Posts

Showing posts from January, 2016

සොරකම, නීතිය හා කඳුළු

Image
යෝෂිත ඇතුළ සීඑස්එන් නඩයට තමන්ගේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය හා වෙනත් මුදල් ලැබුණු හැටි පැහැදිලි කරන්නට බැරි වී තිබේ.  එසේ නම් ඒ කළු සල්ලි බව පැහැදිලි ය.  මේ මුදල් උපයා ගත්තේ කෙසේ ද? ඒවා දුන්නේ කවුරු ද? කිසිවෙක් ඒ තරම් මුදල් ඔවුන්ට පිරිනමන්නට හේතුව කුමක් ද?  මේ මුදල් මේ රටේ මහජනතාවගෙන් සොරකම් කළ ඒවා හෝ මේ රට හා ජනතාව විකුණා කොමිස් ලෙස ලබා ගත් ඒවා ය.  සරළව කීවොත්, තාත්තාගේ ජනාධිපති බලතල යොදාගෙන සොරකම් කළ සල්ලි ය.  මේ ක්‍රියාත්මක වන්නේ නීතියයි. පමා වූ නීතියයි. අප සිතන ආකාරයට නීතිය පමා වූයේ නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන්ගේ අකාර්යක්ෂමතාව නිසා ය. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් ඒවා වේගවත් වූයේ නැත.  සිදු විය යුත්තේ එයයි.  මහින්ද පුද්ගලයන් ශක්තිමත් කළේ ය. මේ ආණ්ඩුව සිය එක් වසරක ඉතිහාසය තුළ ආයතන ශක්තිමත් කර තිබේ. කුහක නැතිව වී ඇති වෙනස දකින්න. විවේචනයෙහිදී ධනාත්මක වන්න.  මේ වනාහි කවුරු කවුරුත් තමන් වැපිරූ බීජවල අස්වනු නෙළන සමයයි.  මහින්ද, දැන්වත් නවතින්න.  ඒකාධිපතිවාදය, අවනීතිය වෙනුවෙන් සිහින දැකීම නවත්වන්න.  ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට ඉඩ දෙන්න.  මේ ලිපිය වෙන අයත්

රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි

Image
රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි  අගමැති රනිල් වික්‍රමසිංහ කබ්බන් ෆෝම් කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දිග කතාව සම්පූර්ණයෙන් ම කියවීමි. රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වූ හෙයින් අකුරක් නෑර කියවූයෙමි.  රජයේ සන්නිවේදන අසාර්ථකභාවයට රනිල්ගේ කතාව ම නිදසුනකි. රනිල් ඒ කතාව පුරා ම දඩයමේ යාමක් ගැන කියයි. එහි තේරුම කුමක් ද යන්න මම නම් නො දනිමි. මාධ්‍යකරුවන් දඩයමේ යනවා ය කියන්නේ කුමක් ද?  මට සිතෙන හැටියට රනිල් වික්‍රමසිංහට කියන්නට අවශ්‍යව තිබුණේ සාධාරණ කතාවකි. ඒ වනාහි මෙයයි. ලංකාවේ අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යන තුන ම නීතිය ක්‍රියාත්මක කිරීමෙහි ලා අතිශය වැදගත් බවත්, තුනෙහි ම භාවිතාවන්ගේ වැරදි ඇති බව හා ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යා යුතු බවත් ය.  විශේෂයෙන් ම අධිකරණයෙහි හා පොලිසියෙහි අඩුපාඩු ඇති බවත්, ඒවා නිවැරදි කර ගත යුතු බවත්, මාධ්‍ය දේශපාලනික උවමනා වෙනුවෙන් ඒවා උලුප්පා නො දැක්විය යුතු බවත් ඔහු පැවසී ය.   මේ කතාව සම්පූර්ණයෙන් ම අවුල් ජාලයකි. කතාවෙහි දක්ෂයෝ හැම විට ම වැඩෙහි දක්ෂයෝ හෝ අවංක මිනිස්සු නො වෙති. කෙසේ වෙතත්, තමන්ට කියන්නට අවශ්‍ය දේ ජන

අප ඉන්දියාව සමග එක්ව යා යුත්තේ ඇයි?

Image
ඉන්දියාව සමග අත්සන් කරන්නට යන බව කියන ආර්ථික, වෙළඳ ගිවිසුම්වලට විරුද්ධ වීම තමයි මේ දවස්වල මෝස්තරය.  විශේෂයෙන් ම වාමාංශිකයන් වුණා ම එයට අනිවාර්යයෙන් ම විරුද්ධ විය යුතුයි වගේ අදහසක් තිබෙනවා. ඒ අදහස එන්නේ දෙමළ විරෝධයේ සිට ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදය පංතිය දක්වා වාමාංශික ව්‍යාපාරය ආසාදනය කර තිබෙන විවිධ ආකාරයේ ජාතිවාදී විෂබීජවල බලපෑමෙන් බව පැහැදිලියි.  පසුගිය දිනවල නිර්මාල් රංජිත් සහෝදරයා මේ පිළිබඳව ෆේස්බුක්හි දැක්වූ අදහසක් මා ප්‍රශ්න කළ විට ඇති වූ සංවාදය මෙසේයි:  Ajith Perakum Jayasinghe   ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත. Like  ·  Reply  ·  7  ·  January 26 at 9:53am Hide 14 Replies Nirmal Dewasiri   මීට විරුද්ධ වීමට ආර්ථික ජාතිකවාදියකු වීම අවශ්‍යයැයි මම නොසිතමි. දැනට මගේ අවබෝධයට අනු

අධිකරණ ඥාන සාරය

Image
ඥානසාර ඊයේ අධිකරණයේදී අඩව්වක් ඇල්ලුවේ ය.  ඥානසාර අරගලය මෙසේ කැටි කර දැක්විය හැකි ය. ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දමනු ලැබුවේ ඔහු සිංහල ජාතිවාදියකු නො වූ නිසා ය. (ඔහු ත්‍ර‍ස්තවාදියකු වූ බවට කිසිදු සාක්ෂියක් නැත.) ඒ නිසා ඔහු මරා දැමීම නිවැරදි ක්‍රියාවකි. එබැවින් ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දැමූවන් අත්අඩංගුවට නො ගත යුතු ය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කළ යුතු ය.  ඥානසාර සිංහල ජාතිවාදී පදනමින් නීතිය අභියෝගයට ලක් කරන ආකාරය අර්ථකථනය කළ හැක්කේ එසේ ය. ඥානසාර විවෘත අධිකරණයේදී ම නිතියට අභියෝග කළේ ය. එහෙත්, ඔහු ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තේ නැත. සාමාන්‍ය මිනිහෙක් නම් උසාවියේදී ඈනුමක් ඇරියත් ඒ වෙලාවේ ම අත්අඩංගුවට ගනු ලැබේ.  ඥානසාර සාමාන්‍ය මිනිසකුට වෙනස් වන්නේ ඔහු ජාතිවාදී චීවරධාරියකු නිසා ය.  ඔහු වැනි අය පෙනී සිටින්නේ ජාතිවාදී මිනීමරුවන්ට සදාකාලික මුක්තිය ලබා දීම වෙනුවෙනි. එය අමුතු තත්වයක් නො වේ.  වැලිකඩ ඝාතනය වැනි පැහැදිලි සාක්ෂි සහිත ජාතිවාදී ඝාතන රැසක වගඋත්තරකරුවෝ අදත් නිදහසේ ජීවත් වෙති.  ප්‍ර‍ගීත් එක්නැලිගොඩ ඝාතකයන්ටත් ඒ අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබිණි.  එක් මිනිස් ප්‍රාණියකු නො ස