රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි

රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි 
අගමැති රනිල් වික්‍රමසිංහ කබ්බන් ෆෝම් කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දිග කතාව සම්පූර්ණයෙන් ම කියවීමි. රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වූ හෙයින් අකුරක් නෑර කියවූයෙමි. 

රජයේ සන්නිවේදන අසාර්ථකභාවයට රනිල්ගේ කතාව ම නිදසුනකි. රනිල් ඒ කතාව පුරා ම දඩයමේ යාමක් ගැන කියයි. එහි තේරුම කුමක් ද යන්න මම නම් නො දනිමි. මාධ්‍යකරුවන් දඩයමේ යනවා ය කියන්නේ කුමක් ද? 

මට සිතෙන හැටියට රනිල් වික්‍රමසිංහට කියන්නට අවශ්‍යව තිබුණේ සාධාරණ කතාවකි. ඒ වනාහි මෙයයි. ලංකාවේ අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යන තුන ම නීතිය ක්‍රියාත්මක කිරීමෙහි ලා අතිශය වැදගත් බවත්, තුනෙහි ම භාවිතාවන්ගේ වැරදි ඇති බව හා ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යා යුතු බවත් ය. 

විශේෂයෙන් ම අධිකරණයෙහි හා පොලිසියෙහි අඩුපාඩු ඇති බවත්, ඒවා නිවැරදි කර ගත යුතු බවත්, මාධ්‍ය දේශපාලනික උවමනා වෙනුවෙන් ඒවා උලුප්පා නො දැක්විය යුතු බවත් ඔහු පැවසී ය.  

මේ කතාව සම්පූර්ණයෙන් ම අවුල් ජාලයකි. කතාවෙහි දක්ෂයෝ හැම විට ම වැඩෙහි දක්ෂයෝ හෝ අවංක මිනිස්සු නො වෙති. කෙසේ වෙතත්, තමන්ට කියන්නට අවශ්‍ය දේ ජනතාවට තේරෙන පැහැදිලි ආකාරයකින් කීමෙහි වගකීමක් පාලකයන්ට තිබේ. 

අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යනු මේ රටේ දූෂිත ම ආයතන යයි කියන්නට පුළුවන. අධිකරණය තුළ ම පගාව ගැනීම් සිදු වේ. සිර කූඩුවට නො දමා ඉන්නට හෝ කලින් දඩයක් ගෙවා වැරදිකරුවකු නිදහස් කිරීමට හෝ අවශ්‍ය ලේඛනයක් අධිකරණයෙන් ලබා දීමට හෝ රජයේ නිලධාරීන් පගා ගන්නේ නඩුකාරයන් ඉදිරිපිට ම ය. ඒ පොඩි පහේ ඒවා ය. විනිසුරුවරයෙක් පගාවක් ගන්නට ගෙදරකට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන වැඩි කලක් නැත. තත්වය එසේ වුණත්, ඈනුමක් අරින මිනිසුනුත් හිරේ යවන මානසික රෝගියෝත් මේවායේ සිටිති. 

පොලිසිය හුරු වී තිබෙන්නේ සිවිල් ආයතනයක් ලෙස වැඩ කරන්නට නො වේ. ඇඹිලිපිටියේදී පොලිස් නිලධාරීහු තරුණයකු උඩු මහලකින් බිමට තල්ලු කළ බවට චෝදනාවට ලක් වෙති. එම සිද්ධිය ගැන කියවෙන කතා සියල්ල සැක කළත්, එකක් පැහැදිලි ය. පොලිසිය මෙතැනදී කර ඇත්තේ තමන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ මිනිසකු දැඩි ප්‍රචණ්ඩත්වයකට ලක් කිරීමයි. 

මාධ්‍ය හුරු වී ඇත්තේ කුමකට ද? සෑම සිද්ධියක් ම තමන්ගේ හා තම ස්වාමීන්ගේ වානිජ හා දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන්නටයි.  රනිල් මතු කරන ප්‍රශ්නය සාධාරණ ය. ඇඹිලිපිටිය සිද්ධියේදී රජය, පොලිසිය දැඩිව විවේචනය කරන මාධ්‍ය හෝමාගම අධිකරණයේ ඥානසාර අඩව්ව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනත් ප්‍රතිපත්තියකි. 

රනිල් මාධ්‍යකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිවාදය අවුස්සන්නට එපා කියා ය. ඒ වෙනුවෙන් ඔහු භාවිතා කළ වැරදි සන්නිවේදනය නිසා වැඩකට නැති කබ්බන් දෙතුන් දෙනෙක් මාර විදියට ෆෝම් වී සිටිති. ලංකාවේ විද්‍යුත් මාධ්‍යකරුවන් කියන්නේ පත්තරවල අනුන් ලියූ දේ කියවන, යූටියුබ්හි පළ වන වීඩියෝ තමන්ගේ ඒවා මෙන් අන්තර්ජාලය හරිහැටි පරිහරණය කරන්නට නො දන්නා මිනිසුන්ට පෙන්වා පොරවල් වී සිටින  කට්ටියකි. ඔවුන් වෙනුවෙන් මාධ්‍යවේදීන් යන වචනය භාවිතා කළ විට වෘත්තීය පරිණතභාවයකින් කටයුතු කළ ලසන්ත වික්‍රමතුංග, සිවරාම් වැනි අයට භාවිතා කරන්නට වචනයක් නැත. 


සේයා දැරියගේ මිනිය විකුණාගෙන කෑ මාධ්‍ය මෙම ඡායාරූපයේ සිටින දූෂණය කර මරා, ගලක් ගැට ගසා ළිඳක දමා තිබුණු, දර්ශන් කුගදාසන් නමැති සාම්පූර්හි පදිංචි මෙම දෙමළ දරුවා ගැන වාර්තා කළ ආකාරය විමසා බලන්න. මාධ්‍ය විසින් මේ දරුවා ගැන කිසිදු හැඟීමක් ඇති කළේ නැත්තේ ඇයි? හේතු පැහැදිලි ය. මෙම දරුවා පිරිමි ළමයකු නිසා එයින් කුණු රසය ඇවිස්සිය හැක්කේ පාඨකයන්ගෙන් සුළු පිරිසකගේ පමණි. අනෙක් පැත්තෙන් මේ දෙමළ දරුවෙකි. 

කවුරු කුමක් කීවත්, අධිකරණය හා පොලිසිය පැත්තෙන් යම් ප්‍රගතියක් දක්නට ලැබේ. රජයේ නායකයකු ලෙස රනිල් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ඇත්තට ම සාධාරණ ය. හෝමාගම විනිසුරුවරයාට ඥානසාරවාදී ත්‍රස්තයන්ගේ ආගම්වාදී, ජාතිවාදී බලපෑමට යට නො වී සිටින්නට ශක්තිය තිබිණි. එසේම, 2015 ජනවාරි 8දා සිට මාධ්‍ය විසින් යක්ෂාරෝපණය කරන ලද සැකකරුවන් කිසිවෙක් ආයුධ පෙන්නන්නට ගොස් පළා යද්දී වෙඩි කෑවේ හෝ ගඟේ ගිලුණේ නැති බවත් අප නැවත මතක් කර ගන්නවා නම් හොඳ ය. 

රජය මෙම ආයතනවලට බොහෝ දුරට ස්වාධීනව වැඩ කරන්නට ඉඩ දී තිබේ. ඇඟිලි ගැසීම් සම්පූර්ණයෙන් ම නැති වී ඇතැයි අපි නො සිතමු. මෙම ආයතන මෙන් ම මේ රටේ ජනතාව ද එක හා සමාන අන්දමින් දූෂිත ය. දූෂිත ජනතාවක් සිටින තැනක දූෂිත නැති ආයතන බලාපොරොත්තු විය නො හැකි ය. 

තරුණයකු පැහැරගෙන ගොස් අතට ම අසු වූ හිරුනිකාට සුටුස් ගා ඇප ලැබීම, පාස්පෝට් වංචා කළ විමල් වීරවංශට ඇප ලැබීම, ආගමන විගමන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුමාර් ගුනරත්නම්ට ඇප නො ලැබීම, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නො ගන්නා ලෙස නියෝග නිකුත් වීම ආදිය පසුපස ඇත්තේ දේශපාලන ඇඟිලිගැසීම් බව සිතන්නට පුළුවන. එහෙත්, කුහක නැතිව බලන ඕනෑම කෙනෙකුට පසුගිය වසරක කාලය තුළ කෙතරම් වෙනසක් සිදු වී තිබේ ද යන්න වටහා ගත හැකි ය. 

විවේචනය අවශ්‍ය ය. එහි කිසිදු ගැටලුවක් නැත. එහෙත්, විවේචකයන් නීතිය වෙනුවට ප්රවර්ධනය කරන්නේ ඥානසාර පන්නයේ අවනීතිය, ජාතිවාදය හා ත්‍රස්තවාදය නම් එතැන බරපතල ගැටලුවකි. රනිල් ප්‍රශ්න කරන්නේ එයයි. 

රනිල් කළේ ඒ ගැන කතා කරන්නට ගොස් අහක ගිය කබ්බන් දෙතුන් දෙනෙක් ෆෝම් කිරීමයි. ආණ්ඩුවේ බොහෝ සන්නිවේදන කාර්යයන් මෙවැනි ය. රනිල් සංකේතවත් කළේ එයයි. ඔහු මෙවර කෙළවා ගන්නේ ඔහුගේ මෝඩ ජන සන්නිවේදන නඩය නිසා ය. ජනමාධ්‍ය හැසිරවීමේ සියුම් කාර්යයෙහිදී ඔවුහු අසාර්ථක ය. 

මේ ජනමාධ්‍ය වැඩිපුර ම යැපෙන්නේ රාජ්‍ය අංශයේ දැන්වීම්වලිනි. එසේ ම, විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ පොදු හිමිකාරිත්වය යටතේ ඇති සංඛ්‍යාතයි. ඒවා පාලනය කරන රජයට එම සංඛ්‍යාත සම්බන්ධයෙන් අධිකාරියක් තිබේ. මහින්ද රාජපක්ෂ මේ සියල්ල ඉතා සියුම් ලෙස මෙන් ම, දැඩි අධිකාරිත්වකින් ද පාලනය කළේ ය. එය හරි නැති වුණත්, මාධ්‍ය වලිගයට බල්ලා නටවන්නට මහින්ද ඉඩ දුන්නේ නැත. 

රනිල්ගේ ජනසන්නිවේදනකාරයෝ තමන්ගේ වැඩේ නො කරති. රනිල් ඔවුන්ගේ වැඩේ කරන්නට යන විට අපට මතක් වන්නේ බල්ලාගේ වැඩේ කරන්නට ගිය බූරුවාගේ කතාවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. .
    රනිල් ගේ කතාව ඉතා අව්‍යක්තයි. මා නැරඹූ විනාඩි දහයේ කතාව විනාඩි දෙකහමාරෙන් කරන්න තිබුණා.
    මෛත්‍රීපාල ඒ අතින් පොරක්.
    රනිල් කතාවේ දී කීර්ති වර්ණකුලසූරියට ගෙම්බා කීම මගේ සිත් ගත් නමුත් එය අගමැතියෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කළ නොයුතු කතාවක්.

    ReplyDelete
  2. පැරා දෙන දෙයක් කාලා මන්දගාමීව ඉන්නේ නැතිව මේ හදිසියේම රනිල්තුමා ට බනින්න උත්සහා කිරීම ගැන ස ර ස තුමා ගේ බලවත් අප්‍රසාදය!

    ReplyDelete
  3. "මාධ්‍යවේදීන් දඩයමේ යනවා" කියන එක අපි නොදන්න ඉංග්‍රීසි කියමනක කෑල්ලක්ද දන්නෑ. අර වේලිච්ච වට්ටක්කා ගෙඩියක් කියපු එකත් එහෙම ගැඹුරු උපහාසයක් තියෙන එකක්ලු නෙ අයිසෙ! :-(දිව පැත්තකින් එලියෙ)

    අජිත්ගෙ කතාව ඇත්ත. චතුර කියන්නේ රනිල් අහල ගියත් ඇති වර්ගයේ ලෙවල් එකේ ඉන්න කෙනෙක්. නිකන් පොරවල් කලා ඒ කතාවෙන්.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදියට සුදු වැන් වලින් මද්යවෙදියෝ දඩයමේ යනවිට දඩයක්කරුවෝ අතර මද්යවෙදියෝ සිටලා තිබෙනවා .හරියටම ඉස්සර ගොනිබිල්ලෝ වගේ .සමහරුන්ගේ මිත්‍රයෝම ඩබල් ගේම් කාරයෝ .රනිල් මැදිහත්වෙලා කෙනෙක් බෙරද්දීදී තමයි අහුවුනේ .ගෙම්බා ඊරියකා කියල නවත්තපු එක හොදයි නේද මචන් වැන් එකක් එවන්නේ නැතුව දැන් පුළුවන් කම තිබිලත් .

      Delete
  4. පැරා,
    රනිල් “දක්ෂයෙක් ලෝකත්ත්වය ගැන දන්නා කෙනෙක්” කියන මතය ඇතිවුනේ 1977 දී බලයට පැමිණි රජයේ සිටි ලලිත් ඇතුලත් මුදලි, ගාමිණී දිසානායක, රණසිංහ ප්‍රේමදාස වැනි අය රට තුල ඇතිකළ සංවර්දනය නි,සා එහි කිර්ති නාමය එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් විශාල ගණනක් ගාතනය වීම නිසා, රනිල්ට ඉබේම ලැබුන බවයි මගේ අදහස.

    ඔබ නිකන් හිතන්න 2002 දී සාම ගිවිසුම කොටි සන්විදානය කඩ නොකර ඉදිරියට ගියානම් රටේ වෙනම දෙමල රජයක් ඇතිවීමට ඉඩ තිබුන, මොකද නොර්වේ ආදාර ගෙන දිගින් දිගටම නවීන අවි සහ ආර්ථිකය අතින් සංවර්දනය වෙන ක්‍රමවේදයකට කොටි එකග උනානම් මෙලහට මෙරට රටවල් දෙකක්.
    වාසනාවට පිරපාහරන් කෙසේ හෝ ඉක්මනින් යුද්ධයට ගියා.
    අවාසනාවට එක්සත් ජාතික පක්ෂයේ අද තත්වය තුල රනිල්ගේ මට්ටමේ මිනිසුන්වත් නැතිවීමයි ප්‍රශ්නය අද රනිල් කියන්නේ “ලුල නැති වලේ කනය පන්ඩිතය “ කිව්වා වගේ තත්වයක්.
    අනෙක් අතට නවීන ලෝකයේ ඉලෙක්ට්‍රොනික් වානිජ්‍යය පිළිබද රනිල්ට එතරම් අවබෝදයක් නැති බවයි පෙන්න තියෙන්නේ, එහෙම උනා නම් පබ මිට පෙර සදහන් කල paypal ලංකාවට ලබදිමවත් සිදුවෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. අනේ ගොන්බිජ්ජො.. සාම ගිවිසුමෙන් රනිල් හැදුවේ මහා ලේ විලක් නොසාදා මේ ප්‍රශ්නය විසදාගන්න... අර අයර්ලන්තයේ good-Friday agreement එකෙන් කලා වගේ... නමුත් සිංහල හා දෙමල ගෝත්‍රිකයින්ගේත් අවාසනාවට මෙය ගෝත්‍රික යුද්ධයකින්ම කෙලවර උනා...

      Delete
    2. AnonymousJanuary 30, 2016 at 6:14 PM
      ඇනෝ මුලින්ම හරි නමින් හෝ තමා මතය නියෝජනය කරන අඩවියේ නමින් ඉදිරිපත් වීමට පන ඇති කොන්දක් ඇති කරගන්න.
      2002 වනවිට කිසිදු සාම සාකච්චාවකින් ප්‍රශ්නය විසදිය නොහැකි බව රනිලුත් දන සිටිය ඔහු මේ ගිවිසුමට ගියේ කොටින්ට කප්පම් දී කෙසේ හෝ තම පාලනය ආරක්ෂා කර ගන්න.
      // ලේ විලක් නොසාදා //
      තමුන්ට එක්කෝ මතක නෑ නැත්නම් ඉපදිලා නෑ 1988 ත් 1990 කාලයේ ශ්‍රී ලංකා රජය මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කල විදිය, ඒ කාලේ ඔය සාම මනස රනිල් උන්නැහැට පහල නොවුනේ ඇයි දන් නෑ රටේ තරුණයන් 60000 ගාතනය කරලයි ඉවර උනේ.

      Delete
    3. AnonymousJanuary 30, 2016 at 9:02 PM

      http://www.tharunaya.co.uk/news/sinhalanews-PayPal%20-1437900702.html
      It seems this pledge was given six months back.

      Delete
    4. ඉලෙක්ට්‍රොනික් වානිජ්‍යය කරන්න Paypal නම කියන මතයෙන් ඇත්වෙන්න පුලුවන් නම් හොදයි. පොස්ට් එකට අදාල නැති උනත් මේක දන්න හිතුනෙ ඔබ කිහිප තැනකම Paypal නැත්නම් වැඩක් කරන්න බැහැ වගේ පොස්ට් දාල තිබුන නිසා

      Delete
    5. //ඉලෙක්ට්‍රොනික් වානිජ්‍යය කරන්න Paypal නම කියන මතයෙන් ඇත්වෙන්න පුලුවන් නම් හොදයි//
      අපෝ නෑ ඔබට සම්පත් බැංකුවෙන් මේ පහසුකම ලබාගත හැකියි. නමුත් ප්‍රශ්නය නම් ඔබ වෙලදාම් කලත් නැතත් රුපියල් 60000 ගෙවීමත් සාම වෙලදමකින්ම 3.5 % ගෙවීමත් තමයි paypal මගින් ගනුදෙනු කිරීමාදී සාම ගනුදෙනුවකදී 3.5 % ගෙවීමට සිදුවෙනවා නමුත් වාර්ෂිකව කිසිවක් ගෙවියයුතු නෑ.
      මිට අමතරව paypal මගින් ගනුදෙනුවේදී ආරක්ෂාව පවතිනවා (ඔබේ ණය පත හොරකිරිම වලට ලක්වන්නේ නෑ ) නමුත් සම්පත් බැංකුව කියන්නේ විදේශ බංකුවක් අමරිකානුවකුට එමනිසා ඔවුන් මෙය බාවිතා කිරීමට මැලිවෙනවා එච්චරයි.
      ඉලෙක්ට්‍රොනික වානිජ යේ වැදගත් අංගයක් තමයි මුදල් ගෙවීමට ඇති හැකියාව.

      Delete
  5. වියරුවෙන් කෑ ගැසීමක්...

    මුද්‍රිත මාධ්‍ය ජනතාවගේ නොවන බවටත්, විද්‍යුත් මාධ්‍ය ජනතාවගේ බවත් ඔහු කියනවා...

    "එක කතෘවරයෙක් එක මාධ්‍යවේදියෙකුට විරුද්ධව කේලම් කියල උස්සගෙන යන්න ආවා සුදු වෑන් එකකින්, මම මැදිහත් වෙලා කලේ" කියල කියනවා 02:30 ඉඳලා 02:48 වගේ වෙනකල් බලන්න...

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ වියරුවෙන් මාධ්‍යවේදීන් අල්ලා, මරා බඩකපා මුහුදට දැමු හැටි නොපෙනුන, නො ඇසුන බයියන් රනිල්ගේ වියරුව ගැන සහතික දෙන හැටි...

      Delete
  6. //රාජපක්ෂ වියරුවෙන් මාධ්‍යවේදීන් අල්ලා, මරා බඩකපා මුහුදට දැමු හැටි //

    රිචර්ඩ් ඩි සොයිසා ව නේද?

    ReplyDelete
  7. සේයා ගැන දෙමළ ජනමාධ්‍යය හෝ දෙමල මිනිස්සු සංවේදී වුනෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. කොහොමද ඒ බව දැනගත්තේ? 

      Delete
    2. එතකොට සිංහල මාධ්‍ය සංවේදී වෙලාද පොඩි දරුවාගේ naked photos දැම්මේ?

      Delete
  8. //මාධ්‍ය වලිගයට බල්ලා නටවන්නට මහින්ද ඉඩ දුන්නේ නැත.//
    -------බල්ලා නටවන්න නෙමෙයි බල්ලාට අදාළ කිසිම දෙයක් කියන්නත් ඉඩ දුන්නේ නැත. මතකද ඒ කාලේ එක්තරා "රාජ"කීය පවුලක වාසගම කියවෙනකොට ප්‍රෙස් කොන්ෆරන්ස් වලින් "බීප්" සද්දේ ඇහුනා...

    ReplyDelete
  9. එතකොට සේයාට කලින් දරුවා.. කයිට්ස් වල.. කතා කරේ නැද්ද? ඊට පස්සෙ සේයා.. හැම එකටම සිංහල දෙමළෙ ගාව ගන්න එක ගැලපෙන්නෑ වගේ.දැං දූශණ මාකට් කරන්න බෑ.ඒ කතාව ඇත්ත.
    සේයගෙ සිද්ධියේදි ඡායාරූප බොඳ කරන්න වත් සංවේදී උනේ නෑ කියලා මාධ්‍ය වලට ලොකු දෝශාරෝපනයක් එල්ල උනා.
    මේ දරුවා ගැට ගැසූ ගලත් බඩ බැඳගෙනම අමු අමුවේ 'පැරා' ගෙ පෝස්ට් එකක දාල තියෙනවා දැක්කම ඇත්තටම දුකයි.සීනියර් ඔබගෙන් මීට වඩා වගකීමක් සහිත හැසිරීමක් ජූනියර් ගස්ලබ්බා බලාපොරොත්තු උනා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ඡායාරූපය නැවත පළ කිරීම ගැන ඇත්තෙන් ම මා දෙවරක් සිතුවා. එහි තිබෙන්නේ කෘෘරත්වය මිස ලිංගික ආවේගශීලිත්වයක් නො වේ. මෙම සිද්ධිය ගැන නිහඬ සිංහලයන් මේ කෘෘරත්වය දැක්කාට කමක් නැතැයි මම සිතමි. මා කරන්නේ අලෙවි කිරීමක් නොව අවදි කිරීමකි.

      Delete
    2. ලිංගිකත්වයට නැඹුරු දේ පමණද හානිදායක? කෲරත්වය හානිදායක නැද්ද? සිංහලයින්ට? ඔව්.. මේක කියවන්නෙ සිංහලෙන් නිසා ඒක නම් කියන්න පුළුවන්.ඔබගෙ කියවීම අනුව දෙමළ මිනිසුන් මේ කෲරත්වයට විරුද්ධව හඬ නඟනවා ඇති.ඔවුන්ගේ 'ජාතියේ ' නිසා...
      මෙහෙම ගියොත් පඩයක ගඳ සුවඳටත් සිංහල දෙමළ අනන්‍යතාවයක් ලබාදේවි.. අපි ඔක්කොම මිනිස්සු... ඇයි මේ ඔබ තුමා බෙදන්න දඟලන්නෙ?
      අවදි කිරීමට 'අමු අමුවේ' ඡායාරූප දැමීම අත්‍යාවශ්‍ය නොවන බව මට වඩා හොඳින් මාධ්‍යයේ ක්‍රියාකාරී ඔබ තුමන් දනී.)
      ඔබේ කැමැත්තක්.

      Delete
    3. පුළුවන්නම් ලේක් හවුස් නොවන දෙමළ පත්තරයක සේයා ගැන දාපු ලිපියක ස්කෑන් පිටපතක් දමා පෙන්වන්න.

      Delete
  10. Ranil ohuge puruddata anuwa yamin ingiriciyen sithaa sinhalen kiwwaa viya heka. Ae awasthawedie ohu paadaka karagaththe HAAHUN alliemata NARIN SAMAGA 'dadayame ' yeama ...... weni ingiris upaheranayak wennata piliwan.

    ReplyDelete
  11. @පැරකුම් "වෘත්තීය පරිණතභාවයකින් කටයුතු කළ ලසන්ත වික්‍රමතුංග, සිවරාම් වැනි අයට භාවිතා කරන්නට වචනයක් නැත."
    ----------------
    සිවරාම් නැතහොත් තාරකී මාධ්‍යවේදියෙක් නම් මට හිතෙන්නේ ඔබත් සිංහල කොටියෙකු බවය.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සිවරාම් මාධ්‍යෙව්දියකු බව පිළි නො ගන්නේ සිංහල ජාතිවාදීන් පමණයි. මාධ්‍යෙව්දියාට ද දේශපාලනයක් තිබිය හැකි ය. සිවරාම් දෙමළ ජාතිකවාදියෙකි. ඔහු ඒ වෙනුවෙන් මාධ්‍ය භාවිතා කළේ ය. ලංකාවේ මාධ්‍යවේදීන් යයි කියන තව බොහෝ දෙනෙක් සිංහල ජාතිවාදය වෙනුවන් එය කළ හ. මට නම් මේ දෙකෙහි වෙනසක් නැත.

      එසේම මා සිංහල කොටියකු යයි කීම අලුත් චෝදනාවක් ද නො වේ. ඔබ කැමති නම් එය නැවත කියා ගත්තායි කියා එය මගේ ඇඟේ ඇලෙන්නේ නැත.

      Delete
    2. පැරකුම්
      දෙමල මිනිහා දෙමළුන් වෙනුවෙන් කතා කරන කොට ඒක ජාතික වාදය. නමුත් සිංහල මිනිහා සිංහලුන් වෙනුවෙන් කතා කරන කොට ඒක ජාති වාදය. ඔබ දකින ඔය දෙකේ වෙනසේ ඉර එහෙම නැත්නම් සීමාව කොතනද? මාධ්‍ය වෙදියාටද දේශපාලනයක් තිබෙන බව මා දන්නවා. ඔබටත් එහම එකක් තියෙනවානෙ. ඔබ සිංහල කොටියෙකුද නැද්ද කියන එක විසඳීම කාලය මගින් තීරණය කරාවි. මම එහෙක් ඉවසිල්ලෙන් බලා ඉන්නවා. ශාක්ෂි මගින් ඔප්පු වෙන තුරු මා නිගමනයකට එන්න ඉක්මන් වෙන්නේ නැහැ. එක මා උගත් ශාස්ත්‍රයෙන් මා ලද ශිෂණයයි.

      සමරසේකර

      Delete
  12. Come on samare uncle, mehema kelin katha karanna oyata witharayi wage methana guts thiyenne, me para kiyana bhranthi karayage wes peraleem me blog ekenma api pasugiya wasara kihipaya thula dakala thiyenawa, meyata kiyanna oni harima wachanaya obathuma kiyala thiyenawa, mewa kiyawana apita pissu

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා