තිස් වසරක් කැනන් ෆොඩර්

ඉංගිරිසියෙන් කැනන් ෆොඩර් (cannon fodder) කියන්නේ යුද්ධයේදී බිල්ලට මෙන් යැවෙන සොල්දාදුවන්ටය. 

මෙම ලේඛකයා සිය ජීවිතයෙන් වසර 25කට අධික කාලයක්  ලංකාවේ රැඩිකල් වාමාංශික දේශපාලනයේ හා වෘත්තීය සමිති ආදියෙහි නිරතව සිටියේය.

මේ මුළු කාලය තුළම ඔහු ශ්‍රමිකයකු පමණක් විය. ඔය තනතුරු නැතිවුණාට මම මගේ 'යුගයේ කාර්යභාරය' ඉටු කරනවායි සිතා ඔහු චූන් වූයේය. 

දැන් ඔහු පෝස්ටර් ඇඳීම, ගැසීම වැනි වෙහෙසකර කටයුතු සඳහා යන්නේම නැත.  කිසිදු පක්ෂයක,  කණ්ඩායමක හා නායකයකුගේ හා අනුගාමිකයකු නොවන නිසා දැන් ඔහුට කඩේ යාම සඳහා ලැබෙන අවස්ථා අඩුය. එහෙත්, පෙළපාලි, උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ, රැස්වීම් ආදියට සෙනග උවමනා වූවිට තවමත් ඔහුට ආරාධනා ලැබෙයි. ඔහුගේ පැරණි කැනන් ෆොඩර් මිතුරෝ බොහොමයක් දෙනා දැන් කැනන් ෆොඩර් සොයන්නෝය. මේ අය ගෙවල්වලට ඇවිත් අර පරණ යකඩ කෑලි එහෙම එකතුකරගෙන යන අය වැනිය.

එහෙත්, මෑතක සිට තමන්ට වටිනාකමක් නොදෙන තැන්වල කැනන් ෆොඩර් වීමෙන් චූන්වීමට බැරි තත්වයක් ලේඛකයා තුළ මතු වී තිබේ. 

මෙය වාමාංශික උප සංස්කෘතිය තුළනම් සැලකෙන්නේ ද්‍රෝහීකමට කිට්ටු බරපතල රෝග තත්වයක් ලෙසයි.ොටින්ම මෙම ඛකයා ේ කියන අදහස වාමාංශික අවකාශේ සැකෙන්ේ බලු අදහසක් ලෙසයි.

ඔබ කැනන් ෆොඩර් වීමට අකැමැතිනම් ඔබ කැනන් ෆොඩර් සොයන්නෙක් විය යුතුය. මේ දෙකටම නැතිනම් ඔබ පිටසක්වළ ජීවියෙකි. වාමාංශික ලෝකයේ හැටි එහෙමය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. අපිනම් මාසෙන් තේරුම් ගත්තා.....

    ReplyDelete
  2. ඔබෙගේ කැපකිරීම් අතිශය අගය කොට සලකමු. නොදන්නා අනාගත පරම්පරාවක් වෙනුවෙන් ඔබකළ කැපකිරීම් අපේ පරම්පරාවට ඇතැම්විට පරිකල්පනය කිරීමටවත් නොහැකි ඒවා වෙයි. අපේ පරම්පරාවේ ප්‍රමුක සිහින සහ ඉල්ලක්ක චුටි ලස්සන ගැහැනියක්, මොටර් රථයක් , ගෙයක් වූ විට අපිට එක්ව ඕමි අතකවත් බලාගැනීමට නොහැකි වන තරමට තරගකරින්වය කට අපව පත්වඇත. ධනවාදය විසින් අපගේ ජීවිතවල සැබෑ සාරය උරගනිද්දීත් අපට නිහඩව සිටීමට බලකර ඇත. අපි ඇත්තෙන්ම ඉංග්‍රීසි සහ කොම්පුටර් ඉගෙනගෙන රට පනින්න බලන් ඉන්නා පරම්පරාවට අයත් මිනිසුන් වෙමු. ඔබට උර දීමට නොහැකිවීම ගැන කණගාටුවන අතර, ඔබ සටන් කරන විට නිහඩව සිට (දහසකුත් එකක් හේතු ඇත) "අපි ඕව කලින්ම තේරුම් ගත්තා යයි" කියනා ශුන්‍ය වාදී අමනයින් හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. අන්න හරි.ඔක තමා ඈත්ත.
      කොහොමත් සහෝ මිනිස්සුන්ට යාතාර්තයෙන් පලායන්න අමාරුයි.
      අපිට මතකයි කාලයක් සමාජයේ සමහර අය සාදාරනත්වය වෙනුවෙන් සටන්කරද්දි සමහර නිවටයො අපිට ඔවා වෑඩක් නෑ අපි හම්බකරගෙන අපි කනවා කියන පතෝල ආදර්සපාඨය දරාගෙන හිටියා.හෑබෑයි ඵහෙම කියපු සමහරු දෑන් ක්‍රම විරෝදියො බවට පත්වෙලා.ඵ්කට හේතුව දනේශ්වරය විසින් අපිට හම්බකරගෙන කන්න අතට ගන්න ඵකත් පෑහෑරගන්න තත්වයට පත්වෙලා තියන නිසයි.
      ඉතින් මිනිස්සු හදාගෙන තියන ලස්සන පවුලක්,චූටි කාර් කට්ටක් වගේ සිහින සබන්බෝල ඵකින්ඵක කුඩුවෙලා යනකොට මිනිස්සු ‍යතාර්ත‍ය තේරු ගනීවි.දෑනටමත් ඵක සිද්දවෙමින් යනවා.
      අපි ඔක කලින් තේරුම්ගත්තා,පස්ට කතාව වගේ ඵළහරක් කතා කියන මහා මොලකාරයො ගෑන නම් දුකයි තමා.

      TOS

      Delete
  3. කැනන් ෆෝඩර්ල ඉන්නෙ වමේ දේශපාලනයෙදි විතරක් නොවෙයිනේ.

    ReplyDelete
  4. අර ජරා සින්දු කියන සුනිල් අයියගේ සින්දුවක් වත් කියමු!
    ඕවා ඔහොම තමයි!
    ඕවා ඔහොම තමයි!!
    සිතට දුකයි තමයි!!!
    ඒත් ඕවා ඔහොම තමයි!!!!

    ReplyDelete
  5. ඔබගේ [සමහරවිට්] සමකාලීන යයි මට හිතෙන,බෝඩිම් කාමරයේ පත්තර පිටු එලාගෙන නිදාගත්ත !@#$ල දැන් ඉන්න තැනයි,කියන පර කතායි ඇහෙද්දී මගේ "තනි ඇහැට"නොව ,"ඇස් දෙකටම" කදුළු එනවා මචෝ!!!!!!! ඔබ රජ ගොල්ලන්ගේ කක්ක පස්ස ලෙවකාල [පුක හෝදපු]අයගේ පරම්පරාවේ නොවිච්ච එකෙක් උන එක ගැන ආඩම්බරයි පැරා!!!!!!!!!!

    ReplyDelete
  6. වසර තිහක් තිස්සේ කල සටනේ ප්‍රතිපලය කුමක්ද? වාමාංශිකයින් සියල්ල පලා යන යතාර්ථය කුමක්ද? ගැහැනියක්, මොටර් රථයක් , ගෙයක් හිමිකර ගැනීමේ වරද කුමක්ද? මේවා ලබා ගැනීමට නොහැකි බාධකය ධනවාදයද? සියල්ලටම සර්ව සාධාරණ ලෙස මාක්වාදයෙන් සාධාරණ සමාජ බිහිකර මේවා හැමටම ලබාදීමට චීනයේ මාවෝ සේතු 1958 සිට 78,000,000 පමණ වල පල්ලට ජීවිත යැවීය. අද ඒ චීනය ධනවාදයට අත වනයි. එතරම් මිනිසුන් මරා බිහිකළ සර්ව සාධාරණ සාරය උරා නොගන්නා සමාජය වට වංගුවක් ගසා ආයෙත් ධනවාදයට එබිකම් කරන්නේ ඇයි? ජෝසප් ස්ටාලින් වල පල්ලට යැවූ ගණන 6,000,000 කි. උ. කොරියාවේ මිලියන 1.6කි. විජේවීර 60000කි. ජීවිතවල සැබෑ සාරය උරාගන්නේ ධනවාදය නම් ඒවාට විකල්ප ලෙස මිලියන ගණන් ජීවිත වල පල්ලට යවා බිහිකළ සාධාරණ සමාජ කුසගින්නේ හිඟමනට වැටුනේ ඇයි? අමන ධනවාදියෙක් (ශ්‍රමය සූරා කන)ඇඟලුම් කම්හලක් පටන් ගත් විට පවුල් කීයක් ළමයි කී දෙනෙක් කාල බීල ජීවත් වෙනවද? අවුරුදු තිහක් පෑරකුම් පෝස්ටර් ඇලෙව්ව කියල ලංකාවට මොකද්ද වුනේ? තමන්ට මොකද්ද උනේ? 21 වෙනි සියවසේ රජෙක් යටතේ යටත් වැසියෙක් වෙලා විතරයි නේද?
    Choose your battles carefully.battle for the things that matter.Battles are fought to gain something.if you can’t gain anything why fight? Don't Fight a Battle if You Don't Gain Anything by Winning.--Field Marshal Erwin Rommel Desert Fox in World War II
    මාවෝ සේතු චීනයට දිනා දී ඇත්තේ කුමක්ද? ලෙනින් රුසියාවට දිනා දී ඇත්තේ කුමක්ද? කිම් සුන් උතුරු කොරියානුවන්ට දිනා දී ඇත්තේ කුමක්ක්ද?

    ReplyDelete
  7. පුර්ණ ධනවාදය ඔබ කොහිද? (දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ දෙවෙනි කොටස) අති සම්භාවනීය, විශ්වකර්ම, ඉස්ට්මන් වර්ණ සිනමා පටය අති දැවැන්ත පුළුල් තිරයේ ළඟදීම බලාපොරොත්තු වන්න!

    ReplyDelete
    Replies
    1. මෙහෙ නොවෙයි චීනයේ දැන් පෙන්නනවා. කැටයක් හොල්ලලා කීයක් හරි එකතුකර ගත්තනම් ඒක බලන්නත් සල්ලි ඕන. ජේ ආර් නැත්නම් තාමත් කළු සුදු තමයි.

      Delete
    2. මොකද මෙයාට තද වෙලා? මෙයාද පින්තූ? :D

      Delete
    3. // විජේවීර 60000කි.// ඈ ගොබිලො කොහෙන්ද මේ සංඛ්‍යා ලේඛණ?60 000 වල පල්ලට යැව්වෙ විජේවීර නෙමෙයි ගොබිලො තොගේ ධනපති ආණ්ඩුවෙ ජේආර් ප්‍රේමදාස - මුන්ගෙ ධනපති සදාචාරේ රෙද්ද පල්ලෙන් බේරෙනව පොයි ඇද බාන කොට!!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා