Posts

Showing posts with the label පුරා විද්‍යාව

සියලු දිවයින් අතරින් භයානක ම සුමනසේකරගේ 'දිවයින'

Image
සිංහල බසටත් පෙර මහාවංශය ජර්මන් බසට පරිවර්තනය කළ විල්හෙල්ම් ගයිගර් සියලු 'වාද' අතුරින් භයානකම 'වාදය' ජාතිවාදය විය යුතු ය. ජාතිවාදයට ත්‍රස්‌තවාදය ඇති කිරීමට පුළුවන. ත්‍රස්‌තවාදයට රටවල් දුහුවිලි බවට පත්කර මිනිසුන් වාෂ්ප බවට පත් කිරීමට පුලුවන. මේ නිසා ඇතැම් අවස්‌ථාවලදී ත්‍රස්‌තවාදයේ පියා බවට පත් වීමට ජාතිවාදයට පුළුවන. පුතාගේ උපත වැළැක්‌වීම සඳහා පියා මැරිය යුතුම ය. පියකු මැරීම පාපයක්‌ වුවද ත්‍රස්‌තවාදයේ පියා වන ජාතිවාදය නමැති පියා මැරීමෙන් පින් මිස කිසිදු ආකාරයක පවක්‌ පිරෙන්නේ නැත. මේ අද දිවයින පුවත්පතේ කතුවැකියේ ආරම්භයයි. එය කියවීම ආරම්භ කරද්දී ලේඛකයාට සිතුනේ අසූචි ගොඩක් ඉව කළ සුනඛයකු නැහැය හකුළුවාගෙන ආපසු හැරෙන්නා සේ දිවයින පුවත්පත ඇදහිය නො හැකි හැරවුමක් ගන්නට හදනවා ය කියා ය. නැත. නැත. කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් ම ය. මේ එම කතුවැකියේ අග හරිය ය. ශ්‍රී ලංකාවේ ජාතිවාදයේ බීජ සිටවූවෝ යටත්විජිත වාදීහු ය. උතුරු පළාතේ දෙමළ පදිංචිකාරයන්ට එම ප්‍රදේශය අයත් බවට ඉතිහාසයක්‌ එවකට සිටි ලන්දේසි පාලකයන් විසින් මයිල්වාගන පුලවර් නමැති දෙමළ ලේඛකයා ලවා යාල්පාන වෛපවමාලෙයි යන...

මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් පහෙන් කරන්න යන විජ්ජාව

Image
අපේ අගමැතිතුමා තරම් ජාතියට, ආගමට, සංස්කෘතියට, ඉතිහාසයට, පුරා විද්‍යාවට, පන්සල්වලට, පන්සල්වල පොත්ගුල්වල ඇති පුස්කොළ පොත්වලට ආදරය කරන වෙනත් දේශප්‍රේමියෙක්, ජාති හිතෛශියෙක්, අරින් එක්කෙනෙක්, මෙයින් එක්කෙනෙක් මේ දවස්වල වෙන නැත. එතුමා ළඟදී මධ්‍යම සංස්කෘතික අරමුදලට වටිනා උපදෙසක් දී ඇත. ඒ අනුව, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල තැන්පත්කර ඇති පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සඳහා රජය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කැර තිබේ. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල පුස්කොළ පොත් දස ලක්ෂයකට අධිත ප්‍රමාණයක් ඇති බව ගණන් බලා ඇති අතර මේ ජාතික උරුමයන් අනාගත පරපුරට ආරක්ෂා කැර දීම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන බව මේ පිළිබඳව සඳහන් කරන සිළුමිණ පුවත්පත වාර්තා කරයි. ඒවා සංරක්ෂණය කිරීමේ මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන පහක මුදලක් වෙන් කර තිබේ. ඒ කියන්නේ එක පුස් කොළ පොතකට රු. පහ ගානේ ම සල්ලි, සල්ලි කියා නො බලා වෙන් කර තිබේ. (සමහර විට පස්සේ තව දෙන්න හිතේ තියෙනවා ඇත. හැබැයි ඉතින් අමාත්‍යංශෙකට කාර් එකක් ගන්න එහෙම වෙන්කරන්නේ මේ වගේ සුළු ගණන් නො වෙයිනේ.) අනේ සාදු! රුපියල් පහකින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද?...