මෛත්‍රීපාලයි ලක්ෂ්මන් යාපායි මොකාටද අඳින්නේ?

(2009 දෙසැම්බර් 31 -W3Lanka) අවුරුදු 40 ක්‌ ජනතා ඡන්දෙත් එක්‌ක හිටපු මහින්ද රාජපක්‍ෂ මහතා අවුරුදු 40 ක්‌ උණ්‌ඩෙත් එක්‌ක හිටපු සරත් ෆොන්සේකා මහතා සමග කරන දේශපාලන සංවාදය කුමක්‌දැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන විමසයි. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ මහින්ද රාජපක්ෂ ඔහුට එරෙහි චෝදනා ගැන සංවාදයකට නො එන බවයි.


ජනාධිපතිතුමා සහ එම පවුල ඉලක්‌ක කර ගනිමින් විපක්‍ෂය නඟන චෝදනා තහවුරු කළ හැකි කරුණු වහාම ජනතාවට ඉදිරිපත් කරන ලෙස ජනමාධ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.


එම චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහොත් ඒ සියල්ල ඕනෑම නාලිකාවක්‌ හරහා ජනතාවට හුවා දැක්‌වීමට රජය ඉඩකඩ සලසා දෙන බවද ඇමැතිවරයා කියා ඇත.


බොරුව නිතර නිතර ප්‍රකාශ කිරීමෙන් එය ඇත්තක්‌ බවට තහවුරු කරවීමටත්, එමඟින් ජනතාව නොමඟ යෑවීමටත් නොයෙක්‌ කණ්‌ඩායම් කටයුතු කරන බව කියන ලක්ෂ්මන් යාපා ඇමතිවරයා ඒ බොරුවලට පුළුල් ප්‍රචාරයක් ලබා දීමට උත්සාහ කරන්නේ මන්ද?


ඇමති අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සිට ඇමතිකමක් ලබා ගැනීම සඳහා සන්ධාන ආණ්ඩුවට පැමිණි අයෙකි. තවත් වාසියක් වෙනුවෙන් ඕනෑම මොහොතක ඔහු අනෙක් පැත්තට කරණම් ගැසීමට ඉඩ ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේනගේ ඉදිරිගමනට බැසිල් රාජපක්ෂගේ අභිලාෂයන් අඩයක් වී තිබේ. හාල් හිඟයට මෛත්‍රීපාලගේ සොයුරා සම්බන්ධ බව කියමින් ආණ්ඩුව ම දැන් ඔහුට පහර දෙයි.


මේ දෙන්නා මෙවැනි මුග්ධ ප්‍රකාශ කරන්නේ කුමට ද? රාජපක්ෂ පාලනය තවත් පිරිහෙළන්න ද?




Comments

  1. මෛත්‍රීපාලට පරාජයක්-පොලොන්නරුවට හෙටක්,ලක්ෂ්මන් යාපාට පරාජයක්-මාතරට හෙටක්,මහින්දට පරාජයක්-රටට හෙටක්.Simple plan එකක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා