බද්දක් පැනවීම සඳහා ආණ්ඩුවට W3Lankaගෙන් යෝජනාවක්

මහජනයාගේ සාක්කු පල්ලේ ඇති පොට්ට කාසි පවා සොය සොයා සුද්ද කරමින් ඉන්න අපේ දේශප්‍රේමී ආණ්ඩු රත්නය ආරක්ෂා කිරීම පිණිස යෝජනාවක් කරමි. හැමදාම ආණ්ඩුවට බැන බැන ඉන්නවා ය කියා අපට බනින මහත්වරුනි, සතුටු වන්න.


යෝජනාව මෙසේ ය:


දැන් කාලේ පාරක බැස යන්නටත්, වැඩපොළක ඉන්නටත්, ගෙදරට වී ඉන්නටත් බැරි කරදරයක් තිබේ. ‍පේදුරුතුඩුවේ පන්සල් හදන්නට දෙවුන්දරතුඩුවේ සම්මාදමේ යන්නෝ ද, සංගමන්කන්දේ දන්සල් දෙන්නට කොළඹ සම්මාදම් කරන්නෝ ද, තවත් විවිධ රෝග පීඩාදිය සුව කර ගන්න‍ට එන්නෝ ද වැල නො කැඩී ආධාර පත්‍රිකා රැගෙන එන තත්වයක් උදා වී තිබේ. 


ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ නම්බුකාර හිඟන්නන්ට ද බලපත්‍රයක් නිකුත් කර, බද්දක් අය කරන ලෙසයි. මේ වනාහි හිඟන්නා‍ගේ පාත්තරයට වහන හෙනහුරා‍ට තහනම් ආකාර බද්දක් (a prohibitive tax) පැනවීම සඳහා කරන යෝජනාවකි. 


ඕනෑ නම් මේ බලපත්‍ර නිකුත් කිරීමේදී අත යට ගානකුත් තබා ගන්නට දේශපාලකයන්ට පුළුවන. අසූචි කප්පරක් කෑ යක්කුන්ට පඩෙත් කජ්ජක් යැ!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඒ වාගේම තව නම්බුකාර වෙළෙන්දෝ ටිකකුත් ඉන්නවා මේ ගිනිගහන අව්වේ ටය් පටි බැඳගෙන මිනිසුන්ව මුලාකර බඩු විකුනන්න හදන , ඒ අයටත් බලපත්ත්ර දෙන්න කියමු .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා