Posts

Showing posts from December, 2009

2010ට ආසිරි!

වසරක් ගෙවී එළඹෙන නව අවුරුද්ද නිකම් ම ගෙවී යාවිද නැතිව ම සද්ද සාමය ගෙනෙන්නට නවතා සැම යුද්ද දැනුවත් දනන් වෙමු කරගෙන ඔලු සුද්ද   ! ! ! ! ! සුබ නව වසරකට ආසිරි!   

මෛත්‍රීපාලයි ලක්ෂ්මන් යාපායි මොකාටද අඳින්නේ?

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka)   අවුරුදු 40 ක්‌ ජනතා ඡන්දෙත් එක්‌ක හිටපු මහින්ද රාජපක්‍ෂ මහතා අවුරුදු 40 ක්‌ උණ්‌ඩෙත් එක්‌ක හිටපු සරත් ෆොන්සේකා මහතා සමග කරන දේශපාලන සංවාදය කුමක්‌දැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන විමසයි. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ මහින්ද රාජපක්ෂ ඔහුට එරෙහි චෝදනා ගැන සංවාදයකට නො එන බවයි. ජනාධිපතිතුමා සහ එම පවුල ඉලක්‌ක කර ගනිමින් විපක්‍ෂය නඟන චෝදනා තහවුරු කළ හැකි කරුණු වහාම ජනතාවට ඉදිරිපත් කරන ලෙස ජනමාධ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. එම චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහොත් ඒ සියල්ල ඕනෑම නාලිකාවක්‌ හරහා ජනතාවට හුවා දැක්‌වීමට රජය ඉඩකඩ සලසා දෙන බවද ඇමැතිවරයා කියා ඇත. බොරුව නිතර නිතර ප්‍රකාශ කිරීමෙන් එය ඇත්තක්‌ බවට තහවුරු කරවීමටත්, එමඟින් ජනතාව නොමඟ යෑවීමටත් නොයෙක්‌ කණ්‌ඩායම් කටයුතු කරන බව කියන ලක්ෂ්මන් යාපා ඇමතිවරයා ඒ බොරුවලට පුළුල් ප්‍රචාරයක් ලබා දීමට උත්සාහ කරන්නේ මන්ද? ඇමති අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සිට ඇමතිකමක් ලබා ගැනීම සඳහා සන්ධාන ආණ්ඩුවට පැමිණි අයෙකි. තවත් වාසියක් වෙනුවෙන් ඕනෑම මොහොතක ඔහු අනෙක් පැත්තට කරණම් ගැසීමට ඉ

සරත් ෆොන්සේකා ජයග‍්‍රහණය කරනවා වෙනුවට අපි කියන සටන් පාඨය මහින්ද රාජපක්‍ෂ පරාජය කරනවා කියන එක - කෙලී සේනානායක

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka)   1983ට පෙර ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ, දේශපාලන මණ්ඩල සභික කෙලී සේනානායක ඇතුළු පැරණි ජවිපෙ සාමාජිකයන් පිරිසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපය නමින් ඒකරාශීව 2010 ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීම වාමාංශික දේශපාලනයේ වැදගත් සිද්ධියක් ලෙස අපි සලකමු.  එම ව්‍යාපාරයේ නායකයකු වූ කෙලී සේනානායක සමග ජනලංකා පුවත්පත විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් අපි මෙසේ පළ කරමු.  මොකක්ද මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපය? 1971 ජනතා අරගලයට සහභාගී වූ සහ ඉන් අනතුරුව 88-89 දී ජ.වි.පෙ. දේශපාලනයට සම්බන්ධව සිටි අයගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් පක්‍ෂ දේශපාලනයෙන් ඍජුවම බැහැරවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයන් සමාජයට ලබාදීම උදෙසා වෙහෙස වන දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ සංවිධානමය එකමුතුවක්. ඇයි ජනාධිපතිවරණ මුවවිට මේක එලියට දැම්මේ? එහෙම තදියමකින් හෝ අදේශපාලනික පෞද්ගලික උවමනාවකින් අපි එලියට ආවා කියන එක වැරදියි. අපි බොහෝ දෙනෙක් ජ.වි.පෙ. දේශපාලනයෙන් විතැන් වුනාට පස්සේ එක්වත්, තනිතනියමත් දේශපාලන වැඩ කටයුතු වල නියැලූණා. මේ මොහොතේ අපේ ලාංකීය සමාජයට ආමන්ත‍

ලංකාවේ ආර්ථික උපදේශක පදවිය ඉඩම් හොරකමකට හිර දඬුවම් ලද තායිලන්ත අගමැතිට

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka) ශ්‍රී ලංකා රජයේ ආර්ථික උපදේශකවරයා ලෙස තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් සිනවත්‍රා පත් කිරීමට නියමිත බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි. ඔහුට කොපමණ වැටුපක් ගෙවීමට ලංකාව එකඟ වී තිබේ ද යන්න හෙළිදරව් වී නොමැත. සිනවත්‍රා දැනට කාම්බෝජ රජයේ සහ එරට අගමැති හුන් සෙන්ගේ ද ආර්ථික උපදේශක පදවිය දරයි. සිනවත්‍රා අගමැති පදවියෙන් පහ කරනු ලැබූ පසු එරට උසාවියක් විසින් ඉඩම් ගනුදෙනුවකදී කරන ලද වංචාවක් සම්බන්ධයෙන් ඔහු දෙවසරක සිර දඬුවමකට ලක් කළේ ය. ලංකාවේ ජනාධිපතිගේ ආර්ථික උපදේශක පදවියට ඔහු පත් කරනු ලැබීම සඳහා ඒ සුදුසුකම ද අදාළ වීදැයි තවම දැනගන්නට නැත. සංස්කරණය: ‍ලංකාව සිනවත්‍රා ආර්ථික උපදේශක ලෙස පත් කරන්නට යන බවට ඇති වාර්තා නිවැරදි නොවන බව ලංකාවේ රජය දෙසැම්බර් 31දා පැවසීය.

හොර වෙද්දු යනු මානසික රෝගීහු හා ජාවාරම්කරුවෝ ය

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka) රට පුරා රෝගීන් ගසා කමින් අමාරුවේ දමමින් සිටින හොර දොස්තරලා පිළිබඳ කටයුතු කිරීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට පවරා තිබේ. රට පුරා හොර දොස්තරවරු 6000ක් පමණ සිටින බව වාර්තා පවසයි. මේ හොර දොස්තරවරු වැඩියෙන් ම සිටින්නේ කොළඹින් දුර ඈත ප්‍රදේශවලයි. මොවුන්ගෙන් ඇතැමෙක් ආයුර්වේද, යුනානි, හෝමියෝපති වැනි වෛද්‍ය සුදුසුකම් ඇති අය වුවත්, ඔවුන් කරන්නේ ඇලපති ප්‍රතිකාර හෙවත් බටහිර වෙදකමයි. තවත් සමහරු වෛද්‍ය ක්ෂේත්‍රයේ වෙනත් රැකියාවල නියුතු ව සිටි අය වෙති. මොන ම සුදුසුකමක්වත් නොමැති අය ද බහුල ය. නිදසුනක් ලෙස පදවි-ශ්‍රීපුර ප්‍රදේශයේ කලක් වෛද්‍ය ප්‍රතිකාර කළ එක් පුද්ගලයකුට තිබුණු සුදුසුකම වූයේ ඔහුගේ අයියා සහකාර වෛද්‍ය නිලධාරියකු වීමයි. මේ අතර, ආයුර්වේදයේ හා දේශීය සම්ප්‍රදායික වෙදකමේ නමින් කෙරෙන ජාවාරම් රැසක් ද රට පුරා තිබේ. මෙම ඊනියා සායන පවත්වන්නන් බොහෝ දෙනෙක් භින්නෝන්මාද රෝගී ලක්ෂණවලින් යුතු අය වෙති. එනම් තමන්ට යම් ගුප්ත බලයක් ඇතැයි සිතන්නෝ වෙති. පිළිකා වැනි මාරාන්තික රෝග පවා සිය ප්‍රතිකාරවලින් සුව කළ හැකි බව ඇතැමෙක් විශ්වාස කරති. සමහරු ඇස්වල සුද නැති ක

රාජපක්ෂලා, ෆොන්සේකලා කරන්නේ ඌරන්ගේ මාළු ඌරන්ගේ ඇඟේ තියා ඌරන් ලවා ම කප්පවා ගැනීම බව ඌරෝ නො දනිති

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka) එක් ජනකතාවක අසූචි තවරා ගත් ඌරෙක් සිංහයකු සටනට අභියෝග කරයි. සිංහයා ඌරා දෙස බලා මඟ හැර යයි. ඒ ඌරා සමග සටන් කිරීම තමන්ට මදිකමක් ලෙස සලකමිනි. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ජනාධිපතිවරයාට විවාදයකට විවෘත ආරාධනයක් කළේ ය. එක්කෝ ජනාධිපතිතුමාට එදා විමල් හෝ ඩලස් හෝ මේ ඌරු කතාව මතක් කර දුන්නේ නැත. නැතිනම් ජනාධිපතිතුමා තමන්ට හා තම පවුලට සුබ අනාගතයක් උදා කර දීමට උදව් කළ සොමවංශට ප්‍රසිද්ධියේ ඌරා කියන්නට තරම් අශිෂ්ඨ වූයේ නැත. නොබෝදා බෑණාගේ අවි ජාවාරම් ගැන විවාදයකට එන්නැයි විමල් වීරවංශ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට අභියෝග කළ විට ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායකට මේ ඌරු කතාව මතක් විය. ඔහු පැවසුවේ සිය පක්ෂ නායකවරයා කළ අභියෝගයට උරෙකු පිළිතුරු දී ඇති බවයි. මේ ඌරා මීට වසර කීපයකට පෙර ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු, ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විය. මේ ඌරා දිගු කලක් සිටි ජවිපෙ දේශපාලන මණ්ඩලය ද එසේ නම් නරා වලක් ම විය යුතු ය. අනුර කුමාර දිසානායක ද ඒ ඌරා සමග ඒ වලේ ලැග සිටි අයෙකි. එහෙයින් ඔහු ද ඌරකු විය යුතු ය. “බොරු කතා කියල මේ විවාදය ම

කඳුරට දෙමළ ඡන්ද මහින්දගෙන් ඈත් වන ලකුණු

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක ආර්. යෝගරාජන් සහ නියෝජ්‍ය ඇමති එම්. සචිතානන්දන් එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහයෝගය පළ කිරීම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කඳුරට දෙමළ ජනයාගේ ප්‍රතිචාරය කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට ඉඩ ඇති බව පෙනේ. යෝගරාජන් විපක්ෂයට එක් වෙමින් පෙන්වා දුන් කරුණක් වන්නේ තම ප්‍රජාව වන ඉන්දීය සම්භවයක් ඇති කඳුරට දෙමළ ජනතාව පසුගිය බස්නාහිර හා සබරගමු පළාත් සභා ඡන්දවලදී තම පක්ෂයේ එක් නියෝජිතයකු හෝ පළාත් සභාවලට පත් නො කිරීමෙන් තම පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඇති සන්ධානය ප්‍රතික්ෂේප කර ඇති බවයි. පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී කඳුරට දෙමළ ජනයා නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට ගොස් සිටියදී පවා වතුකරයේ ජනයා මහින්දට එතරම් කැමැත්තක් පෙන්වූයේ නැත. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තොන්ඩමන්, චන්ද්‍රසේකරන් හා අනෙක් සියලු වතු කම්කරු නියෝජිතයන්ගේ සහයෝගයෙන් සන්ධානය ඡන්ද 146,418ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 128,289ක් ලබා ගත්තේ ය. වතුකරයේ හදවත වන් නුවරඑළ

ජනාධිපති තාත්තා වෙනුවෙන් නාවික නිලධාරි පුතා ප්‍රචාරයේ

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka )   ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන ලුතිනන්වරයකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ 1950 නාවික හමුදා පනත උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අමතමින් සිය පියා වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. මේ පිළිබඳව නාවික හමුදාපතිවරයා වෙතින් කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බව ද දිසානායක පවසයි. ලංකාවේ පොතේ ඇති නීතිය අනුව කිසිදු හමුදා නිලධාරියකු දේශපාලනයේ යෙදීම තහනම් ය. ජනාධිපතිවරයාගේ පුතාට ඒ සඳහා විශේෂ අවසරයක් තිබේ යයි එහි සඳහන් වන්නේ නැත.

ජැක්සන් කඩේ යන ගමන් ම බඩුත් ව්කුණයි

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක රැළිවල කලාකරුවන් නියෝජනය කරමින් කතා පවත්වන ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටය දෙසැම්බර් 31දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ට අති විශාල මුදලක් ගෙවා ඇති බව ද එයින් සැලකිය යුතු පංගුවක් ජැක්සන් විසින් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. මීට පෙර ද මෙම චිත්‍රපටය දිවයින පුරා පාසල් ළමුන්ට පෙන්වා මුදල් උපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රචාරය ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලිකව ම මැදිහත් වී ප්‍රකාශයක් කළේ ය.  කලාත්මක හෝ ඓතිහාසික වශයෙන් හෝ සම්භාවනීය කෘතියක් නො වන අබා චිත්‍රපටය ඔස්සේ කෝටිපතියකු වීමට ජැක්සන්ට අවස්ථාව ලැබිණි.

ඔබ දන් දෙන ඇසින් ලංකාව ඇස් අපනයනයෙන් ලොව දෙවෙනි තැනට

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) ලංකා අක්ෂිදාන සංගමය වෙත ඔබ මිය ගිය විට දන් දෙන අක්ෂි කුනිත හෙවත් Cornea හේතුවෙන් ලංකාව එක්සත් ජනපදයට පමණක් දෙවන වන කුනිත අපනයන දේශය බවට පත් වී තිබේ. එහෙත්, අපනයනකරුවා යන වදනට අක්ෂිදාන සංගමය එතරම් කැමැත්තක් නො දක්වන අතර පවසන්නේ තමන් කරන්නේ දන් දීමක් බවයි. මෙසේ ඇස් දන් දීම පවත්වාගෙන යාම සඳහා මෙම ලාභ නො ලබන ආයතනය විකසන ගාස්තුවක් පමණක් අය කරන බව පවසයි. 1964 ආරම්භයේ සිට අක්ෂිදාන සංගමය රට තුළ හා පිටරට ඇස් 135,000ක් දන් දී ඇති බව පවසයි. තවත් 870,000ක් දෙනා ඇස් දන් දීමට ලියාපදිංචි වී ඇති බව ද සංගමය පවසයි. ලංකාවේ ඇස්වලින් වැඩියෙන් ම ලෝකය බලා තිබෙන්නේ පකිස්තානයේ හා ඊජිප්තුවේ මිනිස්සු ය.

පෙට්‍රල්වලින් ඡන්ද ගුංඩුවක්

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) පෙට්‍රල්වලින් 100%කට ආසන්න බදු අය කරමින් කාලාන්තරයක් තිස්සේ ජනතාව නිර්දය අන්දමින් ගසා කෑ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ඡන්දය ලබා ගැනීම සඳහා ගුංඩුවක් ලෙස පෙට්‍රල් මිළ රු. 15කින් පහත හෙළීමට පියවර ගෙන ඇත.  මෙම පහත හෙළීම ප්‍රතිශතයක් ලෙස 11.5%කි. එහෙත්, තවමත් රජය පෙට්‍රල්වලින් අධික ලෙස බදු අය කරමින් සිටියි. ආණ්ඩුවට අවශ්‍ය නම් ලෙහෙසියෙන් ම තවත් රු. 15කින් පෙට්‍රල් මිළ අඩු කළ හැකි ය. එපමණක් නොව ඩීසල් හා භූමිතෙල් මිළ ද පහත හෙළිය හැකි ය.

ඉන්දියාවත් ලංකාවත් අතර විදුලි රැහැන් පද්ධතිය 2013 වන විට ඇද අවසන්

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) ඉන්දියාවත්, ලංකාවත් අතර විදුලි බලය ගනුදෙනු කිරීම සදහා විදුලි රැහැන් පද්ධතියක් ඉදි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයත් ඉන්දියාවේ ප්‍රමුඛතම සමුප්‍රේෂණ සමාගම වන Powergrid Corporation of India Ltd අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ය. එම ගිවිසුම අනුව 2010 පෙබරවාරි-මාර්තු මාසවලදී ඉදි කිරීම් ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2013 වන විට අවසන් වීමට අපේක්ෂිත ය. මෙගවොට් 500ක ධාරිතාවක් සහිත මෙම රැහැන් පද්ධතිය මදුරෛ සිට අනුරාධපුර දක්වා කිලෝමීටර 285කින් යුක්ත ය. එයින් කිලෝමීටර් 50ක් ගමන් කරන්නේ මුහුද යටිනි. මෙවැනි මුහුද යටින් දිවෙන විදුලි රැහැන් පද්ධතියක් දැනට ඇත්තේ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර පමණි. මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉන්දීය සමාගම විසින් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රු. කෝටි 2,300ක් වැය වෙතැයි ගණන් බලා තිබේ. ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශ බොහොමයක තවමත් විදුලි බලය නොමැති වුව ද එරට 12%ක විදුලි බල අතිරික්තයක් තිබේ. දැනට වසරකට මෙගා වොට් 109,000ක් නිෂ්පාදනය කරන ඉන්දියාව 2012 වන විට එය තවත් මෙගා වොට් 62,000කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ලංක

ඒ-9 පාරේ අලුත් කොටි කවුරුද?

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) 2002 සටන් විරාමයෙන් පසු ඒ-9 පාර විවෘත වූ විට බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ කරුණක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම මාර්ගයේ ගමන් කළ වාහනවලින් හා ප්‍රවාහනය කරන ලද භාණ්ඩවලින් බදු අය කිරිමයි.  දැන් ප්‍රභාකරන් හෝ කොටි සංවිධානය නැත. එහෙත් ඒ-9 පාරේ අලුත් ත්‍රස්තවාදයක් බිහි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ජයවික්‍රම පෙරේරා පෙන්වා දෙයි.  ඒ අනුව, නම් නො කරන ලද විශේෂ පුද්ගලයෝ ඒ-9 පාරේ ගමන් ගන්නා බස් රථවලින් එක් ගමන් වාරයකට රු. 50 බැගින් වු බද්දක් අය කරති. එජාප මන්ත්‍රීවරයා පවසන පරිදි මෙම පුද්ගලයෝ තුන් ලක්ෂයක් වූ අවතැන් වූවන් වෙනුවෙන් ආහාර සැපයුම් සිදු කළ අයගෙන් ද අධික කොමිස් ලබා ගත්හ. ඔහු කිය පරිදි බිත්තරයකින් අය කළ කෙමිස් මුදල රු.3කි. මේ අලුත් ත්‍රස්තවාදීහු කවරහුද?

සරත් හා විපක්ෂය අවංක නම් විමල්ගේ විවාද යෝජනාව භාර ගත යුතු ය.

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) තම බෑණනුවන්ට අයත් යෑයි කියන අවි ආයුධ සමාගම පසුගිය සමයේ අවි වෙළඳාමෙහි යෙදුණු ආකාරය පිළිබඳව විවාදයකට පැමිණෙන්නැයි විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (28 වැනිදා) එම පක්‍ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී විවෘත අභියෝගයක්‌ කළේය. ෆොන්සේකාට කරුණු දැක්‌වීමට නොහැකි නම් ඒ මහතාගේ නියෝජිතයන් කෙනකු හෝ දෙදෙනකු ද තම පාර්ශ්වයෙන් ද ඒ සමාන නියෝජිතයන්ගෙන් ද සමන්විතව පැවැත්විය යුතු අදාළ විවාදය මෙරට සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍යය ඉදිරියේ සිදුවිය යුතු යෑයි ද වීරවංශ කියා සිටියේය. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා නිකම් ම නිකම් මන්ත්‍රීවරයකු වන විමල් වීරවංශ සමග විවාදයකට යාම තරම් නොවේ යයි සිතන්නේ නම් විකල්පයක් ද විමල් යෝජනා කරයි. මෙය ඉතා කාලීන යෝජනාවක් බව අපේ ද අදහසයි. මේ ඔස්සේ පසුගිය යුද සමයේ සිදු වූ අවි ජාවාරම් මෙන් ම සෙසු බොහෝ දූෂණ පිළිබඳව ද දේශපාලනික සංවාදයක් ආරම්භ කළ හැකි ය. කට කතා ලෙස පමණක් පැතිර යමින් ඇති තොරතුරු බොහොමයක් දැන ගැනීමේ අවස්ථාව ද ජනතාවට ලැබෙනු ඇත.  විශේෂයෙන් ම, 2005න් පසු අවි ම

රු. කෝටි 3250ක පීතෘ සත්කාරයක් නාමල් පුතාගෙන් ජනාධිපති තාත්තාට

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) මෑත ඉතිහාසයේදී පුතකු පියා වෙනුවෙන් කරන ලද මිළ අධික ම කෘත ගුණ සැලකීම ලෙස දැකිය හැක්කේ නාමල් පුතා ජනාධිපති මහින්ද රාජපක්ෂ තාත්තාට ඡන්දය දෙන්නැයි ජනප්‍රිය පුද්ගලයන්ගේ කටවලින් කියවා ගන්නා දැන්වීම් පෙළයි. රස්සාවක් නො කළ ද නාමල් පුතා සිය තාරුණ්‍යයට හෙටක් නම් සංවිධානය හරහා මේ වෙනුවෙන් කර තිබෙන වියදම අතිශය සංවේදී ය.  මෙම ජනප්‍රිය පුද්ගලයෝ මේ දැන්වීම් සඳහා කිසිදු මුදලක් අය නො කළ බව පවසති. සාමාන්‍යයෙන් මුදලට අතිශය සංවේදී වන මෙම පුද්ගලයෝ සංවේදී නායකයාගේ සංවේදීභාවය හමුවේ සිය සාමාන්‍ය සංවේදිත්වය වන මුදලට පවා අසංවේදී වීමට තරම් සංවේදී වී තිබේ. තාරුණ්‍යයට හෙටක් රූපවාහිනී දැන්වීම් ව්‍යාපෘතිය යටතේ දැන්වීමක් එක් වරක් පළකිරීම සඳහා වියදම (අවම වශයෙන්) රු 140,000/-ක් නම්, දිනකට එක් නාලිකාවක් සදහා දැන්වීම් වාර (අවම වශයෙන්) වාර 72ක් විකාශය කිරීම සඳහා එක් නාලිකාවක් සඳහා දිනකට වියදම (අවම වශයෙන්) රු. මිලියන 10.1ක් වේ.  මෙම දැන්වීම් සිරස, එම්ටීවී, ටීඑන්එල්, ස්ර්ණවාහිනී, දෙරණ, අයි ටී එන්, රූපවාහිනී යන නාලිකා 7හි ම පළ කරනු ලැබේ. මෙම නාලිකා 7හි පළකිරීමට දිනකට වැයවන මුදල ර

දඹර අමිල හිමි අත්අඩංගුවට ගැනීම පිටුපස විමල්?

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති පුරාවිද්‍යා විශාරද අධිකරණ සංඝ නායක පූජ්‍ය දඹර අමිල හිමියන් රිමාන්ඩ් භාරයට ගෙන යාම සදහා රැගෙන ගිය වාහනයේ සිටි පොලිස් නිලධාරියකුගේ ජංගම දුරකථනයට කතා කර විස්තර විමසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිමියන් සමග කතා කිරීමට උත්සාහ කර ඇති මුත් එහිමි එය ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.  විමල් වීරවංශ සහ දඹර අමිල හිමි කලක් දේශ ශිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයන් ලෙස එකට කටයුතු කළ අතර විමල් ජවිපෙන් වෙන් වූ පසු අමිල හිමි එම සංවිධානයෙන් වෙන් වී දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානය බිහි කර දිගට ම ජවිපෙට සමීපව කටයුතු කළේ ය. දිනමිණ පුවත්පතට අනුව, පුද්ගලයන් රවටා විවිධ රටවලට යවන බවට පොරොන්දු වී දඹර අමිල හිමියන් මුදල් ලබාගත් බවට මේ වන විට පැමිණිලි 15 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න පවසයි. වංචාවට හසු වූ තවත් පුද්ගලයන් පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයි ද පොලිසිය විශ්වාසය පළ කරයි. ඒ අනුව බලන විට දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනාගතයේ එන පැමිණිලි ද වෙනු

ප්‍රශ්න නො විසඳා සුනාමියෙන් අවතැන් වූ කොළඹ වැසියන් කඳවුරුවලින් පන්නන්න සැරසේ

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) පසු වසරක් තිස්සේ රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල තාවකාලික සුනාමි සහන කඳවුරුවල ජීවත් වන අවතැන් වූ ජනතාව එම කඳවුරුවලින් පිට වී යන්නේ නම් රු. 150,000ක්ලබා දීමට රජය කැමැත්ත පළ කර තිබේ. එහෙත්, කදවුරුවාසී ජනතාව පවසන්නේ තමනට ‍කොළඹ දිස්ත්‍රික්කයෙන් එක පර්චසයක ඉඩමක්වත් මිළ දී ගැනීමට මෙම මුදල ප්‍රමාණවත් නො වන බවයි. ඔවුන්ගේ උපන් බිම් වන කොළඹ වෙරළබඩ ප්‍රදේශ සමග ඔවුන්ගේ ආර්ථික හා සමාජ ජීවිතය බද්ධ වී ඇති බැවින් ඔවුහු වෙනත් ඈත ගම්බද ප්‍රදේශ වෙත යාමට ද කැමැත්තක් නො දක්වති. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට පැල්පතක් හෝ ඉදි කර ගැනීම සඳහා කොළඹ අවටින් ඉඩමක් ලබා දෙන ලෙසයි. මෙම අවතැන් කඳවුරු ජනයා අප සමග පැවසූ පරිදි පසුගිය පළාත් සභා මැතිවරණය සමයේ එක්සත් ජාතික නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද සිල්වා මෙම ජනතා‍වගේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දෙන බව පොරොන්දු වී ඔවුන්ගේ ඡන්ද ලබා ගත්ත ද මැතිවරණයෙන් පසුව ඔවුන් කෙරෙහි අවධානය යොමු නො කළ බවයි. 2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ ඒ වන විට වියදම් කර තිබුණේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. ලංකාවට සුනාමි ආධාර ලෙ

ක්‍රිකට්වලදී මෙන් ම දේශපාලනයේදී ද ඉන්දියාව කරන්නේ ප්‍රතිවාදියාට නරක තණතීරු සැපයීමයි

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) ලංකාවත්ඉන්දියාවත් අතර ඊයේ දිල්ලියේදී පැවැත්වීමට නියමිතව තිබුණු පස්වන එක් දින ජාත්‍යන්තර තරගය මුලින් පන්දුවට පහර දෙමින් සිටි ලංකා කණ්ඩායමේ 24වන ඕවරයේ තුන්වන පන්දුවෙන් අවසන් විය. ඉන්දියාව විසින් සපයා තිබුණු පර්වතයක් වැනි අනතුරුදායක තණ තීරුවේ ක්‍රීඩා කිරීම ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. තරග තීරක විසින් මෙම විරෝධය පිළි ගන්නා ලදී.‍ කුපිත වූ ප්‍රේක්ෂකයෝ පු‍ටු පොළවේ දමා ගසද්දී බැටන් පොලු ගත් පොලිසිය ද තරගයට අවතීර්ණ විය. ප්‍රේක්ෂකයන්ට ඉන්දියාව දිනනවා පමණක් නොව තරග කරනවා ද බලන්නට අවශ්‍ය විය.  තරග දිනීම සඳහා ආගන්තුක කණ්ඩායමට නරක තණ තිලි පිරිනැමීම හා ඒ අනුව තම ක්‍රීඩක සංචිතය සකසා ගැනීම ඉන්දියාවේ ක්‍රිකට් ජයග්‍රහණයන්ගේ සූත්‍රය වන්නේ යම් සේ ද දේශපාලනයේදී ද සිය කලාපීය ආධිපත්‍යය සඳහා ඔවුන් අනුගමනය කරන උපාය මාර්ගය වන්නේ අනෙකා‍ගේ බෙල්ල කැඩෙන සේ තණ තීරුව වණ කිරීමයි.  මේ සඳහා හොඳ ම නිදසුන ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය කෙරෙහි ඉන්දියාවේ ප්‍රවේශයයි. කඳවුරු, පුහුණුව සහ අවි ආයුධ පවා සපයමින් කලක් දෙමළ ජාතිකවාදී සන්නද්ධ බලවේග පෝෂණය කළ ඉන්දියාව ඇමරිකන් ගැති ජේ.ආර්.ජයවර්ධන

දූෂණයට එරෙහි එන්නතක් සොයා ගන්නා තුරු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නැවිත්විය යුතු නැත.

Image
(2009 දෙසැම්බර් 27 - W3Lanka ) මාස කීපයක් නවතා තිබුණු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන 2010 ජනවාරි01 සිට යළි ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.  මෙම වැඩසටහන නතර කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබරයේදී වාරියපොළ 12 හැවිරිදි පාසල් සිසුවියක් රුබෙල්ලා එන්නත විදීමෙන් පසු මිය යාමෙන් පසුවයි. ඊට පෙර මාර්තු මාසයේදීද මාතරදී ද මෙවැනි ම මරණයක් සිදු විය.  මෙම සිදුවීම් සමග ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආනයනය කරනු ලබන එන්තත් ප්‍රමිතියෙන් බාල බවට චෝදනාවක් එල්ල විය.  රජයේ සියලු සැපයුම් කොන්ත්‍රාත් පිටුපස මෙන් ම වෛද්‍ය සැපයුම් පිටුපස ද කොමිස් ජාවාරම් ඇති බව රහසක් නොවේ. එහෙත්, ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නැවැත්වීමට එය හේතුවක් නොවේ. නැවැත්විය යුත්තේ ප්‍රතිශක්තිකරණය නොව දූෂණයයි.  අවාසනාවට මෙන් දූෂණයට එරෙහි ප්‍රතිශක්තිය ලංකාවේ රාජ්‍යයට හා දේශපාලන ප්‍රජාවට නැත. ඒ සඳහා එන්නත් කළ යුතුව තිබෙන්නේ ශිෂඨකරණය, ප්‍රජාතන්ත්‍රකරණය හා දේශපාලන සවිඥානකත්වය යන එන්නත් ය.  සමාජය මේ එන්නත් විද ගන්නේ නම් හොරුන් ජනාධිපතිවරුන්, ඇමතිවරුන් වන්නේ නැත.

සුනාමි සල්ලි පිල්ලි ගිය තරම මෙන්න!

Image
(2009 දෙසැම්බර් 27 - W3Lanka ) ලංකාවට සුනාමි ආධාර ලෙස ලැබුණු ඩොලර් බිලියන 2.2කින් (රු. කෝටි 22,000කට වැඩි මුදලකින්) ඩොලර් මිලියන 603.4ක් (රු. කෝටි 6000කට වඩා) සුනාමි ව්‍යසනයට අදාළ නො වන ව්‍යාපෘති සඳහා වැය කර ඇති බව ද, තවත් ඩොලර් මිලියන 471.9කට (රු. කෝටි 5000කට) වූ දේ අපැහැදිලි බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. 2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ වියදම් කර තිබෙන්නේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. එහෙත් ඉන් පසු මේ පිළිබඳ රජය පැත්තෙන් වාර්තා ප්‍රසිද්ධ වි නැත. මේ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට සුනාමි පීඩිතයන්ට, පොදු මහජනතාවට පමණක් නොව ආධාර සැපයූ අයට ද අයිතියක් තිබේ. සුනාමියෙන් 31,000ක් ලාංකිකයන් මිය ගිය අතර, උන්හිටි තැන් හා ජීවනෝපාය අහිමි වූ තවත් ලක්ෂ ගණනකගේ ජීවිත යළි ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ආධාර හා පුණ්‍ය ආයතන විසින් ලබා දෙන ලද මුදල්වලින් වෙනත් පිරිසකට සමෘද්ධිය ළඟා වෙද්දී ලක්ෂ ගණනක් සුනාමි පීඩිතයෝ අවතැන් කඳවුරු, සුනාමි සහන කඳවුරු සහ බාගෙට ඉදි කළ නිවාසවල ළත වෙති. සුනාමිය ආශිර්වාදයක් වූ පිරිස අතර සහන අරමුදල් පාලනය කළ කළමනාකාරවරු, ව්‍

කොළඹ මුහුදේ අධි ආරක්ෂක කලාපය ඉත් කළාට රජයට තුති

Image
(2009 දෙසැම්බර් 27 - W3Lanka ) කොළඹට දකුණින් වැල්ලවත්තේ සිට උතුරින් පමුණුව දක්වා මුහුදු අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීමට රජය ගත් පියවර කොළඹ ධීවර ජනයාගේ පැසසුමට ලක් වන බව සමස්ත ලංකා එක්සත් ධීවර ජනතා සංගමයේ ලේකම් එම්. විජේන්දු පවසයි.  කොළඹ වරායේ ආරක්ෂාව පසුගිය වසර ගණනාවක් තිස්සේ රජය මෙම ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීමට ධීවරයන්ට ඉඩ දුන්නේ නැත. ඒ හේතුවෙන් සුළු පරිමාණ ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයන් විශාල පිරිසකට රැකියා අහිමි වී තිබිණි. මෙම මුහුදු කලාපය මසුන්ට ආහාර සුලබ ප්‍රදේශයක් හෙයින් අස්වැන්න ඉතා සරු ප්‍රදේශයක් බව විජේන්ද්‍ර පවසයි. මෙම අධි ආරක්ෂක කලාපය හේතුවෙන් බේරේ වැවේ මිරිදිය ධීවර කාර්මිකයන් පිරිසකට ද රැකියා අහිමි වී තිබිණි.

කොළඹ සරත්ට - ගම මහින්දට?

Image
(2009 දෙසැම්බර් 26 - W3Lanka )    කොළඹ නගරයේ හා විශේෂයෙන් ම සුළු ජාතීන් අතර එක්සත් ජාතික පක්ෂයට ඇති පිළිගැනීම සමග ජනාධිපතිවරණයේ එහි වාසිය සරත් ෆොන්සේකා දෙසට කැරකෙමින් තිබේ.  මේ මැද කොළඹ අසුන නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ අජ්මාල් මව්ජූඩ් නම් මුස්ලිම් ව්‍යාපාරිකයාගේ ආධාරකරුවන් 1500ක පිරිසක් විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය පළ කරන ආකාරයයි.  එහෙත් ගම්වල වාසිය තවමත් මහින්ද රාජපක්ෂටයි. එහි තත්වය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ එජාපයට නොව ජවිපෙටයි. 

හෙල්පිං හම්බන්තොට සිට බේබි 81 දක්වා පශ්චාත් සුනාමිය

Image
(2009 දෙසැම්බර් 26 - W3Lanka ) 2004 දෙසැම්බර් 26දා ශ්‍රී ලාංකිකයන් දසදහස් ගණනකට මරු කැඳවමින් සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර පහක් පිරේ. ඒ සමග ම පශ්ඩාත් සුනාමි ව්‍යසනයට ද වසර පහක් පිරේ. එය තව ම අවසන් නැත. සුනාමි ව්‍යසනය පිළිබඳ කම්පා වී ප්‍රධාන වශයෙන් ම බටහිර රටවල ත්‍යාගශීලීන් විසින් එවන ලද ඩොලර් කෝටි ගණනක් ලංකාවේ සංසරණය වූ මුත් කොළඹ දිස්ත්‍රික්කයේ පවා දහස් ගණනක් උන්හිටි තැන් අහිමි වූවෝ තවමත් අනාථ කඳවුරුවල වෙසෙති. සුනාමියෙන් බැට කා යන්තම් දෙපයින් නැඟී සිටින්නට උත්සාහ කරද්දී ඇවිළුණ යුද ගින්නෙන් යළි බැට කා බොහෝ දේ අහිමි වූ තවත් දසදහස් සංඛ්‍යාත පිරිසක් තවමත් .උතුරේ අනාථ කඳවුරුවල ය. දිවයින පුරා ම සුනාමියෙන් පීඩාවට පත් බොහෝ අයගේ නිවාස තවමත් බාගෙට ඉදි කළ ගමන් ය.  සුනාමියෙන් හැදුණු අය අතර රාජ්‍ය නොවන සංවිධාන ලොක්කෝ මෙන් ම දේශපාලකයෝ ද වෙති. ඇතැම් දේශපාලක අතවැසියන්ට සුනාමියෙන් වූ කිසිදු හිරිහැරයක් නැතත් ඔවුන්ට නිවාස දෙක තුන ලැබී තිබේ. දැන් ඒවායින් බොහොමයක් කුලියට දී තිබේ.  සුනාමි අවස්ථාවේදී මව්පියන් මගහැරී අතරමං වී දිවි ගලවාගෙන සිටියදී අසල්වැසියකු විසින් රෝහල්ගත කරන ලදුව පසුව දිවි බේරා

සනත්ගේ ක්‍රිකට් දිවියට වසර 20යි

Image
(2009 දෙසැම්බර් 26 - W3Lanka ) 1989 දෙසැම්බර් 26 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් පිටියේ දී පළමු ජාත්‍යන්තර එක් දින තරගයට සහඵාගි වෙමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ සනත් ටෙරාන් ජයසූරිය අද සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ විසි වන වසර සපුරයි. 1969 ජුනි 30දා උපන් සනත් දැන් සතළිස්වන වියට එළඹ සිය ද තවමත් ඔහු යව්වනයකු සේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ ක්‍රීඩාව පිළිබඳ ගතානුගතික අදහස් අභියෝගයට ලක් කරමිනි. වයස වැඩි යයි කියමින් ඔහුව ක්‍රිකට්වලින් දවා ලන්නට නිලධාරීන් නිපන්දු එවමින් දැරූ උත්සාහයන් හමුවේ සනත් කෙසේ හෝ තවමත් නො සැලී සිටියි.  1998 මැයි 08දා සනත් හා එයා ලංකා හිටපු බිම් සත්කාරිකාවක් වූ සුමුදු කරුණාරත්න අතර සිදු වූ විවාහය ලංකාවේ වැඩියෙන් ම කතා කළ විවාහය වූ මුත් කෙටි කලකින් සිදු වූ දික්කසාදය අඩුවෙන් ම වාර්තා කළ එකක් වූයේ ක්‍රිකට් ගැසීමට පමණක් නොව ලංකාවේ ජනමාධ්‍ය හැසිරවීමටත් සනත්ට තිබූ හැකියාව ප්‍රදර්ශනය කරමිනි. නිහඬව දෙවන විවාහයට එළැඹි සනත් දැන් තිදරු පියෙකි.  1991 පෙබ. 22-26 නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ සනත් මේ වන විට ටෙස්ට් තරග 110කට ද එක් දින තරග

මැතිවරණ නීතිය වල් වදී -පීපල්ස් මාච්

Image
(2009 දෙසැම්බර් 25 - W3Lanka )   ජනාධිපතිවරණ නාම යෝජනාවලින් පසු සෑම අපේක්ෂකයකුගේම නීති විරෝධී පෝස්ටර් කටවුට් දැන්වීම් ඉවත්කිරීමට කටයුතු කරන බව මහත් ගාම්භීරව මැතිවරණ කොමසාරිස්වරයා කළ ප‍්‍රකාශය අද වනවිට හුදු වචනවලට පමණක් සීමාවී තිබේ. මැතිවරණ නීතිය සියළු පාර්ශවයන්ට අදාළ වුවත් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් එහි සෑම විධිවිධානයක් ම උල්ලංඝනය කිරීමට ඉඩ දී ඇති බලධාරීන් සෙසු අපේක්ෂකයන්ගේ නීත්‍යානුකූල හිමිකම් පවා අහෝසි කරමින් තිබේ. ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක ජනාධිපතිවරයාගේ රුව රැගත් කටවුට්, පෝස්ටර් හා බැනර් රට පුරාම ප‍්‍රදර්ශනය කිරීමට ඉඩදී ඇති පොලීසිය ඔහුගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියා වන විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ පෝස්ටරයක් හෝ ඉතිරි නොකිරීමට තරම් නීතිය ක‍්‍රියාත්මක කරමින් ඇත. නාම යෝජනා පත‍්‍ර බාරදීමට ප‍්‍රථමයෙන් තම නීති විරෝධී ප‍්‍රචාරක පුවරු ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පති වරයාට නියෝග කරනු ලැබුවේ සාධාරණත්වය ඉහළින්ම අගයන මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස ය. එහෙත් ජනාධිපතිවරයා එසේ නියෝග කළ බව රටටම කී පොලිස්පතිවරයා එම නියෝගය ඉටු කර නැත. එසේ නම් ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ ප

ජයවේවා! ආණ්ඩුවෙන් වැඩිහිටියන්ට පමණයි උද්ඝෝෂණයක් කොටුවේ

Image
(2009 දෙසැම්බර් 25 - W3Lanka ) වැඩිහිටියන්ට පමණයි තහනම ඉවත් වී ඇත. කොයි තරම් ඉවත් වී තිබේදැයි කීවොත් දැන් වැඩිහිටියන්ට පමණයි පුවරු රැගෙන පිකටිං පැවැත්විය හැකි ය. අප නම් කිසි දිනෙක මේ ක්‍රියාවලට විරුද්ධ වූයේ නැත. ඒ අප දේශද්‍රෝහීන් නිසා නොව නිදහස ගරු කරන්නන් නිසා ය.මව්බිම, ජාතිය, සංස්කෘතිය රැක ගන්නට ම උපන් පුතකු වන විමල් වීරවංශ නායකත්වය දෙන උද්ඝෝෂණයක මෙම ඡායාරූපයේ දැක්වෙන පුවරුව ප්‍රදර්ශනය වීම පුදුමයක් වුව ද අපි නම් ඒ ගැන සතුටු වෙමු. අනාගතේ යම් දවසක බටහිර රටවල මෙන් විමල් වීරවංශ, අචල ජාගොඩ වැනි සුන්දර තරුණයන්ට මෙම පුවරුවේ දැක්වෙන ආකාරයෙන් පවා වෙඩි නොකා විරෝධය දැක්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වාතාවරණයක් රටේ ඇති වේවා යි අපි ප්‍රාර්ථනා කරමු. මෙම උද්ඝෝෂණයට පියසිරි විජේනායක ගරු සංස්කෘතික ඇමතිතුමා සහභාගි වූයේ ද යන්න පිංතූරවලින් පැහැදිලි නොවේ.

බිත්තර මිළ බස්සන්න "අපි බිත්තර දාමු - රට නඟමු"

Image
(2009 දෙසැම්බර් 25 -  W3Lanka )    අද නත්තල් ය. ලාංකික කිතුනුවෝ හොඳට කන බොන මිනිස්සු ය. ඔවුන් මස්, මාළු කන්නේ හොරෙන් නොවේ. කෑමෙන් පසු පශ්චාත්තාපයක් ද නැත. බීම පිළිබඳ කීමට ඇත්තේ ද එය ම ය. එහෙයින් නත්තල් සමරන්නට යහමින් කෑම බීම අවශ්‍ය ය. නත්තල් කනවා කියන්නේ ඒ නිසා ය.  රට කන දේශපාලකයන්ට නම් හැමදා ම නත්තල් ය. උන්ගේ බිල් බදු ඔස්සේ ගෙවන මහජනතාව නත්තල් කේක් ගෙඩිය හදන්නට බිත්තරයක් ගත්තේ ඉතිහාසයේ වැඩි ම මිළට ය. කුකුළු මස් හා බිත්තර හිඟ බැවින් ඒවා වහා ම ආනයනය කරන බව  පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක පවසයි.  තදියමේ කරන මේ ආනයන ඔස්සේ කුරුළු උණ රටට ඒම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මොනවාදැයි අපි නො දනිමු.  පසුගිය කාලයේ දේශපාලකයන් අමුඩ ගසාගෙන "අපි වවමු- රට නඟමු" යයි කියමින් සී සෑවේ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට ය.  එහෙත්, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ආහාර ආනයනය වැඩි වී ඇති බවයි.  කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පසුගියදා පැවති ජනපති ජනහමුවකදී පැවසු

මැතිවරණ නිරීක්ෂණයේදීත් ආණ්ඩුවට එක්සත් ජාතීන් අසාත්මික වෙයි

Image
(2009 දෙසැම්බර් 25 -  W3Lanka )    ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වුව ද දැන් එය එක්සත් ජාතීන් භීතිකාවකින් පෙළෙන රාජ්‍යයක් බවට පත් වී තිබේ. නිශ්චල හා චංචල පොදු දේපල රැසක් තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහත් අසාධාරණ අන්දමින් යොදාගෙන තිබෙන පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් පැමිණෙන්නේ නම් ඊට විරෝධතාව පළකරන බව මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට ලිපියක් මගින් ඒ බැව් දන්වා තිබේ. ජනපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්‍ෂකයන් සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති නමුත් විශේෂඥයන් පැමිණෙන්නේ නම් විරුද්ධ බව ඔහු පවසයි. සාධාරණ මැතිවරණ පැවැත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අගය කරනු ලබන යහපාලන ප්‍රතිපත්තියකි. එවැනි මූලධර්මවලට ගරු නො කරන රටවල් ජාත්‍යන්තර දේශපාලනයේදී නීච රාජ්‍ය හෙවත් pariah states තත්වයට පත් වේ.