බාල ගුවන් යානා ඉන්ධන, දිනමිණ හා දිවයින

පහත සඳහන් පුවත් දෙක සසඳා බලන්න.


බාල තෙල් පාඩුව කෝටි 14යි


ශිරාන් රණසිංහ (දිවයින, මැයි 09)


මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet oil) මෙට්‍රික්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක්‌ (මිලියන 140 ක්‌) යැයි තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ ප්‍රධානියෙක්‌ "දිවයින" ට පැවැසීය.


සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (සිංගප්පූරු බී. පී.) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්‌ථාව මිලදී ගෙන ඇත.


මීට දින කිහිපයකට පෙරාතුව ASDRAL EXTRA ESS නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙට්‍රික්‌ ටොන් විසිදහසක්‌ රැගෙනවිත් තිබේ. මෙම මෙට්‍රික්‌ ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙට්‍රික්‌ටොන් 7500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇත.


ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්‍ෂණයක්‌ සිදුකර ඇත.


මෙම නෞකාවේම ඩීසල් මෙට්‍රික්‌ ටොන් විසිදහසක්‌ ගෙන්වා ඇති අතර ඒවායේ ප්‍රශ්නයක්‌ නොතිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව තහවුරු කළේය. භූමිතෙල් හා ගුවන් යානා තෙල් (Jet oil) අතර විශාල වෙනසක්‌ නැති බව තෙල් සංස්‌ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාද සඳහන් කළේය.


කෙසේ වෙතත් පාඩුවක්‌ සිදුව ඇතිදැයි ගණනය කිරීම තෙල් සංස්‌ථාව මගින් සිදුකරන කටයුත්තක්‌ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ගුවන් යානා තෙල් මෙට්‍රික්‌ ටොන් 7500 ක්‌ භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමේදී වන පාඩුව අවම වන ලෙස සිංගප්පූරු  බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් නමැති ආයතනය ගුවන් තෙල් බැරලයකට ඩොලර් ශත විසිපහක්‌ බැගින් මිල වට්‌ටමක්‌ ලබාදුන් පසුවත් සංස්‌ථාවට රුපියල් කෝටි දහයක්‌ පාඩුවී ඇතැයි තෙල් සංස්‌ථා මුදල් අංශය සඳහන් කළේය.


(රතු පාටින් සඳහන් කළ කොටස ගැන අවධානය යොමු කරන්න. මේ අනුව බැරලයකට ලැබෙන ලාභය රු. 32ක් පමණ වේ. තෙල් බැරලයක ලීටර් 159ක් පමණ අඩංගු ය. ඒ අනුව ලීටරයකට ශත 20ක පමණ ලාභයක් ලැබී ඇත. මාරයි නේ!) 


මේ පුවත එදින ම දිනමිණෙනි. 


බාල ගුවන් යානා තෙල්වලින් රුපියල් ලක්‍ෂ 18ක ලාභයක්


සිංගප්පූරුවෙන් ආනයනය කළ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 7500 වෙනුවෙන් එක් බැරලයකට අමෙරිකානු ඩොලර් 0.25ක වට්ටමක් හිමිවීමෙන් රුපියල් 1,787,466ක ලාභයක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිව තිබේ.


ඒ අනුව එම තෙල් තොගය භූමිතෙල් වශයෙන් භාවිතයට ගැනීම සඳහා තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා අනෙකුත් අවස්ථාවන්හිදී ආනයනය කරන මිල ගණන්වලට වඩා අඩු මිලකට භූමිතෙල් තොගය ලැබීමත් සමඟ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි..


ඊට අමතරව අදාළ තෙල් තොගය රැගෙන ආ නෞකාව දින තුනක් ප්‍රමාද වීම හේතුකොටගෙන දිනකට ඇමරිකානු ඩොලර් 4000 බැගින් ඩොලර් 12000ක මුදලක් සිංගප්පූරුවේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන බවද එම අමාත්‍යාංශය කියයි..


මේ ඉන්ධන තොගය සංස්ථාවට ආනයනය කර ඇත්තේ ගුවන්යානා ඉන්ධන මෙන්ම භූමිතෙල් වශයෙන්ද භාවිත කිරීම සඳහා බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශය කියා සිටී..

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ආයෙ අහන්න දෙයැක්යැ. දිනමිණ ඉතින් කෙලියොත් කෙලින්නෙ කෙප්පයක්මනෙ. හැබැයි, දිවයින රිපෝට් එකේ තියෙන "මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසිය" කතාවත් පොඩි අතේ රෝලක් වගෙයි. රුපියල බාල්දුවුන නිසා වෙන මිළ වැඩිවීමත් බාල තෙල් ගෙන්වීමෙ අකවුන්ට් එකටම අත ඇරල වගෙයි.

    ReplyDelete
  2. Nodakin Dinamina!
    Oya paththarayata api kiyanne Toilet Paper kiyala. E wedeth Dinaminata honda wediyi.
    Eka athakata kawuda Dinamina balanne? Oke mona news ekak giyath mokada?

    ReplyDelete
  3. Be live Dinamina .Watch ITN .Only 100% pure truths

    ReplyDelete
  4. මම වේද කරන්නේ සිංගපූරුවේ SGS කියන කොම්පැනියේ. අපි ලෝකයේ ඕනෑම වරායක තෙල් ටෙස්ට් කරනවා. මේ තෙල් නරක වෙච්ච තෙල් වගයක්. මේක දන දැනම තමි ලංකාව සල්ලි වලට ගත්තේ. දවසකට මේ නැවට US $.4000.00 ගෙවන්න ඕනේ. මෙහෙ දවසකට තෙල් බෞසර් එකක්ක්වත් US $.4000 ට ගන්න බැහැ. හබෛ කෝටි ගණන් කොමිසන් පාරක් ලංකාවේ ලොක්කෝ බෙදාගහ්තළු. නාමල් නාම්බටත් වෙනම ගානක් ගියාලු. ලංකාවේ ඉන්නේ මෝඩ හරක් නිසා මට මේ වෙඩේට පස්ස පෙත්තෙන් හිනා. ඔය තෙල් සිංගපූරුවේ ඖරුදු 8 ගබඩා කරලා තිබුන පරණ තෙල් වගයක්. ඔය තෙල් උයන්න ගත්තොත් ඒ විස දුමෙන් පිලිකා එහෙමත් හදෙඉ. ඔය තෙල් ටික විනාස කරන්න කෝටි ගණනක් BP එකට යන එකේ උන් අපේ අර කරන එඋන්ට විකුණලා උනුත් ගානක් හොයාගහ්ත්හ අපේ දේශපාලකයොත් ගානක් හොයාගහ්ත්හ.

    ReplyDelete
  5. apita pissuda habahatama.............

    ReplyDelete
  6. ප්‍රවෘත්ති දෙකම වැරදිත් නෑ... කට්ටියක් පාඩුව ගැන කතා කරද්දි අනි් අය ලාබෙ ගැන කතා කරලා... :-)

    ReplyDelete
  7. රුපවාහිනී නිවුස් බලල ඊට පස්සේ අබේසුන්දරගේ පසු විපරමත් බලල දොරමඩලාවට සමවැදිලා නින්දට ගිහින් උදේ නැගිටලා හඩ්ඩාගේ ගුවන් විදුලි විවරණය අහල දිවයින සිළුමිණ පත්තර දෙකත් බලල දවස පටන් ගන්න මිනිස්සු හිතන්නෙ අපි ආර්ථික වර්ධනයෙන් ඇමෙරිකාව ඉන්දියාව එහෙම පහු කරලා චීනෙට චුට්ටක් පහලින් ඉන්න ලෝකෙ ප්‍රජතන්තරවාදීම රට කියල.( ඊ නිවුස් හෝ ගොසිප් සයිට් කියන එව්වා නිවැරදි යයි මින් අදහස් නොකෙරෙයි)

    ReplyDelete
  8. අද වනවිට දිවයින සහ දිනමිණ යන පත්තර දෙකේ ලොකු වෙනසක් නැත.එකම වෙනස එකක් හාමුදුරුවන්ගේය අනික හමුදුරුවන්ටය. අද වන විට ලංකාවේ පුද්ගලික මාධ්‍ය බොහොමයක් රාජ්‍ය මාධ්‍යයෙන් වෙනස් වෙන්නේ අයිතියෙන් පමණි.අන්තරජාලයට පින් සිදු වන්නට රටේ යම් කොටසකට හෝ සිදු වන්නේ කුමක්දැයි දැන ගත හැක.

    ReplyDelete
  9. @ SGS Buwa, නොදන්න කමටයි අහන්නෙ, හොද කොලිටියෙ ජෙට් එන්ජින් තෙල් උයන්න එහෙමත් ගන්න පුලුවන්ද මචන්?

    ReplyDelete
  10. @tharu22
    nodakin gona.....!!! yako meke thiyenne ewa bhumithel vidihata use karanawa kiyala neda...?? ithin bhumithel walin uyanne nathuwa ahawal deyak karanawada??
    comment ekak dathdi mole tikak kalpana karapan.....!!!

    ReplyDelete
  11. @Anonymous
    හප්පේ පොඩි වැරැද්දකටත් ඔහොම බනින්න එපා බන්. "උයන්න ගන්න තෙල්" කිව්වම මගේ ඔලුවට ආවෙ පොල් තෙල්, එළවලු තෙල් වගේ ඒව බන්. මේ ඇත්තමයි කියන්නෙ. :-)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා