භික්ෂු කතිකාවතක් උවමනාද?


බර්ටි රණවීරගේ විසිනි

භික්ෂුන් විසින් භික්ෂුවකට නොගැලපෙන ක්‍රියාවල යෙදුන හොත් දඬුවම් කිරීම සඳහා අදාල නිකායවල කාරක සභාවලට බලය ලබා දීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතැම භික්ෂුන්ගේ අසතුටට හේතු වී තිබේ.

මේ පනත එන්නේ අවුරුදු ගණනාවක් ඒ ඒ නිකායවල ප්‍රධාන් භික්ෂුන් හා සමග ආණ්ඩු කරන ලද සාකච්චා වලින් පසුවය.
මේ පණතට අනුව ආණ්ඩුව භික්ෂුවක් උසාවියටකැඳවන්නේ ඒ ඒ නිකාය විසින් නියම කරන ලද දඬුවම කිසියම් භික්ෂුවක් පිළිපදින්නේ නැත්තම් පමණි.

මේ පණතට විරෝධය දක්වන ඇතැම් භික්ෂුන් කියන්නේ පෙළපාලි යන භික්ෂුන්ට දඬුවම් කිරීමට මේවා ගෙන එන බවය.

චන්ඩාශෝක ධර්මාශෝක බවට පත්වුයේ ශාන්ත ගමනින් මාලිගාව ඉදිරියෙන් ගමන් කළ සාමනේර නමක් දැක උන්වන්සේගෙන් මාලිගාවට ගෙන්වා ගෙන බන අසීමෙන්ය.

අද ඇතැම් භික්ෂුන්ගේ හැසිරීම දකින ධර්මාශෝකලා චණ්ඩාශෝකලා බවට පත් වීමේ ඉඩකඩ වැඩිය.

භික්ෂුවකට රහතන් වහන්සේ කෙනෙකු ලෙස හැසිරිය නොහැකි බව ඇත්තය. එහෙත් ඔවුන් විනයකින් යුතු කරුණාවෙන් යුතු සංවරශීලී අය විය යුතුය.

ඔවුන් මැරයන් ලෙස හැසිරෙන්නේ නම් සමාජය ඔවුන් නඩත්තු කළ යුතු නැත.

රැකියා නොකරන සැම භික්ෂුවකටම සමෘද්ධි අමාත්‍යාංශය මසකට රු. 1500 දෙනු ලැබේ.පිරිවෙන්වල ඉගෙ‍ෙ ගන්නා භික්ෂුන් සඳහාද අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව ප්‍රදානයක් කරයි.( ඒ මුදල්බොහෝවිට අදාළ භික්ෂුන්ට නොලැබෙන අතර පිරිවෙන් මුදලාලිලා තම සාක්කුවට දාගනිති.) භික්ෂුහු ආණ්ඩුවෙන් දෙන මුදල් ලබා ගන්නා අතර පන්සල් දියුණු කිරීම සඳහා රජයේ අනුග්‍රහය අපේක්ෂා කරන නමුත් භික්ෂුන්ගේ විනය ආරක්ෂා කිරීමට නීති පනවන විට එයට විරුද්ධ වීම කොතරම් සාධාරණද?

අතීතයේදී ඇතැම් රජවරු සංඝායනා පවත්වා දුස්ශීල භික්ෂුන් සාසනයෙන් නෙරපා හැර තිබේ.

බුදු දහමත් සසුනත් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව කියන අය බුදු දහමට එරෙහි කටයුතුවල යෙදෙන භික්ෂුන්ට ඔවුන් අයත් නිකායන් මගින් දඬුවම් දී සාසනය පිරිසිඳු කිරීමට විරුද්ධවන්නේ මන්ද ? ඒ අය කවරහුද?

ගිරිය යටින් කෑ ගසමින් පෙළපාලි යාමට, ගේට්ටු උඩ නැගීමට අනෙකුත් ජනවර්ගයනට එරෙහිව මිනිසුන් පෙළඹ වීමට, බුදුන් වහන්සේ විසින් භික්ෂුන්ට අකැප ලෙස සඳහන් කළ ක්‍රියාවල යෙදීමට ඉඩ දීම බුදු දහම සහ බුදු සසුන ආරක්ෂා කිරීමද?

(Birtie Ranaweerage බ්ලොග්කරණයේ යෙදෙන ෆේස්බුක් පිටුවට මෙතැනින් පිවිසිය හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* බ්ලොග්කරණයේ යෙදෙන ෆේස්බුක් පිටුව */

    ඔක්සිමෝරෝනයක් නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසක් නැහැ. අද කාලේ බ්ලොග් එකක් ප්‍රවර්ධනය කරගන්න එක ගොඩක් අමාරුයි. රසිකලා අපි බ්ලොග් අවකාශයේ පවතින්නේ මුලින් ඒකට බැස්ස නිසායි. අපි වුණත් දවසට සීයක් බලන මට්ටමට හෝ ළං වුණේ කොච්චර අමාරුවෙන් ද? මුල් කාලෙ අපි මහන්සි වෙලා ලියපු ඒවා කියෙව්වෙ කීදෙනා ද? දැන් ෆේස්බුක් ඒ කාලෙට වඩා ව්‍යාප්ත වෙලා නිසා හුඟදෙනෙක් බ්ලොග්කරණය සඳහා ෆේස්බුක් යොදා ගන්නවා. හැබැයි ලංකාවේ ට්විටර් හෝ ඉන්ස්ටග්‍රෑම් ඒ තරම් යන්නේ නැහැ. ගූගල්+ නම් අනාථයි.

      Delete
    2. ඉස්සර බ්ලොග් ලියපු පිලිප් ශාන්තත් දැන් කරන්නේ ඒක. එයින් කෙරෙන්නෙත් බ්ලොග්කරණයේදී කෙරෙන වැඩේමයි.

      එවැනි තවත් අය විශාල පිරිසක් ඉන්නවා.

      Delete
  2. භික්ශූන් සමාජයේ කොටසක්. ඔවුන් යැපෙන්නේ ගිහියන්ගෙන්. ඒවගේම බෞද්ධාගම භික්ශූන්ගේ බූදලයක් නෙවෙයි. එහි ඇති සමාජ විරෝධී දේවල් පිලිබඳව පැවදි නායකයින් මුණිවත රකින කොට ඒ ගැන යමක් කරන්න ගිහි නායකත්වයට අයිතියක් තිබිය යුතුයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. තව ටික කාලෙකින් හැමිනෙන එකටත් නීතී පනවලා බද්දකුත් නොගැහුවොත් තමා පුදුමේ... අම්මගෙ රෙද්දේ ප්‍රාඥ්ඥයෝ...

    ReplyDelete
  5. හැමෝටම එක නීතියක් ගෙනල්ලා හැමෝම එක නිතියකට යටත් කරන්න ඕනි කාලෙක එක එක අයියලට එක එක විදියෙ නීති එනවා..මේ මොන විකාරයක්ද? හාමුදුරුවො උපාසකම්මෙක් බුදු ගේ අස්සෙ දාගෙන දූෂනේ කලාම එක් ස්ත්‍රී දූෂණයක් මිස බුදුන්ගේ විනය ලබ්බක් එතන තියනවද නැද්ද කියලා හොයන එක වැඩක් නෑ.. දහම් පාසල් එන දරුවා අපයෝජනය කරනවා නම් එතනතියෙන්නෙ ලමා අපයෝජනයක්..බුදුන්ගේ අදහස හෝ එයාගේ විනය නීති අපිට වැඩක් නෑ.. සමාජයක් එකතු වෙලා නීති හදන්න ඕනි සමස්ථය වෙනුවෙන්..බෞද්ධ සංගයාට එකයි..උඩරට එකාට එකයි..මුස්ලිම් එකාට තව එකයි..
    ඕක ගෙනාවොත් තව ටික කාලෙකින් මුස්ලිම් පිරිස වැඩි නැගෙනහිර පලාතෙ උන් කියාවි අනේ අපිටත් මිනිස්සුන්ට සුලු දඩුවම් කරන්න ෂරියා නීතිය ගේන්න ඕනි කියයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා