වාදී සංවිධාන කිසිවක් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේ නැත. එපමණක් නොව, මහා පරිමාණයෙන් දූෂණයේ යෙදෙන, සංස්කෘතික උරුමය වනසන දේශපාලක ‍සොරුන්ට එරෙහිව කට ඇරියේ ද නැත.  ෆොන්සේකා වීරයකු වන්නේ ඔහු ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව අභීතව කළ සටන නිසා ය. සිංහල ජාතිවාදයට හා බුදු දහමට මුවා වෙමින් පවත්වාගෙන යන ජාතිවාදී දේශපාලනය සිංහලකමට, බුදු දහමට නිගාවක් වන අතර, එය අද වන විට සිංහලයා හමුවේ සිටින ප්‍රධාන සතුරා ය.  සිංහලයා පටු ජාතිවාදයෙන් අන

සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද? | What Fonseka can do in Sri Lanka

Image
රාජපක්ෂ පවුලට සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ධෛර්යය නැති බවට අප කළ උපකල්පනය වැරදි ය. ජනාධිපතිතුමාට ඒ ආත්ම ශක්තිය තිබිණි. එසේ ම, වාර්තා වී ඇති ආකාරයට ඔහුට දී ඇති සමාව හේතුවෙන් ඔහුට දේශපාලනය කිරීමේ බාධාවක් ද නැත. සරත් ෆොන්සේකා නිදහස් කළ ආකාරය විසින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් වන්නේ ඔහු සිරගත කර ඇත්තේ තනිකර ම දේශපාලන අවශ්‍යතා මත බවයි. ඔහු නිදහස ලබන අද දින සංවාදයට භාජනය වන කාරණය වන්නේ ඔහුට කුමක් කළ හැකි ද යන්නයි. ෆොන්සේකා නිදහස ලබන්නේ විකල්ප නායකත්වයක් ඉල්ලා සිටින දේශපාලන සමාජයකට බව අපේ අදහසයි. පළමුකොට ම දැඩි ආර්ථික පීඩනය හා අසීමිත දූෂණය හේතුවෙන් ජනතාවට ආණ්ඩුව එපා වී තිබේ. එහෙත් ඒ ජනතා විරෝධය බලමුළු ගන්වන්නට හැකි නායකත්වයක් විපක්ෂයේ නැත. ෆොන්සේකාට ඒ නායකත්වය ලබා දිය හැකි ද? අප සිතන අන්දමින් නම් එය සරළ කාරණයක් නො වේ. ඔහු පය තබන්නේ ලෙහෙසි පොළවකට නො වේ. එක පැත්තකින් ආණ්ඩුවේ බැලයන්ගේ කෙළවරක් නැති කුමන්ත්‍රණ ය. අනෙක් පැත්තෙන් විපක්ෂයේ කුහකයන්ගේ හීන දීන ක්‍රියා ය. මේ සියල්ලට ම වඩා ෆොන්සේකාට මුහුණ දෙන්නට සිදු වන අභියෝගය වන්නේ තමා ම ය. රාජපක්ෂ මර්දනය ඉදිරියේ කොන්ද බිඳ නො ගෙන සිර

පෞද්ගලික ජලචර ගුවන් සේවයක් වෙනුවෙන් මහජන මුදලින් යටිතල පහසුකම්

Image
ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය පාඩු ලබන ජලචර ගුවන් සේවය තව මාස හතරකින් පමණ වසා දමන බව සිවිල්  ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මේ මාසයේ මුල හරියේදී පැවසී ය. දැනට කුලියට ගෙන ඇති ජලචර ගුවන් යානාවල බදු කාලය තව මාස හතරකින් අවසන් වූ පසු ශ්‍රී ලංකන්හි ජලචර ගුවන් සේවය ද අවසන් වේ.  ඉන් පසු එය පෞද්ගලික අංශයට බදු දීමට නියමිත ය.  හෙට (මැයි 21දා) ලංකාවේ පළමු ජලචර ගුවන් යානා තොටුපළ දඬුගම්ඔයේ විවෘත වන බව අද ඔබ්සවර් පුවත්පතේ පළ වී තිබේ. තේක්ක දැවෙන් හැදූ ජැටියක්, මගී පර්යන්තයක් හා වාහන නැවතුම් පහසුකම් සපිරි මෙම ජලචර ගුවන් තොටුපළ සෑදීම සඳහා රජය විශාල වියදමක් දැරී ය. එපමණක් නොව, දැනට 10ක් වූ රට පුරා ඇති ජලචර ගුවන් යානා ගොඩබෑම් හා නැංවීම් ස්ථාන සංඛ්‍යාව වසර අවසන් වන විට 20ක් දක්වා වැඩි කරන්නට ද සැලසුම් කර තිබේ.  සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නරක දෙයක් නො වේ. එහෙත් මේ කෙරෙන්නේ කුමක් ද? හෙට අනිද්දා දියත් කරනු ලබන පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා මහජන මුදලින් යටිතල පහසුකම් සකසා දීමයි.  දැනට ඇත් ආරංචි අනුව මෙකී ජලචර ගුවන් සේවාව ආරම්භ කරන්නට යන්නේ ද අර කට්ටියම ය.  මේ ලිපියට ඔබ කැ

නව නියෝජ්‍ය ඇමැති පොකුරේ මම නෑ! (වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවත)

Image
අද දිවයින පුවත්පතේ පළ වන පහත සඳහන් පුවත වෙනුවෙන් එය ලියූ උපාලි ද සේරම්ට පුවත්පත් සම්මාන උළෙලේදී වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවතට හිමි සම්මානය ලබා දෙන ලෙස W3Lanka යෝජනා කරයි. ඉදිරි සති කිහිපයේදී නියෝජ්‍ය ඇමැති ධුර හිමිවන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් අතරට තමා අයත් නොවන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය. තමාට දැන්ම නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා නොදෙන ලෙස තම පියා වන ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කළ බවද සඳහන් කළ මන්ත්‍රීවරයා නැවත මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට නියෝජ්‍ය ඇමැති ධුර ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බවත් කීවේය. මහින්ද චින්තන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා තරුණ ජවයද අවශ්‍ය බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැති ධුර තනතුරු ලබාදීමට යෝජනා වී ඇත්තේ එවැනි ජව සම්පන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට බවද සඳහන් කළේය. මන්ත්‍රීවරයකු ලෙස තමාගෙන් සිදුවන සේවය පිළිබඳව සෑහීමකට පත්වන බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා එබැවින් නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ බව ව

ගිලෙන නැවෙන් සුමනදාස අබේගුණවර්ධන ද පැන යයි

Image
අබේගුණවර්ධනගේ ජ්‍යෝතිෂ කාර්යාලය ජනාධිපති විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ධුරයකට පත් කරන ලද ජ්‍යෝතිෂකරුවකු වන සුමනදාස අබේගුණවර්ධන තනතුරින් ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවකදී විනිවිද භාවයකින් තොරව ක්‍රියාකිරීම පිළිබඳව සිත් බිඳුණු බැවින් තමා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වු බව ඔහු දිනමිණට කියා ඇත. එකී ගනුදෙනුව ඒ අන්දමින් කෙරෙන බව ඔහු ඇතුළු අධ්‍යක්ෂ බබාලා බොහෝ දෙනෙක් දන්නේ නැත. මේවා නම් මාර ම අධ්‍යක්ෂ මණ්ඩල ය. වැඩේ කියන්නේ ඔහුට එය ජ්‍යෝතිෂ හෝ වෙනත් මායාකාරී බලයකින් හෝ වෙන්නට පෙර නො පෙනීමයි. 2010 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ විසින් ජය ගනු ලබන බව වැනි මහාර්ඝ අනාවැකි කී මේ ජ්‍යෝතිෂකරුවා ජනාධිපතිවරයාගේ ආර්ථික අනාවැකිකරුවා ද යන්න අපි නො දනිමු. කෙසේ වෙතත්, ලංකාවේ ආර්ථික අනාගතය ගැන ඔහුගෙන් හරි හමන් අනාවැකියක් කියැවෙන බවක් නම් නො පෙනේ. සමහර විට ඔහු ජනාධිපතිතුමා තෑගි බෝග ලෙස දුන් මහජන මුදලින් වරප්‍රසාද ලබන තාන්න, මාන්නවලින් අස් වන්නට ඇත්තේ අනාගතයේ ඔහු ගැන හොඳ අනාවැකි කියන්නට බැරි නිසා වන්නටත් පුළුවන.  නැතිනම් ගිලෙන නැවෙන් මීයන් පැන යන නිසා ව

ෆොන්සේකා හිරේ දැමීමටත් වඩා ලජ්ජා නැති නිදහස් කිරීම

Image
Source: Albert Bigelow Paine,  Thomas Nast: His Period and His Pictures , 1904   නීතියේ ආධිපත්‍යය ඇති රටක නම් කිසියම් පුද්ගලයකු වරදක් කළේ නම් තරාතිරම නො බලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙයි.  නීතියෙන් වරදකරුවකු වූ පුද්ගලයකුට සමාව දීමක් සිදු වන්නේ නම් එය  ද සියලු පුරවැසියන්ට සමාන අයුරින් නීති‍ ප්‍රකාරව ම සිදු විය යුතු ය. මන්ද, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නිසා ය. කිසියම් පුද්ගලයෙකු වැඩියෙන් සමාන වන්නට බැරි නිසා ය.  ලංකාවේ සිදු වන්නේ කුමක් ද? වැරදි කරන බලවත් පුද්ගලයන් අතරින් නීතිය ක්‍රියාත්මක වන්නේ තෝරා ගත් අයට පමණි. නීතිය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ දේශපාලන අධිකාරය විසිනි.  නීතිය ක්‍රියාත්මක වීම සියල්ලන්ට ම සමාන අන්දමින් නොව තමන්ට ඕනෑ අන්දමින් කරන්නට පාලකයන් රජයේ නිලධාරියකු වන නීතිපතිවරයා පමණක් නොව, විනිසුරන් පවා මෙහෙයවා ගන්නා බව පෙනේ. අනෙක් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරන්නෝ ද දේශපාලන බලාධිකාරයේ උවමනාවන් පිළිබඳ මනා සංවේදීභාවයකින් යුතුව අවශ්‍ය පරිදි කටයුතු කරන්නට සූදානම් බව ද පෙනේ.  දැන් සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබඳව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමි වී ත

සියලු දිවයින් අතරින් භයානක ම සුමනසේකරගේ 'දිවයින'

Image
සිංහල බසටත් පෙර මහාවංශය ජර්මන් බසට පරිවර්තනය කළ විල්හෙල්ම් ගයිගර් සියලු 'වාද' අතුරින් භයානකම 'වාදය' ජාතිවාදය විය යුතු ය. ජාතිවාදයට ත්‍රස්‌තවාදය ඇති කිරීමට පුළුවන. ත්‍රස්‌තවාදයට රටවල් දුහුවිලි බවට පත්කර මිනිසුන් වාෂ්ප බවට පත් කිරීමට පුලුවන. මේ නිසා ඇතැම් අවස්‌ථාවලදී ත්‍රස්‌තවාදයේ පියා බවට පත් වීමට ජාතිවාදයට පුළුවන. පුතාගේ උපත වැළැක්‌වීම සඳහා පියා මැරිය යුතුම ය. පියකු මැරීම පාපයක්‌ වුවද ත්‍රස්‌තවාදයේ පියා වන ජාතිවාදය නමැති පියා මැරීමෙන් පින් මිස කිසිදු ආකාරයක පවක්‌ පිරෙන්නේ නැත. මේ අද දිවයින පුවත්පතේ කතුවැකියේ ආරම්භයයි. එය කියවීම ආරම්භ කරද්දී ලේඛකයාට සිතුනේ අසූචි ගොඩක් ඉව කළ සුනඛයකු නැහැය හකුළුවාගෙන ආපසු හැරෙන්නා සේ දිවයින පුවත්පත ඇදහිය නො හැකි හැරවුමක් ගන්නට හදනවා ය කියා ය. නැත. නැත. කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් ම ය. මේ එම කතුවැකියේ අග හරිය ය. ශ්‍රී ලංකාවේ ජාතිවාදයේ බීජ සිටවූවෝ යටත්විජිත වාදීහු ය. උතුරු පළාතේ දෙමළ පදිංචිකාරයන්ට එම ප්‍රදේශය අයත් බවට ඉතිහාසයක්‌ එවකට සිටි ලන්දේසි පාලකයන් විසින් මයිල්වාගන පුලවර් නමැති දෙමළ ලේඛකයා ලවා යාල්පාන වෛපවමාලෙයි යන

බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු! Who let the dogs out

Image
ජාතිවාදය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හා ප්‍රතිසංධාන ක්‍රියාවලියට හානි කරන හෙයින් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා ගුවන් විදුලි නාලිකා තුළින් කිසිදු ලෙසකින් හෝ ජාතිවාදයට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා ඇත. මෙය එක අතකින් වන සුනඛයන්ගෙන් අසූචි බුද්න්නට එපා යයි ඉල්ලා සිටියා වැනි ය. අනෙක් පැත්තෙන් කකුළුවා හරහට යමින් පැටවුන්ට කෙළින් යන්නැයි කී කියමන ද සිහිපත් වේ. මේ රටේ බොහෝ පාලකයන්ට ජාතිවාදය කැත බව මතක් වුණේ අආර්ථික අර්බුදය උත්සන්න වී, ජාත්‍යන්තර බලපෑම් උග්‍ර වී, ඉන්දියාව ලංකාවට අත පොවන්නට ඔන්න මෙන්න වන විට ය. එවැනි අවස්ථාවලදී ස්වෝත්තමවාදී හැඟීම් හැර දමා විපක්ෂය සමග සාකච්ඡා කිරීම, හිරේ විලංගුවේ දැමූ දේශපාලන සතුරන් නිදහස් කිරීම වැනි ප්‍රගතිශීලී කල්පනා පවා පහළ වීමට ඉඩ තිබේ. කොහොමත් දැන්, දැන් එන පොට හොඳ නැති බව දන්නා‍ නිසා යන්න ගේට්ටුවක් ඇර තබා ගැනීම හොඳ බව කට්ටිය තේරුම් ගත යුතු ය. කළ වැරදිවලට දඬුවම් නො දෙන බවට අනාගත පාලකයන් සමග දැන් ම සම්මුතිගත විය යුතු ය. තමන්ගේ මතු පරම්පරාවට 'උරුමය' ලබා දිය හැකි විද්‍යාත්මක ක්‍රමය එයයි. එහෙත්, ලිහා දැමූ බල්ලන් ආපසු බැඳ දැමීම පහසු නැත. දැන් පා

නිදන් වදුලක් හමු වුණා - මිළ ගණන් ඉදිරිපත් කරන්න

Image
පුරාවස්තු මංකොල්ලය හා නිදන් හෑරීම පිළිබඳ විමර්ශනය පිණිස වෙන ම පොලිස් ඒකකයක් පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත.  කොළඹ හතේ ජාතික කටුගෙයි පුරාවස්තු සොරකමට මාස ගණනකි. එහෙත් තවමත් සොරුන් අල්ලන්නට පොලිසිය අසමත්ව ඇත.  මේ සොරකම කිසියම් බලාධිකාරයක අවශ්‍යතාව මත සිදු වූවක් බවට මහජනතාව අතර ඇති සැකය සොරකම ඇල්ලීම පමා වන දවසක් දවසක් පාසා තහවුරු වේ.  විශේෂ කාර්ය බලකාය නිදන් හාරා ජනතාව අතට අසු වී විරෝධය මැද පළා ගිය සිද්ධිය රටම දනිති.  ඇත්තෙන් ම, ‍මේ රටේ මහ පොළව යට මෙතරම් නිධාන තිබේ ද? ඉපැරණි චෛත්‍ය, බුදු පිළිම ආදිය තනන විට නම් යම් වටිනා වස්තු නිදන් කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත්, ඔය කියන තරම් හැම තැන ම නිදන් කරන්නට තරම් රන් මේ රටේ තිබෙන්නට ඇතැයි සිතිය නො හැකි ය.  එකක් මේ රටේ රන් නිධි තිබුණේ නැත. ලෝකයේ කොහේවත් රන් කර්මාන්තය සරළ, පහසු එකක් වූයේ නැත. එබැවින් ඈත අතීතයේදී පවා රන් වටිනා ලෝහයක් වූ අතර, කඩු - කිණිසි, දෑකැති ආදිය රනින් තනන්නට තරම් රන් සුලබ වූයේ යයි සිතිය හැකි සාධක නැත. පැරණි හා ජන සාහිත්‍යයන්හි රන් ගැන සඳහන් වන්නේ සාහිත්‍යමය අතිශයෝක්තියෙන් මිස අන් හේතුව

සාරිය පිච්චියට ගියත් දකුණු පළාතේ බල්ලො හෙළුවෙන්

Image
දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් සිල්වා මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට තිබෙන අරමුදල්වලින් සාරි 16,000ක් බෙදමින් සිටින බව එම පළාත් සභාවේ ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න චෝදනා කරයි.  ප්‍රධාන ඇමතිවරයා කියන්නේ සාරි බෙදන්නේ මව් සෞඛ්‍ය සමාජවල ඉල්ලීමට ය කියා ය.  එක අතකට ඔය වැඩකට නැති බාල ආහාර ද්‍රව්‍ය ටිකකට වඩා සාරිය වටිනවා ය. මන්ද, එය බාල කරන්නට පුළුවන් එක්තරා සීමාවකට පමණක් නිසා ය. අනෙක, සාරියෙන් ගහන්නට පුළුවන් ද ලෝක්කන්ට පමණ ය. සබ්බේ සත්තා ආහාරත්තිථිකා නිසා ආහාරවලින් උඩ සිට පහළට ම ගහනු ලැබේ.   ලොකු ලොක්කන්ගේ බිරියන් බාල සාරි නො අඳින නිසා අඳින්නට කියා ඒවා සොරකම් කරනු ඇතැයි සිතිය නො හැකි ය. ඒ නිසා එය දූෂණය පාලනය කිරීමට ගත් පියවරක් ලෙස සලකන්නට ද පුළුවන.  ඇමතිවරයාගේ පැත්තෙන් බැලූ කල සාරි බෙදනකොට එය පෙනෙන්නේ හරියට ඇමතිගේ අතින් මිටින් දෙන එකක් ය කියා බැවින් එය මනාප පොරයේදී වාසිදායක ය. අනෙක මේ රටේ නිර්මානශීලිත්වය කියන්නේ මෙවැනි අදහස්වලට ය. දැන් ඔය චිත්‍රපටි ගහන සුනිල් ආරියරත්න වැනි කලා රත්නයන් පවා කරන්නේ මෙවැනි ම වැඩ නොවේද?  අනෙක් පැත්තෙන් සාරි 16,000ක් යනු දැවැන්ත බිස්නස් එකකි. රෙ

ලසිත් මාලිංගගේ රුවන් වැකි | Great sayings of cricketer Lasith Malinga

Image
(2012 මැයි 13 දිවයින පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි) මම නිදහස්‌ ක්‍රීඩකයෙක්‌. මට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයත් එක්‌ක ගිවිසුමක්‌ නැහැ. මට ඕන කොහේ හරි ක්‍රිකට්‌ ගහන්න විතරයි. ඒක ශ්‍රී ලංකාවටද, අයි.පී.එල් ද, ප්‍රාන්තද කියල නැහැ. කොහේ හරි ක්‍රිකට්‌ සෙල්ලම් කිරීම තමයි මගේ ආසාව. මම උපරිම තව අවුරුදු 3 ක්‌ 4 ක්‌ ක්‍රීඩා කරයි. කොහොමත් තව අවුරුදු 10 ක්‌ 15 ක්‌ යන කොට මම බෝල් කරපු විදිහවත් කවුරුත් දන්න එකක්‌ නැහැ.  I am a free player. I have no agreement with Sri Lanka Cricket. I only want to play cricket anywhere. I don't mind whether it is Sri Lanka, IPL or county. My desire is to play somewhere. I will play maximum three, four years more. After 10,15 years nobody will remember how I bowled. කිසිම කෙනෙක්‌ කවුරු හරි අනුගමනය කරනව නම් ඒක නරක දෙයක්‌. හැම ක්‍රීඩකයකුටම තමන්ට ආවේණික දක්‍ෂතාවක්‌ තියෙනවා. ඒක හදාගෙන ඉදිරියට යැම තමයි වැදගත්. කිසිම කෙනෙක්‌ මාව කොපි කිරීමේ තේරුමක්‌ නැහැ. If somebody imitates another person, it is bad. Every player has his own skill. The important thing is t

හිලරි හමු වෙන්න ජී.එල්. යන්නේ මොකට ද?

Image
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යය ජී.එල්. පීරිස් වීරයා ඉදිරියේදී යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර ඇමරිකාවේ සංචාරය කරමින් 18 වනදා (බීලා නටා කීර්ති වර්ණකුලසූරියට අසු වී ඇති) හිලරි ක්ලින්ටන් නම් සංකර නෝනා සමග සාකච්ඡා කිරීමට නියමිත ය. ඒ මදිවාට ඇය ජිනීවාහි පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසි වාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෙදර වැඩ පෙන්වන්නට ලෑස්ති වී එන්නැයි ද දන්වා ඇත. මුන්ට ඇහැට අඟිල්ලෙන් ඇනලා පෙන්විය යුතුයි ජිනීවාවලින් පස්සෙ තමරා කුනනායගම් සංහිඳියා කර දාපු හැටි. අනේ හැබෑට ම මොන මගුලකට හිලරි නෝනා ළඟ දන ගහන්න යනවද හැබෑට? යනව නම් යවන්න ඕනැ විමල් වීරවංශ, චම්පික රණවක වගේ සැබෑ වීරයෙකුව නේ. ඒ ගොල්ලන්ටනේ පුළුවන් හිලරි ක්ලින්ටන්ව දන ගස්සන්න. නැතිනම් මහින්ද අබේසුන්දර වගේ කෙනෙක් යැව්ව නම් සිංහලෙන් බනියි හිලරිට චූ යන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඒ කේතුමතී රාජ්‍යය ඇත්තට ම පහළ වී තිබේ

Image
පහත පළ වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ජේ.ආර්.ගේ හා ප්‍රේමදාසගේ පාලන සමය හා අදාළව එදා උපහාසාත්මකව ලියූ, නන්දා මාලිනී විසින් පවන ප්‍රසංගයේ ගායනා කරන ලද ගීයකි.  දැන් මේ ගීයේ උපහාසයක් නැති අතර, ඒ කේතුමතී රාජ්‍යය දැන් ඇත්තට ම බිහි වී ඇත. සුනිල් ආරියරත්න ද දිසානායක - බාලසූරිය ජෝඩුව සමග එක් වී හැදූ කුස පබා නම් අති විශිෂ්ට, උත්කෘෂ්ට, නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෂ්ට චිත්‍රපට පෙළ කේතුමතී ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පාසල් දර්ශන තිය තියා පෙන්වමින් 'බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයට.' 'දෙයක් වේ නම් යම්  සුදුස්සාටම අයිතී වී ඇත.' 'කියමින් නිබඳ ගී මියුරූ  දකිමින් අවට රූ සොඳුරූ  සතුටින් රඟති මේ නුවරූ.' මේ ඡායාරූප පෙළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරි ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද වෙසක් දන්සලේදී ගන්නා ලද ඒවා ය.  දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල්වල ය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී පුරයයි නොමැත ඇසක කඳුලක්  නොවැටුනොත් රොඩු කැබැල්ලක්  දකිනුනොහැක ලේ බිඳුවක්  නොමලොත් මකුණෙක් මදුරුවෙක්  මළ බැඳුණු ගිණි දණ්ඩේ  දැල් බඳිත් මකුළු සේනා  වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති  අහෝ රතිඤ්ඤ