Posts

Showing posts from November, 2012

මෙයා තමයි ඒ මිනිසා (නෑ, ගැහැනිය)

(පරමාදර්ශී විප්ලවවාදී ජීවිතයක් ගැන අසම්පූර්ණ කවියක්) දිවියේ ග්‍රහ පිහිටන හැටි ගැන හිත හිත තැවෙන ලොවක අප වෙනුවෙන් උපන් මොහොත  පමණක් සටහන් කළ නුඹ අමාවකේ තරු වියනක අසිරිය රසවත් කළ නුඹ තරු අතරේ සැඟවී ඇති පුළුල් ලොවට ඇස් දුන් නුඹ අම්මාවරු දරුවන් ගෙන පංති දුවන අතර හැල්මෙ පුංචි අතින් අල්ලාගෙන වත්තට අරගෙන ගිය නුඹ නිදිකුම්බා මැළවෙන හැටි බංඩක්කා පැළවෙන හැටි කිරිමැටි ගුලි හැඩවෙන හැටි සිත්තම් අත හුරු කළ නුඹ තරුවක් වෙන්නට නොකියා සිංදු නැටුම් කියා දීපු කලා රසය බෙදා දීපු කවි හදන්න උගන්නාපු වත්තෙන් පිටියෙන් ගෙන ආ කොළ මල් මුල් රසවත් කර ආදරයෙන් අනා කවපු ස ී නි කන්න එපා කියපු මන්දිර දැස ි දසුන් යාන   නැත ැයි කියා සුසුම් න ො හෙලු අ පෙ දුප්පත් ප ොඩි පැල්පත සෙ නෙ හෙ කැදැල්ලක් කරවපු     නරලොව හොල්මන් බලන්න ගම පිටින්ම දුවන විටදි නෑ අපි යන්නේ කියාපු අපට ඕනැ නැහැ කියාපු වන්දනීය වූ ධනයට නොවැන්ද ඒ ගැහැනිය නුඹ තපසට පැන යන්නෙ නැතිව හෙට වෙනුවෙන් වැඩ කළ නුඹ නෙළාගන්න බැරි ඉර හඳ වෙනුවෙන් නොහැඬූ ළඳ නුඹ නෙලූ පළා මිටින් ස

ඩලස් විතරද කොල්ලා

Image
ශ්‍රී ලංකාවේ පළමුවන යොවුන් සරසවිය හෙවත් යෞවන විශ්වවිද්‍යාලය දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන පිහිටුවීමට තීරණය කර ඇති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව වාර්තා වේ. එතකොට හත්වලාමේ මේ තියෙන අනෙක් විශ්වවිද්‍යාල හැටහුටහමාර මොනවද? ඩලස්ගෙ හුට්ටලමෙ විතරද කොල්ලො ඉන්නේ? කැම්පස් 'අංකල්ලා' උත්තර දෙන්න. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

පරමාදර්ශී ජීවන විලාසිතාවක් සොයා යමු

අප පසුගිය ලිපිය අවසන් කළේ මෙසේ කියමිනි. පවත්නා ක්‍රමයට එරෙහිව ඔසවා තැබිය යුත්තේ මිනිස් සාරයකි. ජීවගුණයකි.  පරමාදර්ශී ජීවන විලාසිතාවකි. අප මින් පෙරද සඳහන් කළ මේ පරමාදර්ශී ජීවන විලාසිතාව යනු කුමක්ද? පරමාදර්ශී දේශපාලන ජීවිතයක් පිළි බ ඳ කතා කළ සැණින් අප ඉදිරියේ මැවී පෙනෙන්නේ සමාජයට ඉදිරියෙන් සිටින බව කියන පෙරටුගාමී (vanguard) පක්ෂ විසින්තොරොම්බල් කර තිබෙන ගතානුගතික වෘත්තීය විප්ලවවාදියාය. නැතිනම්, අප දන්නා ජවිපෙ ෆුල්ටයිමර්ය. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිත ය ේ සියල්ල හැර දමා තපසට යන්නා සේ පක්ෂය වෙනුවෙන් දිවිදෙන්නට කැප වී පසුව ඒ දිවියත්, සාමාන්‍ය මිනිස් ආශාත් අතර ගැටුම කළමනාකරණය කරගැනීමට බැරිව අර්බුදයට පත්ව නන්නත්තාර වන හෝ ඒ දිවියෙන් ගැලවුණු පසු විසිගුණයක් කෑදරකමින් ආශාවන් පසුපස හඹා යන හෝ මිනිසෙකි. අප කියන පරමාදර්ශී ජීවන විලාසිතාව කිසිසේත්ම මේ ෆුල්ටයිමර් නම් නොවේ. මේ ෆුල්ටයිමර්ගේ හෙළුවැල්ල දැන් හෙළි වී හමාරය. අප යෝජනා කරන්නේ කුහක තපස් ව්‍රතයක් නොවේ.  විවෘත, සක්‍රිය, සාමාන්‍ය, සරළ මිනිසෙකි. ඔහු / ඇය පවත්නා තත්වයන් සමග පැවතිය හැකි අයකු මිස උත්තර ජීවියෙක් ලෙස පෙනී සිටින්නෙක් නොවිය යුතුය. මන

ඝාතන සංස්කෘතිය විසින් සිංහල සමාජයගිලගැනීම හා සිවිල් සමාජ මුග්ධත්වය

Image
ලාංකීය සමාජය දැන් දේශපාලන කැරැලිවලින් මුක්තය. රට හෙල්ලූ කැරැලි ගැසූ කැරැලිකාර ව්‍යාපාරම දැන් කියන්නේ තමන්ට ලණු කැරැල්ලක්වත් අඹරාගන්නට බැරි බවයි.  වේලුපිල්ලේ   ප්‍රභාකරන් විසින් 1970 දශකයේදී මුලපුරන ලද දෙමළ ජාතිවාදී සන්නද්ධ කැරැල්ල 2009දී ඔහුගේ මරණයත් සමගම අවසන් වූයේ දෙමළ ජාතික විමුක්ති අරගලයට තීරණාත්මක පරාජයක් අත්කරදෙමින්  බව දැන් ප්‍රත්‍යක්ෂ වෙමින් තිබේ.  සිංහල ජාතිවාදය අසීමිත ලෙස ශක් තිමත් කිරී මෙහි ලා ඉවහල්වී මෙන් එය විසින් ලාංකීය දේ ශපාලන ප්‍රජාවට කරනු ලැබුවේ  සුළුපටු හානියක් නොවේ. මේ කැරැලිත් සමග ලාංකීය සමාජයේ සිදුවී තිබෙන දේශපාලන පරිවර්තනය එක් පැත්තකින් සිවිල් සමාජය ඒකාධිපතිවාදය ඉදිරියේ දණගැසීමක් ලෙසද පොදුජන අවකාශය පූර්ණ අරාජිකත්වයට ගොදුරුවීමක් ලෙසද විග්‍රහකිරීමට පුළුවන.  සිවිල් සමාජය මේ වනවිට අරගල කරමින් සිටින්නේ සමාජ විපර්යාස ඇතිකිරීමට වඩා විරෝධය සලකුණු කරමින් සිය පැවැත්ම රැකගැනීම සඳහාය.  මේ අතර, පොදුජන අවකාශය තුළ අරාජිකත්වය රජයමින් මුග්ධත්වය රැළි නගමින් තිබේ. ලංකාව ඝාතන සංස්කෘතියක් උරුම කරගෙන ඇති අතර, යුද්ධ නැතිවත් ඝාතන නැතිව පවතින්නට බැරි තත්වයක් ලාංකීය සමාජය තු

මේ සිස්ටම්එකටනම් ඔබම තමාය (උතුමාණන්ට විවෘත ලියුමක්)

Image
සුබ උපන්දිනයක් වේවා! මෙම ලේඛකයා කිසිකලෙක ඔබතුමාට ඡන්දයක් දී නැත. දැනටනම් දෙන්නට බලාපොරොත්තුවක්ද නැත. එයට හේතුව ඔබතුමාගේ ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද ධනවාදී හා ඒකාධිපතිවාදී දේශපාලන ප්‍රතිපත්ති අපට කිසිසේත්ම ගෝචර නොවීමයි. සුළුතරයක් වන අප වැනි අයට ගැලපුණත්, නැතත්, ඔබේ ප්‍රතිපත්ති මේ රටේ බහුතරයක් වන දූෂිත ජනතාවට හොඳින් ගැලපේ. ඒ නිසා ඔබතුමා මේ රටේ ජනාධිපති ලෙස වැජඹෙනඑකට අප විරුද්ධවීමෙන් පලක් නැත. ඔබතුමා මේ රටේ ජනතාවට ඉදිරියෙන් සිටිමින් ඔවුන්ට මග පෙන්වන නායකයකුට වඩා ඒ ජනතාව පස්සේ සිට උන් යන අත බලා, කෙවිටෙන් තළා රැළම ඒ පැත්තට දක්කමින් තමනුත් හයියෙන් හයියෙන් ඒ පැත්තට යන අපූරු ගොපල්ලෙකි. ඔබතුමාට විරුද්ධ අය මොන මොනවා කීවත්, ඔබතුමා විසින් ලංකාවේ දැවැන්ත විප්ලවයක් සිදුකර තිබෙන බව පිළිගැනීමට සිදුවේ. මේ විප්ලවය කුමක්ද කියා හඳුනාගතයුතුය. පසුගිය දිනවල ලංකාවේ සැරිසැරූ ලෝකබැංකු කළමනාකාර අධ්‍යක්ෂවරිය ඔබේ ආණ්ඩුවට ප්‍රශංසා කළාය. ඒ ලෝකබැංකුවට ලංකාව සම්බන්ධ කළ ප්ලග් ගැලෙව්වාය කී ඔබ රනිල් වික්‍රමසිංහටත් වඩා හොඳට ලෝකබැංකු වැඩසටහන හෙවත් ධනවාදය ලෝකබැංකුවේ ආධාරත් නැතිව ගිනි පොළියට ගත් ණයවලින් ඉදිරියට

පාර්ලිමේන්තු නඩුකාර හාමුදුරුවරුන්ගේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාර හා ප්‍රා සුදුසුකම්

බාබේරියාවේ මහනඩුවට එරෙහිව ඇති චෝදනා විනිශ්චය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටින නඩුකාර හාමුදුරුවරු දෙදෙනෙකු ගැන ඊයේ බාබේරියාවේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් මගින් ප්‍රශ්න කර තිබිණි.  ඒ නඩුකාර හාමුදුරුවරුන් දෙදෙනා නම් විනිසුරු මල් වීරවංශ හා විනිසුරු කුජීත සේනාරත්නයි.  මේ දෙන්නා ගැන අප දන්නා කරුණු අනුව මොවුන්ට නඩු බැලවීම ගැන පමණක් නොව නඩු ඇසීම ගැනද අත්දැකීම් රැසක් තිබේ.  1989 වකවානුවේ බාබේරියාවේ විප්ලවයක් සිදුවෙමින් තිබුණු සමයේදී මල් වීරවංශ එක පැත්තක දේශප්‍රේමී උසාවියේ නඩු ඇසූ අතර කුජීත සේනාරත්න අනෙක් පැත්තේ ප්‍රා උසාවියේ නඩු ඇසීය. මේ දෙන්නා එකිනෙකාට එරෙහිවත් නඩු අසාගෙන තිබේ. මේ උසාවි දෙකෙන් දුන්, ක්ෂනිකව ක්‍රියාත්මක කළ මරණ දඬුවම් සංඛ්‍යාව දහස් ගණනක් වන නිසා මේ දෙන්නා මේ වැඩේට ටක්කෙටම හොඳ බව බාබේරියානුවන් වෙනුවෙන් සහතික කර ප්‍රකාශ කරමි. ඉරකි තිතකි. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Conflict of interests between Sri Lanka's judiciary and legislature?

A simmering crisis seems to be developing in Sri Lanka as the Court of Appeal and the Supreme Court are engaged in interpreting constitution as a conflict of interests is brewing between the legislature and the judiciary. Court of Appeal of Sri Lanka yesterday decided to forward four petitions filed seeking a writ order against the parliamentary select committee (PSC) probing the impeachment of the country's Chief Justice Dr. Shirani Bandaranayake to the Supreme Court for an interpretation on the constitution. Six petitions had been filed before the Appeals Court  against the PSC. Four of them challenge the constitutionality of the PSC while the other two question the integrity of Ministers Wimal Weerawans and Rajitha Senarathna as members of PSC. A tri-member panel of Appeals Court Judges headed by Justice S. Sriskandarajah and comprising justices Anil Goonaratne and A.W.A. Salam heard the petition. The counsels appearing for the plaintiffs argued that the PSC had no judic

බාලපුත්‍රගේ අභ්‍යවකාශ හීනය

Image
"හැමෝම හිතන්නෙ අපට හැම දෙයක්ම තියනව කියල. ඒත් ඇත්තටම ගත්තොත් අපට මුකුත් නෑ. අපට කියල ගෙයක් වාහනයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඉඳල තියෙන්නෙ රජයේ දේපළවල. රජයේ වාහන තමයි පාවිච්චි කරන්නෙ. එහෙම නැත්තං පො ඩ් ඩක් දියං මචං කියල යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නව. කට්ටිය හිතාගෙන ඉන්න රාජපක්ෂ ෆැමිලි එක නෙමේ ඇත්තටම තියෙන්නෙ." - රෝහිත රාජපක්ෂ, ජනාධිපති බාල පුත්‍ර ඇත්තටම ගත්තොත් මේ අයට තමන්ගේ වගේ පාවිච්චි කරන්නට රටක්ම ඇත. ඒ නිසා මේ ගොල්ලන්ටම කියා වෙනම මොකුත් ඕනෑ නැත. රටේ සියලු දේ මේගොල්ලන්ගේය.  කොටින්ම කියනවානම් මේගොල්ලන්ගේ හීන පවා රටේ හීනය. නිදසුනක් ලෙස, මේ පොඩි රාජපක්ෂගේ අභ්‍යවකාශ හීනය දැන් රටේ හීනයක් බවට පත් කර තිබේ. දැන් මෙයා අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කරන සුප්‍රීම්සැට් කොම්පැනියේ මෙයා කවුරුද? 'අපට මුකුත් නෑ'ද? ඉතින් මෙයා අභ්‍යවකාශතවෙනකොටවත් අපට වැඩ ඇරිලා කකුල් දෙකෙන් හිටගෙනහරි ගෙදර යන්න බස්එකක් තියෙයිද?  අපේ පොඩිඑවුන් යන ඉස්කෝලෙ වහලෙ උළු අතරින් අභ්‍යවකාශයපෙනෙනඑක නවතීවිද? හැබැයි, අපේ පොඩිඑවුන් සමහරවිට මෙයාට කලින් අභ්‍යවකාශගතවෙන්න ඉඩ තිබෙනවා. ඔ ය බෝංචි කරලක එල්ලුණත් දැන් බඩු මිළ

එහෙම වෙන්නෙ ඇයි ඉන්දික අයි ඩෝන්ට් නෝ වයි?

Image
ජිප්සීස් ගායක සුනිල් පෙරේරා 'එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි?' ගීතයෙන් ගයා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල පිළිබඳ බව ඔහුගේ උපන් බිමෙන් ජනිත වී එය නියෝජනය කරන වී.කේ. ඉන්දික නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝලයා තහවුරු කර තිබේ.  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සම්බන්ධ සාදයකදී සුනිල් පෙරේරා මේ ගීතය ගායනාකරන්නට ගියවිටරාජපක්ෂ පවුල ගැන තමන් ඉදිරියේදී මෙවැනි ගීත ගායනය කරන්නට ඉඩ දිය නොහැකි බව කියා ඉන්දික ගෝරියක් ඇද තිබේ.  ඒ සමගම ගීතයෙන් අලුත් රසයක් මතු වීතිබේ. අපි නැවත නැවතත් එය රසවිඳිමු. අපි ඔබට ආදරෙයි, සුනිල්. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

රට, ජාතිය වෙනුවෙන් දිනමිණ කතුවරයාගෙන් ඉල්ලීමක්

ආණ්ඩුවට කඩේ යන දිනමිණ පුවත්පතට හා එහි කතුවරයාට සදාචාරයක් මෙන්ම වෘත්තිකභාවයක්ද නැත. තමන්ට ඕනෑ දේ කියවාගැනීම සඳහා ඕනෑම කෙනෙකු යොදාගන්නා දිනමිණ අගවිනිසුරුවරියට බැනීම සඳහා සාමාන්‍ය නීතිඥයකුගේ ප්‍රකාශයක් දිනමිණේ මුල්පිටුවේ පළකර තිබේ. පුවත්පතකට ලිපියක් ලියාගැනීමටවත් දක්ෂතාව නැති අයට පත්තරයේ මුලපිටුවේ ප්‍රකාශ පළකරවාගෙන කැපී පෙනෙන්නට ‍දිනමිණ අවස්ථාව ලබා දෙයි. කබ්බන් ටොයියන් කරන මේ මෙහෙයුම් පසුබිමේ අත යට මුදල් ගනුදෙනුද තිබේ. කෙසේ වෙතත් දැන් ඒ නිසා 'අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව පුවතක් පළකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හා ඊට අදාළ සියලුදෙනා පාර්ලිමේන්තුව හමුවට කැඳවන බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රකාශ කෙළේය.' කරුණාකර පාර්ලිමේන්තුවට යනවිට ඇඳුමක් ඇඳගෙන යන ලෙස අපි දිනමිණ කර්තෘගෙන් රට, ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටිමු.  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ගබ්සාවට වගේම ස්වයංවින්දනයට එරෙහිවත් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම නරකද?

ඊයේ හොරිකඩ සාදු ගැන කතා කළ අපට අද කතාකරන්නට සිදුවී ඇත්තේ තවත් සාදුකෙනෙකු ගැනයි. ඒ අපේ බෞද්ධ විරෝධීකම නිසා නොව මේ සාදුලාගේ සමාජ විරෝධීකම නිසාය. ගල‍ගොඩදබොඩදමන්දාඅත්තේ ඥානසාර නම් මේ භික්ෂුව මාර සොයාගැනීමක් කර ඇත. වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 881,077 ක්‌ කර ඇති බවයි. ගබ්සා හා වඳ සැත්කම් කරන්නේ සිංහල ජාතිය විනාශකිරීමට බව මේ හිමියන්ගේ හා ඔහු නායකත්වය දෙන බොදුබලසේනා නම් ත්‍රස්ත සංවිධානයේ අදහසයි. මේ හිමියන්ට ජාතියට කළ හැකි හොඳම සේවය වන්නේ ඉක්මණින් ඇඹෙනියකට හිමියා වී පඩි පෙළ සේ දරුවන් වැදීමට කරුණු සැලැස්වීමයි. ඔහු සමග ඒ වැදීමේ ව්‍යාපෘතියට ජීවිත පරිත්‍යාගයෙන් සම්බන්ධ වන වීරෝදාර කාන්තාවන් ඒ ව්‍යාපාරයෙන්ම සොයාගතහැකිවනු ඇත. කන්න බොන්න දෙන්න බැරිකම, පැටව් වදන නිසා රස්සා කරන තැන්වල බොස්ලා කෙණහිලි කිරීම, දරුවන් අතර පරතරය මදිවීම, මව්කුසේදී හඳුනාගනු ලබන සංකුලතා, මව වයසින් වැඩිවීම හෝ ළාබාල වීම, ආබාධිත දරුවන් ඉපදීම වැනි හේතු නොතකා ෆුල්ටයිම් දරුවන් හැදීමේ කටයුතු කර බැලීමට මේ උන්නාන්සේ අවස්ථාවක් ලබාගතයුතුය. ඇන්නා-පැන්නා පන්නයේ ත්‍රස්ත ක්‍රියාවලට වඩා

හොරිකඩ සාදුගේ හෙද සංගමය

Image
ජනාධිපතිතුමනි, සර්පයා දුටුවෙහිද? ලංකාවේ වෘත්තීය සමිති වර්ග කීපයක් තිබේ. ආණ්ඩුවේ වෘත්තීය සමිති මේ අතරින් විශේෂ වර්ගයකි. ඔවුන් ආණ්ඩුවට විරුද්ධ ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේ නැතිමුත්, ඒවායේ නායකයෝ සාමාන්‍යයෙන් සාධාරණ සේවක ඉල්ලීම්වලට විරුද්ධ වන්නේ හෝ වෘත්තීය අරගලවලදී පැන, පැන හොරිකඩකම් කරන්නේ නැත. එවැනි හොරිකඩ තත්වයක් පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය වෘත්තීය සමිතිවලින් බලාපොරොත්තු වන්නේද නැත. නිදසුනක් ලෙස විශ්වවිද්‍යාල වෘත්තීය අරගලයේදී ආණ්ඩුවේ වෘත්තීය සමිති එයට සහභාගි නොවූමුත් පැන පැන හොරිකඩකම් කරන්න ගියේද නැත.  ලංකාවේ හොරකඩකම් කිරීම එකම වෘත්තිය කරගත් වෘත්තීය සමිතියක් තිබේ. ඒ වනාහි මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුවගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයයි.  මේ සංගමය වනාහි උක්ත භික්ෂුවගේ ජීවනෝපාය වන අතර හරිහමන් පරීක්ෂණයක් කළොත් මේ භික්ෂුවට සසර පුරා සිරගතව සිටින්නට තරම් හේතු වන වංචා දූෂණ ප්‍රමාණයක් මේ වෘත්තීය සමිතියෙන් ස ො යාගත හැකි වනු ඇත.  ඒ අතර , ම ේ භික්ෂුව නිරන්තර පෙ ළෙන බියක්ද ති බ ේ. ඒ වනාහි සමන් රත්නප්‍රිය ග ේ නායකත්ව යෙන් යුත් රජ ය ේ හෙද න ිලධාරීන් ග ේ සංගමය තමන් ග ේ ව්‍යාපාරය පරාජය කරන

දැන් ඉතින් අපි කුමක් කරමුද, සහෝදරයිනි

ඊයේ අප සමග සංවාදයක යෙදුණු සහෝදරයකු ඇසූ දෙයක් වන්නේ ලෝකය යහප ත් අන්දමින් වෙනස් කළ යුතුය යන ස්ථාවරයේ සිට සමාජවාදය වෙනුවෙන් අරගලයක යෙදුණු අප දැන් කළ යුතුව තිබෙන්නේ කුමක්ද යන්නයි.  මේ පිළිබඳව මගේ මතය ඉතා කෙටියෙන් මෙසේය. සමාජවාදය හා ඒ සඳහා වූ අරගලය අපි නැවත අර්ථකථනය කරගත යුතුය.  ලංකාවේ සමාජවාදීන්ගේ අරගල හා මනුෂ්‍යත්වය අතර අන්තර්සම්බන්ධය දැඩිව ප්‍රශ්න කළ යුතුය. අරගලය නැවත පොළවේ පිහිටුවිය හැක්කේ ඒ ඔස්සේ පමණි.  ඊනියා සමාජවාදීන්ගේ හෙවත් සමාජ වදකාරයන් ග ේ කුහකවත අනුකම්පා විරහිතව හෙළිදරව් කළ යුතුය.  සමාජය සෝදාගෙන යමින් ඇති ධනවාදී ආත්මාර්ථකාමිත්වයේ රැල්ලට හසු නොවී සිටීමම මේ මොහොතේ අරගලයයි. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

තිස් වසරක් කැනන් ෆොඩර්

ඉංගිරිසියෙන් කැනන් ෆොඩර් (cannon fodder) කියන්නේ යුද්ධයේදී බිල්ලට මෙන් යැවෙන සොල්දාදුවන්ටය.  මෙම ලේඛකයා සිය ජීවිතයෙන් වසර 25කට අධික කාලයක්  ලංකාවේ රැඩිකල් වාමාංශික දේශපාලනයේ හා වෘත්තීය සමිති ආදියෙහි නිරතව සිටියේය. මේ මුළු කාලය තුළම ඔහු ශ්‍රමිකයකු පමණක් විය. ඔය තනතුරු නැතිවුණාට මම මගේ 'යුගයේ කාර්යභාරය' ඉටු කරනවායි සිතා ඔහු චූන් වූයේය.  දැන් ඔහු පෝස්ටර් ඇඳීම, ගැසීම වැනි වෙහෙසකර කටයුතු සඳහා යන්නේම නැත.  කිසිදු පක්ෂයක,  කණ්ඩායමක හා නායකයකුගේ හා අනුගාමිකයකු නොවන නිසා දැන් ඔහුට කඩේ යාම සඳහා ලැබෙන අවස්ථා අඩුය. එහෙත්, පෙළපාලි, උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ, රැස්වීම් ආදියට සෙනග උවමනා වූවිට තවමත් ඔහුට ආරාධනා ලැබෙයි. ඔහුගේ පැරණි කැනන් ෆොඩර් මිතුරෝ බොහොමයක් දෙනා දැන් කැනන් ෆොඩර් සොයන්නෝය. මේ අය ගෙවල්වලට ඇවිත් අර පරණ යකඩ කෑලි එහෙම එකතුකරගෙන යන අය වැනිය. එහෙත්, මෑතක සිට තමන්ට වටිනාකමක් නොදෙන තැන්වල කැනන් ෆොඩර් වීමෙන් චූන්වීමට බැරි තත්වයක් ලේඛකයා තුළ මතු වී තිබේ.  මෙය වාමාංශික උප සංස්කෘතිය තුළනම් සැලකෙන්නේ ද්‍රෝහීකමට කිට්ටු බරපතල රෝග තත්වයක් ලෙසයි. ක ොටින්ම මෙම ල ේ ඛකයා ම ේ කියන අදහස වාමාංශි

අශෝක් අබේසිංහට කෝටි පහක අල්ලසක් දෙන්න ගියේ කවුරුද?

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අ බේසිංහ කළ ප්‍රකාශයක් ඊයේ දෙරණ ප්‍රවෘත්ති තුළින් දුටිමි.  ඔහු කියන්නේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ වෙලාවේ ඔහුට රු. කෝටි පහක් හා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිකම දෙන්නට ආණ්ඩුවට කතා කළ බවත්, තමන් හොඳ නිසා නො ගිය බවත්ය.  ‍දැන් මේ ලංකාවේ දූෂණවලට එරෙහිව මාර සටනක් කරමින් සිටින රාජප්ෂ පවුල් ආණ්ඩුවට ඔන්න සාක්කි. මෙන්න ප්‍රශ්න: කෝටි පහක් දෙනවා කිව්වේ කවුරුද? එය අල්ලසක් නොවේද? අල්ලස් දීම මෙන්ම ගැනීමත් වරදක් නොවේද? අල්ලසක් දීමට තැත්කිරීම ගැන තොරතුරු වසන්කිරීම වරදක් නොවේද? අශෝක අබේසිංහගෙන් ප්‍රශ්න කරනවාද? අත්අඩංගුවට ගන්නවාද? නඩු පවරනවාද? පගාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිකම වැනි එකක් දෙන එක කොහොමද? එහෙම දෙන එකාගෙ ........ දුන්නා නම් ඔයිට වඩා හොඳ නැද්ද? මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

අගවිනිසුරු යෝජනාකරන්න ඔබටත් අවස්ථාවක්

Image
අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයෙන් මතු කර තිබෙන චෝදනා විමර්ශනය කිරීම පිණිස පත් කරනු ලබන කමිටුව හමුවට අගවිනිසුරු කැඳවා ප්‍රශ්න කළ හැකිය. සාක්කි විමසිය හැකිය.  මේ නම් සිදුවන්නට යන්නේ මරුම මරු නාට්ටියකි. හුණුවටයේ කතාව වැනි  නාට්ටියකි.  ඇත්තටම පවතින සංදර්භය තුළ අපට මේවා බල බලා මුන්ට සහ අප අපටම පස ් ස පැත්තෙන් හිනාවෙමින් බදු ගෙව ගෙවා පව් ගෙවනවා ඇරෙන්නට වෙනත් විසඳුමක් නැත. පට්ට දූෂිත ජනතාවක් වෙසෙන රටක මේවා සාමාන්‍ය සිදුවීම්ය.  හුණුවටයේ අසඩක් කියන පරිදි මෙතෙක් කල් නඩුකාරයන් හොරු වූමුත්, හොරකු නඩුකාරයකු වූ පළමු වතාව අසඩක් නඩුකාරයා වීමයි.  ලංකාවේ තත්වය කොහොමද? කොහොමද ආතල්එක නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ, නියෝමාල් පෙරේරා වැනි නඩුකාර හාමුදුරුවරු ඔලුවට අර කොණ්ඩෙ වගේ කෑල්ල දාලා උස මේසෙක වාඩි වෙලා අගවිනිසුරු ශිරානි බංඩාරනායකව විත්තිකූඩුවට දාලා ප්‍රශ්න කරනකොට.  එක අතකට උඩ ඉඳන්ම පහළ බලලා විතරක් පුරුදු අයට පහළ ඉඳලා උඩ බලන්න අවස්ථාවක් ලබාදෙනඑකත් නරක නැහැ.  දැන් ජනාධිපතිතුමා වැඩබලන අගවිනිසුරුකෙනෙක් පත්කරන්න යනවාය කියා ලංකාදීප

සිරකරුවෝද මනුෂ්‍යයෝය. සෑම මනුෂ්‍යයකු තුළම ම්ලේච්ඡයෙක්ද, ම්ලේච්ඡයකු තුළ මනුෂ්‍යයෙක්ද සිටියි

සිරකරුවෝද මනුෂ්‍යයෝය. සෑම මනුෂ්‍යයකු තුළම ම් ල ේච්ඡ යෙක් ද වෙ සෙයි.  එහිදී ඒ මනුෂ්‍යයා සිරකරුවකුද නැද්ද යන්න අදාළ න ො ව ේ. ඊයේ වැලිකඩ කැරලිගැසූ සිරකරුවන්ද ම්ලේච්ඡයන් ලෙස හැසි රෙන්න ට ඇත්තේ යම් හේතු ඇතිවයි. ම ේ සිරකරුවන් මරාදැමීම පිළිබඳ සතුටු වන් න ෝද ම් ල ේච්ඡ ය ෝය. ඝාතනයට ලක්වූ ව ෝ  ඔවුන් ග ේ වර්ගයටම අයත් වන, ඇ තැම්විට ඔවුන් ග ේ ඥාති, මිත්‍රාදීහුම වන් න ෝය. දිගුකා ලීන සිරදඬුවම් විඳින, මරණ දඬුවම අ ත ේ තියා ගෙන ජී වත් වන මිනිසුනට ම ොකක් වුණත් කමක් නැත.  කැරැල්ලට නායකත්වය දුන් සිරකරුවන් ගෙන් ඇතැ මෙක් මත්ද්‍රව්‍ය නිසා දිගුකාලීන සිරදඬුවම්වලට හා මරණ දඬුවමට ලක්වූ අයයි. ඔවුන් ගැන සිහිපත් වනවිට මට මතක් වන් න ේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයයි. අ යෙකුට ජීවිත ය ේ අංගය ක් ව න මත්ද්‍රව්‍ය ළඟතාබාගැනීම නීතියට මරණ දඬුවම පවා දෙන්නට තරම් බරපතල වරදකි.   ඕනෑම ම් ල ේච්ඡයක ු තුළ පවා මිනිසත්කම්ද තිබිය හැකිය.   පිටස්තර සන්නද්ධ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය ඇතුළට පැමිණ, මරණීය දණ්ඩනයට ල ක්වූවන් ද ඇතුළුව   සිරකරුවන්ට අඩන් ත ේට්ටම් කරමින් පරීක්ෂා කරන්නට යාම අනවශ්‍ය කුපිතකිරීමක් නොවේද? සන්නද්ධ

අයවැයෙන් දෙන මේ සහනයෙන් කාටකාටත් අත පුරා වාසි

Image
ගන්න ෆෙරාරි - ලාබයි මේ අයවැය අපට ඉතා හොඳය. අයවැයෙන් අපට දී ඇති බදු සහන අතිවිශිෂ්ටය. මෙයින් මුළු සමාජයටම වාසි ලබාගත හැකිය. නිදසුනක් ලෙස ඔබේ බිරිඳ හා දරුවා ශිෂ්‍යත්ව විභාගය වැනි රේස් තරගයකට සහභාගි වන්නේන ම් ආණ ් ඩුව ඔබෙන් නිෂ්පාදන බදු අය කරන්නේ නැත. ර ේස්කාරයන් වන බස්කාරයන්ගෙන් බදු අය නොකරන නිසා බස ් ගාස්තු අඩු වනු ඇත. හැමෝම, හැමෝම, හවසට හවසට අර බෞද්ධ සම්මේලන අධිපතිනියගේ පවුලේ බුකියට සිය වාහනයෙන් යනවානම් ඔබේ වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස් වනු ඇත.  ඔබත් ම ෝටර් රථ ර ේස් පදින්න පුරුදුවන්න. අනිවාර්ය යෙන්ම බදු සහන භුක්ති විඳිය හැකිය.  අයවැ යෙන් රේස්‌ තරග සඳහා භාවිත කරන විශේෂ වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස්‌ කර තිබේ.   මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බිල් දෙන්න යන මෛත්‍රීපාලට යෝජනාවක්

ලබන වසරේ සිට රජයේ රෝහල්වලින් ලබා ගන්නා ප‍්‍රතිකාරවලට වැය වන මුදල පිළිබඳ රෝගීන් දැනුවත් කිරීම සඳහා ඔවුන් රෝහලින් පිටව යනවිට බිල්පතක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. අනාගත අගමැතිවරයකු හා ජනාධිපතිවරයතු වන මෙතුමාට ලෝක බැංකුවෙන් ලකුණු ටිකක් දමාගන්නට මේ ප්‍රකාශය හොඳය. මන්ද, මේ වනාහි නොමිළේ දෙන බව කියන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කිරීම සඳහා හොඳ ආරම්භක පියවරක් වන බැවිනි. අප කියන්නේ මෙය නරක දෙයක් නොවන බවය. බිල සවිස්තර බිලක් වෙනවානම් වඩා හොඳය. එවිට අමාත්‍යංශය පැරසිටමෝල් පෙත්තක් මිළදීගන්නා මිළ ආදියද එයින් කොපමණ කොමිස්ගසා තිබේද යන්නද සොයා දැනගතහැකිය. කටට ආවාට කීවාට මේ පියවර ඇත්තටම ගන්නට තරම් කොන්දක් මේ ඇමතිට තිබුණොත් ඇත්තෙන්ම හොඳය. එසේම, ජනතාව මිළදීගන්නා සෑම හාල්, සීනි, පිටි, කිරිපිටි, කරවල, තුනපහ ආදී දේ හැම කිලෝවකම මිළ සමග ආණ්ඩුව එයින් අය කළ මුළු බදු මුදල කොපමණද යන්නද දැනුම් දියයුතුය. මන්ද, ජනතාව ඒ පිළිබඳවද දැනුවත් විය යුතු නිසාය. පසුගිය දිනවල දිවිනැගුමෙන් බෙදූ ඇට පැකට්ටුවකට ගිය වියදම වැනි දේද ජනතාව දැනගතයුතුය.  දුක දිනා ජයගත් වැලි රාජුලා ග ේ පවුල ක ෝටිපතියන් ව

සරත් නන්ද සිල්වා අංශක 180ක් හැරෙමින් සිටියි

Image
පසුගිය දිනෙක සරත් නන්ද සිල්වාට ජනාධිපති හමු විය.  මහින්ද රාජපක්ෂගේ කසාදයට පවා අත්සන් කළ ඔහු අගවිනිසුරු කාලයේ සුනාමි ආධාර දූෂණ චෝදනාවෙන් සිය මිතුරු ජනාධිපති අපේක්ෂකයාව බේරාගත්තේ නීතිය කැ ළ ේ ගහලා ය.  මේ හරිම බඩු දෙක නැවත සෙට්වීම අපූරු සිද්ධියකි.  ඔන්න දැන් සරත් නන්ද සිල්වා අංශක 180ක් අනෙක් පැත්ත හැරෙමින් සිටියි. මේ දිනවල ජනමාධ්‍ය ඇසුරු කර බලන්න.  මොවුන් සමග ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න ගිය අයට සම්මා සම්බුදු සරණයි!  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

අග විනිසුරුට එරෙහි චෝදනා විභාග කළයුතුයි

Image
අග විනිසුරුට එරෙහි ‍දොෂාභියෝගයේ චෝදනාපත්‍රය ප්‍රසිද්ධ වී තිබේ.  අග විනිසුරුට ඇති චෝදනා 14 අනුව බැලූ කල පෙනෙන්නේ ඇයද ඇයට චෝදනා ගෙනෙන කට්ටියගේ වල්ලේම නොමේරූ කුරුම්බැට්ටියක් බවයි.  එහෙත් ඇයට චෝදනා‍ ගෙනෙන්නන්ට මෙවැනි චෝදනා කීයක් ඉදිරිපත් කළ හැකිද? සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තිබුණු තත්වයද මෙයමය. අසූචි කප්පරක් කෑවුන් ඔහුට එල්ල කළ චෝදනාද නිකම් අධෝවාත වැනි ඒවාය. පරීක්ෂණ සඳහා ප්‍රවේශය තිබේනම් ඇමති බැසිල් රාජපක්ෂට මෙවැනි චෝදනා අනන්ත සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකි වනු නියතය. 2004දී මහින්ද රාජපක්ෂ සුනාමි මුදල් වංචා කරන්නට තැත් කළ බවට එල්ල වූ චෝදනාවෙන් බේරුණේ තනිකරම හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නීතිවිරෝධී ක්‍රියාකලාපය නිසාය. එහෙම තිබියදී අගවිනිසුරුට එරෙහිව මෙවැනි චෝදනාපත්‍රයක් ගෙන ඒමෙන් ඔවුන් ප්‍රසිද්ධියේ දෙන පණිවුඩය කුමක්ද?  මෙම පණිවුඩය තේරුම් ගතහැකි හොඳම ආකාරය අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන සැකකාර සොරකු වන සුදර්මන් රදලියගොඩට ආණ්ඩුව දී ඇති රැකවරණ ය ඔස්සේය. මේ වරෙන්තුකරුවා ප්‍රසිද්ධියේ ජනාධිපති සමග ඡායාරූපවලටද පෙනී සිටියි.  පණිවුඩය මෙයි. ඔබ අපේ අධෝමාර්ගය දිවෙන් සෝදන්න සූදානම්තා

අද ලංකාවේ ජාතික දිනයටත් වඩා වැදගත් දිනයකි

Image
අද ලංකාවේ ජාතික දිනයටත් වඩා වැදගත් දිනයකි.  ඩී.ඒ. රාපක්ෂ මියගොස් අදට වසර 45කි.  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ඔබත් ලැප්ටොප්වේදියෙක්ද? ලෝන්කරුවෙක්ද?

Image
කාර්ලාභී ආරියනන්ද දොඹගහවත්ත - කර්තෘ, ඉරිදා ලංකාදීප මේ කියවන ඔබට ආණ්ඩුවෙන් ලැප්ටොප් එකක් ලැබුණාද? ලැබේවිද? එහෙනම් ඔබ මාධ්‍යවේදියෙකි.  ඔබ්‍ට වාහනයක් ගන්න පොලී රහිත බැංකු ණයක් ලැබෙන්නට යනවාද? එසේනම් ඔබ කලාකරුවෙකි.  ඔබට මේ කිසිවක් ලැබී නැද්ද?  එසේනම්, අද සිටම මාධ්‍යකරුවකු, කලාකරුවකු වීමට උත්සාහ කරන්න.  මාධ්‍යකරුවකු, කලාකරුවකු වන්නේ කෙසේද?  මේවා ලැබුණු අය ග ේ අතීත හා අනාගත ක්‍රියකලාපය අ ධ ්‍ය යනය කරන්න. ඔවුන් අනුගමනය කරන්න. මේ අය මේ ගැන පුහුණු පාඨමාලාවන්ද පවත්වන්නට යන බව දැනගන්නට ලැබී ඇත. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ඇමරිකාවට ආ සුළිසුළඟ ගැන සතුටු වන ලාංකිකයෝ

Image
සැන්ඩි කුණාටුවෙන් ඇමරිකාවට හානි වීම ගැන බොහෝ දෙනා සතුටු වන බව පසුගිය දිනෙක මා වැඩ කරන තැන විවේකාගාරයේදී කිසිවෙක් කීවේය.  ඇමරිකාවේ සුළිසුළඟ ගැන කතාකරන ලංකාවේ දේශපාලකයෝද, මාධ්‍යකරුවෝද ඒ ගැන සිය ප්‍රීතිය ඍජුවම හෝ අනියමින් පළ කරති.ඇමරිකාවේ හෝ වෙනත් එවැනි රටක වෙසෙන ඇතැම් ලාංකිකයෝද මෙවැනිම අදහස් දරති. ඒ අය මෙන්ම මා ඉහති සඳහන් කළ පුද්ගලයාද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිය දරුවන් අනාගතයේ විදෙස් රටක රැකියාවක් හා සුවපහසු දිවියක් සොයා යනු ඇතැයි බලාපොරොත්තු වන සාමාන්‍ය මධ්‍යම පංතිකයෙකි. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි රටවල් ඔවුන්ගේ තේරීම් වේ. මේ දිනවල ඇමරිකානු ග්‍රීන් කාඩ් සඳහා අයදුම් කරන්නෝද මේ මධ්‍යම පංතිකයෝමය. ඒ අතර ඇමරික ා වේ විනාශය ප්‍රාර්ථනා කරන මොවුන්ගේ කුහකකම කෙබඳු එකක්ද? මේ මුග්ධයෝ වැඩිදෙනෙක් චීනයේ ධනවාදයේ නැඟීම ගැනද සතුටු වෙති. චීනයේ නමට තිබෙන රතු පාට මෙවැනි වැඩිදෙනෙකුගේ අතීතයේ යන්තම් ඇතිල්ලී තිබෙන යම් යම් වාමාංශික කහට සමග පෑහීම මෙයට හේතුවයි. එහෙත්, මේ කිසිවෙකු තමන්ට හෝ දරුවන්ට පදිංචිය සඳහා සුදුසු රටක් ලෙස චීනය සලකන්නේ නැත. යනවානම් යා යුත්තේ සුදු යුරෝපයට, ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාවටමය.

රාජපක්ෂ පවුල අනාගත නායකත්වය යෝජනා කරලා

ඔබ මේ ඒ කාධිපති පවුල් පාලනයට කැමති නැත. එහෙත්, මේ පාලනය පෙරළා දැමීම සඳහා ජනතාව සමග බලමුළුගැන්වෙන්න සුදුසු සංකේතීය නායකත්වයක් දැ නට සිටින විපක්ෂ ද ේශපාල කයන් අතර ඔබට පෙනෙන්න නැද්ද?  ඔබ සොයමින් සිටි‍න්නේ පවත්නා දූෂිත ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි විශ්වාසය තැබිය හැකි, සාපේක්ෂව නිර්මල චරිතයක්ද?  ඔන්න රාජපක්ෂ පවුලම එවැනි නමක් යෝජනා කර තිබේ.  ශිරානි බංඩාරනායක.  නායකත්ව ප්‍රතිරූපය ගොඩනැඟීම හා වැඩපිළි වෙල සැකසීම පොදු විපක්ෂ නායකත්වය සතුය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

අහෝ අමුණුගමට ගිය කල

Image
ශරීර භාෂාව ජ්‍යේ....................ෂ්ඨ අමාත්‍ය ආ............චාර්ය සරත් අමුණුගම නියෝජ්‍ය මුදල් ඇමති ලෙස පත් කර ඇත.  ආරංචි හැටියට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දූෂිතයකු ලෙස නම් කරන ලද  ආ.............චාර්ය පී.බී. ජයසුන්දර ලියා දෙන අයවැය කතාව මලවන්නටය . එ හෙම නැතිව ජනාධිපත ි ග ේ ඇත්ත නි ය ෝජ ්‍ය මුදල් ඇමති වන්නට න ො ව ේ. අහෝ අමුණුගමට ගිය කල! ක ොළ බිම දමමින් ජනාධිපති දෑත් වැළඳ ගනිමින් දීන ලෙස ඇමතික ම භාර ගත් හැටි මෙ ත ැනින් නැරඹිය හැකිය.  Sarath Amunugama today swore in before President Mahinda Rajapaksa as the deputy Minister of Finance. Government said that Amunugama would act as a senior Minister as well, a post he held previously also. Former deputy Minister of Finance Geethanjana Gunawardhana took oaths as Deputy Minister of Civil Aviation. He will be the deputy of Minister of Civil Aviation Priyankara Jayarathna. Amunugama will act as the deputy of the Finance Minister President Mahinda Rajapaksa. Unconfirmed sources say that the appointment of Amunugama as Deputy Mini

අන්ජාන් උම්මා

Image
අන්ජාන් උම්මා ගුරුවරියක ලෙස සේවය කළ සාමාන්‍ය පංතික මුස්ලිම් ගැහැනියකි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇය පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලදී.  ජවිපෙ සාමාජිකාවක වීමේ වෙනස හැර වෙනත් සුවිශේෂ දක්ෂකමක් නොතිබුණු ඇය සාමාන්‍ය ගැහැනියකි. අඩුතරමේ ෆේරියල් අෂ්රෆ්ට තිබුණු පවුල් සබඳකම් හෝ ඇයට තිබුණේ නැත. ඇය ඉහළට එසවුණේ තනිකරම ජවිපෙ ගැන විශ්වාසය තබා ඡන්දය දුන් ජනතාව නිසාය. 2004 ඡන්දයේදී ජවිපෙ පොල්පිත්තක් ඉදිරිපත් කළත් එය පාර්ලිමේන්තුවට යනු ඇත. ඇත්තෙන්ම කීවොත් ජවිපෙන් පාර්ලිමේන්තු යැවූ වැඩිදෙනෙකු හා පොල්පිති අතර ලොකු වෙනසක් නැත. මෙය සමස්ත පාර්ලිමේන්තුවටම වුව අදාළ විය හැකිය.  කෙ ස ේ වෙතත් සාමාන්‍ය මුස්ලිම් ගැහැනියක මෙ ස ේ පාර්ලි ම ේන්තුවට පත්කිරීම ජවි පෙ කළ උදාර කටයුත්තක් ලෙස සැලකිය හැකිය. එ හෙත්, ජවි පෙට ම ොළය ඇති මුස්ලිම් නායිකාවක නිර්මානය කර ගන්නට බැ රිවීම කණගාටුදායකය.  තමන්ට ඡන්දය දුන් ‍ජනතාවට අන්ජාන් උම්මා දැක්වූ උපහාර මාලාවේ අලුත්ම පියවර ලෙස ඇය ඊයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයද ලබාගත්තාය. අනේ පව් රනිල්!  අපට කීමට ඇත්තේ එපමණි.  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්