සරත් නන්ද සිල්වා අංශක 180ක් හැරෙමින් සිටියි

පසුගිය දිනෙක සරත් නන්ද සිල්වාට ජනාධිපති හමු විය. 

මහින්ද රාජපක්ෂගේ කසාදයට පවා අත්සන් කළ ඔහු අගවිනිසුරු කාලයේ සුනාමි ආධාර දූෂණ චෝදනාවෙන් සිය මිතුරු ජනාධිපති අපේක්ෂකයාව බේරාගත්තේ නීතිය කැ ගහලාය. 

මේ හරිම බඩු දෙක නැවත සෙට්වීම අපූරු සිද්ධියකි. 

ඔන්න දැන් සරත් නන්ද සිල්වා අංශක 180ක් අනෙක් පැත්ත හැරෙමින් සිටියි. මේ දිනවල ජනමාධ්‍ය ඇසුරු කර බලන්න. 

මොවුන් සමග ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න ගිය අයට සම්මා සම්බුදු සරණයි! 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. නෑ මචෝ හැමෝම බලා පොරොත්තු උනේ විෂමාචාර කිව්වම අර ජයරත්න හේරත් ගේ කැලෑ පත්තරේ කියලා. ඒත් එහෙම ඒවා නෙමේනේ තියෙන්නේ. මමත් හිතන්නෙ නෝනා පැන්ෂන් එකවත් බේර ගත්තොත් හොඳයි කියලා. අනික් ඒවා මොනා උනත්. ඇන් ඇස් බී කොටස් කේස් එක ඇත්තනේ. සදාචාරමත් කෙනෙක් නම් එදාම අයින් වෙන්න ඕන. අපි දේශපාලුවන්ට බනිනවා ඉන්දියාවෙනම් ඉල්ලා අස් වෙනවා කියලා. කෝ ඒත් මේ කීර්තීමත් වෘත්තිකයිනුත් එහෙමනේ. පිටරටින් බැක් එකක් ලැබෙයි කියලා වෙන්න ඇති. සරත් සිල්වා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. පොර මේක ලොක්කා එක්ක කතා කරන්න කොන්දක් තිබීමත් ලොකු දෙයක්. දැක්කාම දන ගහලා වඳින උන් අතරේ.

      Delete
    2. කියන්න ඕනම දේ අමතක උනා. මීළඟ චීප් ජස්ටිස් සරත් නන්ද සිල්වා උනත් පුදුම වෙන්න ඕන නෑ

      Delete
  2. ඔය සරත් උන්නැහේ අංශක 360ට නැමිලා කාර් ඇතුලෙ වැඩ දාපු යකාට අංශක 180ට ලොක්ක ඉස්සර නැමෙන එක කජ්ජක්යැ.ලොක්ක කියන්නෙත් "ප්‍රතිඋපකාර" කරන්න නිතරම සැදීපැහැදී ඉන්න දෙයියනේ අප්පා!!!!

    ReplyDelete
  3. කාරයේ ඇතුලේ හිටියේ නම් නැවිලාය
    එලියට එනකොට කලිසම තෙමිලාය
    උසාවියත් කෑවේ මේ කුකුලාය
    සුනාමි හොරා බේරා ගත් ගොබිලාය

    මෙයා නේද ජවිපේ පොදු අපේක්ෂක
    එය හරි ගියා නම් වෙන්නේ කන්න ...ක
    මෙයයි "මරයි" දුෂණයේදී තකට තක
    පස්සේ යන එවුන් ඉන්නා එකයි දුක!
    Anaatha

    ReplyDelete
  4. මෙයාව ඉස්සර කොරගෙන දූෂණයෙන් තොර රටක් හදන්න ගිය එවුන්ටත් පුලුවන් මූදට පනින්න....

    ReplyDelete
    Replies
    1. අය්යගෙ මොලේට ගහන්න රනිල්ට බෑ කියල ඔය කිව්වෙ...හැබෑට ඒ උත්තමයගෙ කටද ඒ.....

      Delete
  5. ක්‍රිෂ්ණාNovember 8, 2012 at 6:38 PM

    1999 පැවති ජනාධිපතිවරනයෙන් පසු ඇසේ තුවාලයත් සහිතව ඉතා කඩිනමින් දිවුරුම් දි ඊට වසරකට පසු නැවත ප්‍රසිද්ධියේ දිවුරුම් දුන්නාය.ඒ සිදුවිම් වලට සරත් නන්ද සිල්වා සම්බන්දය.චන්ද්‍රිකා හොරාට දිවුරුම් දී ඇති බවට විශාල රාවයක් රට පුරා පැතිරුනි.සරත් නන්ද සිල්වා කල ප්‍රකාශයෙන් ඒ බව එ වකවානුවේදි තහවුරු වුණි. ඒ අනුව ඊට පසු ජනාධිපතිවරනය පැවැත්විය යුතුව තිබුණේ වසර 2006 දිය . ඒ අතර හෙළ උරුමය නැමති දේශපාලන සමාගම විසින් ජනාධිපතිවරන දිනය විමසා නඩුවක් පවරන ලදුව සරත් දුන් තීන්දුව එදා ජනයාට ප්‍රිය ජනක වූවාට ඔහු කර ඇති වංචාව කොපමණ බරපතලද.සරත් ඉදිරියේ ප්‍රසිද්ධියේ දුන් දිවුරුමට අනුව චන්ද්‍රිකාගේ දූර කාලය වසර 6 ක් වුයේ නම් ඊලඟ ඡන්දය පැවතිය යුතුව තිබුණේ 2006 දීය.එසේ තිබියෙදීත් සරත් තින්දු කලේ ඡන්දය 2005 දි පැවැත්විය යුතු බවටයි.ඔහු තන්ගේ හෘද ශාක්ෂිය බල්ලට දමා දුන් තින්දුව බලු තින්දුවක් නොවන්නේ කෙසේදැයි ඔහු දැන් වත් පැහැදිලි කලොත් ඔහු කතා කරන්නේ කටින්ද පුකෙන් දැයි ජනයාට දැනගතහැකියි.ඒ සියල්ල ඔහුගේ ගජයා වු මහින්ද වෙනුවෙන් කඩේ ගිය තරමය.ඔහුගේ මේ නරුම හැසිරිම් සියල්ල විමසිල්ලෙන් දු‍ටු මිනිහෙක් ඔහු සමඟ දේශපාලනය කරනවා තබා අඩියක් වත් නොගසනු ඇත.අවසානයේ සමිකරනය බොහො දුරට මේ ආකරයෙන් විසඳිමට ඉඩ ඇත. සරත් නන්ද සිල්වා+සරත් ෆොන්සේකා =මහින්ද රාජපක්ෂ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා