නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම හා රෑට බත් නො කෑම
කර්තෘ ප්‍රකාශනයකි. විමසීම්: shan.info1978@gmail.com පිලිප් ශාන්තගේ අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම පොත දොරට වඩින මොහොතේ ඇති වූ සංවාදයේදී නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළා. ඒ අතරින් එක් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අදහස් කරනවා. ඒ තමයි වාමාංශිකයන් රැඩිකල් ලෙස මාක්ස් ලෙනින්වාදයෙන් කැඩීමේ අවශ්‍යතාව. ඇත්තම කිව්වොත් වාමාංශිකයන් වැඩිදෙනෙක් භාවිතාවේදී ස්ටාලින්වාදියෝයි. ස්ටාලින්වාදය කොහොමත් මාක්ස් ලෙනින්වාදය නොවන නිසා වාමාංශිකයන්ට අමුතුවෙන් ඒකෙන් කැඩෙන්න දෙයක් නැහැ. ඒකෙන් කැඩිලා තමයි ස්ටාලින්වාදීන් බවට පත් වෙන්නේ. නිර්මාල් කියන්නේ මං ඉතා ගරු කරන, ලංකාවේ දීප්තිමත් වාමාංශික බුද්ධිමතෙක්. දරුණු විවේචනයක් දරා ගන්න තරම් හැකියාවක් තිබෙන කෙනෙක්. එහෙත්, අසාර්ථක සන්නිවේදකයෙක්. මූලිකව ම අපට කොයි තරම් දේ කියන්නට උවමනාව තිබුණත්, වඩා වැදගත් වෙන්නේ ග්‍රාහකයා එයින් ලබා ගන්නා පණිවුඩය ය යන්න සන්නිවේදකයෝ මතක තබා ගත යුතුයි. නැතිනම් වෙන්නේ ජෝක් වෙන එක විතරයි. නිර්මාල්ගේ සංවාද භාවිතාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන එකක් බව මම මීට කලිනුත් කියලා තිබෙ...