සියලු දිවයින් අතරින් භයානක ම සුමනසේකරගේ 'දිවයින'

සිංහල බසටත් පෙර මහාවංශය ජර්මන් බසට පරිවර්තනය කළ විල්හෙල්ම් ගයිගර්
සියලු 'වාද' අතුරින් භයානකම 'වාදය' ජාතිවාදය විය යුතු ය.
ජාතිවාදයට ත්‍රස්‌තවාදය ඇති කිරීමට පුළුවන. ත්‍රස්‌තවාදයට රටවල් දුහුවිලි බවට පත්කර මිනිසුන් වාෂ්ප බවට පත් කිරීමට පුලුවන.
මේ නිසා ඇතැම් අවස්‌ථාවලදී ත්‍රස්‌තවාදයේ පියා බවට පත් වීමට ජාතිවාදයට පුළුවන. පුතාගේ උපත වැළැක්‌වීම සඳහා පියා මැරිය යුතුම ය. පියකු මැරීම පාපයක්‌ වුවද ත්‍රස්‌තවාදයේ පියා වන ජාතිවාදය නමැති පියා මැරීමෙන් පින් මිස කිසිදු ආකාරයක පවක්‌ පිරෙන්නේ නැත.


මේ අද දිවයින පුවත්පතේ කතුවැකියේ ආරම්භයයි. එය කියවීම ආරම්භ කරද්දී ලේඛකයාට සිතුනේ අසූචි ගොඩක් ඉව කළ සුනඛයකු නැහැය හකුළුවාගෙන ආපසු හැරෙන්නා සේ දිවයින පුවත්පත ඇදහිය නො හැකි හැරවුමක් ගන්නට හදනවා ය කියා ය.


නැත. නැත. කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් ම ය. මේ එම කතුවැකියේ අග හරිය ය.


ශ්‍රී ලංකාවේ ජාතිවාදයේ බීජ සිටවූවෝ යටත්විජිත වාදීහු ය. උතුරු පළාතේ දෙමළ පදිංචිකාරයන්ට එම ප්‍රදේශය අයත් බවට ඉතිහාසයක්‌ එවකට සිටි ලන්දේසි පාලකයන් විසින් මයිල්වාගන පුලවර් නමැති දෙමළ ලේඛකයා ලවා යාල්පාන වෛපවමාලෙයි යනුවෙන් 1736 දී ලියවන ලදී. මෙය තනිකරම ප්‍රබන්ධයකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන සම්පූර්ණ විස්‌තර කියන මහාවංශයේ හෝ දීපවංශයේ කොතැනකවත් මයිල්වාගන පුලවර්ගේ යාපනේ ඉතිහාසය ගෑවීවත් නැත. පසුව සී. බ්‍රිටෝ නමැති පරිවර්තකයකු ලවා යාල්පාන වෛපවමාලෙයි ඉංගිරිසියට පරිවර්තනය කර ලෝකය පුරා යෑවීමට උත්සාහ කරන ලදී. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ලාබෙට ගෙන්වා කඳුකරයේ පදිංචි කරවී ය. අපේ රටේ ජාතිවාදය හා ත්‍රස්‌තවාදය උපදින්නේ එතැන් පටන් ය. මේ ගිනි ජාලාවෙන් පුරා වසර 30 ක්‌ තිස්‌සේ අපි පිළිස්‌සුනෙමු. නැවත ඒ තත්ත්වය ඇති වීමට ඉඩ දිය යුතු නැත. ඒ ගින්න මොලවන තැන් බලා හෙළිදරව් කිරීම සියලු දෙනාගේම වගකීම ය.


මේ මොකක්ද? මේ වනාහි පට්ට සිංහල ජාතිවාදයයි. ජාතික ස්වෝත්තමවාදයයි. තමන් උසස් යයි සිතමින් අනුන් පහත් කර සැලකීමයි. අධිරාජ්‍ය විරෝධයක වෙස් මුහුණක් දමා ගනිමින් දෙමළ විරෝධී ජාතිවාදී අදහස් පද්ධතියක් නිර්මානය කිරීමයි. 


දිවයින කතුවරයාට අනුව මහාවංශය හා දීපවංශය ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන සම්පූර්ණ විස්‌තර කියන ග්‍රන්ථ වන අතර යාල්පාන වෛපවමාලෙයි තනිකරම ප්‍රබන්ධයකි. එහෙත්, අප අසා ඇති පරිදි විජය කුවේනි කතාව වැනි ප්‍රබන්ධ මෙම ග්‍රන්ථ දෙකෙහි ම ඇත. 


මේවා නවීන අරුතින් විග්‍රහ කළ හැකි ඉතිහාස ග්‍රන්ථ නො වේ. ඒවායේ ඇත්තේ සත්‍යයේත්, ප්‍රබන්ධයේත් එකතුවකි. පුරාවිද්‍යාව කියා විෂයක් නො තිබුණු අතීතයේ මිනිසාගේ යට ගියාව පිළිබඳ වාර්තා කිරීම හෙවත් ඉතිහාසය ලිවීම වනාහි එක්තරා අන්දමක සාහිත්‍යයකි. ඉතිහාසයන්ට මූලාශ්‍ර වන්නේ විද්‍යාත්මක සත්‍යයන්ට හා පුරා විද්‍යාත්මක සාධකවලට වඩා පැරණි ග්‍රන්ථ, ජනප්‍රවාද, සාහිත්‍යමය මූලාශ්‍ර ආදියයි. අද මෙන් ම, එදාත් ඉතිහාසය ලිවීමේදී ලේඛකයාගේ පරිකල්පනය සැලකිය යුතු කාර්යයක් කළේ ය. අද ඇති වෙනස ලේඛකයා ඉතිහාසය ලිවීමේදී සිය පරිකල්පනය භාවිතා කරන බව පිළි ගැනීමට මැලි වීමයි. 


මේ සඳහා උදාහරණයක් දිවයින කතුවැකියෙන් ම සපයා ගත හැකි ය. මේ වාක්‍යය කියවන්න. "ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ලාබෙට ගෙන්වා කඳුකරයේ පදිංචි කරවී ය. අපේ රටේ ජාතිවාදය හා ත්‍රස්‌තවාදය උපදින්නේ එතැන් පටන් ය." දිවයින කතුවැකිය ඉතිහාස ලේඛනයක් ලෙස සලකන්නේ නම්, මෙහි තිබෙන්නේ කුමක්ද?


මෙහි ඉතිහාස කරුණක් මෙන් ම ප්‍රබන්ධිත අදහසක් ද ඇතුළත් වේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ලාබෙට ගෙන්වා කඳුකරයේ පදිංචි කරවූ බව ඇත්තකි. එහෙත් "අපේ රටේ ජාතිවාදය හා ත්‍රස්‌තවාදය උපදින්නේ එතැන් පටන් ය," යි කීම තනිකර ම දිවයින කතුවරයාගේ අදහසකි. එසේ ම එය සාහසික බොරුවකි. ලංකාවේ පීඩිත ජන ප්‍රජාවක් වන කඳුරට දෙමළ ජනයාට එරෙහිව ජාතිවාදය මොළවන කෲර ජාතිවාදී ප්‍රකාශයකි. 


සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා ත්‍රස්තවාදය භාවිතා කළ ඊලාම්වාදී දෙමළ දේශපාලන ප්‍රජාව කඳුරට දෙමළ ජනයා තමන්ගේ කොටසක් ලෙස පිළි ගත්තේ නැත. කඳුරට දෙමළ ජනයා ඔවුන් ද සලකන්නේ ඉන්දීයයන් ලෙස ය. 


සිංහල මනස ජාතිවාදයෙන් ඔද්දල් වූවකි. දෙමළ මනස ද එවැනි ය. අප සිංහල මනස ගැන කතා කරන්නේ ලංකාව නම් රාජ්‍යය හැසිරවෙන්නේ සිංහල මනසින් වන නිසා ය. දෙමළ ජනයාට රාජ්‍ය බලය තිබුණා නම් ඇති වන තත්වය ද මෙය ම වන්නට ඉඩ ඇත. එහෙත් එය සිංහලයන්ගේ ජාතිවාදය සාධාරණීකරණය කරන්නට සාධකයක් නො වේ. දියුණු සමාජය වන්නේ ජාතිවාදය අතහැර දමන සමාජය මිස එහි කි‍මිදෙන එක නො වේ. 


පරිගණක භාෂාවේ ඩිෆෝල්ට් කිරීම යයි දෙයක් ඇත. නිදසුනක් ලෙස මගේ පරිගණකයේ ඩිෆෝල්ට් බ්‍රවුසරය ක්‍රෝම් ලෙස සකසා තිබේ. ඒ අනුව මගේ පරිගණකය ඕනෑම වෙබ් පිටුවක් විවෘත කරන්නේ ක්‍රෝම් මගිනි. 


සිංහලයන්ගේ මනසේ මහාවංශය ඩිෆෝල්ට් වී තිබේ. ඔවුන් සිතන්නේ එය පූර්ණ සත්‍යයකැයි කියා ය. සිංහල ජාතිවාදය නිර්මානය වූයේ ම එම තර්කය මත ය. මහාවංශය ද තවත් ඉතිහාස කතාවක් බව ඔවුහු තේරුම් නො ගනිති.  මහාවංශය ලියූ මහානාම හිමියන් අයත් වූයේ ථෙරවාද මහා විහාර බෞද්ධ පාර්ශ්වයටයි. ඔහුගේ අරමුණ ථෙරවාදයට අත දුන් රජුන් ප්‍රවර්ධනය කිරීම බව පෙනේ. ඔහුගේ වීරයා ගැමුණු ය. මහාවංශයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් වන්නේ ගැමුණු වෙනුවෙනි. 


මහා විහාර පාර්ශ්වය විසින් රාජ අනුග්‍රහයෙන් විනාශ කරන ලද මහායාන අභයගිරි පාර්ශ්වයේ ලේඛන අතර මීට සපුරා වෙනස් ඉතිහාස ලේඛන තිබෙන්නට ඇත.


අනෙක් පැත්තෙන් මහාවංශය අපේ ඉතිහාසයේ මුදුන් මල්කඩ බවට පත් කරනු ලැබුවේ ඉංග්‍රීසීන් විසින් බව හා එය පසුපස ලංකාවේ ජාතීන් එකිනෙකා‍ට එරෙහිව උසිගැන්වීමේ දේශපාලන උවමනාවන් තිබෙන්නට ඉඩ ඇති බව ඔවුහු තේරුම් නො ගනිති. 


මහාවංශය මේ රටේ වැසියන්ගේ එක ම ඉතිහාසය බවට පත් කිරීම ජාතිවාදය උපන් එක් ස්ථානයකි. මහාවංශය එක ම ඉතිහාසය නො ව, තවත් ඉතිහාසයකි. මෑත ඉතිහාසය තුළ මහාවංශය සේවය කර ඇත්තේ සිංහල ජාතිවාදයටයි. ඒ වනාහි යාල්පාන වෛපවමාලෛ දෙමළ ජාතිවාදයට සේවය කිරීම වැනි ම වූ දෙයකි. මේවායේ කතුවරුන් එවැනි දෙයක් ප්‍රාර්ථනා නො කරන්නට ඇත. 


අප මේ රටේ වැසියන්ගේ ඉතිහාසය නැවත ලිවිය යුතු ය. අතීතය ලිවිය යුත්තේ අනාගතය වෙනුවෙනි. ඉතිහාසය ලිවිය යුත්තේ ජාතිවාදය බැහැර කරමිනි. ජාතිවාදය නවීන සංකල්පයක් මිස අතීතයේ කොටසක් නො වේ. 


ජාතිවාදයේ ගිනි ජාලාවෙන් පුරා වසර 30 ක්‌ තිස්‌සේ අපි පිළිස්‌සුන බව ද නැවත ඒ තත්ත්වය ඇති වීමට ඉඩ දිය යුතු නැති බව ද ඒ ගින්න මොලවන තැන් බලා හෙළිදරව් කිරීම සියලු දෙනාගේම වගකීම බව ද දිවයින කතුවරයා කියයි. 


ඔන්න අපි අපේ වගකීම ඉටු කළෙමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මං නං බලන්නෙම නැති දෙයක් තමයි ඔය කතුවැකි.

    දිවයින සහ දි අයිලන්ඩ් එකිනෙකට වෙනස් පොලිටිකල් ලයින් දෙකක් නේද ගෙනියන්නේ?

    අපේ තාත්තලා ඉස්සර ඉංගිරිසි ඉගෙන ගත්තේ දිණමිණ සහ ඩේලිනිව්ස් කතුවැකි දෙක කියොලාලු. මොකද ඉංගිරියෙන් ඩේලිනිව්ස් එකට ලියලා ඒකේ පරිවර්තනය ලු දිණමිණේ දාන්නේ.

    හැබැයි දැනුත් ඒ පත්තර දෙකේ නං පොලිටිකල් ලයින් එක එකමයි.

    ReplyDelete
  2. ගාමිණි සුමණසේකරට අභියෝගයක් ! මෙය බාර නොගන්නේ නම් ඔබගේ නම "කාමිණි අමනසේකර " වශයෙන් වෙනස් කොට චීත්ත රෙද්දක් ඇඳගන එලි පහලියට යා යුතු වේ.
    ඔබගේ පක්කලි දිවයිනේ ලිපි සඳහා කොමෙන්ට් කිරිමට අපට අවස්ථාව සකසා දෙන්න. හරියටම ලංකාදිප කරනවා වගේ.
    හැකි නම් කරන්න. සැබැ ජන මතය දැනගන්නත් එක්ක.
    නැති නම් දරෙ මුණුපුරන්ට පවා වදින සාපයට වග කියන්න.

    ReplyDelete
  3. Maxa. Well said! I was also schocked when I read this Sunakasekara's editorial. Maybe too much of Templetrees' shit inside his skull.

    ReplyDelete
  4. පිළිගත් ඉතිහාසය = මහා වංශය කියා සිතා සිටින සියල්ලෝම වැරදියි. ලංකා ඉතිහාසය කියන දැනුම්පද්ධතියට ගන්න එක සෝස් එකක් පමණයි ඒක. ඒ වගේ අදහස් භූමියේ සාධක එක්ක ගැටිලා තමා ඉතිහාසය කියන දැනුම හැදෙන්නේ.

    කොහොම උනත් ලංකා ඉතිහාසය ගැන නැවත විග්‍රහයක් කල යුතු බවට එකඟයි. හැබැයි ඒක කල යුත්තේ නැති බොරු මවලා ජාතීන්ට සමතැනක් දෙන්න නොවේ. දෙමළා ලංකාවට කවදා ආවත් ඌ ට සමතැන දෙන්න ඕනේ. එහෙත් එසේ සමතැන දීමේ අරමුණින් ඉතිහාසයේ ශාස්ත්‍රීය අධ්‍යනය කෘතිමව වෙනස් කලයුතු නැහැ.

    කොටින්ම ඔය රෙද්දේ ජාතික ප්‍රශ්නෙයි ඉතිහාසෙයි එකිනෙකින් ගැලව ගන්න එක හැමදේටම වඩා වැදගත්.

    ReplyDelete
  5. ranjith tharaka dewageMay 17, 2012 at 8:35 PM

    හප්පෝ අපිට හපන් උන්ගේ විස්තර!අපි තව හොඳයි.


    by තාරක දේවගේ on Tuesday, May 15, 2012 at 11:24pm ·
















    .



    අපේ ආච්චිගේ නම සුප්පා. මහා කුප්ප වල්ගෑනියෙක්.යන්තම් ගැටිස්සියෙක් වෙච්ච කාලෙම මදන විසේ ඔලුවට ගැහුවලු. පුදුම කැසිල්ලක්ලු තිබුනේ. හඳහන බලපු කේන්දර කාරයෝ කිව්වලු කොටහළු වෙලා වැඩි කල් යන්නට කලින් මුළු පවුලටම අවනම්බු වෙන විධිහට හැසිරෙනවා කියල. ඒක ඒ විධිහටම වුනා. ආච්චි පැනල ගියා. මිනිහෙක් එක්ක නම් කමක් නැහැ. ගියේ තිරිසනෙක් එක්ක. ඔව් අපේ ආච්චි පැනල ගියේ සිංහයෙක් එක්ක. ආච්චිව දැකපු සිංහයා ආච්චිගේ රූපෙට වහ වැටිලා වලිගෙ වන වනා ආච්චි ලඟට ආව කියල තමයි මහා වංසේ කියන පොතේ ලියල තියෙන්නේ. ඒ පොතේ ආ මට අමතක උනා කියන්න. ඒ පොතේ තමයි අපේ පරම්පරාවේ පට්ටන්දරය පැටිකිරිය ලියල තියෙන්නේ. ඉතින් ආච්චිත් සිංහයාගේ අංග ජාතයද මොකද්ද අතගාල සිංහයා වසඟ කරගෙන කැලේ සිංහයාගේ ගල්ගුහාවට ගිහිල්ල සිංහයා එක්ක පවුල් කෑවා.

    ඒ සිංහයාගෙන් ආච්චිට ළමයි දෙන්නෙක් ඉපදුනා.ලොකු කොලුවා බාහු. පොඩි කෙලී සීවලී. බාහුත් අපේ සීය කෙනෙක් වෙනවා. සීවලිත් ආච්චි කෙනෙක්.ඉතින් බාහුයි සීවලියි ලොකුවුනාම සුප්පා ආච්චි සිංහයව අත ඇරලා ළමයි දෙන්නත් එක්ක කැලෙන් එලියට ආවා. සුප්පා ආච්චිගේ තාත්තා ඒ රටේ හිටපු රජ කෙනෙක්. ඒ රජ්ජුරුවන්ගේ සෙනෙවියෙක් එක්ක කැලෙන් එලියට ආපු සුප්පා ආච්චි ආපහු පවුල් කන්න පටන් ගත්තා. සුප්පා ආච්චිගේ ඉස්සෙල්ල මිනිහ සමාවෙන්න ඉස්සෙල්ල සතා ඒ කියන්නේ අර සිංහයා අච්චිවයි බාහුයි සීවලියි නැතිව දුකෙන් පිස්සු හදුනා. බාහු මොකද දන්නවද කළේ? අර පිස්සු හැදුනු සතාව ඒ කියන්නේ තමන්ගේ තාත්තව මරල දැම්ම. සුප්පා ආච්චිත් මේ මිනී මැරුමට සමාවෙන්න මේ තිරිසන් මැරුමට අනුබල දුන්න. තමන්ගේ පස්සේ මිනිහයි පුතයි එක්ක එකතු වෙලා ඉස්සෙල්ල මිනිහව ( සතාව ) මරාගත්ත අපේ ආච්චිට ඒ වෙනුවෙන් ගරු නම්බු නාමයකුත් ලැබුන සුප්පා දේවී කියල.

    බාහු සීය පස්සේදී ඒ රටේ රජ වුණා. රජ වුනාට මොකද තිරිසන් ගතිය අත ඇරියේ නැහැ . කොච්චර රටේ ගැනු හිටියත් අඹු කමට ගත්තේ තමන්ගේම නංගිවයි. ඒ කියන්නේ සීවලී. එකට පවුල් කාපු ඒ අය්යටයි නංගිටයි ජාතක වෙලා තමයි අපේ විජය සීයා ඉපදුනේ. විජය සීය මහා හොර තක්කඩියෙක්. කෙල්ලෙකුට පාරේ බැහැල යන්න ඉඩ දුන්නේ නැහැ. මේකාගේ වලත්ත වැඩ ඉවසගන්න බැරිම තැන සිංහබාහු සීය කළේ විජය සීයගෙයි එයාගේ කල්ලියේ හිටපු අනිකුත් දාමරික හැත්තයි එකතු කරලා බාගෙට තට්ටේ ගාල නැවකට දාල මුහුදට දැම්ම මකබෑ වෙලා පලයව් කියල. නැව කුනාටුවකට අහුවෙලා කට්ටිය නනත්තර වෙලා ලංකාවට පාවෙලා ආව.

    ලංකාවේදී තමයි විජය සීයට කුවේණි කියන යක්ෂ ආච්චිව හම්බ වුනේ. විජය සීය නියම මෝල් කලාන්ත කාරයෙක්. හම්බ උණු පලවෙනි දවසෙම කුවේණි ආච්චිත් එක්ක එකට බුදිය ගත්තා. ඊට පස්සේ කුවේණි ආච්චිත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කරලා කුවේණි ආච්චිගේ නෑදෑයෝ ටික කපල කොටලා මරල දාල ලංකාවේ ඉඩම් ටික අල්ල ගත්තා. ඊට පස්සේ මේ යස්සනී එක්ක මට ඉන්න බැහැ කියල කුවේණි ආච්චිට පස්ස පැත්තට පයින් ගහල පන්නල ඉන්දියාවෙන් වෙන ගැනියෙක් ගෙන්නලා ඒ ගෑනිව අඹු කමට ගත්තා. ඔන්න ඔහොම තමයි අපේ පරම්පරාව ඇතිවුනේ.

    හත්දෙයියනේ අපේ පරම්පරාවේ ආදිම මුත්තා තිරිසනෙක්!.ආදිම මුත්තම්ම තිරිසනෙක් එක්ක ලිංගිකව හැසිරුණු කෙනෙක්. පරම්පරාව පටන් ගත්ත සීය මිනී මරුවෙක්. පීත්රුඝාතකයෙක්. තමන්ගේ නංගිව තියාගෙන හිටපු මිනිහෙක් . ඊලඟ සීයත් මිනීමරුවෙක්, මන් පහරන්නෙක්. ස්ත්‍රී දූෂකයෙක්. ඇත්තටම මට මේ ගැන හරිම ලැජ්ජයි ! ඒ ලැජ්ජාව එක්ක මම හිතුව අනික් එව්වන්ගේ පරම්පරාව ගැන හොයන්න. මම හොයල බැලුව දෙමලුන්ගේ,තම්බින්ගේ, සුද්දන්ගේ යුදෙව්වන්ගේ වගේ උන්ගේ පැටිකිරිය . හප්පෝ අපිට හපන් උන්ගේ විස්තර!අපි තව හොඳයි.

    ReplyDelete
  6. අපි ඉතිහාසය යැයි ඉගෙන ගත් බොහෝ දේ පට්ට කෙබර හිතළුන් බව මේ වන විට ඔප්පු වී ඇති දෙයකි.අද ජැක්සන් අන්තනියා බුදුන් වහන්සේව රාජපක්ෂ පරම්පරාවට සම්බන්ද කොට තමන්ට ඕනෑ හැටියට ඉතිහාසය වෙනස් කරන්නාක් මෙන් විකෘති සහගත ඉතිහාස කතාවක් අපි ඇත්ත ලෙස අදහමු.දෙමලා දෙමළට වාසි විදිහටද මුසල්මනුවා තමන්ට අවැසි විදිහටද ඉතිහාසය ලිය ගනිති.දිවයින කතුවරයාගේ ඉතිහාස කතාවද එලෙසමය.හැබැයි එක දෙයක් කිව යුතුය හරි උනත් වැරදි උනත් දිවයින පත්තරය පටන් ගත් දා සිට නොවෙනස් එක මතයක් නියෝජනය කරයි.

    ReplyDelete
  7. @Anonymous May 17, 2012 4:48 PM

    හැබෑටම පත්තරේ ලිපි වලට කමෙන්ටු දාන වැඩේ නම් මරු. ලංකාදීප පත්තරේ ලිපි වලට දාල තියෙන කොමෙන්ටු ටික බැලුවම මේ රට මෙහෙම වුන එක පුදුමයක් නෙමෙයි කියල හිතනවා.මර්වින් ගැන ආර්ටිකල් එකකට එක පාඨකයෙක් කොමෙන්ටුවක් දාල තිබුන ඔබතුමා තමයි අපේ බුදුදහම රැක ගන්න බිහිවුණු දේවතාවා කියල.තව පාරක් මැයි දිනේට ඕස්ට්‍රේලියාවේ පෙරටු ගාමී පක්ෂය සංවිදානය කරපු පෙළපාලියේ ෆොටෝ එකකුයි ටැමිල් ඩයස්පෝර එක ගියපු පෙලපලියකුයි ෆොටෝ දෙකක් එකට දාල පත්තරේ තමන්ට සුපුරුදු රැවටිල්ලක් කරලා තිබුන මේකට හිටු කියල අහු වෙච්ච අපේ දේශප්‍රේමී සැදැහැවත් පාඨකයෝ කමෙන්ට් කරලා තිබුන පෙරටුගාමී කට්ටියට තොපි වරෙවු ලංකාවට අපි රට වෙනුවෙන් තොපි මරාගෙන කනව කියල.මේ වගේ අතල් ගොඩාරියක් ගන්න පුළුවන් අපේ සිංහල පත්තර පාඨක කමෙන්ටු වලින්.දිවයින පත්තරේ කතු වැකියත් මේ වගේම ෆන් එකක් ගන්න පුළුවන් තැනක්.ආණ්ඩුවේ මොන වැරද්දක් හොර කෑමක් නාස්තියක් දුෂණයක් ගැන ලියුවත් ගහන්න පුළුවන් පුංචිම තැනට ගහල අර පුංචි උන් වගකියන ලොකු කට්ටියට සුදු හුණු ටිකක් ගාන හැටි මාර ආතල්.

    ReplyDelete
  8. These comments show us that most of the present Sinhala community is not civilized enough yet to understand buddhas philosophy or pracitise buddhism. This is inclusive of all sinhala only gurus, not only the editor of Divayaina. Prof Sarathchandra introduced the drama for literature, not to mess with Sociological and political issues. I can remember that when Dr NM Perera stated that after 30 years you can see the result of Sinhala only issue, Prof has approved Dr NMs comment in 1960s at Peradeniya Uni. Our leaders short sighted actions and power greediness cause this situation.

    ReplyDelete
  9. හපොයි, දයාසේන ගුණසිංහ වගෙ මිනිස්සු පටන් ගත්තු පත්තරේකට ගිය කල....ඇත්තටම දුකයි,

    ReplyDelete
  10. "මහාවංශය මේ රටේ වැසියන්ගේ එක ම ඉතිහාසය බවට පත් කිරීම ජාතිවාදය උපන් එක් ස්ථානයකි."

    "ජාතිවාදය නවීන සංකල්පයක් මිස අතීතයේ කොටසක් නො වේ."

    ලොක්කා මේ දෙක පරස්පරයි නේද? නැතිනම් කියල දෙනවද?

    ReplyDelete
  11. දිවයිනේ අරමුණ ජාතිවාදය අවුස්සමින් ඒකාධිපතිවාදය, ආණ්ඩුවේ බලු වැඩ, රටේ තියෙන ප්‍රශ්න යටපත් කරලා ආණ්ඩුවේ රෙදි අප්පුල්ලන එක. අරලියගහ මැදුරෙන් හොඳ කෑමකුත් ලැබෙනවනේ.
    දිවයිනේ දේශපාලනය දැන් විදුසරටත් ගෙනල්ල තියෙන්නේ.
    මුන් විද්‍යාවත් දේශපාලනීකරණය කරන්න හදන්නේ.
    මෝහිනිට බය නැති උනාට දිවයින පාඨක එලහරක්ට සොරි තමා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා